ඡායාරූපයට නැඟුන ඇත්තම හොල්මන්!
ඡායාරූපයට නැඟුන
ඇත්තම හොල්මන්!
ඉතා දුක්ඛදායක මරණවලට මුහුණ දුන් පුද්ගලයන්ගේ භූතාත්ම එම මරණ සිදුවූ ප්‍රදේශවල සැරිසරමින් වඩාත් දීර්ඝ ගන්ධබ්බ කාලයක් ගත කරන බවට පිළිගැනීමක් තිබෙනවා. ඒ අතර ඉඩකඩම් සහ දේපළවලට ලොබ බැඳගෙන සිටින අයත් වෙනත් ලෞකික සැප සම්පත් කෙරෙහි ඉමහත් ආසාවක් හිතේ තබාගෙන සිට මියගිය අයත් තමන් මළ තැනින් නික්ම යන්නේ නැතිලු· ඇතැම් මහා මන්දිර තුළ පරම්පරා ගණනක් සිටින භූතාත්ම ඒවායේ අලුතින් පදිංචියට එන අය බියපත් කරමින් හොල්මන් කරනවා කියන්නේ මේ තත්ත්වයට විය හැකියි.
1945 යනු ලෝක යුද්ධයේ අවසාන අවුරුද්දයි. හිට්ලර්ගේ නාසි හමුදාව, මුසොලිනිගේ ෆැසිස්ට් හමුදාව සහ ජපානයේ අධිරාජ්‍යයාගේ හමුදාව (Japanese Imperial Army) යන කණ්ඩායම් තුන යුද්ධය අවසන් කරමින් බ්‍රිතාන්‍යය ප්රමුඛ පොදු රාජ්‍ය මණ්ඩලයේ මිත්‍ර හමුදාවට යටත් වෙන්නට තීරණය කළා. එහෙත් විවිධ රටවල යුද කරමින් සිටි ජර්මන්, ඉතාලි සහ ජපන් හමුදාවන් විසින් යටත් කරගන්නා ලද ලක්ෂයකට වැඩි යුද හිරකරුවන්ට තමන් ජයග්‍රහණය කිරීමේ පණිවුඩය ගියේ නැහැ. එයට ප්‍රධාන හේතුව, එම පණිවුඩ සන්නිවේදනය කිරීමේ උපකරණ මිත්‍ර හමුදාව වෙතින් පැහැරගත් ජපන් හමුදාව ඒවා විනාශ කිරීමයි.
දෙවැනි යුද්ධ කාලයේදී තම ග්‍රහණයට හසුවන මිත්‍ර හමුදා එකතු කර ඉතා කෲර ලෙස වධ දී මැරීම සඳහා ජපන් හමුදාව එක්තරා ක්‍රමයක් අනුගමනය කළා. ඒ තමයි, යුද හිරකරුවන් ඇති තරම් නිරාහාරව, අව්වේ සහ සීතලේ සැතපුම් සිය ගණන් පා ගමනින් ගෙන යැම. මෙය හඳුන්වන්නේ Death March හෙවත් මරණීය පා ගමන ලෙසයි. මේ වර්ගයේ විශාලතම පා ගමන තිබුණේ 1945 ජනවාරි, පෙබරවාරි මාසවල එළැඹි ශීත කාලයේයි. මිත්‍ර හමුදාවට අයත් යුද සිරකරුවන් 80000 ක් පෝලන්තය, චෙකොස්ලොවැකියාව සහ ජර්මනිය හරහා පා ගමනින් ගෙන යැම ඒ ශීත කාලයේදී සිදු කෙරුණා. මේ 80000 ක පිරිස 300 බැගින් වූ කණ්ඩායම්වලට තබා ගමන් කරවනු ලැබුවා. ගමන අවසන් වන විට යුද සිරකරුවන් සියලු දෙනාම මරණයට පත්වී තිබුණා. මේ අයගේ ගමනාන්තය ලෙස සලකන ලද්දේ හිට්ලර් විසින් ජර්මනිය, පෝලන්තය හා තම බලයට නතු වූ හැම රටකම පාහේ ඉදිකර තිබූ ගෑස් කාමරයි. මරණීය පා ගමන්වලදී ජපන් හා ජර්මන් හමුදාවට ප්‍රවාහනය ඇතුළු සෙසු සියලු පහසුකම් ලැබුණත් යුද සිරකරුවන්ට කිසිවක් ලැබුණේ නෑ.
1942 වනවිට තමන් තව වසර දෙක තුනකින් යුද්ධය පරදින බව ජපන් හා ජර්මන් හමුදාවට තේරුණා. පිලිපීන සහ ඇමරිකන් යුද සිරකරුවන් 75000 කගේ සහභාගීත්වයෙන් පිලිපීනය හරහා කි මී. 128 ක මාරක පා ගමනක් සංවිධානය කෙරුණා. මෙය තුන් මාසයක් තිස්සේ ගියා. ගමන ඉවර වන විට සිරකරුවන්ගෙන් 11000 ක් මිය ගිහින්.
1945 දී ජපන් හමුදාව බොර්නියෝ දූපත් හරහා සැතපුම් 160 ක තවත් මාරක පා ගමනක් සංවිධානය කළා. එකල බෝර්නියෝ දූපත යනු යුද සිරකරුවන්ගෙන් පිරී ඉතිරී ගිය තැනක්. මෙයට හැත්තෑ වසරකට පෙර ජපනුන්ගේ කෲරත්වය යටතේ යුද සිරකරුවන් 2406 දෙනෙක් මේ පා ගමනට බලහත්කාරයෙන් සහභාගි කෙරුණා. ගිනි අව්වේ ගිය මේ ගමන අවසන් වන විට 2400 ක් මිය ගිහින්. සිකරුවන් 6 දෙනෙක් පැන ගොස් තිබුණා. දිවි බේරා ගත්තේත් එපමණයි.
* * * * * * * * * *
මේජර් ජෝන් ටුලොක් ඔස්ටේ්රලියන් හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය අයෙක්. ඔහු ඔස්ටේ්රලියානු රාජකීය යුද හමුදාවේ කැලෑ සටන්වලදී පාවිච්චි කරන කාලතුවක්කු පිළිබඳ උපදේශකයෙක්. මෙයට වසර 2 කට පෙර, දෙවැනි ලෝක යුද සිරකරුවන් මාරාන්තික පා ගමනක යෙදුණු සැතපුම් 160 ක මාර්ග දිගේ ඔහු Four wheel වාහනයකින් ගමන් කළා. එය මඩ වගුරු, කඳු පල්ලම් සහිත ඉතා දුෂ්කර පාරක්. යන මග දිගට ඔහු තම ඩිජිටල් කැමරාවෙන් පාර දෙපස පින්තූර ගත්තා. වසර 70 කට පෙර මේ පාර දිගේ පා ගමනින් ගිය යුද සිරකරුවන් මොනතරම් දුක් කන්දරාවක් විඳින්න ඇද්දැයි ඔහු කල්පනා කළා.
ගමන අවසානයේදී තම නවාතැනට පැමිණි මේජර් ටුලොක් කැමරාවේ තිබූ පින්තූර සියල්ල ලැප්ටොප් පරිගණකයකට Tranfer කර නැවත බලන්නට පටන් ගත්තා. එසේ බලාගෙන යද්දී එක් පින්තූරයක් ළඟදී ඔහු ගල් ගැසුණා. මරණීය පා ගමන ගිය පාරේ එක් තැනක වන තීරුව අතර ගමන් කරමින් සිටි කෙසඟ මිනිසුන් පිරිසකගේ සැකිලි රූ ඒ පින්තූරයේ අඩංගුව තිබුණා. මේජර් ජෝන් ටුලොක් කියන්නේ ඒ මිනිසුන් පිරිස වසර 70 කට පෙර මේ පාරේදී අධික දුක්විඳ මිය ගිය අයගේ භූතාත්ම විය හැකි බවයි. එහෙත් ඡායාරූප ශිල්පය පිළිබඳ විද්වතුන් කියන්නේ මේජර් ගමන් කළ Four Wheel රථයේ ඩෑෂ් බෝඩ් එක මත තිබූ මෝස්තර සහිත තුවායක ප්‍රතිබිම්බය නිසා ඒ සැකිලි රූ හටගත් බවයි.
මේජර් ටුලොක් පසුගිය සතියේදී මුල් වතාවට මේ පින්තූර මාධ්‍ය වෙත ලබා දුන්නා. කොහොම වුණත් ඇතැම් පුද්ගලයන් භූත බිය නිසා මේ පින්තූර බැලීම පවා ප්‍රතික්ෂේප කරනවා.
අනුර සොලමන්ස්
http://www.divaina.com/2012/10/07/diyaga03.html