ජනපතිගේ ඕස්ටේ්රලියානු සංචාරයෙන් ජයග&a
ජනපතිගේ ඕස්ටේ්රලියානු සංචාරයෙන් ජයග්‍රහණ රැසක්

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඕස්ටේ්රලියානු සංචාරයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට හැකි වී තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලයේ 22 රාජ්‍ය නායක සැසිවාරයට සහභාගිවීමටයි ජනාධිපතිවරයා ඕස්ටේ්රලියාව බලා පිටත්ව ගියේ. බි්රතාන්ය මහ රැජිණගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (28) පර්ත් නුවර දී රාජ්‍ය නායක සමුළුව ඇරඹුණා. මීට රටවල් 54ක නියෝජිතයන් එක්ව සිටිනවා.
ජනාධිපතිවරයා ඕස්ටේ්රලියාවට ලගා වූ පසු මුහුණ දීමට සිදුවූ ප්‍රධාන අභියෝගයක් වූයේ ඕස්ටේ්රලියානු පුරවැසිභාවය සහිත ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකු වන අරුණාචලම් ජෙගදීස්වරන් නැමැත්තා යුද අපරාධ චෝදනා යටතේ ජනාධිපතිවරයාට එරෙහිව නඩුවක් ගොනු කර තිබීමයි.
එහෙත් ඕස්ටේ්රලියානු අගමැතිනි ජුලියා ගිලාඞ් කියා සිටියේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එරෙහිවීමේ හැකියාවක් නොමැති බවයි. එමෙන්ම ඕස්ටේ්රලියානු නීතිපති, රොබට් මැක්ලන්ඞ්, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එරෙහි චෝදනා විභාග කිරීමේ හැකියාවක් නොමැති බව පැහැදිලිව කියා සිටියේ රාජතාන්ත්‍රික මුක්තිය ද සිහිපත් කරමින්.
කෙසේ වෙතත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඕස්ටේ්රලියාවට යාමට පෙර මීළග පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබද විවිධ රටවල් විවිධ අදහස් පළ කළා. කැනඩාව ප්‍රකාශ කර තිබුණේ එම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තමන් එරෙහි වන බවයි.
එහෙත් මීළග පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව ඕස්ටේ්රලියාව පැහැදිලිව සදහන් කළ අතර ඉන්දියාවේ විදේශ ලේකම්, රන්ජන් මාතායි මාධ්‍ය හමුවේ පැවසුවේ අදාළ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ තීරණය වෙනසක් නොමැති බවයි. 2013 දී පැවැත්වෙන එම සමුළුවට සහාය දෙන බව බංග්ලාදේශ අගමැතිනි ශීක් හසීනා ද ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී අවධාරණය කළා.
මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලය සඳහා මානව හිමිකම් මහකොමසාරිස්වරයෙකු පත් කිරීමේ යෝජනාවක් සමුළුවට ඉදිරිපත් වූ අතර බි්රතාන්ය, කැනඩාව, නවසීලන්තය එහි නියමුවන් ලෙස කි‍්‍රයා කළා. එහෙත් අප්‍රිකාව, ඉන්දියාව ඊට විරෝධය පළ කළ අතර ශ්‍රී ලංකාවට ඔවුන් සමග එක්ව සිටියා. මෙය පොදුරාජ්‍ය මණ්ලයේ බෙදිමක් ඇති කළ හැකි යෝජනාවක් ලෙස සැලකෙනවා. කෙසේ වෙතත් පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ශර්මා පැවසුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕනෑම විටක පෙනී සිටීමට සූදානම් බවයි.
කෙසේ වෙතත් පසුගිය බදාදා (26) අමාත්‍ය මහින්ද සමරසිංහ, ජගත් මහලේකම් බෑන් කී මුන් හමුවූයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පැහැදිලි කිරීමටයි. එහිදී මානව හිමිකම් පිළිබද සැලැස්ම මෙන්ම දරුස්මාන් වාර්තාව පිළිබද ශ්‍රී ලංකාවේ අදහස ද ඉදිරිපත් කළා.

