ජගත් ජනකතා - මැජික් පාත්තරේ

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බොහෝම ඉස්සර කාලේ එක ගමක දුප්පත් තාත්තා කෙනෙකුයි පුතෙකුයි හිටිය.. තාත්තාගේ නම නරුවොජියුලෝ..පුතාගේ නම නරුවෝසිංගන්.. එක දවසක් ගෙදර කන්න දෙයක් වත් තිබුණේ නෑ.

    " ඇයි තාත්තේ අපි මෙච්චරටම දුප්පත්? " නරුවෝසිංගන් තාත්තගෙන් ඇහුවා. තාත්තා සුසුමක් හෙලුවා

    " හැම අවුරුද්දක ම අපිට සොබාවික විපත් වලට මුහුණ දෙන්න සිදුවෙනවා. තිරිඟු වල මල් පිපෙන්නේ නෑ.. එතකොට තිරිඟු හැදෙන්නේ නෑ.. එළදෙනුන්ට පැටවු ලැබෙන්නේ නෑ.. මේ ඔක්කොටම හේතුව තමයි අපේ මැජික් පාත්තරේ නැති උන එක.. ඒ මැජික් පාත්තරේ අපිට පරම්පරාවෙන් ලැබුන වස්තුවක්"

    ඔහු කියාගෙන ගියා. නරුවෝසිංගන් තාත්තා දිහාවේ බැලුවේ පුදුමයෙන්.

    "මැජික් පාත්තරේ? මොන මැජික් පාත්තරේ ද තාත්තේ?"

    "හුඟක් කාලෙක ඉඳන් ඒක අපේ පවුලට අයිති වෙලා තිබුණේ... ඒකට වතුර බිංදුවක් දැම්ම ගමන් කට ළඟටම පිරෙනවා... තිරිඟු ඇටයක් දැම්මත් එහෙමයි...ඒවා හිස් කරනකොට ආයෙමත් පිරෙනවා.. ඒ හින්දා කවදාවත් කෑම බීම වලින් හිඟයක් වෙන්නේ නෑ.."

    නරුවෝසිංගන්ට මේ කතාව විශ්වාස කරන්නත් බැරි උනා..

    "ඉතින් කොහොමද ඒක නැති උනේ?" ඔහු ඇහුවේ හුඟක් නොඉවසිලිවන්තවයි..

    "කන්සිඩායු ඒක හොරකම් කළා" තාත්තා කිව්වා.

    " කවුද කන්සිඩායු කියන්නේ? "

    "කන්සිඩායු බොහොම භයානක කෙනෙක්.. අරුම පුදුම පෙනුමක් තියෙන්නේ..එයාගේ ඇඟ මිනිහෙකුගේ වගේ..ඒත් ඔලුව බල්ලෙකුගේ වගේ..වලිගේකුත් තියෙනවා.. එයාට බල්ලෙකුට වැඩිය වේගයෙන් දුවන්න පුළුවන්..ඒ විතරක් නෙවෙයි එයා ළඟ නිමිති පොතක් තියෙනවා..ඒක බලලා එයාට හැම දෙයක්ම දැනගන්න පුළුවන්.."

    "ඒ මොනවා තිබුනත් කමක් නෑ මං යනවා අපේ මැජික් පාත්තරේ ගේන්න" නරුවෝසිංගන් කිව්වා

    "අපොයි පුතේ එක නම් හිතන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි. ඔයාගේ අක්කා දවසක් කන්සිඩායු ගේ ගෙදරට ගිහින් මැජික් පාත්තරේ අරගෙන ආවා. ඒත් අක්කට එන්න ලැබුනේ මගට විතරයි. කන්සිඩායු ඇවිත් අක්කව ආපහු ඇදගෙන ගියා.. දැන් අක්කා ඒ ගෙදර වහලියක්." තාත්තා කිව්වෙ බොහොම දුකෙන්..

    "කන්සිඩායු මොන විදියේ චරිතයක් තියෙන කෙනෙක්ද?"

    නරුවෝසිංගන් ඕනෑකමින් ඇහැව්වා. තාත්තා ටිකක් වෙලා කල්පනා කරලා උත්තර දුන්නා.

    "එයා හරිම ආසයි එයාගෙ පොහොසත් කම පෙන්නන්න.. කවුරුහරි අමුත්තෙක් ආව ගමන්ම අර මැජික් පාත්තරේ එළියට ගේනවා මයි...ඊලඟ එක ලෝබයි..බත් කෝටුවක් වත් නැති කරගන්න කැමති නෑ. අනිත් එක එයාට කවුරුවත් හිනා වෙනවට කැමති නෑ..පලවෙනි සැරේ හිනා වෙනකොට හොඳටම කේන්ති එනවා...දෙවෙනි සැරේ හිනා වෙනකොට කඩු ඇදලා ගන්නවා.."

