ජනතාව මැතිවරණයක් එනතුරු ඉන්නේ පොහොට්ටුව දිනවන්නයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අද ජනතාව මැතිවරණයක් එනතුරු බලා සිටින බවත් ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    පොදුජන පෙරමුණ නැතුව වෙන කුමන පක්ෂයක් ගැනවත් ජනතාව නොසිතුණු ඇති බවද ඔහු සඳහන් කළේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ පැවති අවමංගල උත්සව අවස්ථාවට සහභාගි වීමෙන් පසු මාධ්‍ය අමතමිනි.

    “දැන් රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා පොහොට්ටුව ගැන.ලන්සලා කඩාගෙන ගියාට අපිට කිසිම අඩුවක් වෙලා නැහැ. අපි දැන් එදාට වඩා අද ශක්තිමත් ව්‍යවස්ථානුකූලව මැතිවරණය කල් දාන්න බැහැ. මම හිතන්නෙ නැහැ එක්සත් ජාතික පක්ෂය එතරම් මෝඩකමක් කරයි කියලා .

    එහෙම වැඩක් එක්සත් ජාතික පක්ෂය කළොත් ඒ එම පක්ෂයේ අවසානයයි .අපේ ජනපති අපේක්ෂකයා ගැන දැන්ම මොනවත් කියන්නෙ නැහැ .නිසි වෙලාවට, නිසි කලට එය අපි කියන්නම්.ජනතාව දැන් බලාගෙන ඉන්නෙ පොහොට්ටුව දිනවන්නට.නැතිව වෙන මොන පක්ෂ ගැනවත් නොවේ.”


    kiriye ki denek balan inawada pohottuwa dinawanna?????
    mention karagena yamalla
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    වටේ ඉන්න ප්‍රාදේශීය සභා පලාත්සභා උන් ෆෝම් කරන්නෙ ඔහොම කියලා නාකියා උන්ව විශ්වාස කරනවා.
    ඔහොම කියලා අරගලයට ගහන්න ගිහින් තමයි බයියො බේරේ වැවේ නෑවේ.
     

    Similar threads