ඡන්දෙ කාලෙට අප සොයා එන විජාතික කුමන්ත්‍ර&#3499

Wali Kukula

Member
May 9, 2009
2,514
149
0
Colombo
ඡන්දෙ කාලෙට අප සොයා එන විජාතික කුමන්ත්‍ර&#3499

2010 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමඟ විජාතික බලවේග,අධිරාජ්‍යවාදී ක්‍රමන්ත්‍රණ වැනි වචන ඇති විමල් වීරවංශගේ හා පැරණි ජ.වි.පෙ. ශබ්දකෝෂයේ පිටු යළිත් පෙරළෙමින් තිබේ.මෙය ඡන්දයක් ළංවෙන හැම විටකම ඇති වන්නකි.මේ අනුව විජාතිකයන් හා අනෙක් රටවල සිටින්නන් බලා සිටින්නේ ලංකාවේ මැතිවරණයක් පැවැත්වෙන්නේ කොයි මොහොතේද කියාය.ඒ තමාට කුමන්ත්‍රණය කිරීම සඳහාය.ඒ අනුව මෙවරත් ඔවුන් කුමන්ත්‍රණය කරයි.
මේ කථාව හොඳින්ම ජනතාවට ඒත්තු ගන්වන්නට සමත්කම් දක්වන්නේ ජ.වි.පෙ.ය.ජ.වි.පෙ.ට අනුව එ.ජා.ප.ය බලයට ගෙන ඒම සඳහා කරන ඕනෑම ක්‍රියාවක් කුමන්ත්‍රණයකි.එහෙත් අද ජ.වි.පෙ. හා එ.ජා.ප.ය එක් අපේක්ෂකයෙකු වටා ගොනු වීම නිසා කුමන්ත්‍රණ කතාව කියා ගන්නට ජ.වි.පෙ.ට බැරිය.ඒත් මේක හොඳින්ම කරන්නට ජ.වි.පෙ. විශේෂ පුහුණුව ලත් විමල් මැතිතුමා වෙලාවට අද සිටින්නේ ආණ්ඩුව සමඟය.නැත්නම් ආණ්ඩුව අනාථය.
2004 මැතිවරණයකට යාමට පාර කපා ගන්නට එදා හැකි වූයේද ජ.වි.පෙ. නිසාය.එහෙම නැත්නම් පැවති රජයට එරෙහිව ඇඟිල්ලක් දිඟු කරගෙන කියන්නට තරම් දෙයක් එදා මහින්ද මහත්තයාලට තිබුණේ නැත.ජ.වි.පෙ. ඒ මොහොතේ පෙරට විත් එ.ජා.ප.ය වටා ඇති කුමන්ත්‍රණයක් ගැන කීවේය.අලි-කොටි ගිවිසුමක් ගැන කීවේය.කියන්න දෙයක් නැතිව හිටිය පොදු පෙරමුණු මන්තිරියොද අලි-කොටි එකට දමා ගෙන ඔහේ කෑ ගැසුවෝය.දේශපාලන වේදිකාවේදී හා රූපවාහිනී සංවාදවලදීද,ජ.වි.පෙ. මෙය ජනතාවට වඩා ප්‍රත්‍යක්ෂ කරනු පිණිස විවිධ කරුණු කියා පෑවද එසේ කියන්නට තරම් දෙයක් පො.එ.පෙ.ට නොවීය.2004 ඡන්දයෙන් දිනූ පසු ස්වර්ණවාහිනියේ පැවැති "කිණිහිර" සංවාදයට එක්වූ ශ්‍රී.ල.නි.ප.යේ ජ්‍යෙෂ්ඨයෙකු වූ දි.මු.ජයරත්න මහතාගෙන් වැඩසටහන මෙහෙය වූ ශාන් නිවේදක ශිල්පියා ඇසුවේ මේ ඔබ කියන අලි-කොටි ගිවිසුම කුමක්ද කියාය.ඔහු ගත් කටටම පහසු උත්තරයක් දුන්නේය."එහෙම එකක් නෑ.ඒවා ඉතිං ඡන්දෙ කාලෙට කියන කතානේ" කියා කීවේය.එම සාකච්ඡාවට සහභාගිව සිටි විමල් වීරවංශ මහතාගෙන් එවිට නිවේදකයා විමසා සිටියේ:ඔබත් මේවා කියන්නේ ඡන්ද කාලෙට විතරක්ද කියාය.එවිට වීරවංශ මන්ත්‍රීවරයා අප නොදන්නා ව්‍යක්ත වචන හරඹයන් දමා අප එවැන්නක් කීවේ මේ මේ හේතු නිසා යැයි කියමින් තම චෝදනාව සාධාරණීකරණය කර ගත්තේය.
නැවත 2005 දීද රනිල්ට පලු යන්නට බැන්න ජ.වි.පෙ. ඇතුලු සන්ධානය මහින්දව දිනවිය.ඒත් එච්චර කරද්දීත් රනිල්ට ලක්ෂ 47ක් ජනතාව ඡන්දය දී තිබුණි.එසේ වුවත් කුමන්ත්‍රණ කතාව එදාත් නැගලා ගියේය.
දැන් ආයෙත් සුපුරුදු කතාව කරළියට ඇවිත් තිබේ.ෆොන්සේකා පිටුපස සිටින්නේ විජාතික කුමන්ත්‍රණකරුවන්.ඒ ආණ්ඩුව ජ.වි.පෙ.න් ඉගෙන ගත් සුපුරුදු සෙල්ලමට අනුව කියන කතාවය.එහෙත් එවැනි දෙයක් කියන්නට යද්දී වීරවංශ වැන්නෙකු සමඟ නොයාමේ වරදින් මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා මාධ්‍ය ඉස්සරහා ඇන ගත්තේය.මොනවද ඔය කියන විජාතික බලවේග හා කුමන්ත්‍රණ යනුවෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් ඇසීය.සිරිසේන අමාත්‍යවරයා දත් විලිස්සා සිනාසුණේය.ඉන්පසු තටම තටමා කීවේ "ඡන්දෙ කාලෙට ඉතිං මෙවැනි කුමන්ත්‍රණ එනවා.ඒවා නම් වශයෙන් සඳහන් කළ යුතු නෑ" කියාය.
ඇත්තමට මේවා එන්නේ ඡන්ද කාලෙටය.මේ ඡන්දයෙන් පසුව හෝ ඒවා හඳුනා ගත්තොත් ඊ ළඟ ඡන්දේදී කුමන්ත්‍රණකරුවන්ට හොඳ පාඩමක් ඉගැන්විය හැකිය.
 