    තාත්තා කන්සිඩායුගේ චරිත ලක්ෂණ විස්තර කළා. නරුවෝසිංගන් මේ හැමදේටම බොහොම ඕනෑකමින් ඇහුම්කන් දුන්නා. ඔහු බොහොම දක්ෂ ළමයෙක්. ඒ හින්දම හොඳ සැලැස්මක් හදාගෙන කන්සිඩායු හොයාගෙන යන්න සූදානම් උනා. ඔහු වලක්වන්න ක්‍රමයක් නැති නිසා තාත්තත් ඔහුට ආශිර්වාද කළා

    "හැබැයි හොඳට මතක තියාගන්න පුතේ.. කන්සිඩායු ඉස්සරහ හිනා වෙන්න විතරක් එපා"

    නරුවෝසිංගන් ගමන පිටත් වෙනකොට තාත්තා මතක් කරලා දුන්නා.

    නරුවෝසිංගන් කඳු අනු නවයකුයි මිටියාවත් හැත්ත හතකුයි පහුකරල කන්සිඩායුගේ ගෙදරට ආවා. නරුවෝසිංගන් ඔහු සතුව තිබුණ හොඳම ඇඳුම් වලින් සැරසිලා හිටපු හින්දා කන්සිඩායු ඔහුව පිළිගත්තේ බොහොම ගරු සරු ඇතිව යි.. මීළඟට ඔහු අමුත්තාට කරන සැලකිල්ලක් වශයෙන් ඔහුගේ අළු පැහැති ලෝම සහිත බලු වලිගයෙන් බිම අතු ගාන්න පටන් ගත්තා..ඔහු වලිගය බිම අතුල්ලන හැටි දැක්කම නරුවෝසිංගන් ට හිනා යන්න ආවා..ඒත් ඔහු බොහොම අමාරුවෙන් හිනාව පාලනය කරගත්තා.. මේ වෙලාවේ හිනා උනොත් එහෙම සැලසුම ක්‍රියාත්මක කරන්න බැරි වෙන බව ඔහු දැනගෙන හිටියා.

    ඊළඟට කන්සිඩායු දිලිසෙන රත්තරන් පාත්තරය ගෙනත් ඉදිරිපිට තිබ්බා..ලොකු
    වයින් භාජනයක් අරගෙන ඒකෙන් බිංදුවක් පාත්තරය තුළට දැම්මා..එතකොටම එහි කට ළඟට එනකන්ම wine පිරුණා..

    "මේ තමයි අපේ මැජික් පාත්තරේ"

    නරුවෝසිංගන් හිතුවා.. පාත්තරෙත් අරගෙන පැනලා යන්නත් ඔහුට හිතුණා..ඒත් බල්ලෙකු ටත් වඩා වේගයෙන් දුවන කන්සිඩායුගෙන් බේරෙන්න බැරි වෙන බව ඔහු දැනගෙන හිටියා.. ඒ හින්දා ඔහු කන්සිඩායු පිළිගැන්වූ වයින් පානය කර කර වට පිට බැලුවා..රාක්කයක බත් කෝටු පුරවලා තියෙනවා ඔහු දැක්කා..කන්සිඩායු ඒ බත් කෝටුවලින් ජෝඩු දෙකක් අරගෙන ඒවා පිරිසිදු කරන්න වගේ බලු දිවෙන් ලෙව කාලා මේසය උඩින් තැබුවා...නරුවෝසිංගන් ඕනෑකමින්ම හයියෙන් හිනා වුණා..
    කන්සිඩායු තරහෙන් ඔහු දිහා බැලුව..
    ඔහු ආයෙමත් මහ හයියෙන් හිනා වුණා.. කන්සිඩායු මේ සතුරාට පහර දෙන්න ආයුධයක් හොයන්න ඇතුළු කාමරේට දිවුවා.

    නරුවෝසිංගන් විදුලියක් වගේ නැගිටලා පාත්තරේ තිබුන වයින් ටික හලලා දාලා පාත්තරේ කමිසය අස්සෙන් දාගත්තා...රාක්කේ තිබුන බත් කෝටු ටිකත් ඔක්කොම අරගෙන වේගෙන් දුවන්න පටන් ගත්තා..ආපහු හැරිලා බලනකොට ඔහු දැක්කා දිලිසෙන පොරවක් අතින් අරගෙන කන්සිඩායු පිටි පස්සෙන් දුවගෙන එනවා.. ඔහු ලං වෙනකොට නරුවෝසිංගන් බත් කෝටුවක් බිම දැම්මා..ඒ තමන්ගේ බත් කෝටුවක් බව හැඳින ගත්ත කන්සිඩායු ඒක ඇහිඳගෙන ගෙදර දිව්වා..ඊට පස්සේ බත් කෝටුව ගෙදර තියලා ආයෙමත් නරුවෝසිංගන් පස්සෙන් දුවලා ආවා..හැම කන්දක් උඩ දීම නරුවෝසිංගන් බත් කොටුව බැගින් බිම දැම්මා..ඒ හැම වෙලාවෙම ආපහු ගෙදර දුවන්න සිදුවුන හින්දා කන්සිඩායුට හොඳටම මහන්සි දැනුනා..ඔහුගේ බලු දිව එල්ලා හැලුනා..ඒත් ඔහු හති දම දමා නරුවෝසිංගන් පස්සෙන් පැන්නුවා..


