ජනපතිට උපදෙස්දෙන ඥානක්කා

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,144
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    Ganakka-2020.12.29.jpg


    ජනපතිට උපදෙස්දෙන ඥානක්කා කව්ද ?

    December 29, 2020AdminLeave A CommentOn ජනපතිට උපදෙස්දෙන ඥානක්කා කව්ද ?
    මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ අන්දොලන්නතමක චරිතයක් බවට පත්ව සිටින ඥාණක්කා කව්දැයි අප කළ සොයා බැලීමකදී අනාවරණය වුයේ දේශපාලන ක්ෂේත්‍රයේ, ව්‍යාපාරික ලෝකයේ හා යුධ හමුදා ක්ෂේත්‍රයේ ප්‍රබලයින් ඇයව හඳුන්වන්නේ ‘ඥාණා මෑණියන්’ ලෙසින් බවයි.
    අනුරාධපුරයේ ගුවන් තොටුපල පාරේ දැවැන්ත දේවාලයක් පවත්වාගෙන යමින් සිටින ඇය දේවාරුඩයෙන් අනාවැකි කියනබව පැවසේ. ඇය හා පවුලේ සාමාජිකයින් මේවනවිට ලංකාවේ පමණක් නොව ලන්ඩනයේ පවා ව්‍යාපාර පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරිකයින් වේ.
    ඥාණක්කා අනුරාධපුර රෝහලේ සුළු සේවිකාවක් ලෙස සේවයකළ අයෙකි. 88-89 වකවානුවේදී ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් විසින් ඇයගේ සැමියා ඝාතනය කර ඇතැයි පැවසේ. ඇයට දේව ආරුඩයක් ලැබී ඇත්තේ සැමියාගේ මරණින් පසුවය.
    ඉතාමත් සුළුවෙන් දේවාලයක් පවත්වාගෙන ගිය ඇය සිය වැඩිමල් පුතා වැඩිදුර අධ්‍යාපනය සඳහා ලන්ඩනය වෙත යවා තිබුන අතර එහිදී එරට තරුණියක් විවාහ කරගෙන ඇත. ඔහු මේවනවිට දේවාලයට අයත් දේපල හා ව්‍යාපාර පාලනය කිරීම සඳහා දිවයිනට පැමිණ ඇති නමුත් බිරිඳ හා දරුවන් තවමත් පදිංචිව සිටින්නේ ලන්ඩනයේය. වැඩිමල් පුතා ලංකාවට එනතෙක් දේවාලයේ පරිපාලන කටයුතු සිදුකරනු ලැබුවේ ඥාණක්කා ගේ දියණිය හා බැනා විසිනි.
    මෛත්‍රීපාල ජනාධිපති වනබවට කිව් අනාවැකිය :
    ඥාණක්කා දේශපාලනික වශයෙන් ප්‍රසිද්ධියට පත්වන්නේ රාජපක්ෂ පාලන සමයේදී මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිටිය දී ඥාණක්කා හමුවීමට ගිය අවස්ථාවක දී ” දෙවෙනියා වෙන්න දඟලන්න එපා. ඉවසගෙන ඉන්න පලවනියා වෙන්න පුළුවන්” යයි ‘දේවාරුඩයෙන්’ කළා යයි කියන ප්‍රකාශයක් පසුකාලයකදී ප්‍රසිද්ධියට පත්වීමෙනි.
    කෙසේවුවද එම ප්‍රකාශයෙන් දින කිහිපයකට පසු ඥාණක්කා අනුරාධපුර රෝහලේ ප්‍රධාන දුරකථන සම්බන්ධතා නිලධාරිණිය ලෙස පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබිණ.
    ජනාධිපති බිරිඳගේ විශ්වාසය :
    ඇය හා ගෝඨාභය රාජපක්ෂ අතර ගනුදෙනු ඇරඹෙන්නේ 2015 රාජපක්ෂවරුන්ගේ පරාජයෙන් පසුවය. ඒ, ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ ඥාණක්කාගේ අනාවැකි සම්බන්ධයෙන් දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කිරීම නිසාය.
    ඥාණක්කා, ජනාධිපතිවරයාගේ හා බිරිඳගේ විශ්වාසවන්තම උපදේශකයකු බව අවබෝධකරගත් ආණ්ඩුවේ දේශපාලනඥයින් පමණක් නොව විවිධාකාරයේ චෝදනා තිබෙන විපක්ෂයේ ප්‍රබලයින් පවා ඇය හමුවීමට අවස්ථාවක් ලබාගැනීමට මාස ගණන් දින ගනිමින් සිටින බව වාර්තාවේ.
    අමාත්‍ය තනතුරක්, රාජ්‍ය අමාත්‍ය තනතුරක්, විනිසුරු ධුරයේ ඉහල පත්වීමක්, සංස්ථා සභාපතිකමක් ලබාගනීමට අපේක්ෂාකරන ආණ්ඩු පක්ෂයේ හිතවතුන් මේදිනවල යන්නේ පොහොට්ටු කාර්යාලයට හෝ අගමැති හෝ බැසිල් රාජපක්ෂ හමුවීමට නොව ඥාණක්කා හමුවීමට බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
    ”වැඩක් කර ගන්න ඕන නම් ඥානා මෑණියෝ ලඟට යන්න” මෙවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ නිතර දෙවේලේ ඇසෙන කතාවකි.
    එසේම, ව්‍යාපාරික ප්‍රබලයින්ද ඇයගේ සේවය බලාපොරොත්තුවෙන් මහ පරිමාණයෙන් උදව් උපකාර කරමින් සිටින අතර, ඇයගේ දේවාලය මේවනවිට රජයේ ටෙන්ඩර් ගනුදෙනු කොන්ත්‍රාත් තීන්දු කරන ස්ථානයක් බවටද පත්ව ඇතැයි වාර්තාවේ.
    අප වෙත වාර්තාවන ආකාරයට ජනාධිපති බිරිඳ හැරුණකොට ඥාණක්කාගේ වැඩිම විශ්වාසය දිනාගෙන ඇත්තේ, යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල දෑලබණ්ඩාර යි.


