ඡන්දෙ ඉල්ලනවාලු..දන්නෙත් නෑ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තමාගේ කිසිම අනු දැණුමකින් තොරව මෙවර මහ මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් තරග කරණ ස්වාධීන කණ්ඩායමකට නම ඇතුළත් කොට ඇති බවට යාපනයේ ගුරුවරියක් යාපනය දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරයාට පැමිණිලි කොට තිබේ.
    ඇය ප්‍රකාශ කොට ඇත්තේ තමන් මේ ගැන දන්නේ ඇගේ ශිෂ්‍යාවක් ඇයට දුරකතන ඇමතුමක් ලබා දී .. ටීචර් ඔයත් ඡන්දය ඉල්ලනවා නේද..සතුටුයි.යනුවෙන් ප්‍රකාශ කිරීමෙන් පසුව බවයි.

    එම අවස්ථාවේදීම යාපනය සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ගොස් දැන්වීම් පුවරුව පරීක්ෂා කොට බලන විට ඇගේ නම විස්තර පමණක් නොව අත්සනද යොදා ස්වාධීන කණ්ඩායමක අපේක්ෂිකාවක් ලෙස ඇයව මැතිවරණයට ඉදිරිපත් කොට ඇති බව පෙනී යාමෙන් පසුව ඇය පැමිණිල්ල ඉදිරිපත් කොට තිබේ.

    යාපනය දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරයා හා සහකාර මැතිවරණ කොමසාරිස්වරයා මේ පිළිබදව පොලීසියට දැණුම් දී ඇත.

    gu ashen welalenna haduwam chande illanna chance eka dunne naha kiyala, samaharunwa balen chade illanna dala danneth nahalu