ජනතා බලය පරම බලය වේ

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ජනතා බලය පරම බලය වේ

    අගවිනිසුරුවරිය අපූරු ආදර්ශයක් දී තිබේ. එනම් තමන්ට එරෙහිව ඇති චෝදනා විමසුමට ලක් කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ඉවත්ව යාම ය. එසේ ම නැවත එයට සහභාගි නොවීමට තීරණය කිරීම ය.

    පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් යනු ව්‍යවස්ථාවට අනුව කතානායකවරයා විසින් පත්කරනු ලබන්නකි. එවැනි ව්‍යවස්ථානුකූල ආයතනයක් හෑල්ලුවට පත් කිරීම, අගවිනිසුරු තනතුරට තරම් වන ක්‍රියාවක් දැ’යි විමසා බැලීම වටී.

    නීති විශාරදයන්ගේ ආකල්පය වන්නේ එය වැරදි පූර්වාදර්ශයක් බවයි. විශේෂයෙන් ව්‍යවස්ථාවට අවනතවීම පිළිබඳව මහඟු පූර්වාදර්ශයක් දිය යුතු තැනකින් වැරදි පූර්වාදර්ශයක් කලඑළි බැසීම යහපත් සිද්ධියක් නොවේ.

    ජනතා පරමාධිපත්‍යය බලය කේන්ද්‍රගත වී ඇති උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසින් ව්‍යවස්ථානුකූල ව පත් කරනු ලැබූ කාරක සභාවක් මෙසේ හෑල්ලුවට ලක්කිරීම අගවිනිසුරු තනතුරට කිසිසේත්ම නොගැළපෙන්නකි.

    කිසියම් පුද්ගලයකුට එරෙහිව චෝදනාවක් නැඟෙන්නේ නම් ඒ චෝදනාවලින් නිදහස්වීම සඳහා චූදිතයා විසින් අනුගමනය කළ යුතු පැහැදිලි ක්‍රියා පිළිවෙතක් ඇත.

    එනම් චෝදනා විමර්ශනය කරනු ලබන සභාව ඉදිරියට ගොස් තමන්ගේ නිරවද්‍යතාව ඔප්පු කිරීම ය. මේ සඳහා නීති විශාරදයන්ගේ ද සහයෝගය ලබාගත හැකි ය.

    සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලියේදී ද සිදුවන්නේ එයම නොවේ ද?

    එහෙත් අගවිනිසුරුවරියගේ පූර්වාදර්ශය කියාපාන්නේ කුමක්ද?

    මින් පසු පත් කෙරෙන ඕනෑම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉදිරියේ පෙනී සිටීමට චූදිතයන් ඉදිරිපත් නොවුවහොත් ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදනවලට සිදුවන්නේ කුමක්ද?

    නීති විශාරදයන් කණ්ඩායමක් ද සමඟ තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ව්‍යවස්ථාව විසින් ම අවස්ථාව ලබාදී තිබියදීත් මෙවැනි පියවරක් ගැනීම කියාපාන්නේ මින්පසු ඕනෑම චූදිතයකුට ව්‍යවස්ථානුකූල සභාවකට නොපැමිණ තමන්ගේ හිතුමනාප තීරණයක් මත පියවර ගත හැකි බව ද?

    පරම බලය ඇත්තේ ජනතාවට ය. ජනතාවගේ පරම බලය ජනතාව විසින් පවරාදී ඇත්තේ පාර්ලිමේන්තුවට ය. පාර්ලිමේන්තුව මෙහෙයවන්නේ කතානායකවරයා විසිනි. එබැවින් කතානායකවරයා ව්‍යවස්ථානුකූලව පත් කරනු ලබන සභාවක් යනු ජනතාවගේ පරමබලය මත පදනම් වූ එකකි. එවැන්නක් හෑල්ලු කිරීම කවරකු විසින් හෝ නොකළ යුත්තකි.

    චූදිතයා නොපැමිණිය ද තේරීම් කාරක සභාවක විමර්ශන කටයුතු නවතින්නේ නැත. මන්ද තේරීම් කාරක සභාව විසින් කතානායකවරයාට චෝදනා පිළිබඳව වාර්තාවක් භාරදීම අනිවාර්යයෙන් කළ යුතු බැවිනි.

    එබැවින් මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ද අගවිනිසුරුවරියට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශන කටයුතු දිගටම සිදු නොකිරීමට හේතු කාරණා නැත.

    මන්ද යත් එය ව්‍යවස්ථානුකූල විමසුම් සභාවක් බැවිනි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 117 ක ගේ අස්සන් සහිත චෝදනාවලියක් සම්බන්ධව ක්‍රියාකිරීමට කතානායකවරයා බැඳී සිටී. කතානායකවරයාට වාර්තාවක් ලබාදීමට පත්කරනු ලැබූ තේරීම් කාරක සභාව බැඳී සිටී.

    එම වාර්තාව යළි පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කතානායකවරයා බැඳී සිටී. එම වාර්තාවේ නිර්දේශ අනුමත කිරීම හෝ නොකිරීම පාර්ලිමේන්තුවේ වගකීමයි. ඒ සියල්ල සිදුවන්නේ ව්‍යවස්ථානුකූලව නම් ඒ ක්‍රියාවලියට අභියෝග කිරීමට කිසිවකුට හෝ නොහැකි ය.

    මන්ද ජනතා පරමාධිපත්‍යයට අභියෝග කිරීමට කිසිවකුට හෝ නොහැකි බැවිනි. එයට අභියෝග කළ හැක්කේ ජනතාවට ම පමණි.

    අන් සියලු දෙනාම ජනතා පරමාධිපත්‍යයට යටත් විය යුතු ය.

    ජනතා පරමාධිපත්‍ය ක්‍රියාවලියක් ඉදිරියේ පොල් ගැසීමට හෝ පිරිත් නූල් ගැට ගැසීමට හිමිවන්නේ කුමන ස්ථානයක් දැයි ජනතාව විසින් තීන්දු කරනු ඇත.

    ජනතා බලය, පරම බලය වේ.

    silumina.lk
     
    • Like
    Reactions: yushara

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ දෙබි&

    ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ දෙබිඩි ජීවිතය
    shirani.jpg

    ඕනෑම රටක ඉහළතම ශ්‍රේෂ්ඨාධිකරණ නිලධාරියා වන්නේ අග්‍රවිනිශ්චයකාරවරයා ය. එවැනි පුද්ගලයෙකුගෙන් මුළු රට ම ඉතා ඉහළ මට්ටමේ හැසිරීමක්, විනයක් සහ යහපත් ක්‍රියාපටිපාටියක් බලාපොරොත්තු වනු ඇත. එහෙයින්, එම ධූරය දරන පුද්ගලයෙකු ඉහළතම අවංකභාවයක් අනුගමනය කළ යුතු ය.

    එපමණක් නොව, එම තනතුර දරන පුද්ගලයෙකු විසින් සමහරවිට මනුෂ්‍යයෙක් හැටියට ඉඳහිට වරදක් සිදු වූවත්, ඕනෑකමින් විනය කඩකිරීමක් හෝ දූෂිත ක්‍රියාවලියක යෙදීමක් කිසි විටෙක සිදු නොකළ යුතුය. එමෙන්ම, ඒ පුද්ගලයා තමාගේ ක්‍රියාපටිපාටිය ගැන කිසිදු ප්‍රශ්නාර්ථයක් මතු නොවන්නට ද, සැලකිලිමත් විය යුතු ය.

    ඊට අමතරව, තම මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් කිසිදු විෂමතාවයක් නොමැතිව කටයුතු කිරීමට ද අගවිනිසුරුවරු වග බලා ගත යුතුය. තත්ත්වය මෙසේ තිබියදී, වර්තමාන අගවිනිසුරු තුමිය වන ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එවැනි තලයේ ක්‍රියාපටිපාටියක් අනුගමනය නොකරන බව ඉතා පැහැදිලිය.

    මුදල් විශුද්ධිකරණය

    බොහෝ දෙනෙක් දන්නා පරිදි, මුදල් විශුද්ධිකරණය ගැන සැක මතුකරන කටයුතු කීපයක් අද වන විට එම විෂයට සම්බන්ධ අය හඳුන්වා දී ඇත. මේවා අතර ප්‍රමුඛ ස්ථානයක් ලබාගන්නා ක්‍රියාමාර්ග නම්:

    (අ) යම් පුද්ගලයෙකු බැංකු ගිණුම් සමූහයක් පවත්වාගෙන යාම. ඒ හරහා ගනුදෙනුවල වටිනාකම සහ සුලභභාවය වසන් කර ගැනීමට උපක්‍රමයක් ලෙස එම ගිණුම් පාවිච්චි කරනු ඇත.

    (ආ) බැංකු ගිණුම් කෙටි කාලයක් තුළදී පමණක් පාවිච්චි කරමින් ගිණුම් රාශියක් විවෘත කිරීම සහ වසා දැමීම. මෙයින් පෙනී යන්නේ, සමහරවිට, ගිණුම පාවිච්චි කරන පුද්ගලයා නීති විරෝධී ගනුදෙනුවක් සඳහා ගිණුමක් පාවිච්චි කොට, එම ගනුදෙනුව හමාර වූ පසු එය වසා දමා ඒ පිළිබඳව තොරතුරු දිගින් දිගටම පවත්වාගෙන යාම අත්හිටුවීමයි.

    (ඇ) සාමාන්‍යයෙන් ගිණුම් පරීක්ෂා කරන බලධාරීන් ගිණුම් පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්නේ එම ගිණුම්වල දෙසැම්බර් මස අග හෝ මාර්තු මස අග පවතින ශේෂයන් පිළිබඳවය. මුදල් විශුද්ධිකරණ පුද්ගලයින් බොහෝ දෙනෙක් මේ බව දන්නා හෙයින් එවැනි දිනවල වැඩි අගයකින් යුතු ගනුදෙනු පවත්වා නොගෙන ඒවාවල ඇති ශේෂය අඩු එකක් බවට හෝ ශුන්‍ය බවට පත්කර ගැනීමත් තවත් ක්‍රමවේදයකි.

    මෙම ඉහත කී කරුණු වෙත අවධානය යොමු කරමින්, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ජාතික සංවර්ධන බැංකුවේ පවතින එක ගිණුමක් (අංක 101110002058) පිළිබඳව විග්‍රහයක් කරන්නේ නම් පහත පෙන්වා දී ඇති කරුණු මතු වන්නේය.

    ශේෂය ශුන්‍ය කිරීම

    1. 2007 / 2008 වසර තුළදී ආචාර්ය බණ්ඩාරනායක මහත්මිය ඉහත කී ගිණුමෙහි හර කිරීම් 4 ක් තුළින් රු. 5,524,875.25 ද බැර කිරීම් 8 ක් තුළින් රු. 5,524,875.25 ද ගනුදෙනු කර ඇත. 2008 පෙබරවාරි මස 8 දින, එම ගිණුමේ රු. 674,323.52 තිබුණි. එදින එම සම්පූර්ණ මුදල ගිණුමෙන් ඉවත් කර ගනිමින් ශේෂය ශුන්‍ය බවට පත් කර ඇත. එම තත්ත්වය 2008 මාර්තු මස 31 දා තෙක් පවත්වා ගෙන යන ලදී.

    ඒ අනුව, ආචාර්ය බණ්ඩාරනායක මහත්මිය තම වත්කම් සහ බැරකම් ප්‍රකාශනයේ එම ගිණුම පිළිබඳව කිසිදු තොරතුරක් ලබා නොමැත. එහෙත්, වත්කම් හා බැරකම් ප්‍රකාශනයට අදාළ රෙගුලාසිවලින් කියා තිබෙන්නේ, ප්‍රකාශනය ලබාදෙන පුද්ගලයෙකු ශේෂය ශුන්‍ය වුවත් එම ගිණුම පිළිබඳව තොරතුරු ලබා දිය යුතු බවය.

    2. ඉහත කී ගිණුම 2008 මැයි 6 දින තෙක් පාවිච්චි නොකර ඇති අතර එදින රු. 519,534.55 ගිණුමට බැර කර ඇත. ඊට පසුව, රු. 31,860,754.47 වටිනා හර කිරීම 22 කින් ද, රු. 31,860,754.47 වටිනා බැර කිරීම් 41 කින් ද, 2009 පෙබරවාරි මස 3 දින තෙක් ගනුදෙනු මේ ගිණුමේ වාර්තා වී ඇත.

    ඉන් පසුව, 2009 පෙබරවාරි මස 3 දින ගිණුමේ තිබූ සම්පූර්ණ මුදල වූ 616,895.75 ගිණුමෙන් ඉවත්කර ගනිමින්, නැවත වරක් ගිණුමේ ශේෂය ශුන්‍ය බවට පත් කරන ලදී. ඒ ආකාරයට 2009 මාර්තු මස 31 දින ගිණුම ශුන්‍ය ශේෂයක් පෙන්නුම් කර ඇත. ඊට සමාන්තරව, ආචාර්ය බණ්ඩාරනායක දෙවෙනි වරටත් එම ගිණුම පිළිබඳව කිසිදු තොරතුරක් තම 2009 වත්කම් හා බැරකම් ප්‍රකාශනයේ සඳහන් නොකර ඇත.

    3. 2009 ජූලි මස 3 දා තෙක් ඉහත කී ගිණුමේ ශුන්‍ය තත්ත්වය පවත්වාගෙන යන ලද අතර, එදින වන රු. 500,000.00 ක මුදලක් ගිණුමට බැර කොට ඇත. ඊට පසුව, 2010 ජනවාරි 13 දා තෙක් මෙම ගිණුම ක්‍රියාකාරී අන්දමට පවත්වා ගෙන යමින් බැර 18 ක් හරහා රු. 15,508,794.63 සහ හර කිරීම් 10 ක් හරහා රු. 15,508,794.63 වාර්තා වෙමින් ගිණුම පවත්වාගෙන ඇත.

    එහෙත්, 2010 ජනවාරි 13 දින ගිණුමේ අඩංගුව තිබූ මුළු මුදල වන රු. 700,078.18 ගිණුමෙන් ඉවත් කරන ලද අතර, නැවත වරක් ගිණුමේ ශේෂය ශුන්‍ය බවට පත් කොට ඇත. එම තත්ත්වය දිගටම පවත්වාගෙන යමින් 2010 මාර්තු මස 30 දින තුන්වැනි වරටත් ගිණුමේ ශේෂය ශුන්‍ය වී ඇත. ඊට සමාන්තරව, ආචාර්ය බණ්ඩාරනායක මහත්මිය ලබා දෙන්නා වූ වත්කම් හා බැරකම් ප්‍රකාශනයෙන් මෙම ගිණුම පිළිබඳව කිසිදු තොරතුරක් ලබා නොදෙනු ඇත.

    4. ඉහත ආකාරයට ගිණුම ශුන්‍ය ලෙස පවත්වාගෙන ගොස් 2010 අපේ‍්‍රල් මස 7 වැනි දින නැවත වරක් ගිණුමට රු. 910,473.22 ක මුදලක් බැර කොට ඇත. ඊට පසුව, එම ගිණුම පෙරටත් වඩා සක්‍රීය ලෙස පවත්වාගෙන යමින් රු. 57,488,454.95 වටිනා හර ගනුදෙනු 27 කින් ද, රු. 57,488,454.95 ක් වටිනා බැර ගනුදෙනු 37 කින් ද, 2011 පෙබරවාරි 18 දින තෙක් පවත්වාගෙන යන ලදී.

    එහෙත්, නැවත වරක් ගිණුමේ තිබෙන සම්පූර්ණ මුදල වන රු. 2,057,098.56 මුදල 2011 පෙබරවාරි මස 18 දින ඉවත් කර ගනිමින්, ගිණුම නැවතත් ශුන්‍ය බවට පත් කොට ඇත. ඒ ආකාරයට හතරවෙනි වරටත් ගිණුමේ ශේෂය 2011 මාර්තු මස 31 දින වන විට ශුන්‍ය කරන ලදී. ඊට සමාන්තරව හතරවෙනි වරටත් ආචාර්ය බණ්ඩාරනායක මහත්මිය එම ගිණුම පිළිබඳව, තම වත්කම් හා බැරකම් ප්‍රකාශනයේ කිසිදු තොරතුරක් ලබා නොදෙනු ඇත.

