ජංගම දුරකතන රහසිගත කෝඩ්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජංගම දුරකතන රහසිගත කෝඩ්

    අපේ ජංගම දුරකතනයේ සුවිශේෂී වූ තොරතුරු කියවා බැලීමට වැදගත් වෙන රහසිගත කේතයන් තිබෙනවා. මේ කේතයන් භාවිතා කරලා ජංගම දුරකතනයේ බොහෝ තොරතුරු දැන ගන්න පුළුවන්. තවත් වැදගත් දෙයක් වන්නේ අපේ අත්වැරදීමකින් ජංගම දුරකතනයේ භාශාව වෙනස් වුව හොත් හෝ ජංගම දුරකතනයේ සැකසුම් වෙනස් වුව හොත් හෝ එය මෙම රහසිගත කේතයන් හරහා නිවැරදි කර ගන්න අපිටම පුළුවන්. තවත් දෙයක් තමයි Sony Ericsson වගේ ජංගම දුරකතනයක නම් දුරකතනයේ සියළුම කොටස් වල ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයා බලන්නත් පුළුවන්. අපිට අවශ්‍ය කේතය ජංගම දුරකතනයේ යතුරු පුවරුවේ ටයිප් කල විට අදාල විස්තර අපිට බලාගන්න පුළුවන්.
    images

    NOKIA

    1. *#92702689# - දුරකතනය භාවිතා කල ඇති කාලය,නිෂ්පාදන වර්ෂය,දිනය විකිනුම් දිනය
    2. *#0000# - මෘදුකාංග සංස්කරණයේ දිනය, මාදිලිය
    3. *#7780# - කර්මාන්ත ශාලාවේ සකසා තිබු මුල් තත්වයට පත් කරයි
    4. *#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක

    Sony Ericsson

    1. -> * <- <- * <- * - සම්පුර්න විස්තර සහිත මෙනුව
    2. #82# - මෘදුකාංග සංස්කරනයේ දිනය
    3. 0# - අවසන් වරට ඩයල් කල නම්බර්

    Samsung Anroid

    1. *#*#7780#*# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට පරිවර්තනය කරයි
    2. *#*#232331#*#* - බ්ලු ටුත් පරීක්ෂාව
    3. *#*#0*#*#* - එල් සී ඩී පරීක්ෂාව
    4. *#*#2663#*#* - ටච් ස්ක්‍රීන් පරීක්ෂාව

    Samsung

    1. *#9999# or *0837 - මෘදුකාංග සංස්කරණ අංකය,දුරකතන මාදිලිය
    2. #9125# - මෘදුකාංල සංස්කරණ පෙන්වයි
    3. *#9998*246# - ඩීබග් මෙනුවට
    4. *#9998*523# - වයිබ්‍රේට්
    5. *#8999*837# - හාඩ්වෙයා සංස්කරණ
    6.#*2562# or #*3849# - දුරකතනය රීස්ටාර්ට් කිරීම

    Backberry

    1. Alt + RBVS - වෙබ් පිටුවක කෝඩ් බලා ගත හැක
    2. Alt + (L)Shift + H - හෙල්ප් මී මෙනුවට
    4. Alt + (L) Shift + Del - සොෆ්ට්වෙයා රීසෙට් කල හැක


    - විශ්මිත විශ්වය -