චෞර රාජ්‍යය-2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    WJmiaim.jpg

    බුද්ධිමය දේපල සොරාගැනීම අතින් වර්තමානයේ චීනයට අභියෝග කල හැකි රටක් නොමැති තරම්ය.මීට පෙර ලිපියකදී චීනය විසින් එක්සත් ජනපදය සහ රුසියාව යන රටවලින් සොරාගත් යුද තාක්ෂණයන් ගැන කතා කලෙමු.චීනය සහ රුසියාව කොතරම් සමීප මිතුරන් වුවද චීනය යනු කන්න දුන්න අත හපා කන අසත්පුරුෂයෙකුට අසමාන රාජ්‍යයකි.චීනුන් රුසියාවෙන් සොරා ගත් දෑ ගැන දන්නා අයෙකුට පමණක්,මේ පරිභවයන් හි සාධාරණීත්වයක් තිබෙන බව පෙනේවි.රුසියාව,සිය රාජ්‍යයේ ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට කුමන්ත්‍රණ කලේ යැයි කියමින් එක්සත් ජනපදය එරටට එරෙහිව සම්බාධක පනවන්නේ යැ‍යි අනතුරු අඟවද්දී,චීනය වසර ගණනාවක තිස්සේ සිය සයිබර් ඔත්තු බැලීමේ ජාලය යොදාගෙන එක්සත් ජනපදය සතු ඇ.ඩො. බිලියන ගණන් වටිනා වානිජ රහස් සොරා ගනිමින් සිටියි.නමුත් රුසියාවට වඩා තම රටට,ආර්ථිකයට සිය දහස් ගුණයකින් හානි කරමින් සිටින චීනයට එරෙහිව එවැනි පියවරක් ගන්නට එක්සත් ජනපදයට හැකියාවක් නොමැති බව පෙනේ.

    XGuEHcM.jpg
    සුකොයි-35 බහුකාර්යය ප්‍රහාරක ජෙට් යානය​

    රුසියාව චීනයට සිය දියුණුතම අවි අලෙවි කරන්නේ විශාල අවදානමක් සහිතවයි.මන්ද එම යුදෝපකරණ සතු තාක්ෂණ සොරාගැනීමට චීනුන් සැදීපැහැදී සිටින නිසාය.රුසියානු සුකොයි-35 එනම් ෆ්ලෑන්කර්-ඊ යන නේටෝ නාමයෙන් හඳුන්වන ප්‍රහාරක ජෙට් යානා 4ක් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අගභාගයේදී චීනයට ලබාදෙන්නට රුසියාව ක්‍රියා කලේය.BMPB blog නම් රුසියානු බ්ලොග් අඩවියට අනුව පළමු සුකොයි-35 යානය රුසියාවේ කොම්සොමොල්ස්ක්-ඕන්-අමූර් ගුවන් යානා නිෂ්පාදන සමාගම් කර්මාන්තශාලාවේ සිට චීනයේ හෙබෙයි පළාතේ කැන්ග්ෂුයි හි චීන ගුවන් හමුදාවේ පුහුණු මධ්‍යස්ථානය වෙත ලගාවූයේ 2016 දෙසැම්බර් මස 25 දාය.සමහර වෙබ් අඩවි මෙම සිද්ධිය වාර්තා කර තිබුණේ නත්තල් දිනයේ චීනයට ලැබුණු ත්‍යාගයක් ලෙසයි.

    N4aFGWY.jpg

    කොම්සොමොල්ස්ක්-ඕන්-අමූර් නගරයේ පාලන අධිකාරයට අනුව පළමු සුකොයි-35 යානා හතර නිල වශයෙන් චීනයට බාර දුන්නේ 2016 දෙසැම්බර් මස 20දාය.නමුත් ඒවා චීනයට පියාසර කලේ 2016 දෙසැම්බර් මස 25 දාය.රුසියාව මෙම යානා චීනයට ලබාදීමට සැලසුම් කර තිබුණේ 2017 වර්ෂයේ මුල් භාගයේදීය.කෙසේ වෙතත් ගුවන් යානා බාරදීම නත්තල් සමයේදී සිදුකරන්නට පසුව තීරණය කර තිබේ.

    RSPZFb6.jpg

    මොස්කව් රජය සමග චීනුන් 2015 වර්ෂයේදී අත්සන් කල ගිවිසුමට අනුව දළ වශයෙන් ඇ.ඩො.බිලියන 2ක මුදලකට රුසියාව සුකොයි-35 යානා 24ක් චීනයට ලබාදීමට නියමිතය.රුසියාවට ආරම්භයේදී විශාල ඇණවුමක් ලබාදීමට අවශ්‍ය වුවද ඔවුන් චීනයේ කොන්දේසිවලට එකඟ වියයුතුය.පළමුවරට චීනය සුකොයි-35 යානය ගැන උනන්දුවක් දැක්වූයේ 2008 වර්ෂයේදීය.සුකොයි-35 යානා ගනුදෙනුව සම්බන්ධව සාකච්ඡා ආරම්භ වූයේ 2011 වර්ෂයේදීය.මූලික ගිවිසුම 2012 වර්ෂයේදී නිර්මාණය කල අතර අවසානයේදී යානා විකිණීමේ කොන්ත්‍රාත්තුව 2015 නොවැම්බර් මාසයේදී අත්සන් කරන ලදි.ඊළඟ වසර 2ක තුල චීනයට රුසියාවෙන් සුකොයි-35 යානා 24ක් ලැබේ.ඉන් පළමු යානා 4 2016 දෙසැම්බර් මාසයේ ලැබිණි.තවත් යානා 10ක් 2017 වර්ෂයේද ඉතිරි යානා 10 ඊළඟ වර්ෂයේදී එනම් 2018දී ද ලබා දීමට නියමිතය.

    J5CXTlW.jpg
    චීනයේ සුහයි හි ගුවන් සංදර්ශනයකදී රුසියානු සුකොයි-35 යානයක් ගුවන්ගත වන අයුරු,2014 නොවැම්බර් මස 10​

    රුසියානුවන්ට තිබෙන බිය නම් ඊට පෙර චීනයට අලෙවි කල යුද අවිවලට කලාක් මෙන් චීනුන් සුකොයි-35 යානයේ තාක්ෂණයන් තමන් සතු කරගැනීමට කටයුතු කරයි යන්නයි.පාලනාධිකාරයට අනුව නම් චීනය සහ රුසියාව බුද්ධිමය දේපල ආරක්ෂා කිරීම නියාමනය සම්බන්ධව ගිවිසුම් අත්සන් කර තිබේ.ඒ බලපත්‍ර රහිතව හරහා ප්‍රහාරක යානය පිටපත් කිරීමෙන්/අනුකරණ නිපදවීමෙන් ආරක්ෂා වනු ඇතැයි ඔවුන්ගේ අදහස.නමුත් චීනය තුලදී ගිවිසුම ඔස්සේ තම බුද්ධිමය දේපල ආරක්ෂා වන්නේ යැයි සිතීම නිරර්ථක බලාපොරොත්තුවක් පමණක් බව රුසියාව නොව ඕනෑම කෙනෙකුට පැහැදිලිව පෙනී යන කරුණකි.

    OXNrWxu.jpg
    ඉරාක යුද්ධයේදී විනාශ කල ටී-72 යුද ටැංකියක්​

    PIR Center ආයතනයේ(අන්තර්ජාතික විදේශ සහ හමුදා ප්‍රතිපත්ති අධ්‍යයනය කරන මොස්කව් හි පිහිටා ඇති ආයතනයකි)විධායක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සේවය කරන රුසියානු හමුදාවේ විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් එව්ජෙනි බස්හින්ස්කි 2016 නොවැම්බර් මස 15දා කියා සිටියේ රුසියාව තමන් සතු අනගි තාක්ෂණයන් කිසිදු පූර්වෝපායන්ගෙන් තොරව චීනයට ලබානොදෙන බවයි.චීනයට ලබාදුන් සුකොයි -35 යානා රුසියානු ගුවන් හමුදාව භාවිතා කරන මොඩලය නොවේය.එය සැබෑවකි.මන්ද සෝවියට් දේශය තිබූ සමයේ පටන් රුසියානුවන් ඔවුන්ගේ බොහොමයක් යුදෝපකරණවල විශේෂයෙන් යුද ටැංකි,මිසයිල,යුද ගුවන් යානා ආදියේ දේශීය මොඩලයක් සහ අපනයනය සඳහා විශේෂිත මොඩලයක්ද නිපදවන ලදි.සීතල යුද්ධ සමයේදී සහ එහි පශ්චාත් සමයේදී ඇමෙරිකාව ඇතුලු ධනවාදී කඳවුරේ රටවල් සංග්‍රාම භූමියේදී මුහුණ දුන්නේ සෝවියට් දේශය නිපද වූ සැබෑ යුද අවිවලට නොවේ.හොඳම උදාහරණය වන්නේ පළමු ගල්ෆ් යුද්ධයයි.සිය මිත්‍ර අරාබි රාජ්‍යවලට ලබා දී තිබුණු යුද ටැංකි ආරක්ෂාව,ප්‍රහාරක හැකියාව අතින් දේශීය භාවිතයට නිර්මාණය සෝවියට් මොඩලවලට වඩා තත්ත්වයෙන් පහළ තැනක තිබිණි.ඉරාකයට ලබාදුන් ටී-72 යුද ටැංකි ඊට උදාහරණයකි.මේවා මන්කි මොඩල(Monkey model)යනුවෙන්ද හඳුන්වයි.ඒ නිසා අතිනවීන ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය යුද ටැංකිවලට ඉරාක හමුදාවේ යුද ටැංකි සේනාංක පහසුවෙන් පරාජය විය.

