ජංගම රතිඤ්ඤා

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
ගල්ගමුව පදිංචි උපාලි අමරසිංහ මහතාගේ ජංගම දුරකථනය රතිඤ්ඤා හඩට වඩා වැඩි ශබිදයකින් පුපුරා ගොස් තිබෙනවා.

ගල්ගමුව නගරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන්ද එතැන සිට ඇති අතර පිපිරීම හේතුවෙන් ඔහු ඇඳ සිටි කිලිසමද ගිනිගෙන ඇත. 51 හැවිරිදි ඔහුගේ පාදයක් හා අතක් ද එම නිසා පිලිස්සී ඇත.

ඔහු භාවිතා කර ඇති දුරකථනය වන්නේ Samsung GT E1085F ය

පසුගිය ජූලි 09 වනදා ගම්පහ ප්‍රදේශයේ පදිංචි රංග දුමින්ද නම් තැපැල් සේවයේ නියුතු පුද්ගලයාගේද සාක්කුවේ තිබියදී ජංගම දුරකථනය පුපුරා ගිනිගෙන තිබුණා.

එය සාක්කුවෙන් ඉවත්කිරීමට යාමේදී ඔහුගේ අතක්ද පිලිස්සී හදිසි අනතුරු අංශයට ඇතුලත් කර තිබුණා.

2011 වසරේ මාර්තු මාසයේ 04 වෙනිදා ආරෝපනය කරමින් තිබූ ජංගම දුරකථනයක් පුපුරා යාමෙන් පැළෑද මාහේන මංගලාරාම විහාරස්ථානයේ සංඝාවාසයේ කොටසක් විනාශයට පත්වුණා. ගින්න හේතුවෙන් හේතුවෙන් එහි තැන්පත් කර තිබූ චීවර මෙන්ම ඉතා ඉහළ වටිනාකමකින් යුතු පොත්පත් හා උපකරණ විනාශ වී තිබුනා.

2010 වසරේ ඔක්තෝබර් මාසයේ ජංගම දුරකථනයක්‌ පිපිරීම නිසා යාපනය චුන්ඩිකුලම් කඳවුරේ 19 හැවිරිදි සොල්දාදුවකුගේ ඇසක්‌ අහිමි වී තිබුණා.

මෙම ජංගම දුරකථනය ආරෝපනය කිරීම සඳහා විදුලි පේනුවට සම්බන්ධ කර තිබියදී පිටින් ඇමැතුමක්‌ පැමිණි නිසා මේ සොල්දාදුවා එයට පිළිතුරු දීම සඳහා දුරකථනය ඔසවා තිබුණා. ඒ අවස්‌ථාවේ ජංගම දුරකථනය පුපුරාගොස්‌ ඇති අතර පසුව සෙබළා යාපනය රෝහලට ඇතුළත් කර තිබුණා.

සෙබළාගේ ඇස්‌ දෙකටම හානි සිදුවී තිබූ අතර එක්‌ ඇසක්‌ සම්පූර්ණයෙන්ම අන්ධ වුණා.

දැනට ජංගම දුරකථන නිසා ලංකාවෙන් වාර්තාවෙන්නේ මෙම අනතුරු හතරයි.

නිෂ්පාදන තත්ත්වයෙන් බාල, ප්‍රමිතියෙන් තොර ලාභදායි ජංගම දුරකථන භාවිතා කිරීම මෙම අනතුරු වලට එක හේතුවක් වන අතර ඒවායේ භාවිතා වන කෝෂද ප්‍රමිතියෙන් තොරය. නමුත් ඉහත අනතුරේදී පුපුරා ගොස් තිබුනේ ප්‍රමිතියෙන් තොර දුරකථනයක් නොවේ.

ඇතැම් විට දුරකථනය හොඳ එකක් වුවද ඔහු භාවිතා කල බැටරිය ලාභදායි බාල වර්ගයේ එකක් විය හැකිය. අවුරුද්දක් දෙකක් පමන ජංගම දුරකථනයක් භාවිතා කරන විට එහි බැටරියේ දෝෂ ඇතිවෙන අතර බොහෝ දෙනා එවිට පෙළඹෙන්නේ වෙලඳපොළේ තිබෙන අඩුම මිලට ඇති බැටරිය දාගැනීමටයි. කිසිවෙක් එහි ගුණාත්මකතාවය ගැන සොයන්නේ නැත.

ආරෝපනය කිරීමට විදුලියට සම්බන්ධ කිරීමේදී ඕනෑම කෝෂයක් අධික ලෙස රත්වන ඇමතුමක් ලැබීමේදීද අධික විදුලි පරිභෝජනයක් වන නිසා රත්වීම තවත් වැඩිය.

