නිදා ගන්න කොට ජංගම දුරකථන ලග තියාගන්න එපා (Do Not Keep Cell Phones With You While Sleeping)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    නිදා ගන්න කොට ජංගම දුරකථන ලග තියාගන්න එපා (Do Not Keep Cell Phones With You While Sleeping)
    මොන දේ වැරදුනත් එක දෙයක් නම් හරියට කියන්න පුළුවන්. ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් සොයාගත් දුරකථනය අද පවතින තත්වයට පැමිනෙයි කියලා ඔහු හිනෙකින්වත් හිතන්න නැතු ඇති.

    ඒ තරමට අද වෙන කොට දුරකථන තාක්ෂණය දියුණු වෙලා. මීට වසර 20කට කලින් නම් ජංගම දුරකථනයක් කියන්නේ ඇතිහැකි අයට පමණක් තිබුණු උපකරණයක්. ඒත් අද වෙනකොට ජංගම දුරකථනය කුඩා දරුවෙක් ලග තියෙන සුලභ උපකරණයක් බවට පත් වෙලා අවසානයි. නිකමට හිතන්න මීට වසර ගනණාවකට කලින් අතීතයට ගිහින් අපි ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්ව හමුවෙනවා. ඔහුට කියනවා දුරකතනය මගින් ඔයා සෙල්ලම් කරනවා කියලා.

    ඒ විතරක්ද ඔය එලාම් එක තියන්නෙත් දුරකතනයෙන් කියලත් කියනවා. පිටරට ඉන්න අයගේ මුහුන බලගෙන කතාකරනවා කියලත් ඔයා කියවා. සීයට දාහක් විශ්වාසයි ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ඔයා කියන කතාව කීයටවත් විශ්වාස කරන්නේ නෑ. ජංගම දුරකතනය කියන්නේ අද වෙනකොට මිනිසාට නැතිවම බැරි උපකරණයක්. උපකරණයකටත් වඩා ලගම මිතුරා කිවුවොත් කිසිම වැරැද්දක් නෑ. ඒත් ජංගම දුරකතනය අනිසි ලෙස භාවිතා කිරීමෙන් ඔයාගෙ මරණයට හේතු වෙන්න පුලුවන් ඔයා දැනගෙන හිටියද.

    ගොඩක් අය උදේට නැගිට්ට ගමන්ම අතට ගන්නේ ජංගම දුරකතනයයි. රෑට නිදාගන්න යනකොටත් අරගෙන යන්නේ ජංගම දුරකථනයයි. එක ඒ තරමටම ඇබ්බැහි වීමක් බවට පත් වෙලා. ඒත් ඔයා දන්නවද ජංගම දුරකතනය ලග තියගෙන නිදාගැනීමෙන් ඔයා මරණයට උනත් පත් වෙන්න පුලුවන්. ජංගම දුරකතනය කියලා කියන්නෙ ඉලෙක්ට්‍රොනික් උපකරණයක්, ඒ නිසා ජංගම දුරකතනය ක්‍රියාකරනකොට එක රත් වෙන්න පුලුවන්.

    මේ ජංගම දුරකතනය ඔයා නිදාගෙන ඉන්නකොට කොට්ටෙට යට උනොත් ඔයාට මොනවද වෙන්නේ කියලා ඔයා දන්නවද, ජංගම දුරකතනයේ උෂ්ණත්වය ඉහළ යනවා. ඉතින් මේ ජංගම දුරකතනය රත්වෙලා වැඩි වුනාම පිපිරීමේ සම්භාවිතයක් පවා තියෙනවා. ඒ විදියට ජංගම දුරකතනය පුපුරලා ගියොත් ඔයා මරණයට වුනත් පත් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාගේ ඇගට කුමක් හෝ හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා ජංගම දුරකතනය චාජර් එකට ගහල නම් තියෙන්නේ මේකේ අවදානම තව තවත් වැඩි වෙනවා. මොකද එහෙම වුනාම ජංගම දුරකතනය රත්වීම ඉතාමත්ම වැඩි වෙනවා.