    "අප සතුව අපනයන සංස්කරණයක් සහ අපගේ පාවිච්චිය සඳහා වෙනම සංස්කරණයක් තිබේ,ඕනෑම දෙයක් පිටපත් කිරීම සම්බන්ධව චීනුන් හොඳ තැනක සිටියි" යනුවෙන් බස්හින්ස්කි කීය.​

    එසේවුවත් තම තාක්ෂණය චීනුන්ගේ අතේ තිබෙන තෙක් ඒවා සුරක්ෂිත බව රුසියාවට විශ්වාසය-විශේෂයෙන් අතිශය වැදගත් සැටර්න් ඒ එල්-41එෆ්1එස් එන්ජිම.​

    79440n5.jpg
    සුකොයි-35 යානය සතු සැටර්න් 117S/AL-41F1S එන්ජිමක්​

    සුකොයි-35 යානය රුසියාව සතු 4++ පරම්පරාවේ ,ද්විත්ව එන්ජින්,ඉහළ හැසිරවීමේ හැකියාවක් සහිත බහුකාර්යය ප්‍රහාරක ජෙට් යානයකි.එහි තිබෙන්නේ සැටර්න් 117එස් එන්ජින් දෙකකි.චීනය සුකොයි -35 යානයට මෙතරම් ඇලුම් කරන්නේ එය සතු ප්‍රබල ටර්බෝෆෑන් එන්ජිම නිසාය.රුසියාව මෙම එන්ජිම තනි නිෂ්පාදනයක් ලෙස අලෙවි කිරීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම නිසා චීන ගුවන් හමුදාවට සම්පුර්ණ ගුවන් යානයම මිලදී ගැනීම හැර වෙනත් කල හැකි දෙයක් නොවීය.චීනයේ යුද ගුවන් තරණ ක්ෂේත්‍රය, ඔවුන්ගේ නවතම පස්වන පරම්පරාවේ ස්ටෙල්ත් ප්‍රහාරක යානය වන චෙන්ග්ඩු ජේ-20 හට එන්ජිමක් සැලසුම් කිරීම සහ නිර්මාණය කිරීමට බොහෝ පරිශ්‍රමයක් දරයි.

    Mw2EmH2.jpg
    සුකොයි-35 යානයක් 2013 පැරිස් ගුවන් සංදර්ශනයේදී සිය සුනම්‍ය හැසිරවීමේ හැකියාව පෙන්වූ අයුරු​

    චීනය දේශීය යුද ගුවන් යානා සඳහා නිපදවා තිබෙන වඩාත් දියුණුතම එන්ජිම වන්නේ ඩබ්ලිව් එස්-10 නම් ටෝර්බෝෆෑන් එන්ජිමයි.සමහර වාර්තාවලට අනුව එය අපේක්ෂා කල තරම් සාර්ථක එකක් නොවේ.චීන ගුවන් හමුදාව සතු නවතම පස්වන පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානා දෙක වන චෙන්ග්ඩු ජේ-20 සහ ෂෙන්යැන්ග් ජේ-31 යානාවලට භාවිතා කරන්නේ සැටර්න් ඒ එල්-31 සහ ක්ලිමොව් ආර් ඩී-93 යන පැරණි රුසියානු ජෙට් එන්ජින්ය.

    WK4j2C8.jpg
    චීනයේ සුහයි නගරයේ පැවති ගුවන්යානා ක්ෂේත්‍ර ප්‍රදර්ශනයේදී ජේ-20 ස්ටෙල්ත් ප්‍රහාරක ජෙට් යානය පියාසර කල අයුරු.2016 නොවැම්බර් 1​

    චීනයේ ගුවන් තරණ ක්ෂේත්‍රය ඉහළ කාර්යසාධනයක් සහිත දේශීය ටර්බෝෆෑන් එන්ජින් නිපදවීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටියි.බීජින් පාලනය 2016 අගෝස්තු මාසයේදී නිවේදනය කලේ නව ජෙට් එන්ජින් නිෂ්පාදනය සහ සංවර්ධනය වේගවත් කිරීමට නව ගුවන් යානා එන්ජින් නිෂ්පාදන සමාගමක් නිර්මාණය කල බවයි.දැනට චීනය ඩබ්ලිව් එස්-13 ටයිෂාන් ටර්බෝෆෑන් එන්ජිම සංවර්ධනය කරමින් සිටියි.එය රුසියානු ක්ලිමොව් ආර් ඩී-33 ටර්බෝෆෑන් එන්ජිමේ ව්‍යුත්පන්නයකි.