ඕනෑම මාදිලියේ ජංගම දුරකතනයක් Radio Frequency Transmitter විශේෂයකින් සමන්විත වෙන අතර ඒවා ක්‍රියාත්මක වන්නේ රේඩියෝ සංඛ්‍යාත තරංග භාවිත කරමින්. ඒ නිසා සම්ප්‍රේෂණ කුලුන හා සම්බන්ධ වී පණිවිඩ හුවමාරු වනවිට පිටවන විකිරණ ශරීරයට හානිකර ඒවා බවයි පර්යේෂණවලින් තහවුරු වී තිබෙන්නේ.

ජංගම දුරකථන පමණක් නොව රේඩියෝ තරංග නිකුත් කරන ඕනෑම උපකරණයකින් මෙය සිදුවන්න පුළුවන් වන අතර බාල තත්වයේ දුරකථන ප්‍රමිතියෙන් තොර නිසා ඒවායේ තරංග පිටවීමද වැඩිවිය හැකි නිසා ඇමතුමක් ලබාගැනීමේදී එය මොලයට බලපාන ප්‍රමාණයද වැඩිය. ඇමතුමක් පැමිණෙන අවස්ථාවේදී එම තරංග වෘෂණ කෝෂ වලටද නිරාවරණය වීම නිසා මඳ සරු විමටද ඉඩකඩ වැඩිය.

සාක්කුවේ හැර වෙනත් තැනක දුරකථනය දමාගන යෑම ප්‍රායෝගික නොවන නිසා ජංගම දුරකථනය සාක්කුවේ දමාගන සිටිනවිට යතුරු පුවරුව තමන් දෙසට සිටිනසේ දමාගන යෑම මේ සඳහා එක විසඳුමකි.

පසුගිය වර්ෂ වලදී Nokia දුරකථන කිහිපයක්ද මෙලෙස පුපුරා ගොස් තිබුනා.

පසුගිය මැයි මාසයේ Galaxy S3 දුරකථනය නිකුත්වී මසකටත් අඩු කාලයක් යාමේදී Galaxy S3 දුරකථනයක් මේ ආකාරයටම රත්වී ගිණිගත් බවට එක්තරා වෙබ් අඩවියක් ජායාරූප කිහිපයක් පල කර තිබුණා.

එහි බැටරියට අනතුරක් වී නොමැති නිසා Quad-core processor එක රත්වීම නිසා මේ ආකරයෙන් ගිණිගත් බව බොහෝ දෙනා සැක පල කල අතර එය දුටු සැම්සුන් සමාගම විසින් එහි අයිතිකරුට කතාකර එම දුරකථනය ලබාගන පරීක්ෂා කර තිබුනා.

ඔවුන් එය මයික්‍රෝවේව් උදුනක දමා රත් කර Fire Investigations Report එකක්ද නිකුත් කර තිබුණා.
පසුව එම සිද්ධියට මුහුණපෑ පුද්ගලයා තම වරද පිළිගෙන තිබූ අතර ඔහු පවසා තිබුනේ දුරකථනය වතුරට වැ‍ටුනු නිසා එය සෑදීමට මිතුරෙකුට ලබාදුන් බවත් ඔහු විසින් එම වතුර ඉවත්කිරීමට මයික්‍රෝවේව් උදුනක දමා රත්කිරීමේදී මෙලෙස ගිණිගත් බවයි.

 

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    වටින තොරතුරු ටිකක් මචන්...:)
    09115e597def.gif
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කිසිම ප්‍රමිතියක් නැති චීන්නුන්ගේ ගූ ගොඩවල් කිසිම පාලනයකට යටත් නොකර ගෙන්නන්න දෙන එකේ ප්‍රතිපල තමයි ඔය.
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Ape minissu mulinma balanne labe. Quality nevei. Aduma gaanata thiyena battery thamai ganne. Rs. 450,400,350,300 ta thiyena battery china wala cost wenne Rs.100 wage mudalak thamai. Ithin hithala balanna evage qualitiya hoda weida kiyala. Mama phone shop owner kenek hinda wagakeemakin kiyanne.

    Api atta kiyala denna kochchara haduwat customer balanne labe. Athe mudal nathi eka nidahasata karunak nevei.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    චයිනීස් විතරක් නෙමෙයි හොඳ බ්‍රෑන්ඩ්ස් වල ෆෝන්ස් පවා පුපුරන්න ඉඩ තියෙනවා:nerd:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි මචං.. වටින තොරතුරු ටික..:yes:
    දැන් ෆෝන් පාවිච්චි කරන්නත් බයයි බං..:dull:

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    Phone wala use karanne Li-ion battery ekak. evaye risk ekak thiyenawa. over charge/over discharge/over rate current unoth.

    oya risk eka phone walata witharak newi Li-ion battery use karana godak equipments wala thiyenawa. Laptop, Gaming devices etc..

    dan aluth phone wala use karanne li-ion polymer battery. evaye cover eka metal newi. plastic film ekak. eva pupuranna thiyena ida adui. eth fire hazard ekak thiyenawa.

    china phone wala nam use karanne li-ion metal cover battery. eva pupuranna puluwan.

    anith eka thama ara multi charger walin phone battery charge karanna epa. evaye accuracy adui.