ශ්‍රී ලංකාවේ ජනමතය තුල ව්‍යාපාර සහ සමාගම් ගැන හදලා තියෙන දුර්මතය ඉතාමත් ඉහළයි. ඒ වගේම සමහර කණ්ඩායම් ලාබය ලැබීම ගැන පවා කතා කරන්නේ වැරදියට.
ඒ බොහෝ ඈයෝ කොමියුනිස්ට් සිහිනයක ඉන්න ගමන් සද්දෙට කියන කතා නිසා කාලයක් තිස්සේ රටේ මිනිස්සුන්ට ඔළුවට ගිහින් තියෙන්නේ ව්‍යාපාර කිරීම හා ලාබ ලැබීම වරදක් වගේ.
ලෝකයේ සමස්ථ ආර්ථික ක්‍රියාවලියම සකස් වෙලා තියෙන්නේ ලාබය පදනම් කර ගෙන. මිනිස්සු වැඩ කරන්නේ, මහන්සි වෙන්නේ, අලුත් දේවල් නිර්මාණය කරන්නේ තමන්ට දෙයක් ලබා ගන්න. ඒ වගේම ප්රාග්ධනය නිර්මාණය වෙන්නෙත් ලාබය පදනම් කරගෙන. තමන්ට මෙන්ම තමන්ගේ පවුලට හොඳ ජීවන තත්ත්වයක් හදලා දෙන එක තමයි අපි කාගෙත් වුවමනාව. හොඳින් ජීවත් වෙන්න. ඒක තමයි මේකේ තියෙන motivation එක.
ඒ මෝටිවේෂන් එකට මිනිස්සු මහන්සි වෙනවා, අලුත් දේවල් කරනවා, අලුත් නිර්මාණ කරනවා, ඒවා වෙළෙඳපොළ තුල විකුණලා ලාබ උපයනවා. කලා කරුවෙන් නිර්මාණයක් කරලා ඒ තුලින් රසාස්වාදය දුන්නත් අවසානයේ ඔහුටත් ලාබයක් ඉන් බලාපොරොත්තු වෙනවා. එහෙම නොවන අවස්ථා අල්පයි.
ඉතිං ලාබ ලැබීම තමයි මොටිවේෂන් එක. ලාබය තමයි ප්‍රතිලාභය, එහෙම නැත්නම් incentive එක. ලෝකේ දුවන්නේ ඔය ධර්මාවතාවය උඩ. ලෝකේ මෙච්චර දියුණු වෙලා තියෙන්නේ ඒ ධර්මතාවය උඩ. ඒක වෙනස් කරලා රජය මගීන් කර්මාන්ත කරලා සම්පත් නිර්මාණය කරලා ජනතාව අතර සමසේ බෙදන ක්‍රමයක් සාර්ථක වෙලා නෑ. ඒව ට්‍රයි කලාට හරි ගියේ නෑ.
ඉතිං අපි කරන්න ඕනේ අර ලෝක ධර්මතාවයට අනුගත වෙන එක. අලුත් කර්මාන්ත , අලුත් ව්‍යාපාර කරන්න අපේ රටේ මිනිස්සු උනන්දු කර වන්න ඕනේ. අලුත් සමාගම් බිහි වෙන්නෙ ඕනේ. ආර්ථික ක්‍රියාකාරිත්වය වැඩි වෙන්න ඕනේ. ඒවායින් ලාබ ඉපැයෙන්න ඕනේ. ලාබ උපයන්නේ නැතුව ආර්ථිකයක් දුවන්න බෑ. ඒ ලාබය සාධාරණ වෙන්නේ තරඟකාරී වෙළෙඳපොළ ආර්ථිකයක් නිර්මාණය කිරීමෙන් පමණයි. ඒ ලාබය සාධාරණ මට්ටමට තියා ගන්න රජයකට තියෙනවා අවම නියාමනයක් කරන්න. ඔය මොඩල් එකට අපිට හුරු වෙන්න වෙනවා.
අපි ඉස්කෝල වලින්, කැම්පස් වලින් එළියට එන මිනිස්සුන්ට අලුත් ව්‍යාපාර කරන්න උනන්දු කරවන්න ඕනේ. එතකොට තමයි ධනය ජනිත කර ගන්න පුළුවන්. රැකියා බිහි කරන්න පුළුවන්. ඒ අලුත් ව්‍යාපාර සාර්ථක කර ගන්න උපක්‍රම රටේ හදන්න ඕනේ. අලුත් රැකියා බිහි වෙන්නේ එතකොට.
ඉතිං මේ ලාබය ගැන දුර්මත මවන කතා වලට ඔබත් අහු උනොත්, මේ වෙලාවේ ගොඩනැගෙන අලුත් ආර්ථික අවස්ථා ඔබට මග ඇරෙන්න පුළුවන්. ආර්ථිකයක් ගොඩ නැගෙන වෙලාවට තමයි අලුත් අවස්ථා තියෙන්නේ. ඒවා මුලින්ම අල්ල ගන්න අය තමයි ඒකේ හොඳම ප්‍රථිපල නෙලා ගන්නේ. ඒ නිසා ඔබ දැන් කළ යුත්තේ ඔබේ දක්ෂතාවය තියෙන තැන හොයා ගෙන අලුත් ව්‍යාපාරයක් කරන්න සූදානම් වීම. ඔබ පරක්කු වෙන්න වෙන්න ඒ අවස්ථා ඔබ මග ඇර ගන්නවා.
ඒ වගේම ඔබ දේශීය සීමාවෙන් එහා හිතන්න. තව දුරටත් ලෝකය රටක දේශසීමාවට කොටු වෙන්නෙ නෑ. ගෝලීයකරණය ඒ තරම් දුර ඇවිත්. රටකට දේශපාලන සීමා තිබුණත් වෙළෙඳපොළට තියෙන සීමා ඉතා අඩුයි. ඒ නිසා ඔබ ලෝකයට පිය නගන්න. බිලියන 8 ක් වෙච්චි ගෝලීය පුරවැසියන් ඉලක්ක කරන්න. ඔබට දියුණු වෙන්න වගේම දියුණු රටක් ඕනේ නම් සෘජුවම ලෝකය එක්ක ගනුදෙනු කරන්න.
ඔබට පුළුවන්.
අපිට පුළුවන්.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස්