ජටිල සූත්‍රය

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Taken from: http://dhammamedicine.net/

    “මෙයින් පිරිසිදු භාවය සිදු වෙතැයි සිතා“ සීත හේමන්ත සෘතුවේ නවම් මැදින් දෙමස අතර හිම වැටෙන දවස් අටක පමණ කාලයේ රාත්‍රියෙහි, ගයා තීර්ථයෙහි දියේ ගිලී උඩ ඒම ද, නැවත දියේ ගිලීම ද, නැවත නැවත දියේ ගිලීම් හා උඩ ඒම් ද සිදු කරන, දිය වත් කිරීම ද කරන, ගිනි පිදීම ද කරන ඒ බොහෝ ජටිලයින් ව භාග්‍යවතුන් වහන්සේ දුටු සේක.
    එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය දැන ගෙන, ඒ අවස්ථාවේ දී මේ උදානය පළ කළ සේක.


    න උදකේන සුචි හෝති බව්හෙත්ථ නහායති ජනෝ
    යම්හි සච්චඤ්ච ධම්මෝ ච සෝ සුචි සෝ ච බ්‍රාහ්මණෝ… තේරුම.. »»»
    මෙහි (ගයා තීර්ථයේ) බොහෝ දෙනෙක් නාති. එහෙත් ජලයෙන් පිරිසිදු වීමක් නැත. යමෙකු කෙරෙහි සත්‍යයත්, ධර්මයත් ඇත් නම් ඔහු පිරිසිදු ය. ඔහු වනාහී බ්‍රාහ්මණයෙක් වේ.



    එත්ථ - මෙහි
    බව්හ – බොහෝ
    ජනෝ – ජනයෝ
    නහායති - නාති
    උදකේන – ජලයෙන්
    සුචි – පිරිසුදු භාවය
    න හෝති – නො වේ
    යම්හි - යමෙක් කෙරෙහි
    සච්චං ච - සත්‍යය ද,
    ධම්මෝ ච – ධර්මය ද (ඇත්නම්)
    සෝ – ඔහු
    සුචි - පිරිසිදු වේ
    සෝ – ඔහු
    බ්‍රාහ්මණෝ - බ්‍රාහ්මණයෙක් (වෙයි)


    භාරතය විමුක්ති කාමීන් ගෙන් පිරී පවතින අපූරු දේශයකි. විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වන අවදියේ දී විමුක්තිය අරභයා නොයෙකුත් දෑ සිදු කරන මිනිසුන් ගෙන් එය ගැවසී ගත්තේ ය. වර්තමාන ඉන්දියාවේ ද, ජලයෙන් පිරිසිදු භාවය සිදු වේයැයි සිතා මේ අයුරින් දියෙහි කිමිදීමත් ගොඩ ඒමත් සිදු කරන මිනිසුන් දක්නට ලැබේ. ඈත මෑත අතීතය පුරා ම මෙවැනි සීලවෘත මිනිසුන් ගේ සිත් සතන් තුළ මුල්බැසගෙන පැවතීම පුදුම සහගත ය.
    බොහෝ මිනිසුන් ගේ ජීවිත තුළ පාරිශුද්ධිය සහ විමුක්තිය පිණිස ආකල්පයක් තිබුණ ද ඒ සඳහා නිවැරදි මාර්ගය මුණ ගැසෙන්නේ ඉතා සුළු පිරිසකට පමණි. තථාගතයන් වහන්සේලා විසින් ම පෙන්වා දෙනු ලබන ඒ විමුක්ති මාර්ගය මුණ නො ගැසුනු අනෙකුත් බොහෝ පිරිසක් විමුක්තිය ලබා ගැනීමේ අරමුණින් විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරති. නමුත් ඒ සියල්ල ගඟට කැපූ හිනි මෙන් නිශ්ඵල වී යන්නේ මිනිසුන් නැවත නැවතත් සසර දුකට ම ඇද දමමින් ය. එවැනි ලෝකයක් තුළ සැබෑ ධර්මයෙන් පිළිසරණ ලබා ගන්නට හැකි වීම මොනතරම් භාග්‍යයක් ද..!!!
    සාදු! සාදු!! සාදු!!!
     
    • Like
    Reactions: hamesh and kandya

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    සාධු...!!
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ගොඩක් පින් මචන් ...සාදු සාදු සාදු ...