ජනතාව හාමතේ.. ජනපති කේක් කනවා…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2019 වසරේ සිට එවක පාලකයින් ගත් වැරදි තීන්දු තීරණවල ප්‍රතිඵලයක් ලෙස රට බංකොලොත් වූ බව නීතිය හමුවේ අද ඔප්පුවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පිරිස සමග වත්මන් ජනාධිපතිවරයාද කේක් කපමින් විනෝද වන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ, බෙම්මුල්ල, බදුවතුගොඩ ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ වාහල්කඩ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

    රට බංකොලොත් කළ ආර්ථික ඝාතකයන් කවුරුන්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔප්පු කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ එහි බුද්ධි මණ්ඩපයට හැකි වූ බවත්, ඒ සඳහා විශ්විද්‍යාල ආචාර්යවරුන් සහ නීතීඥයින් දැඩි වෙහෙසක් දැරූ බවත්, මීළඟට ඇත්තේ රටේ ආර්ථිකය බිඳ දමමින් ලක්ෂ 220 වූ ජනතාවගේ මූලික අයිතීන් විනාශ කළ මේ පිරිසගෙන් ඒ සඳහා වන්දි ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.

    තොරතුරු අපි ලඟ, හොරු අල්ලන්නට බලය දෙන්නැයි කියමින් කතා පවත්වනු වෙනුවට විපක්ෂයේම සිටිමින් හොරුන් කවුරුන්ද? ආර්ථිකය විනාශ කළ ඝාතකයින් කවුරුන්ද යන්න රටටම ඔප්පු කිරීමට සමගි ජන ⁣බලවේගය කටයුතු කළේ, ඒ සඳහා සැලසුම් සහගතව සහ නීතියේ ප්‍රතිපාදන නිවැරදිව හඳුනාගත් නිසා බවත්, නිවැරදි සැලසුමක් තුළ මේවා හෙළිකළා සේම ඒ සඳහා වූ ඉදිරි පියවරයන්ද ජනතාව වෙනුවෙන් ගැනීමට තම පක්ෂය සූදානම් බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියා.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවද ඩොලර් මිලියන ගණනක මුදල් උල්පතක් බවත්, ඒ හරහා අප රටට ලැබෙන මහා මුදල් සම්භාරය සොරා කෑමට වෙනමම ක්‍රිකට් මාෆියාවක් නිර්මාණය වී ඇති බවත්, එයද පාර්ලිමේන්තුව තුළ හෙළිදරව් කළ සමගි ජන බලවේගය මෙම දූෂිත වැඩපිළිවෙලටද තිත තැබීමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

    mehamada une??
    muge gon athal walata thiyana chanda tiakath nathi wei wage
     
    • Sad
    Reactions: amino

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    @2osama සමුහ දුෂණය වෙලා මැදමුලන පිළිකන්නේ හාමතේ..ඌ ව දුෂණය කරපු බලු රැල ට වලව්වෙන් කෑම දාලා..
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,522
    86,798
    113
    ආශ්චර්යමත් රටක
    @2osama සමුහ දුෂණය වෙලා මැදමුලන පිළිකන්නේ හාමතේ..ඌ ව දුෂණය කරපු බලු රැල ට වලව්වෙන් කෑම දාලා..

    @2osama පොප්සියා පවු, බඩගින්නටනෙ මේ ඔක්කොම කරන්නෙ 🙁🙁
     
    • Haha
    Reactions: 2osama and SLK_sri

    Similar threads