    ගිණුම් සක්‍රිය මට්ටමට

    5. ගිණුම ශුන්‍ය තත්ත්වයේ 2011 මැයි මස 5 දා තෙක් පවත්වාගෙන යනු ලැබ ඇත. ඊට පසුව, මේ වන විට ඉතා පැහැදිලි ලෙස කෙරෙන ක්‍රියාවලිය අනුව, නැවත වරක් ගිණුමට රු. 974,280.39 බැර කොට ඇත. ඊට පසුව, ඉතා දැවැන්ත ලෙස ගිණුම සක්‍රීය මට්ටමකට පිවිසෙමින් 2012 මාර්තු මස 30 දා තෙක් බැර ගනුදෙනු 171 තුළින් රු. 256,414,342.34 ද හර ගනුදෙනු 88 ක් මඟින් රු. 256,416,639.42 ද වශයෙන් මෙම ගිණුම පෝෂණය කොට ඇත.

    එහෙත්, 2012 මාර්තු මස 30 දින ගිණුමේ පවතින මුළු මුදල වන රු. 10,047,779.95 සම්පූර්ණයෙන්ම ඉවත් කර ගනිමින් පස්වෙනි වරටත් ගිණුමේ ශේෂය ශුන්‍ය බවට පත් කොට ඇත. ඒ අනුව, නැවතත් 2012 මාර්තු මස 31 දා වන විට ගිණුමේ ශේෂය ශුන්‍ය වී ඇත. ඊට සමාන්තරව, පස්වෙනි වරටත් ආචාර්ය බණ්ඩාරනායක මහත්මිය තම වත්කම් හා බැරකම් ප්‍රකාශනයේ මෙම ගිණුම පිළිබඳව කිසිවක් සඳහන් කර නැත.

    6. 2012 අපේ‍්‍රල් මස 5 දින එම ගිණුමට නැවත වරක් රු. 10,047,779.95 බැර කිරීමෙන්, නැවතත් ගිණුම සක්‍රීය මට්ටමකට පත් කොට ඇත.

    ඉහත කී දැවැන්ත මෙහෙයුමෙන් පෙනී යන්නේ එම මෙහෙයුම් ඉතා සූක්ෂම ලෙස සහ සැලසුම් සහගතව කරන ලද එකක් බවය. එවැනි ගනුදෙනු කිරීම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු කෙනෙකුගෙන් නොව, සාමාන්‍ය පුද්ගලයෙකුගෙන්වත් බලාපොරොත්තු විය නොහැකි ගනුදෙනු මාලාවකි. එම ගිණුමේ පරිහරණය වූ මුදල් ප්‍රමාණය අගයන්වල දැවැන්ත භාවයෙන් ද තීරණාත්මක දිනවල සිතා මතා ගිණුම් ශේෂයේ අගය ශුන්‍ය බවට පත් කිරීමෙන් ද පෙනී යන්නේ එම ගිණුම පිළිබඳව තොරතුරු අනාවරණය කිරීමට, ගිණුම් හිමියාට දැඩි අකමැත්තක් තිබූ බවය.

    එවැනි ක්‍රියාමාර්ගයක් සාමාන්‍යයෙන් කරන්නේ යම් දෙයක් සඟවා ගැනීමටත් ඒ පිළිබඳව තොරතුරු ලබා ගැනීම අපහසු කිරීමටත් අරමුණු කරන පුද්ගලයෙකි. සාමාන්‍යයෙන් එවැනි ක්‍රියාමාර්ගයක යෙදෙන්නේ ඉහළ මට්ටමේ මුදල් විශුද්ධිකරණ පුද්ගලයෙකු හෝ බදු පැහැර හරින පුද්ගලයෙකු හෝ වෙනත් නීති විරෝධී කටයුත්තක නිරත වන පුද්ගලයෙකු පමණි.

    එහෙයින්, ආචාර්ය බණ්ඩාරනායක මහත්මිය පළමුව ඇයගේ මහාධිකරණ විනිසුරු පදවිය ද, දෙවනුව ඇයගේ අගවිනිසුරු පදවිය ද වාසියක් ලෙස ගෙන ඇයගේ කටයුතු ගැන කිසියම් හෝ බලධාරියෙකු සෝදිසි කිරීමක් හෝ විභාග කිරීමක් නොකරනවා ඇතැයි යන විශ්වාසයෙන් මෙසේ කටයුතු කළායැයි ද ඉතා සාධාරණ සැකයක් පැන නැඟී ද ඇත.

    අපක්ෂපාතීව සිදුකිරීම

    මෙම ක්‍රියාපටිපාටිය විග්‍රහ කරන ඕනෑම කෙනෙකුට පෙනී යන්නේ එය අතිශයින්ම සැක සහිත සහ නීති විරෝධී තත්ත්වයක් මතු කරන එකක් බවය. තවද, එම කටයුතු ඕනෑකමින් කර ඇති බවත් ය. රටක අගවිනිසුරු පදවියේ කටයුතු කිරීම යනු, එම රටෙහි නීතිය එම අගවිනිසුරුවරයා වෙත බල නොපානු යැයි නොසිතිය යුතු ය.

    පුද්ගලයෙකුගේ පදවියේ උස් පහත් භේදය රටක නීතිය බලපැවැත්වීම කෙරෙහි බලපාන්නේ නැත. ඒ අනුව, ආචාර්ය බණ්ඩාරනායක මහත්මිය ගේ මෙම දැඩි සැකයක් මතු කරන මූල්‍ය ගනුදෙනු විභාග කිරීම ආරම්භ කිරීමේ කාලය දැන් එළඹ ඇත. එම කටයුතු ඉතාමත් අපක්ෂපාතීව සිදු කරවීමට නම් තවදුරටත් ඇයට රටේ අගවිනිසුරු පදවිය හොබවීමට නොහැකි බැව් ඕනෑම කෙනෙකුට සක්සුදක් සේ පැහැදිලි ය.

    silumina.lkි
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔය ඔක්කොම එකයි බන් රජාගේ ඉදලා අද පොඩි තැන දක්වා තියෙන්නේ දූෂණය. එකෙක්ට විතරක් බැනලා වැඩක් නෑ හැමෝම එකයි ආණ්ඩුවේ.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හරි දැන් අගවිනිසුරු හොරකම් කරාම කියමුකෝ.
    දැන් එතකොට එයා කරපු හොරක්ම් හොයන්න ආණ්ඩුවෙන් දාලා
    ඉන්නෙ කිසිම හොරකමක්, වංචාවක් කරලා නැති අඩුම තරමේ දූෂණ
    චෝදනාවක්වත් එල්ලවෙලා නැති සත්ගුණවත් උපාසක මහත්වරු ටිකක්ද ? :lol::lol::lol:
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    හරි දැන් අගවිනිසුරු හොරකම් කරාම කියමුකෝ.
    දැන් එතකොට එයා කරපු හොරක්ම් හොයන්න ආණ්ඩුවෙන් දාලා
    ඉන්නෙ කිසිම හොරකමක්, වංචාවක් කරලා නැති අඩුම තරමේ දූෂණ
    චෝදනාවක්වත් එල්ලවෙලා නැති සත්ගුණවත් උපාසක මහත්වරු ටිකක්ද ? :lol::lol::lol:

    chodana thiyenawanam ewatath nadu danna puluwan. nithiya katath adala wenawa
     

    zod

    Member
    Nov 7, 2012
    129
    4
    0
    ado oki kasippu karayanwath aliyata danawa...................salli walata rupiyal laxsha 1000000
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි දැන් අගවිනිසුරු හොරකම් කරාම කියමුකෝ.
    දැන් එතකොට එයා කරපු හොරක්ම් හොයන්න ආණ්ඩුවෙන් දාලා
    ඉන්නෙ කිසිම හොරකමක්, වංචාවක් කරලා නැති අඩුම තරමේ දූෂණ
    චෝදනාවක්වත් එල්ලවෙලා නැති සත්ගුණවත් උපාසක මහත්වරු ටිකක්ද ? :lol::lol::lol:


    ah ethakota me post eka dala thiyenne kisima wanchawak dushanayak horakamak nokarapu suddawanthayekda? :lol::lol::lol:
     

    Similar threads