ජනගහන විද්‍යාව

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ළමයි 4ක් හදමු

    එඩ්මන්ඩ් හැලී (දැන් මේ නම දැක්ක ගමන් හැරිලා යන්න එපා:D) කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ වල්ගාතරුවක්.. ගොඩක් අය මේ නම දන්නෙත් ඒක නිසාම විතරයි. කිමිදුම් ඝන්ටාව, දකුණු අර්ධ ගෝලයේ මුල්ම නිවැරදි තාරකා සිතියම විතරක් නෙවෙයි හැංගිලා හිටිය නිව්ටන් වත් එලියට අරගෙන තමාගේම වියදමින් නිව්ටන් ගෙ පොත එළිදක්වන්නෙත් මෙයා තමයි. ඒ වගේම ජනගහන විද්‍යාවට අඩිතාලම දාන්නෙත් හැලී තමයි..:yes:

    edmund-halley.jpg


    හැලී මෙහෙම වැඩකුත් කළා.. එයා ප්‍රන්ශේ සහ එංගලන්තේ උපත්, විවාහ මරණ සහ ජනගහන ඝනත්වය සැසදුවා..ඒකෙන් එයා නිගමනයකට ආවා ජනගහනය නිසි පාලනයකින් පවත්වාගෙන යන්නනම් සෑම විවාහක යුවලකටම දරුවන් හතර දෙනෙක් ඉන්න ඕනේ කියලා.( මගෙන් සල්ලි ඉල්ලන්න එපා.හැලී කියපු දෙයක් කියන්නේ :baffled:) දැන්නම් මේවා වෙනස් වෙලාද දන්නේ නෑ.එහෙම වෙලානන් ජනගහන විද්‍යාව ගැන දැනුමක් තියෙන කෙනෙක් අපිව දැනුවත් කරන්න.මම මේ දේවල් හොයා ගත්තේ Cosmos: A Spacetime Odyssey ep 03 බලලා.බලලා නැති අය බලන්න.

    මම කියන්නේ ළමයි හතරක් හදන්න ඕනේ. හැබැයි එහෙම කරද්දී ටිකක් උපායශීලි වෙන්න. පොඩි දෙන්නා ඕලෙවල් වයසට එද්දී ලොකු දෙන්නා රස්සාවක් කරන විදිහට. සහෝදරයන් අතර බැඳීම උපරිමෙන් තියන්න.එතකොට ඔයාලට උගන්වන්න වෙන්නේ ළමයි දෙන්නෙක්ට විතරයි.අනිත් දෙන්නා ගැන ලොකු දෙන්නා බලා ගනියි.:yes:
     
    Last edited: