ජනපතිගේ තවත් ඡන්ද ප්‍රෝඩාවක්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ජනපතිගේ තවත් ඡන්ද ප්‍රෝඩාවක්

රු.2500 ක් වැටුප් වැඩි කිරීම ජනපතිගේ ඡන්ද ප්‍රෝඩාවක් - ලාල් කාන්ත දේශීය 2010 ජනවාරි 11 වෙනි සදුදා, 21:48
lalkantha2.jpg
වැඩ කරන ජනතාවගේ සියලූ බලාපොරොත්තු කඩ කරන ලද ආණ්ඩුව ජනාධිපති මැතිවරණය සහ එහි තැපැල් ඡන්ද විමසීම අභියස තිබියදී ලබන අයවැයෙන් රු.2500 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බව පැවසීම රාජ්‍ය සේවකයින් මුලා කිරීමේ අරමුණින් සිදු කරනු ලැබු තවත් ඡන්ද ප්‍රෝඩාවක් පමණක් බව ජතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත මහතා නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

"රාජ්‍ය සේවයේ ඇතුළු පෞද්ගලික හා වතු කෙෂ්ත්‍රයේ සියලූ වැඩ කරන ජනතාවගේ මුලික වැටුප වැඩිවන ජීවන වියදමට සරිලන සේ වැඩි කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටියත් එය නොසලකා කටයුතු කරන ලද ආණ්ඩුවට මෙලෙස මැතිවරණය අභියස තිබියදී නව පොරොන්දු ලබාදීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවද ප්‍රථමයෙන් මෙහිදී පැවසිය යුතුය.

නව වැටුප් වැඩිවීම් ලබාදීම කෙසේ වෙතත් 2009 ජනවාරි මස සිට ලබාදිය යුතු සංස්ථාල මණ්ඩල අධිකාරි සේවකයින්ගේ වැටුප් වැඩිවීම ද මේවන තෙක් ආණ්ඩුව ලබාදීමට පියවර ගෙන නැත. තෙල්, විදුලි, වරාය සහ ජල සේවකයින් පසුගිය දා ක්‍රියාත්මක කරන ලද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හමුවේ ගිය ජනවාරියේ සිට ඔවුන්ට හිමිවිය යුතු වැටුප් වර්ධකය විශාල කප්පාදුවක් සහිතව නොවැම්බර් මස සිට ලබාදීමට එකඟ වී ඇතත් එම හිඟ වැටුප් වැඩිවීම ද ලබාදීමට නියමිතව ඇත්තේ මෙම ජනවාරි වැටුප සඳහාය. එපමණක් නොව මෙහිදී වසර 03 කට පසු ඉහත ආයතන 04 ට ලබාදෙන එකම වැටුප් වැඩිවීම එය වුවද එය ප්‍රතිශතාත්මකව 10% කට ආසන්න කිසිසේත් ප්‍රමාණවත් නොවු වැටුප් වර්ධකයක් බව පැවසිය යුතුය.

සියලූ රජයේ සේවකයින් සඳහා ලබාදිය යුතු මාසික ජීවන අංක දීමනාව රු. 375% ක් ගිය වසරේ ජුලි මස සිට මේවන තෙක් ලබාදී නැත. ඒ අනුව පසුගිය මාස 06 ක් සඳහා ලැබිය යුතු හිඟ ජීවන අංක දීමනාව (375X6 = රු.2250 ක් වුවත් මේ වන විට රජයේ සේවකයින්ට හිමි විය යුතු එම හිඟ මුදලින් ආණ්ඩුවට ගෙවීමට තීරණය කර ඇත්තේ රු.1500 ක් පමණි. එම මුදලද ආණ්ඩුව ගෙවීමට මතක් වී ඇත්තේ තැපැල් ඡන්ද විමසීම අභියස තිබියදීම බව පෙන්වා දිය යුතුය.

ඒ අනුව සංස්ථා, මණ්ඩල, අධිකාරි සේවකයින්ට 2009 ජනවාරි සිට හිමිවිය යුතු වැටුප් වැඩිවීම ලබා නොදීමද, සියලූ රාජ්‍ය සේවකයින්ට හිමි ජීවන අංක දීමනාව කප්පාදු කිරීමද, ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ අයිතීන් කප්පාදු කර ඇති ආකාරය තහවුරු කරන නිදසුන් දෙකක් පමණි.

මෙලෙස රාජ්‍ය සේවකයින්ට හිමි අයිතිවාසිකම් කප්පාදු කිරීමෙන් දළ ජීවන වියදම කොතෙක් වැඩි වුවද මුලික වැටුප මෙතෙක් වැඩි නොකිරිමෙන් දළ වැඩ කරන ජනතාව මුහුණ දෙන ජීවන දුෂ්කරතාවයන් ගැන කිසිදු සැලකිල්ලක් නොදැක් වු ආණ්ඩුව කඩිමුඩියේ ලබන අයවැයෙන් රු.2500% ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බව පැවසීම හුදු ඡන්ද ප්‍රෝඩාවක් පමණක් බව ඉතා පැහැදිලිය. අවසාන වශයෙන් මේ කිසිදු ප්‍රෝඩාවකින් වැඩ කරන ජනතාව රැවටිය නොහැකි බවත්, මැතිවරණ අභියසදී ආණ්ඩුව ලබාදෙන බොරු පොරොන්දු පිළිබඳ කිසිදු විශ්වාසයක් නැති මෙරට වැඩ කරන ජනතාව ඉදිරි අය වැය ඉදිරිපත් කිරීමේ කිසිදු හැකියාවක් වර්තමාන ආණ්ඩුවට ලබා නොදෙන බවද පැවසිය යුතුය."