    ජනපතිට උපදෙස්දෙන ඥානක්කා කව්ද ? - Newswallet.lk
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන 🤪 😂 😝

    මොකද උඹල පුරුදුවෙන්න පුක දෙන එකෙක්යැ මේකේ

    රෙන පුකට මොන විච්චූරනද කියලා හොඳ බයි රචනාවක් ලියපන්කො
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    🤣🤣🤣🤣🤣🤣🤣🤣 meka honda business ekakne,ratath palanaya karanna puluwang mehema business ekakata set wunoth
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බුදුහාමුදුරුවන්ටත් වඩා බලවත් ඥානක්කා

    බෞද්ධ මයිනා :lol:
     
    • Haha
    Reactions: Mr.Lokka

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,460
    1,418
    113
    We can only feel sorry for us. Pity the future generations with this kind of gullible leaders leading the country,
     
    • Like
    Reactions: mmrizmy

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පුහ් ඇටෙන්ඩන්ට් කෙනෙක්ට ගියපු කළක් 😂😂😂 මේ රටේ තරම් මිත්‍යයා දුෂ්ටිකයෝ සෙට් එකක් කොහෙවත් නැතිව ඇති.
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    කලකිරෙනවා මචන්ලා, මම කොහොමහරි ඔසී PR දානවා කියලා හිතාගත්තා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    විස්වාස කරන්නෙ නැති එවුන් ඊලඟ චන්දෙ කිට්ටු වෙලා දවසක් දෙකක් ඔතෙන්ට ගිහින් ඉඳපන්. එන එවුන් දැක්කම දුක හිතෙනවා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජනාධිපති සබ්‍රි

    ජනාධිපති උපදේශක ඤානක්කා

    අරයා බඹයා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඇයි බන් මිනිස්සු ඔච්චර ඔව්වා පස්සෙ යන්නෙ. ඕවා පස්සේ නොයන නායක්යෝ මේ කපේදී එන්නෙ නැතිවෙයිද?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,305
    13,198
    113
    33
    ෆින්ලන්ඩ්
    Devalaya-closes-Gnanakka-disappears


    මෙතෙක් ලංකාවේ පැවැති සෑම ආණ්ඩු විරෝධී අරගලවලදී කියැවුණේ දේශපාලනයට සම්බන්ධ සටන් පාඨය. නැතිනම් දේශපාලනඥයන්ගේ නම්ය. එනමුත් ඉතිහාසයේ මුල් වතාවට සාත්තරකාරියකගේ නමක් ආණ්ඩුව ගෙදර යවන විරෝධතාවකදී රට පුරා සෑම මුවකින්ම කියැවේ. ඒ නම ඥානාය. ‘ඥානා අක්කා’ එසේ නැතිනම් ‘ඥාන මෑණි’ ගැන එල්ල වන මේ චෝදනාවලට ඇගේ පාර්ශ්වයෙන් උත්තර දැන ගැනීමට අපි බොහෝ උත්සාහ කළෙමු. අනුරාධපුරයේ ඇගේ දේවාලයට ගියද දෙවියන් වෙනුවට ඇගේ ආරක්ෂාවට දැන් එහි ඉන්නේ පොලිස් භටයෝය. මේ ඥානා මෑණිගේ දේවාලයට ගිය ලියුම්කරුගේ අත්දැකීම්ය.

    මේ වන විට ඇය ආපසු නිවසට පැමිණ සිටින මුත් දෙවියන් මේ දේවාලයට වැඩම කර නැති සෙයකි. දෙවියන් කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් පහළොස් දෙනකු නම් ඇත්තේ ඇගේත් දෙවියන්ගේත් ආරක්ෂාව පිණිසය.

    ඥාන මෑණිගේ නිවසත් දේවාලයත් අතර ඇත්තේ මීටර් දෙසීයක පමණ දුරකි.

    ඔවුන් මාධ්‍යවේදීන්ට ඥාන මෑණිගේ දේවාලය අවට පින්තූර ගන්නට, වීඩියෝ කරන්නට බාධා කරති. එනපොට හොඳ නැති නිසා අපිට ඒ බිමේ ඉන්නට වූයේ නිර්නාමිකවය.

    ‘‘ඥානා මෑණි හම්බුවෙන්න බැරිද. සාත්තරයක් අහගන්න’’ අපි ඇහුවෙමු. ‘‘දේවාලේ වහලා. කාටවත් යන්න දෙන්නේ නෑ.’’ පොලිස් මහත්තයෙක් කීවේය.




    අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ආන්තිකුලම් ගම පාළුවට ගොසින්ය. දෙතුන් සතියකට පෙර ඒ පාරේ නිතර දක්නට ලැබෙන V8, බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්., ඩිෆෙන්ඩර්ද දක්නට නැත. සතියට දෙතුන් වතාවක් පාර පුරා දැඩි ආරක්ෂක රැකවල් දමන ප්‍රභූ ආරක්ෂකයෝද නැත.

    ගුවන්තොටුපොළ පාර අවට හෝටල් හිමියෝද නන්නත්තාර වී ඇති සෙයකි. දෙතුන් සතියකට ඉස්සෙල්ලා කී දෙනෙක් අපේ හෝටල්වල නතර වෙන්න ආවද? එහෙම ආවෙත් කොළඹ සල්ලිකාරයෝ. අන්තිමේදී අපිටත් හෙණහත වැදුණා වගේ. ඥානා මෑණිගේ දේවාල පාරේ ඇති සුපිරි හෝටලයක අයිතිකරුවෙක් කීවේය.