    දැන් නරුවෝසිංගන් අතේ එකම බත් කෝටුවක් වත් නැහැ. ඔහුට හැංගෙන්න විදියකුත් නෑ..කන්සිඩායුට ඔහුගේ නිමිති පොත ආධාර කරගෙන ඕනම දෙයක් හොයාගන්න පුලුවන්..නරුවෝසිංගන් ඉක්මනට උපායක් හිතුවා..

    කන්සිඩායු ලඟ ළඟම එනවා..නරුවෝසිංගන් පුළුවන් තරම් වේගයෙන් ඒ ලඟ තිබුන කැලෑ රොදකට රිංගුවා..එහි පොකුණක් තිබුණා.. ඉක්මනට පොකුණෙන් පාත්තරයට වතුර පුරවා ගත්තා ඊළඟට තණකොළ තියෙන පස් පිඩැල්ලක්‌ ගලවාගත්තා..උස ගහකට නැගලා පස්පිඩැල්ල ඔළුවේ තියාගෙන ඊට උඩින් වතුර පාත්තරේ තියාගෙන නිශ්ශබ්දව සිටියා..

    හති දම දමා ගහ ළඟට ආව කන්සිඩායු බොහොම භයානක හඬකින් බුරන්න පටන් ගත්තා... ඊට පස්සේ ඔහුගේ නිමිති පොත පෙරළුවා ඒ පොත කියවනකොට ඔහුගේ මූණ වෙනස්වුණා..ඔහු එහාටත් මෙහාටත් ඔලුව වැනුවා දිව හපා ගත්තා..

    "මේකනම් හරිම පුදුම දෙයක්..මට මරන්න ඕන වුන මේ මිනිහා අහස යට,පොළව යට, වාගෙම මුහුද යටත් ඉන්නවා කියලා මේ නිමිති පොතේ කියවෙන්නේ...එකම මිනිහෙක් එකම වෙලාවේ එහෙම ඉන්නෙ කොහොමද? මේක වැඩකට නැති මහ බොරු පොතක්.."

    එහෙම කියපු කන්සිඩායු ඔහුගේ ගිනිගල ඇදලා අරගෙන පොතට ගිනි තිබ්බා.. ඊළඟට තරහෙන් වගේ ම දුකෙන් ආපහු හැරිල යන්න ගියා..

    නරුවෝසිංගන් වහාම ගහෙන් බැහැලා පොත පිළිස්සෙන නොදී බේරා ගත්තා.. ඊට පස්සේ පොතයි මැජික් පාත්තරේයි අරගෙන ගෙදර ආවා.. ඊට පස්සේ ඒ ගමේ වාසය කරන හැමෝටම හොද කාලයක් උදා වුණා.. කලට වෙලාවට වැස්සත් ලැබුණා..කවදාවත් දුප්පත් කමින් පීඩා විඳින්න සිදු වුණෙත් නැහැ..

    චීන ජනකතාවකි (@N A K A M U R A :))

    චන්දි කොඩිකාර මහත්මියගේ "විල් රජ්ජුරුවන්ගේ දියණිය සහ තවත් කතා" කෘතියෙන් උපුටා ගන්නා ලදී..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මොකෝ කියන්නේ ඊළඟට ඒකෙන් එකක් දාන්නද :rolleyes:

    මං මේ කරන්නේ මුද්‍රිත මධ්‍යයේ තියෙන ඒවා digital අවකාශයට move කරන එක :yes:
    දාමු එකෙනුත් එකක්.

    බාබයිගා යකින්න ඉන්න එකක් 😎
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මොකෝ කියන්නේ ඊළඟට ඒකෙන් එකක් දාන්නද :rolleyes:

    මං මේ කරන්නේ මුද්‍රිත මධ්‍යයේ තියෙන ඒවා digital අවකාශයට move කරන එක :yes:
    දාපන් දාපන් අසාවෙන් කියවන්නේ...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    තව දාන්න හරි ආසයි ඔයවගේ එව්වා කියවන්න
    Shaun The Sheep Movie Ok GIF
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නාකි මයිනට මැජික් පාත්තරයක් අරන් දීලා ඩොලර් කොලයක් දුන්නනං අපේ රටට හොඳ කලක් යයි @2osama @erozan @nicjosh83
     
    • Haha
    Reactions: siri_ayya