ඡායාරූප ප්‍රදර්ශණය k#කොළඹ ලයනල් වෙන්ට්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඡායාරූප ප්‍රදර්ශණය k#කොළඹ ලයනල් වෙන්ට්

    Our maiden wildlife photography exhibition which will be held on the 20th & 21st October 2015 at the Lionel Wendt Art Gallery from 10:00am - 6:00pm | වනජීවී ඡායාරූප ශිල්පී සුපුන් පෙරේරා සහ attractions.lk විසින් සංවිධානය කරන කුළුඳුල් වනජීවී ඡායාරූප ප්‍රදර්ශණය මේ මස 20වෙනිදා සහ 21වෙනිදා කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේදී පැවැත්වේ.

    හේතු කිහිපයක් පදනම් කරගෙන පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනය තුලින් ශ්‍රී ලංකා ජෛව විවිධත්වය කෙතරම් පොහොසත් යන කාරණය පෙන්වා දෙමින් ජනතාව වනජීවී සංරක්ෂණය වෙනුවෙන් උනන්දු කිරීමට සංවිධායකයන් බලාපොරොත්තු වේ.

    එසේම මෙම ප්‍රදර්ශනයට සමගාමීව එළිදක්වන "attractions.lk" වෙබ් අඩවිය තුලින් දේශීය හා විදේශීයව පරිසරය සහ වනජීවීන් පිළිබඳ උනන්දුවක් දක්වන අයට ශ්‍රී ලංකාව පුරා සංචාරක ආකර්ෂණය සපිරි ස්ථාන 10,000ක පමණ තොරතුරු මෙන්ම එම ස්ථාන සඳහා සංචාරක මඟ පෙන්වීමක් සිදු කිරීමට ද බලාපොරොත්තු වේ.

    මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන දෙදින පුරාම ජල උල්පත් හා ජලදහරා රැකගැනීම වෙනුවෙන්, ඇලිහතේ බලාගාරයට විරුද්ධව අත්සන් ලබාගැනීමේ වැඩ සටහනක් ද දියත් වේ.


    12112029_719143221552824_907055871382042504_n.jpg