ජනපතිගේ ඕස්ටේ්රලියානු සංචාරයෙන් ජයග්‍රහණ රැසක්

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඕස්ටේ්රලියානු සංචාරයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට හැකි වී තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලයේ 22 රාජ්‍ය නායක සැසිවාරයට සහභාගිවීමටයි ජනාධිපතිවරයා ඕස්ටේ්රලියාව බලා පිටත්ව ගියේ. බි්රතාන්ය මහ රැජිණගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (28) පර්ත් නුවර දී රාජ්‍ය නායක සමුළුව ඇරඹුණා. මීට රටවල් 54ක නියෝජිතයන් එක්ව සිටිනවා.
ජනාධිපතිවරයා ඕස්ටේ්රලියාවට ලගා වූ පසු මුහුණ දීමට සිදුවූ ප්‍රධාන අභියෝගයක් වූයේ ඕස්ටේ්රලියානු පුරවැසිභාවය සහිත ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකු වන අරුණාචලම් ජෙගදීස්වරන් නැමැත්තා යුද අපරාධ චෝදනා යටතේ ජනාධිපතිවරයාට එරෙහිව නඩුවක් ගොනු කර තිබීමයි.

එහෙත් ඕස්ටේ්රලියානු අගමැතිනි ජුලියා ගිලාඞ් කියා සිටියේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එරෙහිවීමේ හැකියාවක් නොමැති බවයි. එමෙන්ම ඕස්ටේ්රලියානු නීතිපති, රොබට් මැක්ලන්ඞ්, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එරෙහි චෝදනා විභාග කිරීමේ හැකියාවක් නොමැති බව පැහැදිලිව කියා සිටියේ රාජතාන්ත්‍රික මුක්තිය ද සිහිපත් කරමින්.
කෙසේ වෙතත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඕස්ටේ්රලියාවට යාමට පෙර මීළග පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබද විවිධ රටවල් විවිධ අදහස් පළ කළා. කැනඩාව ප්‍රකාශ කර තිබුණේ එම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තමන් එරෙහි වන බවයි.
එහෙත් මීළග පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව ඕස්ටේ්රලියාව පැහැදිලිව සදහන් කළ අතර ඉන්දියාවේ විදේශ ලේකම්, රන්ජන් මාතායි මාධ්‍ය හමුවේ පැවසුවේ අදාළ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ තීරණය වෙනසක් නොමැති බවයි. 2013 දී පැවැත්වෙන එම සමුළුවට සහාය දෙන බව බංග්ලාදේශ අගමැතිනි ශීක් හසීනා ද ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී අවධාරණය කළා. මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලය සඳහා මානව හිමිකම් මහකොමසාරිස්වරයෙකු පත් කිරීමේ යෝජනාවක් සමුළුවට ඉදිරිපත් වූ අතර බි්රතාන්ය, කැනඩාව, නවසීලන්තය එහි නියමුවන් ලෙස කි‍්‍රයා කළා. එහෙත් අප්‍රිකාව, ඉන්දියාව ඊට විරෝධය පළ කළ අතර ශ්‍රී ලංකාවට ඔවුන් සමග එක්ව සිටියා. මෙය පොදුරාජ්‍ය මණ්ලයේ බෙදිමක් ඇති කළ හැකි යෝජනාවක් ලෙස සැලකෙනවා. කෙසේ වෙතත් පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ශර්මා පැවසුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕනෑම විටක පෙනී සිටීමට සූදානම් බවයි.
කෙසේ වෙතත් පසුගිය බදාදා (26) අමාත්‍ය මහින්ද සමරසිංහ, ජගත් මහලේකම් බෑන් කී මුන් හමුවූයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පැහැදිලි කිරීමටයි. එහිදී මානව හිමිකම් පිළිබද සැලැස්ම මෙන්ම දරුස්මාන් වාර්තාව පිළිබද ශ්‍රී ලංකාවේ අදහස ද ඉදිරිපත් කළා.

Code:
http://hirunews.lk/sinhala/political-37
Last edited: