පෙම්වතියන් types...

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113

    1. කුළුඳුල් පෙම්වතිය
    මේ ඔබගේ ප්‍රථම පෙම්වතියයි. ජීවිතයට අමතක නොවන මතක රැසක් හිමිකරදුන් තැනැත්තියකි. කෙසේවෙතත් මැය සමඟ ඇතිවන ප්‍රේම සම්බන්ධතාවය කෙලවී වී යාමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩිය. එහෙමත් එකෙක් දිගටම අල්ලාගෙන සිටීමට සමත් වේ. පසුකාලීන ප්‍රේම සම්බන්ධතාවලදී මැය නිසා කොල්ලාට බොහෝ ප්‍රශ්න කරදර වලට මුහුණ පෑමට සිදුවේ. විශේෂයෙන්ම අරකි මේමයි තමුසෙ මේමයි, ඒකි ඕම කලේ නෑ වගේ නානාප්‍රකාර දේවල් නම් අනිවාර්යෙන් ඇසීමට සිදුවේ. කෙසේ වෙතත් සුන්දර එකියකි.

    2. ලොකුසීන් පෙම්වතිය
    ඉන්නේ අලි පුකෙංය. කොල්ලා මැයගේ පස්සෙං ගොස් මැයව සෙට් කරගත් නිසා ඔහුටද ගොබ්බා සේ ඉඳීමට සිදුවේ. පෙම්වතා කිසියම් අවස්තාවක ලොකු සීන් එකක් දැමීමට යන විට ' මම නෙමෙයිනෙ, තමුසෙනෙ මගෙ පස්සෙං ඇවිත් යාලු උනේ ' මැයෙන් අසාගැනීමට සිදුවේ. හිනා වෙන්නේ අඩුවෙනි කොල්ලා පස්සෙන් ආ නිසා ඌ තමාට ඔන ආකාරයට සිටිය යුතු යැයි සිතයි එමෙන්ම රෑකඩයක් මෙන් නැටවිය හැකි යයිද සිතයි. ඉතාමත් කෙටිකාලීන සම්බන්ධතාවක් ඇති පෙම්වතියකි.

    3. සන්තාප පෙම්වතිය
    මැය සමඟ ඉතාමත් ප්‍රවේසමෙන් කටයුතු කල යුතුවේ. සුළු දෙයින් පවා කම්පනය වී දොම්නසට පත්වී කඳුළු සලයි. හාවියන් වැනිය. මුහුනේ හිනාව අල්පය. සියුමැලිය. ශරීරය සීතලය. හිත බොහෝ දුරට තරමක් හොඳය. එතරම් විනෝදකාමී නොවන අතර හුදෙකලාවට පෙම්කරයි. තේරුම් ගැනීමට තරමක් අපහසුය.ඉතා කුඩා සිදුවීමකට උවද සංවේදී වේ. බොහෝ සෙයින් අඬා වැටේ, සතුටින් සිටිනවාට වඩා කාලයක් දුකෙන් කල්පනා කරමින් හඬා වැලපේ.

    4. ලෙඩ පෙම්වතිය
    ලෙඩ පෙම්වතියන් දෙයාකාරයක් වේ. කොටසක් ඇත්තටමය අනෙකුන් පොයියට ලෙඩය. ඇත්තටම ලෙඩ උන් නම් පවුය. කෙසේ වෙතත් දෙපිරිසම අවුරුද්දේ වැඩි කාලයක් රෝගී තත්ව වලින් පීඩා විඳිමින් කාලය ගෙවයි. ආතල් දැමීමට පෙම්වතාට අවකාශයක් හිමි නොවන අතර එසේ යැයි කියා පෙම්වතියව හැරයාමට තැත් කලහොත් කිසිදු හිතක් පපුවක් නැති අසමජ්ජාතියෙකු ලෙස විරුදාවලී ලබන්නට ඔහුට සිදුවේ. පොයියට ලෙඩ වෙන උන් නම් කැනීම් අංශයේය මැනික් හාරන්නාක් මෙන ඔබේ පොකැට්ටුවෙන් නානාප්‍රකාර ලෙඩ වලට මුදල් අදී. බොහෝ විට පිලිකා හො හදවතේ සිදුරක් සහිතවේ.

    5. නොදුටු පෙම්වතිය
    පෙම්වතා මැයව සියැසින්වත් රූපරාමුවකින්වත් දැක නැත. අන්තර්ජාලය මගින් හෝ දුරකතන මාර්ගයෙන් දෙදෙනා ප්‍රේම සන්නිවේදන කටයුතු පවත්වාගෙන යයි.
    මුණ ගැසීමට ආරාධනා කලද එම ආරාධනා කිසිවක් පිලිගන්නේද නැත. බොහෝ විට කොල්ලාව ගොනාට අන්දා ව්‍යාජ ලෙස තවත් කොල්ලෙකු විසින්ම පෙම්වතියක් සේ රඟපා බයිට් කරනවා විය හැකිය. බොහෝ පාසල් සිසුන් සිසුවියන් අතර ජනප්‍රිය පෙම්වතියන් වර්ගය, මූලිකම අරමුන ඩේටා කාඩ් හා රීලෝඩ් වේ..

    6. නිශාචර පෙම්වතිය
    සෙට් කරගන්නටනම් එපාය. බැරි වෙලා හෝ යාලු උවහොත් පෙම්වතාට නිදාගැනීමට සිදුවන්නේ නැති ය. රාත්‍රී ගෙවී ගොස් පසුදා පහන් වන තුරුම පෙම්වතා සමඟ සංවාදයේ යෙදෙයි. ජංගම දුරකතනයේ night time package සක්‍රීය කරගෙන ඇත. Hutch සිම් එකක් භාවිතා කිරීමට වැඩි ඉඩකඩක් ඇත. වැඩක් නැති එකෙකුට මිස අනෙක් කිසිවෙකුට පෙම්වතිය කරගැනීමට යෝග්‍ය නොවේ. දවල් දවසේම නිදා ගන්නා පෙම්වතියක් වන අතර ගීත ඇසීමට බොහෝ ස් ප්‍රිය කරයි. බොහෝ විට පැරනි පෙම් සබදතාවක් බිද වැටීම නිසා තවමත් අවුලෙන් සිටී.

    7. ෆ්‍රීඩම් පෙම්වතිය
    පවුල සමඟ සම්බන්දතාවය දුර්වලය. මැය වටා ඇති වැට ඉනි බාධක ඉතා අඩුය. පහසුවෙන් ලඟා විය හැකි ඉලක්කයකි. කියන දේකට නොපැකිලව මනාපය දෙයි. නමුත් මැය සමඟ කාලය ගතකිරීමට මිල මුදල් මනාව උවමනා වේ. පරම්පරාවෙන් උරුම වතු පිටි දේපල හෝ යාන වාහන නොමැති අයෙක්නම් මෙවැනි පෙම්වතියක් සොයා නොගත්තාට කම් නැත. සොයා ගත්තත් මුදල් පසුම්බිය පුරවාගෙන සිටීමෙන් සම්බන්දතාව පැවැත්වීමේ කාලය දිගු කර ගත හැක.

    8. දෙමාපිය පෙම්වතිය
    ගමන් බිමන් මව හෝ පියා සමඟ ය. නිදාගන්නේ මවගේ කාමරයේය. ආහාර පාන කැවීම පෙවීම, කක්ක දැමූ පසු පස්ස සේදීම ආදී සියලු කටයුතු සිදුකරන්නේ දෙමව්පියන් විසිනි. හදිසි අවස්තාවක උව දුරකතන ඇමතුමක් ලබාගතහොත් ‘ අම්ම ලඟ ඉන්නව දැං කතා කරන්න බෑ ' කියයි. මෙවැනි පෙම්වතියක් සමඟ කල් ගෙවීමට නම් ඔබට මනා ඉවසා දරා ගැනීමේ හැකියාවක් තිබිය යුතුය. එමෙන්ම කසාද බැදීමේදී ටූ ඉන් වන් ලෙස දූ සමග අම්මාද කසාද බැදීමට සිදු වන අතර දෝනිට ඩිස්ටි ඩිඩිං කිරිමටත් නැන්දම්මාගෙ ඇපෘවල් ලබා ගැනීමට සිදු වේ..

    9. ලිංගික පෙම්වතිය
    යාලුවීමට පෙර හදුනාගත නොහැකිය, යාලු වූ මුල් කාලයේ ද හදුනාගත නොහැකිය, හැන්දැ සමයම පටන් ගන්නේ පලමු සෙක්ස් චැට් එකෙන් පසුවය, මුලදී ඉයා චීකා කියයි කල් යත්ම යත්ම ඇය ඒ සදහා වඩාත් උනන්දු බව පෙන්වයි. ඉන්පසු දේ ගැන කිසිවක් නොලියයි සිතා ගැනීම ඔබට බාරයි, නමුත ආදරයේදි දැකිය හැකි ඉතාම සිත්ගන්නා සුලු පෙම්වතියකි ඔබව ඇඩික්ට් වනු නියතය, ආදර කාලය ඉතාම සුන්දරව ගත කල හැක නමුත් පොකැට්ටුවට තට්ටු වීම ඉතා අසුන්දර විය හැක.

    10. අමද්‍යප පෙම්වතිය
    තරමක් සැර එකියකි. පරුෂ වචනද දනී. මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව විරුද්ධය. එසේ උවද මැයට සෙට් වන්නේම අමු බේබද්දන්‍ ය. සෙට් කරගත් පසු ඔහුට නානාප්‍රකාර කරදර බාදක හින්සා පීඩා තර්ජන වලට මූණ පෑමට සිදුවේ. බාදක මැඩගෙන ගේම ගසන උන් බහුතරයක් මැද මැය වැන්නියන් නිසා මත්ද්‍රව්‍ය සටන අතහැර සිරිමත් වැනි යහපත් දරුවන් වන පෙම්වතුන්ද සිටියි. සිරිමත් මගෙ සකි දැන් යහපත් ලමයෙකී.

    11. පම්පෝරි පෙම්වතිය
    නැති දෙයක් නැතිය, නොදන්නා දෙයක්ද නැතිය. සෑම දෙයින්ම අග තැන්පත්‍ ය. හැම දෙයකම හොඳම ඒවා ඇත්තේ ඇගේ පවුලේ උන්ටය. උන් බෙට්ටක් දැම්මත් එයද ඉස්තරම් ය. මැයගේ පම්පෝරියේ අයුරට කසාදයක් කරගන්නවානම් ඇයට ගැලපෙන්නේ ඩිකැප්‍රියෝ වැනි එකෙකි. පෙර ආත්ම වල පාපකර්ම සිදුකල පුද්ගලයන්ට සෙට් වේ. අනුන්ව පහත් කොට කතා කරයි, ඔනෑම දෙයකට ඇයට පිලිතුරක් හා අත්දැකීමක් ඇත, ඒවායේ සත්‍යාසත්‍යතාවය දන්නේ දෙවියන් පමණි.

    12. සංවත්සර පෙම්වතිය
    එක්තරා ආකාරයක බෝම්බයකි. අහු උනොත් කුඩු ය. අති විශිෂ්ට ඝණයේ මතක ශක්තියක් ඇති එකියකි. බෙල්ල පලමුව සිපගත් දිනය, දෙදෙනාම එකට ලැට් එකට ගිය දිනය, මංගල බොක්ස් චිත්‍රපට දර්ශනය ආදී එකී මෙකී නොකී දහසක් දින වකවානු ඔලුවේ තබාගෙන ඒවා සැමරීමට අවශ්‍ය යැයි මැසිවිලි නගයි. ' බබා ඔයාට මතකද අද දවස මොකද්ද කියලා ? ' යන්න නිතර දෙවේලේ උදේ පාන්දරට අසනා පැනයකි. මාසයෙන් මාසයට ඇනිවසිරිය, පලමු මස ඇනවසරිය දෙවනි මස ඇනිවසරිය මෙන්ම පලමු සති ඇනිවසිරියද ඇත, බොහෝ සෝභන කාරියෙකි. මේ කිසිවක් මතකයේ තබා නොගන්නා පෙම්වතා ඉතාමත් අභාග්‍යසම්පන්න ඉරණම් වලට ගොදුරු වේ.

    13. ෂොපින් පෙම්වතිය
    ඉතා සුලබ සත්ව විශේෂයකි. බොහෝ විට හොඳ සල්ලිකාරයෙකු සමඟ සෙට් වේ. ඉතින් එදා පටන් සතියට අවම හතරපස් වතාවක්වත් කඩසාප්පු වන්දනාවේ යෙදෙයි. පෙම්වතාව ඉතාමත් චාටුවෙන් හා ප්‍රීතියෙන් තබාගැනීමට ගුප්ත හැකියාවක් ඇත. පෙම්වතා මොක කෙරුවත් කිසිවිටෙක බනින්නේ නැත. ඒ ඇයගේ දීමනා කපාහරී යැයි බියෙනි. කෙසේ වෙතත් මැය වැන්නියක් සෙට් උවහොත් ජංගියේ සිට නියකටර් එක දක්වා ඇයට අවශ්‍ය සියළුම දේ ඔබටත් නොදැනී ඔබගෙන් ගලවාගනී. තනිකරම දඩු අඬුවකි ගැලවී යනු වානා ය.

    14. විචිකිච්චා පෙම්වතිය
    සෙට් ඌවොත් සැනසිල්ල සහමුලින්ම නැතිවී චුත වී බොක වී වියැකී යයි. ඔබ මොක කෙරුවත් සැකය. කුමක් පැවසුවත් ඇය සිතන්නේ ඔබ ඇයට වංචාවක් බොරුවක් කරනවා කියා ය. හැබැයි පුතේ ඔබේ අල්පෙනිත්තක තරම් හෝ වැරැද්දක් ඇය සොයාගත්තොත් එදාට ඔබට බඩු බනිස් ය. මේ සම්බන්දතාවයේදී ඔබට ප්‍රේම කිරීමට වඩා තර්ක කිරීමට සිදු වේ.තර්ක.කිරීමට වඩා බැනුම් ඇසීමටත්,බැනුම් ඇසීමට වඩා කච කචේ ආසා සිටීමටත්,ඊටත් වඩා ගැස්සිලි පිප්පිලි රැවිල ගෙරවිලි විඳපදරා ගැනීමටත සිදු වේ.

    15. බඳිනකල් බෑ පෙම්වතිය
    තම ආත්මගරුත්වය පිලිබඳ නොසෑහෙන හිතනා පෙම්වතියකි. ඔබ මොන දේ කිරීමට අවැසි යැයි පැවසුවද ඇය කියනුයේ බැන්දට පස්සෙ කරමු කියාය. කොටින්ම කෙටි පණිවිඩයකින් ආදර හාද්දක් එවීමටද ඇයට හැකියාවක් පවතින්නේ කසාදයෙන් පසුවය. ඔබටත් කසාදය තෙක් පතිවත රැකිමට අවැසිපනම් මෙය ඉතාම ගැලපේ. ඒත් බාගදා ඊට හේතුව පෙම්වතා පිලිබඳ පවතින සැකය විය හැකිය. අනුන්ගෙ වරදට දඩුවම ඔබට බදීමට සුදු වේ. කෙසේ වෙතත් විවාහය තෙක් ඇය සමාජයේ සිටිනා වෙනම ගැහැණියක් හා ඔබ වෙනම පිරිමියෙකි.

    16. FCID පෙම්වතිය
    පුතේ සෙල්ලම් කරන්නටනම් හදන්න තියා හිතන්නවත් එපාය. යටිකූට්ටු ගේම් විශාරද පෙම්වතියක් ය. තමන්ගේම යහලුවෙක් ලවා ආදර ලීලාවෙන් තම පෙම්වතාට පණිවුඩ යවා ඊට ඔහුගේ ප්‍රතිචාර බැලීම ප්‍රසිද්ධ උපක්‍රමයකි. දෙයියනේ කියා මැයවැන්නියන්ට සෙට් වන්නේද එවැනි ගෝත වැඩ වලට පටස් ගාලා හසුවන බූරුවන් ය. එදාට ඉතිං සදා සොත්ති ය. කුණ බැනුම් ඇසීමට සිදුවේ. සිංහල භාශාවේ සියලුම ශුද්ධ වචන එකම තැනකින නොමිලයේ ලබා ගත හැක. වඩා අවාසනාවන්ත දේ වන්නේ ඇය ඔබ ගැන තොරතුරැ ලබා ගන්නා මූලාශ්‍ර කවදාවත් ඔබට සොයාගත නොහැකි වීමයි.

    17. බොලඳ පෙම්වතිය
    ලව් කිරීමට නම් අගනේය. හරිම ගොං ය. සාමාන්‍ය දැනීම බිංදුවකි. සත පහක සමාජ අවබෝධයක් නැති ය. මවක සේ පියෙකු සේ සෑමදේම ඔබ විසින් පහදා දිය යුතුය. එසේ පහදා දුන් පසු ඔබටද ඇර වෙනකෙකු හා යෑමට ඉතා ඉහල සම්බාවිතාවක් ඇත.බහුල ලෙස සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොත් කියවයි, ඒවායේ සිටින කොල්ලන් කෙල්ලන් මෙන් ආදරය කිරීමට සොයයි, ප්‍රවේසමෙන් ගනුදෙනු කිරීම මැනවි.

    To be continued...
    #Copied







     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    18. ධාර්මික පෙම්වතිය
    ඉතාමත් සංවරය විනයගරුකය ප්‍රියමනාපය. ඔබට ඔබගේ ජීවිතයට නොමනා අවවාද අනුශාසනා නිරන්තරයෙන් පාහේ ලබාදේ. දැඩි මතදාරී ඇත්තියකි. පන්සලට පල්ලියට කෝවිලට පෙම්වතාද කැටුව යයි. ලිංගිකත්වය වානාය ඒහි ආදීනවත් එවැනි දෑ කිරීමෙන් පසු නිරයේ උපදින ආකාරයත්, මරනින් පසු ලැබෙන අමනුස්ස ආත්ම ගැනත් ඔබට පවසනු ඇත, බොහෝ විට හතමහ මෙවුනා අසපුව කාරා නිතරම යයි, විවිද විවිද පුද්ගලයන්ගෙ පෙර ආත්මයේ කල පවු වැඩ ගැන කීමට මනා හැකියාවක් ඇත, ඉතා සංවර, ධාර්මික ජීවිතයක් ගත කිරීමට කැමති ඇත්තන්ට වටී.

    19. පටිපාටිගත පෙම්වතිය
    සෑම ක්‍රියාවක්ම සිදුකරන්නේ කාල වකවානුවකට අනුව පටිපාටිගතවය. සෙට් වනවානම් ඔබගේ ටයිම් මැනේජ්මන්ට් අංශය ඉතා ඉහළ ස්තානයක තිබිය යුතුය. දවසේ සෑම වෙලාවකම ආදරය නොකරන අතර කාලසටහනකට අනුව යොදාගත් වේලාවන්හීදී පමණක් පෙම් සුව විඳීමට හැකිය. කාලය කලමනාකරනය කිරීමේ වගකීම ඔබේ වන අතර එය චෙක් කිරීමේ වගකීම ඇය සතුවේ. විනාඩියක් එහෙ මෙහෙ ඌවොත් අබ සරනය.

    20. අන්දොස් පෙම්වතිය
    ඇයද ඔබට ලව් ය, ඔබද ඇයට ලව් ය, දෙදෙනාම සෙට් වීද සිටින්නේ ය. නමුත් ඔබ දෙපලට කතා කිරීමට හෝ මුණ හැසීමට හෝ පණිවුඩ හුවමාරු කරගැනීමට කිසිදු හැකියාවක් නැත. දෙදෙනා දෙපසකට වී අර මගේ එකා යැයි පවසමින් ඔහේ වාසය කරයි. බොහෝ විට අමතර පංති වල මෙවැනි පෙම්වතියන් බහුලව වාසය කරයි.

    21. සමාජ මාද්‍ය පෙම්වතිය
    රිලේශන්ශිප් ඉස්ටේටස් දමා, යන එන සෑම තැනකදීම යුගල චායාරූප ගෙන, ඒවා ප්‍රසිද්ධ මාද්‍යට මුදාහැර ලෝකයාට ෂෝ දැමීමට මෙන් ආදරය කරයි. බොහෝ විට මැය එසේ හැසිරෙන්නේ මැයගේ පරණ පෙම්වතෙකුට රිදවීමට හෝ මැයගේ යහලුවන්ට ඊර්ශ්‍යා සිතීමටය. ඇය එසේ සිතුවත් අනෙකුන් ඒවා පඩේකට මායිම් කරන්නේ නැත. සමාජයට විහිළුවකි. මිතුරන්ටද විහිලුවකි, කිසිවෙකු මොවුන්ව පඩේකට මායිම් නොකරන අතර. බූට් කෑ පසුද බූටි පෝසට් ශෙයා කරමින් දුක පවසමින් අනුකම්පාව ලබා ගැනීමට උත්සාහ කරයි.

    22. රිලේශන්ශිප් ගෝල්ස් පෙම්වතිය
    එක හා සමාන යුගල ඇඳුම්, යුගල හිස් වැසුම්, යුගල දත් බුරුසු ආදී නොයෙක් බහුබූත දේ යුවල බාවිතා කරයි. එය ඇයට ෆුල්ම ආතල් එකකි. මීට් වීමට පැමිනෙන්නේද දෙදෙනාම එකම වර්ණයෙන් යුත් සළුපිලි වලින් සැරසීමෙන් ය. රැල්ලට සුද්දන් සිදුකරන සෑම පුකක්ම තම පෙම්වතා හා අත්හදාබැලීමට අවැසි එකියකි. ජීවිතයට සුන්දර මතකයන් රැසක් එකතු කරනා පෙම්වතියකි. සුන්දර ආදර මතක සටහනක් විය හැක.

    23. ඩබල් ගේම් පෙම්වතිය
    ( නම කියූ සැනින් ඔබට අවබෝධයක් එතැයි සිතමි. එනිසා අදහස් ප්‍රකාශයෙන් වැලකී සිටිමි. )

    24. වියදම් පෙම්වතිය.
    සෙට් කරගන්නවානම් බඩු මේවාය. පෙම්වතාගේ සෑම දෙයටම නොපැකිලව ලොස් නැතුව වියදම් දරන්නීය. ඇඳුම් පැලඳුම්, පංති ගාස්තු, රීලෝඩ් එකේ පටන් බස් ටිකට් එක දක්වා සියළුම වියදම් පිරිමහන්නේ මැය විසිනි. එලකිරි කෙල්ලන් ය. මැරිලාත් පැයක් ආදරේ සිතේ.

    25. බේබදු පෙම්වතිය
    තවත් එක්තරා ආකාරයක එලකිරි පෙම්වතියන් විශේෂයකි. වර්තමානයේ බහුලව දකින්නට හැකියාව ඇත. දුම් පානයේදී ඩන්හිල් පමණක් බොයි. වයින් බීමට වැඩි කැමැත්තක් දක්වන අතර බියර් ද බොන උන් සිටියි. බේබදු පෙම්වති තනතුරේ උපරිමේටම පිය නැගූ පෙම්වතියන් ගල් අරක්කු උව පැකිලීමකින් තොරව භාවිතයට ගනියි. ජීවිතේ ආතල් සොයනා උන් ය. ඔපන් මයින්ඩඩ් ය.

    26. ට්‍රැවලිං පෙම්වතිය
    ඔබට වාහනයක් හෝ තැපැල් නයින්ටියක්වත් නොමැතිනම් සෙට් කර නොගත්තාට කමක් නැතිය. ට්‍රැවලිං ඊස් ලයිෆ් ය. ඔබට ආදරේ කරන්නේ ට්‍රැවලිං වලට පසුවය. සති අන්තයේ කොහේ හෝ දුර ඈත පලාතක අස්සකට රිංගීමට අවශ්‍යය. ඔබ ඇයගේ අවශ්‍යතාවය ඉටු කිරීමට අපොහොසත් උවහොත් හැකි එකෙක් සොයාගෙන ඇය සංචාරය කරයි. සංචාරයට ආදරය කරන අතර විවිද ආදරයනි අතරද සංචාරය කරයි.

    27. මෝටිවේශනල් පෙම්වතිය
    හොඳ එකියන් ය. ජීවිතේ නස්පුක් වන අයුරින් කෙලවාගත් උන් සමග සෙට් වේ. පසුව ඔවුන්ට අවවාද අනුශාසනා ලබාදී ඔවුන්ගෙ ජීවිතය සාර්ථකත්වය කරා ලඟාකරගැනීමට වෑයම් කරයි. එය ඇයට ආත්ම තෘප්තියකි. සෙට් වී ගොඩ යන උන් සේම සෙට් වී මැයටද යනේන මං නැති කරන සුපිරි ඩයල් සිටී. එලකිරි කොල්ලන්ය.

    28. තරහ පෙම්වතිය
    දවසට හත් අට වරක් වත් වලියක් දාගනියි.ගේම ඉල්ලා තරහා වීම ඇයගේ ආතල් එකයි.එසේ නොවන දවසක් තිබුණහොත් එය ඇගේ ජීවිතයේ අසම්පූර්ණ දවසක් සේ දැනෙයි. පෙම්වතාටත් මෙය හුරුය. සම්බන්ධතාවය දීර්ඝකාලීන එකක් දක්වා ගමන් කිරීමට වැඩි ඉඩකඩක් ඇත.

    29. ඉංග්‍රීසි පෙම්වතිය
    අපේ අම්මේ අහලකින්වත් යන්නට එපා ය පඩ ෂෝ ලෝකයකි අහන්නේ ඉංග්‍රිසි සින්දු ය. කන්නේ නම් දැරූ තැන්වලිනි. සරලකම ලැජ්ජාවක් සේ දකියි. අනවශ්‍ය ලෙස ඉංග්‍රීසි භාෂාව භාවිතා කරයි. ඉතා ශබ්දනගා පිරිස ඉන්නා තැන්වලදී කතා කරයි.වටේ ඉන්න මිනිසුන් "මේ මොන හුත්තක්ද" ආකාරයේ බැලුම් හෙලයි. වලියක් ගිය පසු පෙම්වතාට බනින්නේද ඉංග්‍රීසියෙනි. "යු නො බබා. අයි රියලි හේට් ඉට් බබා. ප්ලීස් ලීව් මි එලෝන්" ගගා පෙම්වතාට නිතර පාහේ තපලයි.