    ඒ වගේම ජංගම දුරකතනය දැඩි, අවු රශ්මියට නිරාවරණය වෙන්න දෙන්න එපා. මේ හේතුව නිසා ඔයගේ ජංගම දුරකතනයේ ආයු කාලය ඉතාමත්ම වේගයෙන් අඩු වෙනවා. ජංගම දුරකතනයක් මගින් විද්යුත් චුම්භක තරංග නිකුත් කරනවා. එම විද්යුත් තරංග නිසා ඔයාගේ මොළේට හානී සිද්ධ වෙනවා.


    ඒ නිසා ජංගම දුරකතනය ලග තියාගෙන නිදාගැනිම මගින් ඔයා දරුණු මානසික රෝගියෙක් බවට පත් වෙනවා. ඒ වගේම රාත්‍රියට ජංගම දුරකතනය භාවිතා කිරීම නිසා මොළේට හානී වීම මගින් අමතක වීම වැනී රෝග වැලදීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඔයාට මේ දැන් කියන දේ තවත් ටිකකින් අමතක වෙනවා වගේ දැනෙනවා නම් ඒ අනවශ්‍ය ලෙස ජංගම දුරකතන භාවිතා කිරිමේ ප්‍රතිථලයක් වෙන්නත් පුලුවන්. ඒ වගේම පුලුවන් තරම් ජංගම දුරකතනයෙන් කතා කරන කොට ඊයර් පෝන් (Earphone) එකක් භාවිතා කරනවා නම් ගොඩක්ම හොදයි.

    විඩියෝ කෝල් (Video Call) මගින් කතා කරන එකත් සෞඛ්‍ය ආරක්ෂිතයි, මොකද ඔයාගේ ජංගම දුරකතනය ඔයාගේ කන අසල නැති නිසා අහිතකර විද්යුත් චුම්භක තරංග වලින් ඔයාගේ මොළේ ආරක්ෂා වෙනවා. ඒ වගේම ගොඩක් පිරිමි අය ජංගම දුරකතනය කලිසම් සාක්කුවේ තමයි දාගෙන ඉන්නේ. මේ ස්ථානය පිරිමි අයගේ ප්‍රජනක අවයව වලට ගොඩක් සමීපයි, ඉතින් මේ ජංගම දුරකතන සාක්කුවේ දාගැනීමෙන් එහි ඇති චුම්භක තරංග නිසා පිරිමින්ගේ වෘෂණ කෝෂ වලට දැඩි බලපෑම් ඇති වෙන බව ඇතැම් විද්‍යාඥයෝ පවසනවා. ඒ වගේම ජංගම දුරකතනය කමිස සාක්කුවේ දාගැනීමෙන් තමන්ගේ හදවතට ද බලපෑම් එල්ල විය හැකි බව විද්‍යඥයෝ පවසනවා.

    මීට අමතරව ඔයා කුලීරථ වල ගමන් කරන කොට වගේම කැෆේ (Cafe) වලදිත් එහි ඇති චාජර් මගින් ජංගම දුරකතන ආරෝපණය කරන්න හිතනවා නම් එක දෙපාරක් හිතන්න ඕනේ කාරනයක්. මොකද මේ නිසා ඔබේ ජංගම දුරකතනය හැක් (Hack) වීමේ සම්භාවිතාවටක් තියෙනවා. ඒ නිසා යන යන තැන පවර් බෑන්ක් ( Power Bank) එකක් අරන් යන එක තමන්ගේ ඇගට ගුණයි. ඒ වගේම සමහර වෙලාවල් වලට ජංගම දුරකතනය වැඩි වෙලාවක් භාවිතා කරන කොට එය රත් වෙනවා වගේ ඔයාට දැනිලා ඇති. ඒ වෙලවට නම් කීයටවත් ජංගම දුරකතනය චාජ් (Charge) කරන්න උත්සහ කරන්න එපා. ඒ වගේම හැම වෙලාවෙම ජංගම දුරකතනයේ තිරේ (Screen) දිහා බලන් ඉන්නත් හොද නැහැ.