Wali Kukula

Member
May 9, 2009
2,514
149
0
Colombo
mahindahora1hora1.jpg
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    විජාතික හා දේශී‍ය කුමන්ත්‍රණ කරුවන් මෙහි ක්‍රියාත්මක වන්නේ අද ඊයේ සිට නොවේ , 1505 පෘතුග්‍රීසීන් මෙරටට සංක්‍රමණය වීමත් සමගය , ගුවනේදී නිලිවන්ව දිස් වන් එකම භූමිය වන්නේ අපේ රට පමණි , එවන් රටක් තම අණසකට ගැනීමට උත්සාහ නොගන්නේ කවුරුන්ද?

    1505 සිට ඒ ඒ පරදේශයන්ගේ ග්‍රහණයෙහි අප රට පැවති බව ඉතිහාසයේ සදහන් වන අතර ඒවාට සාධකද ඇත, කිසි දිනක කන්ද උඩ රට ග්‍රහණයට ගත නොහැකි යැයි සිතූවද දේශීයන් සුද්දන් සමග මගුල් මඩුවේදී අස්සන් තබන ලද්දේ කන්ද උඩ රට පාවා දීමේ මහා කුමන්ත්‍රනයටය.

    කෙසේ හෝ 1948 දී කලු සුද්දන් අතට පාලනය පවරා යාමෙන් පරයන්ට උවමනා වූයේ බටහිර ගැති පාලන ප්‍රතිපත්තියක් මෙරට දිගටම ක්‍රියාවට නැංවීමටය , එයට හානියක් සිදුවිය හැකි සෑම අවස්තාවකදීම ඩොලර් කාක්කන් මෙරටට සංක්‍රමණය වේ ,
    මෑතම ඉතිහාසය වෙත ඇස යොමුකලහොත් ,අප විජග්‍රහණය අභිමුව සිටියදී පැමිණි විජාතික ප්‍රහාර ඔවුන්ගේ කුමන්ත්‍රණ සාක්සි සහිතව ඔප්පු කරන්නකි ,

    ඇමරිකන් කාරයා අපිට හරි ආදරයේ අහවල් එකක් නිසා නොව , තවත් අවුරුදු සියයකට වතුර ගත හැකි සිංහරාජයේ කොටස්කරුවන් වීමට ඔවුනට උවමනා නිසාය
    මෙරට නොර්වේ කාරයා දග දැම්මේ වෙන කිසිවක් නිසා නොව මුහුදු සීමාව ඩැහැගැනීමටය....

    මෙරට විජයග්‍රහණය ආපසු හැරවීමට නැවත උත්සුක වන්නේ ඩොලර්ය ,

    ලොව මවිත කල මහා සටනේ දස මහා යෝධයෙකු රජුටම විරුද්ධව නැවත නැගීසිටින්නේ අන් කවරක් නිසාද.....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37

    අනේ යකෝ , උබ කියන්නේ ඔන්න උබල නිදහස් දැන් යමල්ල කියල ඔහේ යන්න දෙන්න කියලද? ඔය කට්ටියව වෙන්කරල හදුනගන්න ඕන , පුනරුත්තාපනය කරන්න ඕනා , සැගවීසිටින ත්‍රස්තවාදීන් අත් අඩංගුවට ගන්න ඕනා.. රට නිදහස් කරනකන් බෑ , මරනෝ කිය කියා කෑ ගැහැව්ව ,දැන් බේරුවාට පස්සේ මොන මොනවාහරි කියවනවා , උබලත් රනිල්ගේ ගොඩේ ඉන්න නරුම නිවටයෝ ටිකක් තමයි