    qUvkbHg.jpg
    සුකොයි-35 යානයක නියමු කුටිය​

    සුකොයි-35 ප්‍රහාරක යානය සහ එහි සැටර්න්-117එස් ටර්බෝෆෑන් එන්ජිම අත්පත් කර ගැනීම චීන ගුවන්තරණ කර්මාන්තය ලැබූ මහත් ලාභයක් වන්නේ එම එන්ජිම reverse engineering කිරීමෙන් රුසියානු තාක්ෂණය සොරාගැනීමට චීනුන්ට අවස්ථාවක් හිමිවන නිසාය.සුකොයි-35 යානයේ ප්‍රබල එන්ජිම,ගුවනේදී ඉන්ධන ලබාගැනීමේ හැකියාව සහ බාහිර ඉන්ධන ටැංකි ගෙන යාමේ හැකියාව ආදිය නිසා චීන ගුවන් සීමාව සහ නැගෙනහිර සහ දකුණු චීන මුහුදු ප්‍රදේශවල අහසේ සිය බලපරාක්‍රමය පැතිරවීමට චීනයට අවස්ථාව උදාවෙයි.

    ovpWCIl.jpg
    සුකොයි-35 යානයක පසුපස කොටස​

    "ඔවුන්ට එන්ජින් නිපදවන්නට හැකියාවක් නැහැ.අපි සුකොයි-35 යානාවලට එන්ජින් සපයන්නට එකඟ වී තිබේ.නමුත් අවාසනාවකට - මගේ තාක්ෂණික සහකරුවන් මට කීවේ - එන්ජිමක් පිටපත් කිරීම ප්‍රායෝගිකව කල නොහැකි කාර්යයක් බවයි.මන්ද එන්ජිම සම්පුර්ණයෙන්ම ඛණ්ඩනය කිරීමකින් තොරව එහි මධ්‍යයට පිවිසීම ප්‍රායෝගිකව කල නොහැක්කකි." යනුවෙන් කියා සිටියේය.

    එසේවුවත් බීජින් පාලනය සුකොයි-35 යානා මිලදී ගැනීමේ අරමුණ බොහෝවිට ඔවුන්ගේ තාක්ෂණය සඳහා පලදාවක් ලබාගැනීම බව පැහැදිලිය.ජෙට් ප්‍රචාලන තාක්ෂණය සංවර්ධනය කිරීම අතින් චීනය සිටින්නේ බොහෝ පසුපසින් වීම ඊට ප්‍රධානම හේතුවයි.චීනය සිය ජේ-20 යානයට භාවිත කරන්නේ රුසියාවේ සුකොයි-27 ෆ්ලෑන්කර් යානවල තිබෙන සැටර්න් ඒ එල්-31එෆ් එන් එන්ජින්ය.චීනයට සුකොයි-35 යානය සහ එස්-300 ගුවන් ආරක්ෂණ පද්ධතිය සතු තාක්ෂණය 100% සුපිරිසිදුව ලබාගැනීමේ හැකියාවක් නොමැත යන විශ්වාසයේ මොස්කව් පාලනා පසුවන්නේ තාක්ෂණය සොරාගැනීම අතින් චීනය අතිදක්ෂයෙක් බව ඔප්පු කර පෙන්වා තිබෙන තත්ත්වයක් යටතේය.කෙසේ වෙතත් රුසියාවේ සුකොයි-35 යානය සහ එහි එන්ජිම චීනුන් පිටපත් කරයිද නැද්ද යන්න කාලයත් සමග විසදේවි.






    Source:warisboring.com

    -HarshaLulzSec-
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    සුපිරිම තමයි මචන්.තව ලියපන් මේවා :nerd: රෙප් නම් දෙන්න බැරිලු
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    එක හුස්මට කියවන් ගියා............ සිරාවටම නියමයි.. චීනේ කියන්නේ කොපි කිරීමේ කාපර්ලා උන්ගේ අභ්‍යවකාශ වැඩසටහනට ගත්ත shenzhou VI යානය එහෙන් පිටින්ම රුසියන් සොයුස් යානයේ කාබන් කොපියක්. සුළු වෙනස්කම් ටිකක් විතරයි පෙනුමෙන් තියෙන්නේ. rep