ඡන්ද ගුන්ඩු සහ බොරු පොරොන්දු
අපි දකිනවා වෙනදා වගේම ප්‍රධාන පෙළේ අපේක්ශකයන් තුන් දෙනාම මැතිවරණ බොරු පොරොන්දු ඉදිරිපත් කරනවා. අපි දන්නවා එම පොරොන්දු ඉටු කිරිම සදහා වැය වෙන මුදල දරන්න වන්නේද රජයට බවත්, අවසානයේදි දැරිමට සිදුවන වියදම ද විතැන් වෙන්නේ මහජනතාවටම බව. අපි දැන් විමසා බලමු අදට පවතින රජයේ ආදායම් සහ වියදම් තත්වය.
ඉහත ප්‍රස්ථාරයට අනුව, රජය අදායම රු. බිලියන 3074 යි, වියදම 5357 යි. රජයේ මුලු අදායමින් 80% ක් වැය වන්නේ ණය පොළිය ගෙවීම සඳහායි. අපි මේක සරල උදාහරණයක් මගින් පැහැදිලි කරගමු. හිතන්න, අමල්ගේ මාසික පඩිය රු.100,000/- , මාසික වියදම රු.175,000/- යි. අමල් තම ආදයමින් රු.80,000 (80%) වැය කරන්නේ තම ණය පොළී ගෙවීම සඳහාය. අමල්ට ඉතුරු වියදම් සියල්ලටම තියෙන්නේ තව රු.20,000/- ක් පමණයි. ඉතින්, දැන් බොහෝ විට අමල්ට යලිත් ණය මුදලක් ගන්න වෙනවා ඉතුරු වියදම් පියවන්න. නිකමට හිතන්න අමල් අමල්ගේ බිරිඳට, ළමයින්ට කියනවා “මිළග මාසේ පුතේ මම ඔයට අලුත් බයිසිකලයක් අරන් දෙන්නම්, Darling බිරිඳ මම ඔයට රත්තරන් බුරුවෙක් අරං දෙන්නම් කියලා. දැන් ටිකක් හරි බුද්ධියක් තියෙන කෙනෙක් මේ දෙන පොරොන්දුවලට රැවටෙයිද? එහෙත්, තව එක් ක්‍රමයක් තියෙනවා දුන් පොරොන්දු ඉටු කරන්න. එනම්, තවත් ණය අරගෙන හැබැයි සමහර විට ණය ගෙවා ගන්නම බැරි තැන අමල්ට සිදුවේවි තම නිවහනත්, සමහර විට බිරිඳවත් ණය හිමියන්ට පුදන්න. හරියට රටේ ඇති භූමිය සහ වටිනා සම්පත් එකින් එක චීනයට, ඉන්දියාවට දෙන්න වුනා වගේ. මේ මජර දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කල යුතු කාලය දැන් පැමිණ ඇත.
දැන් අපි පොරොන්දු කිහිපයක් ගෙන බලමු.
• ස.ජ.බේ 24% රජයේ වැටුප් වැඩි කිරිම සඳහා වැයවෙන මුදල බිලියන 239.
• ජා.ජ.බ බදු ප්‍රතිව්‍යුහගත කරනය සදහ රු. බිලියන 200.
• රනිල්ගේ පාර්ශවය කතා වෙනවා 50% ක වැටුප් වැඩි කිරිමක් එනම් රු.බිලියන 450ක් .
ඔබම හිතලා බලන්න මෙම පොරොන්දු මොනතරම් දුරට ඉටු කර හැකි ඒවා ද, ඉටු කරත් අවසානයේ එය දරන්න වන්නේ මහජනතාවට නොවේද යන්න.
#WAKEUPSRILANKA
දැන් අපි පොරොන්දු කිහිපයක් ගෙන බලමු.
• ස.ජ.බේ 24% රජයේ වැටුප් වැඩි කිරිම සඳහා වැයවෙන මුදල බිලියන 239.
• ජා.ජ.බ බදු ප්‍රතිව්‍යුහගත කරනය සදහ රු. බිලියන 200.
• රනිල්ගේ පාර්ශවය කතා වෙනවා 50% ක වැටුප් වැඩි කිරිමක් එනම් රු.බිලියන 450ක් .
ඔබම හිතලා බලන්න මෙම පොරොන්දු මොනතරම් දුරට ඉටු කර හැකි ඒවා ද, ඉටු කරත් අවසානයේ එය දරන්න වන්නේ මහජනතාවට නොවේද යන්න.
#WAKEUPSRILANKA