චෞර රාජ්‍යය - චීනයේ කොපිකැට් සංස්කෘතිය
චීනය යනු අතීතයේදී නව නිර්මාණ රැසක් ලෝකයට දායාද කල රටක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.ඔවුන් විසින් වෙඩි බෙහෙත්,කඩදාසි සහ මාලිමාව යන මිනිස් ශිෂ්ඨාචාරයේ භෞතික දියුණුවට විශාල දායක්තවයක් සැපයූ සොයාගැනීම් දායද කිරීමට සමත්විය.කෙසේවෙතත් පසුගිය දශක කිහිපය තුල ඔවුන් ලෝකය පුරා ප්‍රසිද්ධ වූයේ අනෙක් ජාතීන්ගේ නිර්මාණ අනුකරණය කිරීම නිසාය.
ඔවුන් සතු අනුකරණය කිරීමේ හැකියාව අත්බෑගයේ සිට නූතන ස්මාට් ජංගම දුරකතනය,චිත්‍රපට සහ මධ්‍යසාරීය පානයන් තෙක් විහිදී යයි.ව්‍යාජ ඇපල් ස්ටෝර්ස්,ව්‍යාජ කේෆ්සී අවන්හල් සහ IKEA ගෘහ භාණ්ඩ අනුකරණ ආදිය ඒ අතරන් කැපී පෙනෙයි.යුරෝපා නගරවල ක්ලෝනයන් සිය රට තුල නිර්මාණය කිරීම දක්වා චීන කොපිකැට් සංස්කෘතිය ඔඩුදුවා තිබේ.සමහර බටහිර නිරීක්ෂකයන්ට අනුව මෙම අනුකරණය කිරීමේ සංස්කෘතික ආකල්පයේ මුලාරම්භය කොන්ෆියිසියස්වාදයේ අනුගාමිකයන් විශිෂ්ඨ නිර්මාණ අනුකරණය කරමින් ඉගෙන ගෙන ඒවා තව තවත් වැඩිදියුණු කිරීමෙන් සිදුවූ බවයි.චීනයේ නිපදවන අනුකරණ නිෂ්පාදන හඳුන්වන්නේ “Shanzhai” යන නමින්ය.මෙවැනි කර්මාන්තශාලා චීනයේ පිටිසර පළාත්වල පිහිටා තිබෙන බව කියවේ.චීනයේ නිපදවෙන අනුකරණ ඉලෙක්ට්‍රොනික් උපාංගවලට විශේෂයෙන් ජංගම දුරකතනවලට තුන්වන ලෝකයේ රටවල වැඩි ඉල්ලුමක් තිබෙන්නේ අඩු මිලට වැඩි අංග ගණනාවක් සහිතව ඒවා ලබාගත හැකි නිසාය.නමුත් මේවා ගුණාත්මකබවින් සහ කල්පැවැත්මෙන් ඉතා අඩුය.
චීනයේ කොපිකැට් වෙළඳාම දැන් රට තුල පිහිටි දුෂ්කර පළාත්වලින් පිටත විත් මුඛ්යධාරාවට එක්ව තිබෙන්නේ රජයේද කැමැත්ත මතයි.සියලු ක්ෂේත්‍ර තුල මෙම ව්‍යාජ අනුකරණ නිෂ්පාදනය කිරීමට චීනුන් දැන් යොමුව තිබේ.අනෙක් රටවල නිෂ්පාදන සොරාගැනීම තුලින් තමන්ගේම දෙයක් නිෂ්පාදනය කිරීමට වැයවන කාලය සහ මුදල ඉතිරි කරගැනීමට චීනුන්ට හැකිව තිබේ.
