ජංගම_දුරකථන_අපචාර

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
ජංගම_දුරකථන_අපචාර

මේක ලියන්න කියලා හිතුනෙ අද ලංකාදීප පත්තරේ තිබ්බ Article එකක් දැකලා.

අද දුරකථනය කියන්නෙ පොඩි එකාගෙ පටන් මහලු කෙනා දක්වා එක එක මාදිලි වලින් තියෙන් භාන්ඩයක්.මේ කාලේ පොඩි ජංගම දුරක‍ථනයක් මහලොකු මිලක් නොවන නිසා අම්මලා තාත්තලා පොඩි එකාට පවා මේවා අරන් දෙන්න පැකිලෙන් නෑ.නමුත් මම මේ කියන්නේ යන්නෙ මේ ජංගම දුරකතන නිසා රටේ ඇති වෙලා තියෙන ගැටලුවක් ගැන.
ඉස්සර කාලෙ වගේ නෙමෙයි දැන් කාලෙ කෙල්ලටයි කොල්ලටයි ලියුම් ලිය ලිය ගෙදරට මාට්ටු වෙයි කියලා බයෙන් ඉන්න ඕනෙ නෑ මේ ජංගම දුරකතන වල තියෙන කෙටි පනිවිඩ තාක්ෂණය නිසා.මේ තාක්ෂණය යොදා ගෙන කරන පෙම් බස් නිසා අද සමාජයේ ඉන්න කාන්තාවන් ටිකක් භයානක තත්වෙකට මුහුණ දීලා තියෙනවා.
පහුගිය දවසක පුවත් පතක තිබ්බ විදියට ඒක තහවුරු වෙනවා.
මාතර දිස්ත්‍රික්කයේ එක් පාසල් ශිෂ්‍යාවක් තමාගේ පියාගේ ජංගම දුරකථනයට ලැබුනු Miss Call එකක් හරහා වැල්ලවත්තේ කොල්ලෙක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා.අන්තිමේදී මේ දෙන්න අතර ඇති වුන ප්‍රේමය අහුවෙලා තියෙන්නෙ මේ දෙන්නා හෝටල් කාමරයක ඉද්දී පොලීසිය පනිනකොට.තරුණයා හමුදාවෙ කියලා.ඒත් කෙල්ලට ඒ වෙද්දි යන්තම් අවුරුදු 15ලු.

ගාල්ලෙ බාලිකා පාසලක කෙල්ලෙක් යාලුවෙක්ට කෝල් එකක් ගද්දි එය වැරදි නන්නාදුනන කොල්ලෙක්ගේ ජංගම දුරකථනයට තමා ගිහින් තියෙන්නෙ.මේ කොල්ලත් වැඩේ අතාරින් නැතුව මිනිහට කතා කරපු කෙල්ලව කොහොම හරි කතා කරලා,කෙල්ලට මළ පැනලා මේ සීන් එක අම්මට කියලා.ඒ පාර අම්ම මේකට බනින්න කියලා මිනිහට කෝල් කරලා.බනින්න කතා කරපු අම්මගේ කට හඬ ටික ටික වෙනස් වෙලා.වැඩේ කියන්නේ මූ කිසි ගින්නක් නැතුව කෙල්ලගේ අම්මව නමලා හෝටල් ගානෙත් එක්කං ගිහින්.අන්තිමට පවුල් කඩාකප්පල් වෙලා.බැරිම තැන කෙල්ල ඇවිල්ල පොලීසියේ ළමා හා කානතා කාර්යාංශයෙන් ඉල්ලලා තියෙනවා අම්මව බේරල දෙන්න කියලා.:rofl::rofl::rofl:

මේ සීන් එක කෙල්ලොන්ටම විතරක් නෙමෙයි කොල්ලොන්ටත් වෙනවා.
කෙල්ලෙක් කොල්ලෙක්ට ජංගම දුරකථනයෙන් කතා කරල ඒක වැරදියි කියලා දැන ගත්තමත් ආයෙ කතා කරලා.කෙල්ල අනුරාධපුරෙ,කොල්ල කෑගල්ලේ.කොහොම හරි මුන් දෙන්න කතා කරලා දවස් 3න් හම්බෙන්නත් සෙට් කරගෙන.කොල්ල ඒ වෙද්දි කසාද බැඳලා,කෙල්ලට නම් ඒ වගක් වත් නෑලු.කොහොම හරි මේ කොල්ල හැන්ඩියලු,කෙල්ල නම් ලස්සනයි කියලා කියන්න බෑලු.කොහොමෙන් කොහොමෙන් හරි කෙල්ලයි කොල්ලයි උවමනා දේ කොරගෙන.පස්සේ ඔය කෙල්ලයි ඒ කෙල්ලගෙ යාලුවෙකුයි කොල්ලගෙන් දතක් එහෙමත් ගලවගෙන දවස් ගනන් එහෙ මෙහෙ ගිහින්.පස්සෙ මූ ලෙඩ වෙලා.බැලින් නම් හැදිලා තියෙන්නෙ සමාජ රෝගයක්.මේ වගේ තමයි කෙල්ලෝ ජංගම දුරකථන වලින් කොල්ලො බිලි ගන්නෙ.

