ජඩ දේශපාලනයේ අප්රසන්න ගඳ
ඊයේ රාත්රිය වන තුරු මා සිටියේ කොළඹ නගර ශාලාව ආසන්න සුපිරි මහල් නිවාසයක 40වැනි මාලයේ පමණ ඇති නිවාසයක ය. මා එහි ගියේ වෘත්තීය කටයුත්තක් සඳහා ය. නිවාසයේ හිමිකරු මෙරට ප්රකට, හිටපු දෙමල දේශපාලනඥයකු ගේ පුත්රයෙකි.
නිවසේ සේවය සඳහා දෙමල තරුණයකු සිටී.
ඉහළ මාලයේ කටයුතු කරමින් සිටින විට සවස 6.00 කණිසමට සහ 7.30 කණිසමට, මුස්ලිම් පල්ලිවලින් යාඥා කෙරෙන ආකාරය, හොඳින් ඇසිණි. එය ඇසිය යුත්තේ එවැනි ඉහළ මාලයක සිට ය. එවිට ඇසෙන ආකාරය අමුතු ය. හඬ ඇසෙන්නේ පහළිනි. එය අහස්කුස දෙදර වන තරම් ය.
සවස 7.30 යාඥාව නගරශාලාවේ සිටි අපට ඉතා හොඳින් ඇසුණේ අලුත් කඩේ උසාවිය ආසන්න පල්ලියකින් බව, දෙමල තරුණයා සමඟ කතා කිරීමෙන් දැන ගන්නට ලැබිණි.
'කෝවිල් සද්දෙ ඇහෙන්නෙත් නෑ. පිරිත් සද්දෙ ඇහෙන්නෙත් නෑ. ඔහොම තමයි.'
දෙමල තරුණයා එසේ කීවේ නෝක්කාඩු ස්වරූපයකිනි.
එකම රටක, තැන් දෙකක වෙසෙන දෙමල මනස හැසිරෙන ආකාරය එකිනෙකට වෙනස් ය.
ඒ අතර, මිලින්ද මොරගොඩ වැනි තක්කඩි ජාත්යන්තරවාදියෝ පන්සලේ පිරිතට එරෙහි ව නීතිය බලාත්මක කරති.
බේරුවල නගරාධිපති ව සිටි, බකීර් මාකාර් මහතා ප්රකට ව සිටියේ 'සිංහල බාකීර්' නමිනි. සිංහල භාෂාව රජ බස විය යුතු යයි තර්ක කළ ඔහු වරක් 'ඒන් සිංහලම්' (ඇයි සිංහල?) යනුවෙන් පොතක් ලියා පළ කළේ ය.
මේ රටේ පොදුජන සමාජය ඉතා සාධාරණ ලෙස, අහිංසක ලෙස ජීවත් වූ බවට ඉතිහාසය අපමණ සාක්ෂි දරයි. ඒ සියල්ල කඩා බිඳ දැම්මේ අවස්ථාවාදී ජඩ දේශපාලකයන් විසිනි.
මෑත කාලයේ එවැනි ජඩ දේශපාලනයක් කළ සිංහල කල්ලියක් නම්, හෙළ උරුමයයි. බෞද්ධ කල්ලියක් නම්, බොදුබල සේනාවයි. දෙමල, මුස්ලිම් කල්ලි අපමණ ය.
පාඨලී චම්පක රණවක යනු, මේ ජඩ දේශපාලනයේ අප්රසන්න ගඳ කුදු මහත් සමාජය පුරා පතුරු වන කුණු කන්දක් වැන්න. පාඨලී අවසානයේ එක්සත් ජාතික පක්ෂයට බැදුණේ, සැර ව සොයා යන පනුවකු කුණු වූ තුවාලයකට ඇදෙන ආකාරයට ය.
මේ බෙදුම්වාදී දේශපාලනය මෙරටට හුරු කළේ UNP ජඩයන් විසිනි.
ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ඊට මානුෂික මුහුණුවරක් දුන්නේ ය. ජවිපෙ උන්මත්තකයෝ ඊට ම්ලේච්ඡ මුහුණුවරක් දුන්නේ ය.
- කුමාර ලියනගේ