මැකොගේ තක්සේරුවට අනුව ඡන්දයක වටිනාකම ශත 50 යි
දේශීය 2010 මාර්තු 10 වෙනි බදාදා, 09:21
එක් ඡන්දදායකයෙකුගේ එක් ඡන්දයකට ශත 50 බැගින් 2004 මහ මැතිවරණයේදී 1% කට වඩා ඡන්ද ලබා ගත් සියලුම පක්ෂවලට ලබාදීමට මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා තීරණය කර ඇත. ඒ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ මැතිවරණ නීතියට අනුව පක්ෂවලට ආධාර මුදල් ලබාදීමේ නීතියට අනුවය.
පසුගිය මහ මැතිවරණයේදී සියයට එකකට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලැබූ පක්‍ෂවලට පමණක් මෙම ආධාර මුදල් ලබාගැනීමේ හිමිකම පවතින අතර, එක් ඡන්දයකට ශත පනහ බැගින් ලබාගත් ඡන්ද සංඛ්‍යාවට ආධාර මුදලක් පක්‍ෂයකට හිමිවේ. ආධාර මුදල් හිමිවන්නේ පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ පක්‍ෂය හා ලාංඡනයෙන්ම මෙවර ද තරග කරන්නේ නම් පමණක් බවට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර ඇත. මෙම ආධාර මුදල ලබාගැනීමට කිසිදු පක්‍ෂයක් මෙතෙක් ඉල්ලුම් කර නැතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාලයීය නිලධාරියෙකු පැවසීය.