ඉතින් මේවගේ දේවල් නොවෙන්න අපි හැමෝම වග බලාගන්න ඕනෙ.ජංගම දුරකථනය සුදුසු විදියට පාවිච්චි කරාම වැඩේ ගොඩ.ඔයා තනියෙම ඉද්දී ඇඟ කහනවට ආතල් එකට ඔය වගේ දේවල් කලාට කට්ටිය දන් නැති උනාට ගොඩක් ඒව නවතින්නෙ මොකෙක් හරි එකෙක් හිරේ විලංගුවෙ වැටිලා.ඒක නිසා ඔව්වා නොකර ඉන්න එක දෙගොල්ලොන්ටම හොඳයි


සටහන- Starz DK
කරුණු උපුටා ගැනීම-සංජීව විජේවීරගේ ලිපියක් ඇසුරිනි.


Rep+ දාන්න අමතක කරන්න එපා :)

 

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    ගොඩක් අය නොහිතන පැත්තක් ගැන සාකච්ඡා වෙච්ච ලිපියක් කියල කියන්න පුලුවන්.
    ලිපියට ස්තූතියි.තව දුරටත් මෙවැනි ලිපි ලියන්න.


    Rep දෙන්න බෑලු.
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    ♥-Aurora-♥;8551100 said:
    thanks!~♥~
    rep++

    Thanx ah :)

    ගොඩක් අය නොහිතන පැත්තක් ගැන සාකච්ඡා වෙච්ච ලිපියක් කියල කියන්න පුලුවන්.
    ලිපියට ස්තූතියි.තව දුරටත් මෙවැනි ලිපි ලියන්න.


    Rep දෙන්න බෑලු.

    ඒකට කමක් නෑ.ස්තූතියි comment එකට :)


    Thank macho :)

    84000ta atta machan!!

    :D :D
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මේකට කරන්න ඕනේ ජනතාව දැනුවත් කරන එක. විශේෂයෙන් ගම් වල පිරිස්. ඒක පිලිබඳ මාධ්‍යයට විශේෂ වගකීමක් තියෙනවා.

    හැබැයි අර අම්ම කොල්ලත් එක්ක ගිය එකටයි, අනුරාධපුර කෑගල්ලේ එවුන් සෙට් වෙච්ච් එකට ජංගම දුරකතන පලි නෑ නේද? ඒක උන්ගේ වල් කම.
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    මේකට කරන්න ඕනේ ජනතාව දැනුවත් කරන එක. විශේෂයෙන් ගම් වල පිරිස්. ඒක පිලිබඳ මාධ්‍යයට විශේෂ වගකීමක් තියෙනවා.

    හැබැයි අර අම්ම කොල්ලත් එක්ක ගිය එකටයි, අනුරාධපුර කෑගල්ලේ එවුන් සෙට් වෙච්ච් එකට ජංගම දුරකතන පලි නෑ නේද? ඒක උන්ගේ වල් කම.

    එතනත් ජංගම දුරකතන තමා හෙනහුරාට හිටින්නෙ.මොකද ඔය අවස්තා 2ත් ජංගම දුරකතන නිසානෙ වල්කම ඉස්මතු උනේ.අනවශ්‍යය විධියට ජංගම දුරකතන පාවිච්චි නොකරා නම් ඔය වගේ වෙන් නෑනෙ!
     

    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    ගාල්ලෙ බාලිකා පාසලක කෙල්ලෙක් යාලුවෙක්ට කෝල් එකක් ගද්දි එය වැරදි නන්නාදුනන කොල්ලෙක්ගේ ජංගම දුරකථනයට තමා ගිහින් තියෙන්නෙ.මේ කොල්ලත් වැඩේ අතාරින් නැතුව මිනිහට කතා කරපු කෙල්ලව කොහොම හරි කතා කරලා,කෙල්ලට මළ පැනලා මේ සීන් එක අම්මට කියලා.ඒ පාර අම්ම මේකට බනින්න කියලා මිනිහට කෝල් කරලා.බනින්න කතා කරපු අම්මගේ කට හඬ ටික ටික වෙනස් වෙලා.වැඩේ කියන්නේ මූ කිසි ගින්නක් නැතුව කෙල්ලගේ අම්මව නමලා හෝටල් ගානෙත් එක්කං ගිහින්.අන්තිමට පවුල් කඩාකප්පල් වෙලා.බැරිම තැන කෙල්ල ඇවිල්ල පොලීසියේ ළමා හා කානතා කාර්යාංශයෙන් ඉල්ලලා තියෙනවා අම්මව බේරල දෙන්න කියලා.



    menna niyama dial . adahanda watinawa
    :nerd::nerd: