ජඩ පොලිස් සහ හමුදාව...

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,634
    2,138
    113
    සංවාදයට

    දැන් ශ්‍රී ලංකාවෙ පොලිසිය සහ හමුදාව ඉන්නෙ. මහජනයගෙ ආරක්ශාවටද? නැත්තම් හොරුන්ගෙ ආරක්ෂවටද්?

    මහජනයට ගහද්දී , දේපල හොරකම් කරද්දිත් උන්ටම නම් පුලුවන් රාජ්‍ය බලය යොදලා මර්දනය කරන්න.
    මහජන ස්වරීවත්‍ය මොකටද??

    මානව හිමිකම් කොමිසමකින් සාදාරණය ඉටු වෙන එක නම් ජෝක් එකක් ලංකාවනේ.

    මොනාද අපිට තියෙන ඔප්ශන්?? ජනාධිපති හෝ ඇගැමති ඇතුලූ ඕනෑම මැති ඇමැති හෝ හමුදාපති පොලිස්පති හෝ ඊට යට නිළදාරීන් ට විරුද්ධව ක්‍රියාත්මක කල හැකි ඔවුන් අත්වඩංගුවට හෝ විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල හැකි ආකාර තිබේද?? නැතිනම් එවැන්නක් ආරම්භ කල හැකිද?? අදාල වෲතීය මහත්වරු එකතු වෙලා?? අරගලයේන් මෙවැන්නක් කල හැකිද? නියෝජිතයින් හරහ???
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු සමුහයක් තිරිසන්නු වගේ හැසිරෙද්දි පොලිසියට හරි හමුදාවට හරි කරන්ඩ දෙයක් නැ, ඔක්කොටම වෙඩි තියල දාන්ඩ බැ...

    පොන්න මැල්කම් රoජිතයගෙ උවමනාවට බස් 80 ගිනි තියල මිනි 9ක් මරල ගෙවල් 37+ ගිනි තියල රටම විනාශ වෙනකන් බලන් උන්නද අහන්ඩ එපා, බලන් උන්න ඔව් ,කරන්ඩ දෙයක් නැ ..
     
    • Like
    Reactions: elajani

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ෆෝසස් වල අයට තමන්ගෙ හර්ද සාක්සිය අනුව තීරන ගන්න බෑ බන්
    උන් ඕඩර් එක ෆලො කරන්න ඕන

    ඕනෙම හමුදාවක් එහෙමයි

    අවුල තියෙන්නෙ, උන්ට ඕඩර් එක දෙන එකාගෙ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ෆෝසස් වල අයට තමන්ගෙ හර්ද සාක්සිය අනුව තීරන ගන්න බෑ බන්
    උන් ඕඩර් එක ෆලො කරන්න ඕන

    ඕනෙම හමුදාවක් එහෙමයි

    අවුල තියෙන්නෙ, උන්ට ඕඩර් එක දෙන එකාගෙ
    මේක තමයි ඇත්ත. නැත්නම් අදාල නිලදරියට ඉහලින් එන පිළිපැද්දේ නැ කියල නඩු.
     

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    නීතිය රකින්න ඉන්න පොලිසිය සහ හමුදාව දුෂිත දේශපාලකයන්ගේ වාසියට නීතිය අවභාවිතා වෙන විදිහට වැඩ කරනවානම්, ඒ නිලදාරීනුත් සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන්න ඕන.
     
    Last edited:
    • Like
    Reactions: Dubairox

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    යාලුවනේ....ඒ දවස් වල යහපාලනය කාලේ පොරක් කිය කිය හිටියා නේද "පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොමයි" කිය කිය...දැන් කොහොම කියයි කියලද උඹලා හිතන්නේ.....?
     
    • Like
    Reactions: Dubairox

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    උසාවියක සාදාරණ නඩු විබාගයකින් චෝදනා ඔප්පු කිරීමකින් තොරව කෙනෙක් හොරෙක් වන්නේ කෙසේද?

