ජංගම දුරකථනයේ රහස් රැකගන්නේ මෙහෙමයි

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ජංගම දුරකථනයේ රහස් රැකගන්නේ මෙහෙමයි

    ජංගම දුරකථනයට ඇතුළුවීම සඳහා Screen lock එකක් යෙදීම යෝග්‍ය බවත් ඒ සඳහා ඉලක්කම් කීපයකින් යුතු රහස් අංකයක් (Security code) භාවිත කිරීම සුදුසු බවත් සඳහන් කරමු.

    සමාජජාල වෙබ් අඩවිවලට හෝ විද්‍යුත් තැපැල් ගිණුම්වල (facebook, email) මුරපද මතක තබා ගැනීම සදහා ජංගම දුරකථනයේ සටහන් කිරීම නොකළ යුත්තකි.

    මීළඟට භාවිත කළ ජංගම දුරකථනයක් අළෙවි කිරීමේදී එය Reset කිරීම හෝ ''Factory Default'' තත්ත්වයට පත් කිරීම කළ යුතුය. පින්තූර, වීඩියෝ දර්ශන, කෙටිපණිවිඩ මකා දැමීම ඔබගේ අනන්‍යතාව ආරක්ෂා කර ගැනීම සඳහා කිසිසේත් ප‍්‍රමාණවත් නොවේ. Factory Default තත්ත්වයට දුරකථනය පත්කිරීම මඟින් එය නිෂ්පාදනය කළ විගසම පැවති තත්ත්වයට පත් කළ හැකිය.

    එසේම මතක ගබඩාවක් (Memory chip) තිබේනම් එය ඉවත් කර අලෙවි කිරීම සුදුසුය.

    මේ සියලූ දේ වගේම දුරකථන සහ පරිගණක අලූත්වැඩියා කරන ස්ථානවලට භාරදෙන විට විශ්වාසවන්ත ස්ථානයකට භාරදීම සුදුසුය. යම් විටෙක අලූත්වැඩියා කරන අවස්ථාවේදී කිසිවෙකු විසින් දුරකථනයේ හෝ පරිගණකයේ තොරතුරු සොයායාමට ඉඩ ඇත.

    ජංගම දුරකථතනය Bluetooth, Wifi නිතරම අනවශ්‍ය ලෙස සක‍්‍රිය (on) කර තැබීම සුදුසු නැත. ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයට (Smart phone) ඔබ විසින් මෘදුකාංග APPS) ස්ථාපනය කරන විට විශ්වාස ඒවා පමණක් ස්ථාපනය කළ යුතුය. යම් විටෙක ඔබ ස්ථාපනය කරන ලද (Mobile App) මෘදුකාංගයකින් එයට අදාළ නොවන ඔබගේ email හෝ සමාජජාලවල මුරපද (Passwords) විමසයිනම් එය ව්‍යාජ මෘදුකාංගයක් වීමේ හැකියාව ඇත.
    කිසිලෙසකත් සැකකටයුතු මෘදුකාංගවලට ඔබගේ වටිනා දත්ත ඇතුළු කිරීම අනතුරුදායකය. ඔබේ පෞද්ගලික අනන්‍යතාව වෙනුවෙන් හා ආරක්ෂාව වෙනුවෙන් තාක්ෂණය අවබෝධයෙන් හා නිවැරදිව භාවිතයට ගැනීම ඔබට පැවරී ඇති වගකීමක්ය.
     
    • Like
    Reactions: shaminda peiris

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ෆැක්ටරි රිසෙට් කලත් ඉන්ටර්නල් මෙමටි ඩේටා රිකවර් කරන්න පුළුවන් බන්
     

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    ෆැක්ටරි රීසෙට් කරත් ඩේට ගන්න පුලුවන් බන් මේ ලින්ක් එකට ගිහින් පොඩ්ඩක් කියවල බලපන්

    https://blog.avast.com/tag/smartphones/

    AVAST-Used-Smartphone-Infographic.jpg