ඡන්දය දාන්න නිවාඩු හම්බෙන්නේ මෙහෙමයි

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ඡන්දය දාන්න නිවාඩු හම්බෙන්නේ මෙහෙමයි

    පෞද්ගලික අංශයේ සේවකයන්ට මෙවර මහ මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම සඳහා පැය 4 කට නොඅඩු නිවාඩු කාලයක් ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පෞද්ගලික අංශයට දැනුම් දෙනවා.

    නිවාඩු ලබාදෙන කාලය ඇතුළත වැටුප් අඩු කිරීමකින් තොරව විශේෂ නිවාඩුවක් ලෙස එය ලබාදිය යුතු බවයි මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ.

    ඡන්දය භාවිතා කිරීම සඳහා සේවස්ථානයේ සිට ඡන්ද පොලට යායුතු දුර කිලෝමීටර් 40 ක් හෝ ඊට අඩුනම් දින භාගයක නිවාඩුවකුත්,

    කිලෝමීටර 40 ත් 100 ත් අතර දුරක ඡන්ද මධ්‍යස්ථානය පිහිටන්නේ නම් දිනයක නිවාඩුවකුත් ලබාදිය යුතු වනවා.

    කිලෝමීටර 100 ත් 150 ත් අතර දුරකින් ඡන්ද මධ්‍යස්ථානය පිහිටියහොත් දින එකහමාරකත්,


    කිලෝමීටර 150 ට වැඩිනම් දින දෙකක නිවාඩුවක් ලබාදෙන ලෙසත් මැතිවරණ කොමසාරිස්වරයා පෞද්ගලික අංශයට දැනුම්දී ඇති බව සඳහන්.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කොලඹ ඉඳන් කුරුණෑගලට යන්න ඕනෙ අප්පච්චිට ඡන්දෙ දෙන්න :baffled: :baffled:
    දින කීයක් නිවාඩු හම්බෙයිද දන්නෑ නේ :baffled: :baffled:
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    කොලඹ ඉඳන් කුරුණෑගලට යන්න ඕනෙ අප්පච්චිට ඡන්දෙ දෙන්න :baffled: :baffled:
    දින කීයක් නිවාඩු හම්බෙයිද දන්නෑ නේ :baffled: :baffled:

    තොට මොන චන්දද විබාගෙට පාඩම් කරපිය ගෙට වෙලා
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අපෝ එතකොට ඉස්කෝල නිවාඩු දෙන්නේ නැද්ද බං. මේකේ මල කරුමයක් වෙලා කිරියේ පොලිටික්ස් ත්‍රෙඩ් වැඩියි දැන්. ඉස්කෝලේ යන පොඩි උන දේශපාලනේ ගැන පොර ටෝක් දෙනවා.