    30. තහංචි පෙම්වතිය
    ඔබත් සමග සෙට් වන්නේ නීති රීති හා රෙගුලාසි මාලාවකට ඔබ ඔබගේ අවනතභාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. එතැන් පටන් ඇගේ කීමට ඔබට නටන්නට සිදුවනවා ඇත. ඇයට අවැසි විට එම නීති ඇයට වාසිදායක ලෙස සංශෝධනයන්ට භාජනය කරයි. සෙට් වුණා යනු ඔබ හිරේ විලංගුවේ වැටුනා හා සමානය. ඈත්වී සිටීම යෝග්‍ය ය.

    31. මනෝ පෙම්වතිය
    මැය කොල්ලෙකුට ලව්ය. එම කොල්ලාද මැයට ලව් ය. එහෙත් දෙදෙනාට දෙදෙනා තවමත් එකිනෙකාට අදහස් හුවමාරු කරගෙන නොමැති නිසා දුරින් හිඳ සිතින් පමණක් පෙම් කරයි. වෙන එකෙක් හා සෙට් වන්නේද නැතිය. බොහෝ විට අවසානයේ ආදර කතාව ගොළුවතින්ම නිමවී යයි. සමාජය තුළ වැඩියෙන්ම පාමහේ දැකින්නට ලැබෙන පෙම්වතියන් කොටසකිමි.

    32. මනඃකල්පිත පෙම්වතිය.
    මැයි 100ක් අවන්ක වේ, 100% හොද පෙම්වතියකි. පෙම්වතාව හොද පාරට ගිනිමින් ඔහුට යහපත් දේ කරමින් ආදරයේ නාමයෙන් කිසි දිනක බොරුවක් වංචාවක් නොකරයි. සියලු දේ තම පෙම්වතාට පවසයි, සිතුවිල්ලෙන් වත් වෙනත් පිරිමියෙක් ගැන නොසිතන අතර, හැම විටම තම පෙම්වතාගෙ යහපත හා විවාහ ජීවිතය ගැනම සිතයි, රාග සිත් නොමැත. බොහෝ නවකතා පොත් වල ඇත, ගොඩක් පෙම්වතියන් සිතන්නේ තමනුත් මෙම ගනයේ පෙම්වතියක් යැයි කියාය. නමුත් අවාසනාවට මෙම පෙම්වතියන් වර්ගය දැනට ලෝකයේ නැත.

    33. රැවුල් හා උස පෙම්වතී
    රැවුල තියන කොල්ලෙක් නම් හා අම්මේ, උස කොල්ලෙක් නම් හා අම්මේ යැය් පවසමින් පෝස්ට් දමයි. උන්ට රැවුලයි උසයි ඇත්තම් අහවල් අවයවේ නැති උවද කම් නැ, මෙහි සමාන තවත් කොට්ටාසයක් ඇත. එවුන් හොයන්නේ හොද රස්සාවක් හො ලස්සන උන් පමනකි, ඩොකෙක් ඉංජෙක් උවත් කම් නැත. හැන්ඩ්සම් නම් බැදපු එකෙක් උවද කම් නැ. බොහෝ විට කසාද බැද දික්කාසාද පෝලිමේ ඇත්තේ මෙවැනි පෙම්වතියන්ය.

    34. සාමාන්‍ය පෙම්වතී.
    ඉහත සියල්ලන්ගේම සම්මිශ්‍රණය වේ. මැය හා සමග පවුල් කෑ හැක.

    #Copied
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    IMG-20201012-WA0000.jpg
     
    • Like
    Reactions: Night Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    yako eka husmata kiyewwa, liyapu eka serama hariyata liyala thiyanawa,
    kiyawana kota hinawa nawaththa ganna beruwa 3n serayak office eke banum ahuwa
     
    • Like
    Reactions: Night Rider