ජනතා බලය පරම බලය වේ
අගවිනිසුරුවරිය අපූරු ආදර්ශයක් දී තිබේ. එනම් තමන්ට එරෙහිව ඇති චෝදනා විමසුමට ලක් කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ඉවත්ව යාම ය. එසේ ම නැවත එයට සහභාගි නොවීමට තීරණය කිරීම ය.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් යනු ව්‍යවස්ථාවට අනුව කතානායකවරයා විසින් පත්කරනු ලබන්නකි. එවැනි ව්‍යවස්ථානුකූල ආයතනයක් හෑල්ලුවට පත් කිරීම, අගවිනිසුරු තනතුරට තරම් වන ක්‍රියාවක් දැ’යි විමසා බැලීම වටී.
නීති විශාරදයන්ගේ ආකල්පය වන්නේ එය වැරදි පූර්වාදර්ශයක් බවයි. විශේෂයෙන් ව්‍යවස්ථාවට අවනතවීම පිළිබඳව මහඟු පූර්වාදර්ශයක් දිය යුතු තැනකින් වැරදි පූර්වාදර්ශයක් කලඑළි බැසීම යහපත් සිද්ධියක් නොවේ.
ජනතා පරමාධිපත්‍යය බලය කේන්ද්‍රගත වී ඇති උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසින් ව්‍යවස්ථානුකූල ව පත් කරනු ලැබූ කාරක සභාවක් මෙසේ හෑල්ලුවට ලක්කිරීම අගවිනිසුරු තනතුරට කිසිසේත්ම නොගැළපෙන්නකි.
කිසියම් පුද්ගලයකුට එරෙහිව චෝදනාවක් නැඟෙන්නේ නම් ඒ චෝදනාවලින් නිදහස්වීම සඳහා චූදිතයා විසින් අනුගමනය කළ යුතු පැහැදිලි ක්‍රියා පිළිවෙතක් ඇත.
එනම් චෝදනා විමර්ශනය කරනු ලබන සභාව ඉදිරියට ගොස් තමන්ගේ නිරවද්‍යතාව ඔප්පු කිරීම ය. මේ සඳහා නීති විශාරදයන්ගේ ද සහයෝගය ලබාගත හැකි ය.
සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලියේදී ද සිදුවන්නේ එයම නොවේ ද?
එහෙත් අගවිනිසුරුවරියගේ පූර්වාදර්ශය කියාපාන්නේ කුමක්ද?
මින් පසු පත් කෙරෙන ඕනෑම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉදිරියේ පෙනී සිටීමට චූදිතයන් ඉදිරිපත් නොවුවහොත් ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදනවලට සිදුවන්නේ කුමක්ද?
නීති විශාරදයන් කණ්ඩායමක් ද සමඟ තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ව්‍යවස්ථාව විසින් ම අවස්ථාව ලබාදී තිබියදීත් මෙවැනි පියවරක් ගැනීම කියාපාන්නේ මින්පසු ඕනෑම චූදිතයකුට ව්‍යවස්ථානුකූල සභාවකට නොපැමිණ තමන්ගේ හිතුමනාප තීරණයක් මත පියවර ගත හැකි බව ද?
පරම බලය ඇත්තේ ජනතාවට ය. ජනතාවගේ පරම බලය ජනතාව විසින් පවරාදී ඇත්තේ පාර්ලිමේන්තුවට ය. පාර්ලිමේන්තුව මෙහෙයවන්නේ කතානායකවරයා විසිනි. එබැවින් කතානායකවරයා ව්‍යවස්ථානුකූලව පත් කරනු ලබන සභාවක් යනු ජනතාවගේ පරමබලය මත පදනම් වූ එකකි. එවැන්නක් හෑල්ලු කිරීම කවරකු විසින් හෝ නොකළ යුත්තකි.
චූදිතයා නොපැමිණිය ද තේරීම් කාරක සභාවක විමර්ශන කටයුතු නවතින්නේ නැත. මන්ද තේරීම් කාරක සභාව විසින් කතානායකවරයාට චෝදනා පිළිබඳව වාර්තාවක් භාරදීම අනිවාර්යයෙන් කළ යුතු බැවිනි.
එබැවින් මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ද අගවිනිසුරුවරියට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශන කටයුතු දිගටම සිදු නොකිරීමට හේතු කාරණා නැත.
මන්ද යත් එය ව්‍යවස්ථානුකූල විමසුම් සභාවක් බැවිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 117 ක ගේ අස්සන් සහිත චෝදනාවලියක් සම්බන්ධව ක්‍රියාකිරීමට කතානායකවරයා බැඳී සිටී. කතානායකවරයාට වාර්තාවක් ලබාදීමට පත්කරනු ලැබූ තේරීම් කාරක සභාව බැඳී සිටී.
එම වාර්තාව යළි පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කතානායකවරයා බැඳී සිටී. එම වාර්තාවේ නිර්දේශ අනුමත කිරීම හෝ නොකිරීම පාර්ලිමේන්තුවේ වගකීමයි. ඒ සියල්ල සිදුවන්නේ ව්‍යවස්ථානුකූලව නම් ඒ ක්‍රියාවලියට අභියෝග කිරීමට කිසිවකුට හෝ නොහැකි ය.
මන්ද ජනතා පරමාධිපත්‍යයට අභියෝග කිරීමට කිසිවකුට හෝ නොහැකි බැවිනි. එයට අභියෝග කළ හැක්කේ ජනතාවට ම පමණි.
අන් සියලු දෙනාම ජනතා පරමාධිපත්‍යයට යටත් විය යුතු ය.
ජනතා පරමාධිපත්‍ය ක්‍රියාවලියක් ඉදිරියේ පොල් ගැසීමට හෝ පිරිත් නූල් ගැට ගැසීමට හිමිවන්නේ කුමන ස්ථානයක් දැයි ජනතාව විසින් තීන්දු කරනු ඇත.
ජනතා බලය, පරම බලය වේ.
silumina.lk

nithiya wikunapu para balli horakam karapuwa rajasanthaka karanna ona.