චීනුන්ගේ චෞරත්වයේ සහ අනුකරණයේ විශිෂ්ඨත්වය පෙන්වන එක් ක්ෂේත්රයක් වන්නේ අවි නිෂ්පාදනයයි.චීනය යුද බලයෙන් ප්‍රබල යැයි කීවද ඔවුන්ගේ බොහොමයක් අවි වෙනත් රටවලින් සොරාගත් ඒවාය.එක්සත් ජනපදයේ ගුවන් යානයක් වන F-35 සහ නියමුවන් රහිත Northrop Grumman X-47B යානයට සමාන චීන ගුවන් යානා නිපදවා තිබේ.මෙම අනුකරණ සඳහා යොදාගෙන තිබෙන තාක්ෂණයන්ගෙන් සමහරක් ලබාගෙන තිබෙන්නේ චීනය විසින් දියත් කල සයිබර් ඔත්තු බැලීමේ ව්‍යාපාරය ඔස්සේය.
චීන හැකර්වරුන් විසින් ඇමෙරිකානු සමාගම්වලින් සොරාගත් සංවේදී තාක්ෂණික තොරතුරු ඔවුන්ගේ නවතම අවි සඳහා යොදාගෙන තිබේ.ඇමෙරිකානු අවි මිලදී ගන්නා ඇමෙරිකාවේ මිත්‍ර රාජ්‍යයන් සමග රහසිගතව සිදුකරන ගනුදෙනු ඔස්සේ වැදගත් තාක්ෂණික තොරතුරු ලබාගැනීමට පවා චීනය කටයුතු කර තිබෙන බව ඇමෙරිකානු නිලධාරීන් සැක පළකරයි.මේ හේතුව නිසා ඇමෙරිකාව ඔවුන් සතු නවීනතම ස්ටෙල්ත් ප්‍රහාරක යානය වන F-22 Raptor,වෙනත් රටවලට විකිණීම සිදුනොකිරීමට තීරණය කර තිබේ.
චීනුන් විසින් සොරාගෙන තිබෙන්නේ ඇමෙරිකානු අවි සැලසුම් සහ තාක්ෂණය පමණක් නොවේ.රුසියාව ඇ.ඩො.බිලියන ගණන් වැය කර වසර ගණනක් ගතකර බිහිකරන අවි සහ තාක්ෂණයන් චීනය විසින් සොරාගෙන තිබේ.සෝවියට් දේශය කඩා වැටීමෙන් පසු රුසියාවේ මූල්‍ය අවශ්‍යතා පිරිමසා ගැනීමට Sukhoi Su-27 යානා අලෙවි කිරීමට යොමුවිය.එහිදී චීනය විසින් එම ප්‍රහාරක යානා දුසිම් දෙකක් මිලදී ගත්තේය.ඉන්පසුව රුසියාවෙන් ගෙන්වන ලද ප්‍රධාන අමතර කොටස් යොදාගෙන සිය රට තුල එම යානා එකලස් කිරීමට චීනය බලපත්‍රයක් ලබාගැනීමට කතිකා කරගත්තේය.ඉන් වසර කිහිපයකට පසුව චීනය මෙම ගිවිසුම අවලංගු කලේ Su-27 යානයේ හැකියාවන් තමන් අපේක්ෂා කරන අවශ්‍යතාවයන් ඉටුනොකරන බව පවසමින්ය.පසුව රුසියානුවන්ගේ කෝපය මධ්‍යයේ චීනය විසින් රුසියානු Su-27 යානයට බොහෝ සමාන Shenyang J-11B නම් ප්‍රහාරක යානය මංගල ගුවන් දර්ශනය පවත්වන ලදි.
නමුත් රුසියාව සිය අවි චීනයට විකිණීම ඔස්සේ ලබාගන්නා මුදල් නව තාක්ෂණයන් සංවර්ධනය කිරීමට යොදා ගත්තද පසුව චීනුන් විසින් ඒවා සොරාගන්නා ලදි.ඉන්පසු සිදුකල අවි මිලදී ගැනීම් කිහිපයකින් පසුව චීනය එම රුසියානු අවි Reverse engineering කර තමන්ගේම අවි මොඩලයන් නිපදවන ලදි.චීනයේ සැබෑ උවමනාව සහ චෞරත්වය තේරුම් ගැනීමට රුසියාවට අවසානයේදී හැකිවිය.රුසියාව තමන්ගේ අතිශය දියුණු අවි පද්ධති අත්හදා බැලීමට, චීනය කරන ඉල්ලීම් පවා ඉන්පසු ඉවත දමන ලදි.
රුසියාවේ තුවාලයට ලුණු දමමින් චීනය ඉන්පසු කලේ සිය රුසියානු අනුකරණ ජාත්‍යන්තර වෙළඳපොළට මුදා හැරීම ඔස්සේ රුසියානු අවි වෙළඳපොළට තිබෙන තැන අහිමි කිරීමට උත්සාහ කිරීමයි.නමුත් Louis Vuitton අත් බෑගයේ චීන අනුකරණය(දෝෂ සහිත සිප් එකක් තිබේ.) මෙන් චීන ක්ලෝන අවිත් කාර්ය සාධනයට වඩා පිටත පෙනුම පමණක් සහිත ඒවා වීමට බොහෝ ඉඩක් තිබේ.
නාවික විශේෂඥයෙක් වන එරික් වෙර්තෙයිම් චීන අනුකරණ අවි සම්බන්ධව මෙවැනි අදහසක් පවසා තිබේ."බටහිර රටවලින් අනුකරණය කල අවි ඇතුලු චීන අවි බොහෝමයක් සම්බන්ධව තිබෙන විශාලතම ප්රශ්නය වන්නේ ඒවා තවමත් කිසිම සංග්‍රාමයකදී අත්හදා බලා නොමැතිවීමයි.ඒවා කොයි ආකාරයකට ක්‍රියා කරයි දැයි අපි තවමත් දන්නේ නැත.කෙසේ වෙතත් වෙනත් චීන නිෂ්පාදන මෙන් මේවාද ඒවාහි මූලාකෘති වන බටහිර අවිවලට වඩා මිලෙන් අඩුය.නමුත් චීන අඩු මිල ජංගම දුරකතන භාවිතා කරන තුන්වන ලෝකය රටක් වුවද සංග්‍රාමයක්/හමුදාව උදෙසා අවි මිල දී ගනිද්දී යුද්ධයකදී අත්හදා බලා සාර්ථකත්වය පිරීක්ෂා නොබැලූ චීන ක්ලෝන අවි මිලදී ගැනීමට කැමැත්තක් නොදක්වන බව සහතිකය."
චීන ක්ලෝන අවි ඒවාහි මුලාකෘති මෙන් ගුණාත්මක සහ හැකියාවෙන් යුක්ත නොවන බව කියන එක්සත් ජනපද යුද සහ අවි නිෂ්පාදන කර්මාන්තයන්හි නිලධාරීන් ප්‍රකාශ කරන්නේ චීනය විසින් දියත් කර තිබෙන සයිබර් ඔත්තු බැලීමේ ව්‍යාපාරය ඔස්සේ බටහිර අවි පද්ධතිවල සැලසුම් සහ තාක්ෂණයන් සොරාගැනීම තවත් වේගයෙන් සිදුවනු ඇතිබවයි.එසේම ඇමෙරිකානු පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානා F-22 වන F-35 සහ යානාවල අඩංගු සියලුම අංග ලක්ෂණයන් සහිත චීන ගුවන් යානා ඉදිරියේදී නිපදවෙනු ඇතිබවයි ඔවුන්ගේ අදහස.
ඇමෙරිකානුවන්ගේ නවතම නියමුවන් රහිත හෙලිකොප්ටරයක් වන Northrop Grumman MQ-8 Fire Scoutහි පවා චීන අනුකරණයක් තිබේ.ඒ SVU-200 Flying Tiger නම් යානයයි.
එක්සත් ජනපදයේ හම්වී(AM General HMMWV) රථයේ චීන අනුකරණය වන්නේ Dongfeng EQ2050 ය.
එකවිට රොකට් කිහිපයක් එල්ල කල හැකි රුසියානු BM-30 Smerch රථයේ චීන ක්ලෝනය වන්නේ PHL03 ය.