    ආරක්ශක හමුදා රටේ සියළු පුරවැසියන්ගේ ආරක්ශාව වෙනුවෙන් බැදී සිටියි. ඔවුන් බදවා ගැනීමේදීම පවතින රජයට පක්ශපාත වන බවට දිවුරා ඇත.


    හමුදා පොලීසිය බලා සිටියදීම පහරදීම්,දේපළ හානි සිදු කළ අය CCTV දර්ශන යොදාගෙන වහාම අත් අඩන්ගුවට ගත යුතුයි. විනාශ වූ දේපළ වලට රජයෙන් වන්දි ගෙවිය යුතුයි.
     
    • Like
    Reactions: Dubairox and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඇදිරි නීතිය දාලා පොදු ස්ථාන වල ඉන්න බෑ කියලා නීතියෙන් කියලා තියෙද්දිත් ගෝල්ෆේස් එකෙයි මහපාරෙයි ලැගගෙන ඉන්න එවුන් ඉන්න රටේ පොලීසිය හමුදාව ගැන කතා කරලා වැඩක් නෑ .. නීතිය ට අනුව හැසිරෙන්නේ බොහොම ටික දෙනයි ..
     
    • Like
    Reactions: Anil1984

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආයේ චන්දයක් එනකම් ඉවසලා ඉදලා ඔය මැති ඇමති නඩේම ගෙදර යවපන්.

    බැක්ෆයර් නොවෙන්න උන්ට දඩුවම් කරන්නේ එහෙමයි.ගිනි නොතියා පළිගන්නේ එහෙමයි.වැඩේ ඉතින්,චන්දයක් එද්දී ඔය මෙලෝ දෙයක් මතක් වෙන්නේ නැති එකනේ.
     
    • Like
    Reactions: wtsamantha

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,634
    2,138
    113
    අනිවාර්යයෙන් ලංකාවෙ මිනිස්සු ඊළග චන්දෙදි වත් හරි හමන් හොරු ටික අල්ලලා හිර්‍රෙ යවන කෙනෙක්.

    පොලිසිය අදිකරණය ට අත නොපොවන නායකයෙකු පත් කර ගන්නවා නම් එච්චරයි.

    ඒත් කවුද??

    ාඩුම ගානේ ඊළග චන්දේ ට රට වටෙන් ම එහෙම වාසි බලාපොරොත්තු නොවන අවංකවම රට ගොඩ නැගීමට පමණ්ක් කැමැත්තෙන් පත් වෙන්න කැම්‍ති පිරිසක් කෝමද හදා ගන්නෙ..

    නැත්තන් කෝමද මේ ණය ගෙවන්නෙ??
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒත් කවුද??

    ාඩුම ගානේ ඊළග චන්දේ ට රට වටෙන් ම එහෙම වාසි බලාපොරොත්තු නොවන අවංකවම රට ගොඩ නැගීමට පමණ්ක් කැමැත්තෙන් පත් වෙන්න කැම්‍ති පිරිසක් කෝමද හදා ගන්නෙ..
    හිටියත් මේ මැතිවරණ ක්‍රමය යටතේ එහෙම එකෙකුට එන්නත් බෑ.ඇවිත් තනියෙම ආණ්ඩු කරන්නද? දැන් ඉන්න ජඩයෝ ටික එකතු කරගෙනද ආණ්ඩු කරන්නේ?

    අනික රට හදන්න කියන ශුද්ධ වූ චේතනාවෙන් ලංකාව වගේ රටක දේශපාලනයට මොකෙක් හරි එයි කියලා හිතන්න පුලුවන්ද? මේකට එනවා නම් එන්නේ ලේසියෙන් හම්බ කරගන්න තමයි.දඩුවමකුත් නැතුව ඇති වෙන්න හොරකම් කරන්න පුලුවන් කියලා දන්නවානේ.