මේක මේ දවස්වල තියන මහ තිරිසන්ම වැඩක්. කොහේ හරි මනුස්සයෙක් කොරෝනා හැදිලා කියලා හොයාගත්ත ගමන් ප්‍රාදේශීය මාධ්‍යවේදී කියලා හරිහමන් ජනමාධ්‍ය දැනුමක් නැතිව එදාවේල වෙනුවෙන් ඕනම කුණු වැඩක් කරන තිරිසන්නු ටික ගාලකඩාගෙන අර මනුස්සයගේ ගෙදර වටකරනවා. එතන ඉඳන් ඒ මනුස්සයා රෝහලට ගෙනියන එක. ගෙදර වැලේ වනලා තියන රෙද්ද, පිලිකන්න, වැසිකිලිය පවා වීඩියෝ කරලා චැනල් වලට දානවා. එහෙම කලා කියලා කොරෝනා පැතිරෙන එක වළක්වන්නවත්, ආශ්රියතයන් හඳුනාගන්නවත් සතපහක වැඩක් නෑ කියලා දැන දැනත් කුණු විකුණන්න අසිකිත්ත වැඩ කරන සෙට් එකක් දැන් කැමරා තියාගෙන බෝ වෙලා ඉන්නවා. පුබුදු ජයගොඩ මෙතනදි කියන්නේ බොහොම වැදගත් කතාවක්, ඔබ කොරෝනා පැතිරෙන කලාපෙකනම් ඉන්නේ, ආශ්‍රිතයෙක් නම් හැංගිලා ඉන්නේ නැතිව රෝහලට යන්න, ගිහින් පරික්ෂා කරගන්න. කවුරුහරි කැමරා උස්සගෙන ඔබේ පුද්ගලිකත්වයට හානි කරන්න එනවනම් හොම්බ කුඩුවෙන්න ගහන්න දෙපාරක් හිතන්න එපා. මේක මරු කතාව.