රුසියානු BMP-1 සන්නාහ සන්නද්ධ රථයේ චීන අනුකරණය වන්නේ WZ-501 ය
අවි නිෂ්පාදන ක්ෂේත්රයේ අනුකරණය කිරීම් යනු නව ප්‍රවණතාවයක් නොවේ.නමුත් චීනය තරම් ලොව කිසිම රටක් අන්‍ය ජාතීන්ගේ නිෂ්පාදන සැලසුම්,තාක්ෂණය සොරා ගත් රටක් මෑත කාලීනව දක්නට නැත.චීනුන් විසින් අනුකරණය කල එක්සත් ජනපදයේ අවි සහ අනුකරණ අවි නිසා රුසියානු අවි වෙළඳපොලට චීනුන් විසින් සිදුකර තිබෙන හානිය ඊළඟ ලිපිවලින් කතා කරමු.
Source:News.usni.org
-HarshaLulzSec-

ව්‍යාජ IKEA ගෘහ භාණ්ඩ

ප්‍රංශ පැරිස් නගරයේ අයිෆල් කුළුණ ඇතුළු ප්‍රදේශයේ චීන අනුකරණය - Hangzhou අවට ප්‍රදේශයේ පිහිටා තිබේ
ඕලන්ද නගරයක චීන අනුකරණයක් - Shanghai හි පිහිටා තිබේ
ඕලන්ද නගර අනුකරණයේ ඉදිකල සුළං මෝලක්
ඊජිප්තුවේ ගීසා හි පිරමීඩයක් චීනුන් විසින් අනුකරණය කර ඇති අයුරු - Changsha හි පිහිටා ඇත.
බ්‍රිතාන්‍යයේ Buckingham සහ Versailles මාළිගාවල චීන අනුකරණ-චීන නායකයෙක් වූ Deng Xiaoping ගේ පිළිරුවක් මෙහි ඉදිකර තිබේ.
ඕස්ට්රියාහි පිහිටා ඇති යුනිස්කෝ ලෝක උරුමයක් වන Hallstatt ගම්මානයේ චීන අනුකරණය - Huizhou හි පිහිටා ඇත.
පැරිස් නගරයේ පිහිටා ඇති Louvre පිරමීඩයේ චීන අනුකරණය අසල නිරූපිකාවකගේ ඡායාරූප ලබාගන්නා චීනුන් - මෙය Tianjin හි නිර්මාණය කර තිබේ
වතිකානුවේ St. Peter චතුරස්රයේ චීන අනුකරණය බීජින් නගරයේ නිර්මාණය කර තිබේ.
ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය කල චීන ගමක්(Florentia)
Florentia ගම්මානය තුලින් දිවෙන ඇල මාර්ගයක් පිරිසිදු කරන චීනුන්
චීනයේ කොපිකැට් වෙළඳාම දැන් රට තුල පිහිටි දුෂ්කර පළාත්වලින් පිටත විත් මුඛ්යධාරාවට එක්ව තිබෙන්නේ රජයේද කැමැත්ත මතයි.සියලු ක්ෂේත්‍ර තුල මෙම ව්‍යාජ අනුකරණ නිෂ්පාදනය කිරීමට චීනුන් දැන් යොමුව තිබේ.අනෙක් රටවල නිෂ්පාදන සොරාගැනීම තුලින් තමන්ගේම දෙයක් නිෂ්පාදනය කිරීමට වැයවන කාලය සහ මුදල ඉතිරි කරගැනීමට චීනුන්ට හැකිව තිබේ.
ව්‍යාජ කේෆ්සී අවන්හල්
චීනුන්ගේ චෞරත්වයේ සහ අනුකරණයේ විශිෂ්ඨත්වය පෙන්වන එක් ක්ෂේත්රයක් වන්නේ අවි නිෂ්පාදනයයි.චීනය යුද බලයෙන් ප්‍රබල යැයි කීවද ඔවුන්ගේ බොහොමයක් අවි වෙනත් රටවලින් සොරාගත් ඒවාය.එක්සත් ජනපදයේ ගුවන් යානයක් වන F-35 සහ නියමුවන් රහිත Northrop Grumman X-47B යානයට සමාන චීන ගුවන් යානා නිපදවා තිබේ.මෙම අනුකරණ සඳහා යොදාගෙන තිබෙන තාක්ෂණයන්ගෙන් සමහරක් ලබාගෙන තිබෙන්නේ චීනය විසින් දියත් කල සයිබර් ඔත්තු බැලීමේ ව්‍යාපාරය ඔස්සේය.
Nike පාවහන් වල චීන අනුකරණය
චීන හැකර්වරුන් විසින් ඇමෙරිකානු සමාගම්වලින් සොරාගත් සංවේදී තාක්ෂණික තොරතුරු ඔවුන්ගේ නවතම අවි සඳහා යොදාගෙන තිබේ.ඇමෙරිකානු අවි මිලදී ගන්නා ඇමෙරිකාවේ මිත්‍ර රාජ්‍යයන් සමග රහසිගතව සිදුකරන ගනුදෙනු ඔස්සේ වැදගත් තාක්ෂණික තොරතුරු ලබාගැනීමට පවා චීනය කටයුතු කර තිබෙන බව ඇමෙරිකානු නිලධාරීන් සැක පළකරයි.මේ හේතුව නිසා ඇමෙරිකාව ඔවුන් සතු නවීනතම ස්ටෙල්ත් ප්‍රහාරක යානය වන F-22 Raptor,වෙනත් රටවලට විකිණීම සිදුනොකිරීමට තීරණය කර තිබේ.
F-22 Raptor
චීනුන් විසින් සොරාගෙන තිබෙන්නේ ඇමෙරිකානු අවි සැලසුම් සහ තාක්ෂණය පමණක් නොවේ.රුසියාව ඇ.ඩො.බිලියන ගණන් වැය කර වසර ගණනක් ගතකර බිහිකරන අවි සහ තාක්ෂණයන් චීනය විසින් සොරාගෙන තිබේ.සෝවියට් දේශය කඩා වැටීමෙන් පසු රුසියාවේ මූල්‍ය අවශ්‍යතා පිරිමසා ගැනීමට Sukhoi Su-27 යානා අලෙවි කිරීමට යොමුවිය.එහිදී චීනය විසින් එම ප්‍රහාරක යානා දුසිම් දෙකක් මිලදී ගත්තේය.ඉන්පසුව රුසියාවෙන් ගෙන්වන ලද ප්‍රධාන අමතර කොටස් යොදාගෙන සිය රට තුල එම යානා එකලස් කිරීමට චීනය බලපත්‍රයක් ලබාගැනීමට කතිකා කරගත්තේය.ඉන් වසර කිහිපයකට පසුව චීනය මෙම ගිවිසුම අවලංගු කලේ Su-27 යානයේ හැකියාවන් තමන් අපේක්ෂා කරන අවශ්‍යතාවයන් ඉටුනොකරන බව පවසමින්ය.පසුව රුසියානුවන්ගේ කෝපය මධ්‍යයේ චීනය විසින් රුසියානු Su-27 යානයට බොහෝ සමාන Shenyang J-11B නම් ප්‍රහාරක යානය මංගල ගුවන් දර්ශනය පවත්වන ලදි.
2010-2014 කාල සමය තුල චීනුන්ගේ අවි අපනයනය
නමුත් රුසියාව සිය අවි චීනයට විකිණීම ඔස්සේ ලබාගන්නා මුදල් නව තාක්ෂණයන් සංවර්ධනය කිරීමට යොදා ගත්තද පසුව චීනුන් විසින් ඒවා සොරාගන්නා ලදි.ඉන්පසු සිදුකල අවි මිලදී ගැනීම් කිහිපයකින් පසුව චීනය එම රුසියානු අවි Reverse engineering කර තමන්ගේම අවි මොඩලයන් නිපදවන ලදි.චීනයේ සැබෑ උවමනාව සහ චෞරත්වය තේරුම් ගැනීමට රුසියාවට අවසානයේදී හැකිවිය.රුසියාව තමන්ගේ අතිශය දියුණු අවි පද්ධති අත්හදා බැලීමට, චීනය කරන ඉල්ලීම් පවා ඉන්පසු ඉවත දමන ලදි.
අනුකරණ අවි ඔස්සේ අප්‍රිකාව තුල රුසියානු අවි වෙළඳපොල ක්‍රමයෙන් අල්ලා ගන්නා චීනය
රුසියාවේ තුවාලයට ලුණු දමමින් චීනය ඉන්පසු කලේ සිය රුසියානු අනුකරණ ජාත්‍යන්තර වෙළඳපොළට මුදා හැරීම ඔස්සේ රුසියානු අවි වෙළඳපොළට තිබෙන තැන අහිමි කිරීමට උත්සාහ කිරීමයි.නමුත් Louis Vuitton අත් බෑගයේ චීන අනුකරණය(දෝෂ සහිත සිප් එකක් තිබේ.) මෙන් චීන ක්ලෝන අවිත් කාර්ය සාධනයට වඩා පිටත පෙනුම පමණක් සහිත ඒවා වීමට බොහෝ ඉඩක් තිබේ.
Louis Vuitton අත් බෑගයේ චීන අනුකරණය
නාවික විශේෂඥයෙක් වන එරික් වෙර්තෙයිම් චීන අනුකරණ අවි සම්බන්ධව මෙවැනි අදහසක් පවසා තිබේ."බටහිර රටවලින් අනුකරණය කල අවි ඇතුලු චීන අවි බොහෝමයක් සම්බන්ධව තිබෙන විශාලතම ප්රශ්නය වන්නේ ඒවා තවමත් කිසිම සංග්‍රාමයකදී අත්හදා බලා නොමැතිවීමයි.ඒවා කොයි ආකාරයකට ක්‍රියා කරයි දැයි අපි තවමත් දන්නේ නැත.කෙසේ වෙතත් වෙනත් චීන නිෂ්පාදන මෙන් මේවාද ඒවාහි මූලාකෘති වන බටහිර අවිවලට වඩා මිලෙන් අඩුය.නමුත් චීන අඩු මිල ජංගම දුරකතන භාවිතා කරන තුන්වන ලෝකය රටක් වුවද සංග්‍රාමයක්/හමුදාව උදෙසා අවි මිල දී ගනිද්දී යුද්ධයකදී අත්හදා බලා සාර්ථකත්වය පිරීක්ෂා නොබැලූ චීන ක්ලෝන අවි මිලදී ගැනීමට කැමැත්තක් නොදක්වන බව සහතිකය."
චීනයේ ව්‍යාජ Apple stores එකක්
චීන ක්ලෝන අවි ඒවාහි මුලාකෘති මෙන් ගුණාත්මක සහ හැකියාවෙන් යුක්ත නොවන බව කියන එක්සත් ජනපද යුද සහ අවි නිෂ්පාදන කර්මාන්තයන්හි නිලධාරීන් ප්‍රකාශ කරන්නේ චීනය විසින් දියත් කර තිබෙන සයිබර් ඔත්තු බැලීමේ ව්‍යාපාරය ඔස්සේ බටහිර අවි පද්ධතිවල සැලසුම් සහ තාක්ෂණයන් සොරාගැනීම තවත් වේගයෙන් සිදුවනු ඇතිබවයි.එසේම ඇමෙරිකානු පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානා F-22 වන F-35 සහ යානාවල අඩංගු සියලුම අංග ලක්ෂණයන් සහිත චීන ගුවන් යානා ඉදිරියේදී නිපදවෙනු ඇතිබවයි ඔවුන්ගේ අදහස.
පහත දැක්වෙන්නේ චීනුන් අනෙක් ජාතීන්ගේ අවි සැලසුම් සොරා ගැනීමෙන් සහ අනුකරණයෙන් නිෂ්පාදනය කල අවි කිහිපයකි.
ගුවන් යානා
චීන Shenyang J-15 ප්‍රහාරක යානය රුසියානු Sukhoi Su-33 යානයේ සැලැස්ම මත පදනම්ව නිපදවා තිබේ.
ලොක්හීඩ් මාර්ටීන් සමාගමේ F-35B Lightning II යානය(එ.ජ.) අනුකරණය කර නිපදවූ චීන Shenyang J-31 ප්‍රහාරක යානය අනාවරණය කෙරුණේ 2014 දීය.
රුසියානු Yakovlev Yak-130 යානය අනුකරණයෙන් නිපදවූ චීන Hongdu L-15 යානය නියමුවන් පුහුණු කිරීමට සහ සැහැල්ලු ප්‍රහාරක යානයක් ලෙස යොදාගනියි.
චීනය සතු Shenyang J-11 ප්‍රහාරක යානය රුසියානු Sukhoi Su-27 යානය මුල් කරගෙන නිර්මාණය කර තිබේ.

ලොව විශාලතම ප්‍රවාහන ගුවන් යානය වන රුසියානු Antonov An-12 යානයේ චීන ක්ලෝනය වන්නේ Shaanxi Y-9 ය.
නියමුවන් රහිත යානා
එක්සත් ජනපදයේ Northrop Grumman X-47B යානයේ චීන අනුකරණය වන්නේ AVIC 601-S(Sharp Sword) ය.
ඇමෙරිකානුවන්ගේ නවතම නියමුවන් රහිත හෙලිකොප්ටරයක් වන Northrop Grumman MQ-8 Fire Scoutහි පවා චීන අනුකරණයක් තිබේ.ඒ SVU-200 Flying Tiger නම් යානයයි.
එක්සත් ජනපදය සතු General Atomics MQ-1 Predator ඩ්‍රෝන් යානයේ චීන ක්ලෝනය වන්නේ Wing Loong(Chengdu Pterodactyl)ය
සන්නාහ සන්නද්ධ රථ
රථයකට සවි කල මෙම කාලතුවක්කු(Self-Propelled Howitzer) විශේෂයේ රුසියානු මොඩලය වන්නේ 2S19 "Msta-Sය.එහි චීන ක්ලෝනය වන්නේ PLZ-05 ය.
එක්සත් ජනපදයේ හම්වී(AM General HMMWV) රථයේ චීන අනුකරණය වන්නේ Dongfeng EQ2050 ය.
එකවිට රොකට් කිහිපයක් එල්ල කල හැකි රුසියානු BM-30 Smerch රථයේ චීන ක්ලෝනය වන්නේ PHL03 ය.
රුසියානු BMP-1 සන්නාහ සන්නද්ධ රථයේ චීන අනුකරණය වන්නේ WZ-501 ය
ගිනි අවි
එක්සත් ජනපදයේ M-4A1 රයිෆලයේ චීන අනුකරණය වන්නේ Norinco CQ රයිෆලයි.
එක්සත් ජනපදයේ FGM-148 Javelin නම් යුද ටැංකි නාශක මිසයිල විදිනයේ චීන ක්ලෝනය වන්නේ HJ-12(Red Arrow-12)ය.
එක්සත් ජනපදයේ FGM-148 Javelin නම් යුද ටැංකි නාශක මිසයිල විදිනයේ චීන ක්ලෝනය වන්නේ HJ-12(Red Arrow-12)ය.
අවි නිෂ්පාදන ක්ෂේත්රයේ අනුකරණය කිරීම් යනු නව ප්‍රවණතාවයක් නොවේ.නමුත් චීනය තරම් ලොව කිසිම රටක් අන්‍ය ජාතීන්ගේ නිෂ්පාදන සැලසුම්,තාක්ෂණය සොරා ගත් රටක් මෑත කාලීනව දක්නට නැත.චීනුන් විසින් අනුකරණය කල එක්සත් ජනපදයේ අවි සහ අනුකරණ අවි නිසා රුසියානු අවි වෙළඳපොලට චීනුන් විසින් සිදුකර තිබෙන හානිය ඊළඟ ලිපිවලින් කතා කරමු.
දෙවන කොටසින් හමුවෙමු.
Source:News.usni.org
-HarshaLulzSec-