චොකා දිවුරුම් දෙයි

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    118940890_365641701505215_7577257602361735675_o.jpg
     
    • Haha
    Reactions: dilann and ryandok

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    2002 වසරේ දී රත්නපුර කිරිඇල්ල මහා විද්‍යාල භූමිය තුළ දී ජයතිලක නම් උසස්පෙළ සිසුවෙක් තම වයසේ ම වූ දුල්මිණි ඉරෝෂිකා ශිෂ්‍යාවගේ ගෙලට පිහියෙන් ඇන ඝාතනය කළේ ය. පසු ව හෙළි වූ කරුණුවලට අනුව තම ප්‍රේම ආරාධනය දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමේ ලජ්ජාව සහ ආවේගය ඉවසා ගත නොහැකිව ශිෂ්‍ය නායකයෙකු වූ ජයතිලක මේ තීරණයට එළඹුණු බව ය. අධිකරණයේ දී වරදකරු වූ ජයතිලක හට මරණ දඬුවම හිමි විය. හෙතෙම වැලිකඩ බන්ධනාගාරය තුළ දී ම සිර දඬුවම් විඳිමින් ම ; විශේෂ ප්‍රතිපාදන යටතේ 2004 වර්ෂයේ දී , කලා අංශයෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටි අතර විෂයයන් 3 ට ම ‘A’ සාමාර්ථයන් හිමි කරගත්තේ ය. එවකට මේ පිළිබඳව ඉරිදා ලක්බිම පුවත්පතෙහි ලිපියක් පල වූ අතර බන්ධනාගාර නිළධාරීන් පවසා සිටියේ විභාගයට පෙනී සිටීමේ අවස්ථාව ලබා දිය හැකි නුමුදු මරණ දඬුවම නියම වූ සිරකරුවකු වන බැවින් කවර ප්‍රතිඵලයක් යටතේ වුව ද ඔහු හට සරසවි අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය අහිමි වන බව ය.
    2020 වර්ෂයේ සැප්තැම්බර් 08 වැනි දින ; එනම් අද දින මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරු වී මරණ දඬුවම හිමි වී බන්ධනාගාරගත ව සිටින ප්‍රේමලාල් ජයසේකර නම් දේශපාලනඥයා ට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමේ අවකාශය ලැබිණ.
    1863 වසරේ ජනවාරි 01 දින ඇමරිකානු ජනපති ඒබ්‍රහම් ලින්කන් විසින් නිල විමුක්ති ප්‍රකාශනය ඔස්සේ එක්සත් ජනපදයේ සියලුම වහලුන් නිදහස් බව දන්වනු ලැබීය. අවාසනාවකට මෙන් එදා මෙදා තුර ලංකාවේ එවැන්නක් සිදු වී නැත.
    - සහන් කසීර වික්‍රමසිංහ -
     
    • Sad
    Reactions: Heshan Daminda