    රාත්‍රියට මේ ජංගම දුරකතන වලින් නිකුත් කරන ආලෝකයට ඇස් නිරාවරණය වීමෙන් විවිධ ආබාද රැසක් හට ගන්න පුලුවන්. මේ ආලෝකය නිසා අපේ ශරීරයේ නිෂ්පාදනය වන මෙලටොනික් කියන හෝමෝනයට දැඩි බලපෑම් එල්ල වෙනවා. විද්‍යඥයින් පවසන ආකාරයට මෙලටොනික් වලින් තමයි අපගේ සිරුර සන්සුන් කරලා නින්ද සදහා සිරුර සූදානම් කරන්නේ. කොච්චර භායානක ප්‍රතිථල තිබුනත් අද වෙනකොට ජංගම දුරකතනය කියලා කියන්නේ අත්‍යාවශම භාණ්ඩයක් ඒ නිසා වර්තමානය වන විට එක්තරා ආකාරයක ඇබ්බැහි වීමක් විදියටත් හදුන් වන්න පුලුවන්.

    අද වෙනකොට කුඩා දරුවන් අදික ලෙස මේ සදහා ඇබ්බැහි වීමක් වෙලා තියෙනවා බලාගන්න පුළුවන්. කෙසේ හෝ උගත් බුද්ධිමත් දෙමාපියන් හැකි තරම් තමාගේ දරුවා දුරකතනයෙන් ඈත් කර තියන්න කටයුතු කරනවා. උදාහරණයක් විදියට දැනට ලෝකයේ තුන්වන කෝටිපතියා වන ඒ වගේම වසර ගණනාවක් ලෝකයේ සිටි බිල් ගේට්ස් හදුන්වන්න පුළුවන්. ඔහු තමන්ගේ ළමයින්ට වයස අවුරුදු 14ක් වන තෙක්ම ජංගම දුරකතනය භාවිතයට අවසර දුන්නේ නැහෑ. ඒ වගේම එංගලන්තයේ රාජකීය දරුවන්ටත් ජංගම දුරකතන භාවිතයට අවසර දීලා නැහැ. එකට විද්‍යාත්මක හේතු රැසක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්.

    ජංගම දුරකතන වලින් නිකුත් කරන විද්යුත් චුම්භක තරංග නිසා වැඩිහිටියනට වඩා කුඩා දරුවගේ මොලේට හානී සිද්ද වෙනවා එකට හේතුව තමයි ඔවුන්ගේ හිස්කබල වර්ධනය වී නොතිබීම සහ තුනී වීමයි. ඒ වගේම කුඩා දරුවන්ගේ ඇස් තාම වර්ධනය වී නැති නිසාත් විශාල හානීයක් සිද්ධ වෙනවා. මේ පෝස්ට් එක කියවන ඔයත් තාත්තා කෙනෙක් හරි අම්මා කෙනෙක් හරි නම් මොහොතක් කල්පනා කරලා බලන්න ඔයා කොච්චර තමන්ගේ දරුවා කොච්චර වෙලා ජංගම දුරකතනයේ ඉන්නවද කියලා.

    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

    Original Article Click Here
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    Screenshot_2021-02-15-08-45-54_copy_720x1077.jpg
     
    • Wow
    • Like
    Reactions: netudara and NRTG

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    wife laga nathuva nida gath avastha thiyanava ona tharam e unata 2004 idala ada venakam phone eka nathuva nida gena na. aththatama api adaraya karanne phone ekatada kiyalath hithenava mehema hithathdi
     
    • Like
    Reactions: netudara

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,786
    5,768
    113
    පිස්සු කතා බන්. මම පැය ගනන් 20 kW විතර ටාර්න්ස්මීටර් ළඟ ඉදලා තීයනවා. මුකුත් දැනේන්නේවත් නැහැ.
     
    • Like
    Reactions: netudara