    තුන්සිය හැටපස් දවසේම පැය විසි හතර පුරාම වායුසමනය කළ, නොකළ හෝටල් කාමර හා නිවාස කුලියට ගැනීමට ආ පිරිස් ක්‍රමයෙන් අඩුවී දින දින ගෙවෙද්දී නැත්තටම නැතිව ගියේය. රටටම හෙණ හත වැදී ඇති මේ මොහොතේ අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ආන්තිකුලමේ වැසියන්ට කියා අමුතුවෙන් වෙන්න දෙයක් නැත. එනමුත් ඔවුන් දෙතුන් සතියකට පෙර නම් කං කෙඳිරි ගෑමකින් තොරව හොඳින් සිටියෝය. ඒ තමන්ගේ ගමට එන සල්ලිකාර පැළැන්තිය නිසාය.

    කොළඹින් ගිය සල්ලිකාර පැළැන්තියද ප්‍රභූවරුන්ද අනුරාධපුරයට ආවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ කිරෙන් නහවා වත් පිළිවෙත් කර රුවන්වැලි සෑයද වැඳ නුවර වැවෙන් දිය නා යන්නට නොවේ. ඔවුන් ආවේ ඥානා මෑණියන් සොයාය. ඒ තමන්ගේ ඉරණම දැන ගන්නටය. රටේ නායකයාගේ සිට ලොකු ලොකු මැති ඇමැතිවරු බොහෝ දෙනෙක්ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් ඥානා අක්කා සරණ සොයා ගිය බව අනුරාධපුරයේ ඇත්තන්ට රහසක් නොවේ. මක් නිසාදයත් ඔවුන්ගේ දෑසට බොරු කරන්නට බැරි නිසාය. හමුදා පොලිස් රැකවල් මැද ඔවුන් ඥාන අක්කාගේ දේවාලයට යන අයුරු බොහෝ අවස්ථාවලදී ගම්මු දුටුවහ. එසේ රටේ ප්‍රභූවරු තමන්ගේ ඉරණම ඥාන අක්කාට භාර දී තිබුණද ඇගේ ඉරණම විසඳෙන ආකාරය ගැන දෙවියන් ඇයට කියා නැති බව නම් දැන් දැන් සහතිකය. මේ සියල්ල වූයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ඥාන මෑණිගේ දේවාලය වට කරන්නට ගිය මොහොතේ පටන්ය.

    වසර ගණනාවක් තිස්සේ රාජ රාජ මහමාත්‍යාදීන්ට, සුරඟනන් යැයි සිතා සිටින නළඟනන්ට, ලොවක් හෙල්ලූ ක්‍රිකට් ක්‍රීඩකයන්ට, ඉසිවරයන් බඳු වූ ජීවකයන්ට, මුළු දිවයිනම මිලට ගත හැකි ධන කුවේරයන්ට රක්තවර්ණ නූල් කැබැල්ලක් සුරතේ දැවටූ සැණින් මහත්ඵල මහානිශංස දුන් බව කියන ඥානා මෑණියන් රට සලිත කරන අරගලය හමුවේ හොරු අරන් ගියා සේය. තම දෙවොලට එල්ල වූ මාරාන්තික තර්ජන ගර්ජන හමුවේ දෙවියන්ද තාවකාලිකව අතහැර දැමූ ඇය ආරක්ෂක අංශවල රැකවරණය පැතුවාය. ඒ අනුව පසුගිය කාලයේ ඇය අනුරාධපුර නගරයට නුදුරු හමුදා කඳවුරක ආරක්ෂිතව සිටි බව කියැවේ. කෙසේ වෙතත් මේ වන විට ඇය ආපසු නිවසට පැමිණ සිටින මුත් දෙවියන් මේ දේවාලයට වැඩම කර නැති සෙයකි. දෙවියන් කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් පහළොස් දෙනකු නම් ඇත්තේ ඇගේත් දෙවියන්ගේත් ආරක්ෂාව පිණිසය.

    ඥාන මෑණිගේ නිවසත් දේවාලයත් අතර ඇත්තේ මීටර් දෙසීයක පමණ දුරකි. ගුවන්තොටුපොළ පරේ නිදහස් මාවතෙන් ගොස් ආන්තිකුලම් හන්දියට ගිය විට අපිට දක්නට ලැබුණේ පොලිසියේ දහ පහළොස් දෙනෙක් හන්දිය මුරකරන අයුරුය. ඥාන මෑණියන්ගේ දේවාලේ කාර්පාක් එක ඇත්තේද ඒ ළඟය. පොලිසියට අමතරව තවත් තුන් හතර දෙනෙක් ඒ අවට නිතර කරක් ගසති. ඔවුන් මාධ්‍යවේදීන්ට ඥාන මෑණිගේ දේවාලය අවට පින්තූර ගන්නට, වීඩියෝ කරන්නට බාධා කරති. එනපොට හොඳ නැති නිසා අපිට ඒ බිමේ ඉන්නට වූයේ නිර්නාමිකවය.




    ‘‘ඥානා මෑණි හම්බුවෙන්න බැරිද. සාත්තරයක් අහගන්න’’ අපි ඇහුවෙමු. ‘‘දේවාලේ වහලා. කාටවත් යන්න දෙන්නේ නෑ.’’ පොලිස් මහත්තයෙක් කීවේය.

    දළදා මාලිගාවට හෝ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පොලිස් ආරක්ෂාව දීමට හේතු ගැනනම් අපිට හිතා ගන්නට හැකිය. එහෙත් පෞද්ගලික දේවාලයකට පොලිස් හා හමුදා ආරක්ෂාව දී ඇත්තේ ඇයිදැයි දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි. කෙසේ නමුත් ආන්තිකුලම් ගමේ වැසියන්ද කියන්නේ දෙතුන් සතියක් පුරා ඥානා මෑණියන් දැක්කේ නැති බවය.

    ඥානා මැණිගේ දේවාලේ එක පැත්තකින් ඇත්තේ නුවර වැව් තාවුල්ලය. තුන් පැත්තකින් දේවාලේ වට කර ඇත්තේ තාප්පවලිනි. ඥාන මෑණි දේවාලේ අතහැර ගිය දවස්වලත් ඒ බිමේ නොකඩවා වත් පිළිවෙත් කෙරුණේය. අතුපතු ගා ශුද්ධ පවිත්‍ර කෙරුණි. මල් පහන් හඳුන්කූරු පත්තු කෙරුණි.

    ගම්මු කියන විදියට ඥානා අක්කා නැති වේලේ දේවාලේ වත් පිළිවෙත් කෙරුණේ හමුදා සෙබළු හත් අටදෙනකු විසිනි. දැන් ඒ අය ඉන්නේ රැවුල් වවාගෙන. එතකොට හමුදාවේ කියලා මිනිසුන්ට හිතෙන්නේ නෑනේ. ආන්තිකුලම් ගමේ අයකු නිර්නාමිකව පෙනී සිටිමින් කීය.

    දින කීපයක් පුරාම අප ඇය ඉන්නා තැනක් සොයා ගැනීමට ඇගේ ගම වටා කරක් ගැහුවෙමු. ඒ ඇගේ පැත්තෙන් කියන කතාවට ඉඩ දෙන්නටය. ඇය නීති විරෝධීව නුවර වැව ගොඩකර හෝටල් හදන බවත්, ඒවායේ ඉදිකිරීම් සඳහා කම්කරු ශ්‍රමය ලෙස යොදා ගන්නේ යුද හමුදා සෙබළු බවත් ගම්මු චෝදනා කළෝය.

    මේවාට උත්තර දෙන්නට අප ඈ සොයා ගැනීමට උත්සාහ කළද පොලිසියෙන් ඒ පැත්ත පළාතේවත් යන්නට අවසර දෙන්නේ නැත.

    දේවාලේ වටකර දැන් ඉන්නේ ධර්ම චක්‍රය උරේ ගසා ගත් පොලිස් මහත්වරුය. දෙවියන්ගේ බලයෙන් මුළු රාජ්‍ය තන්ත්‍රයේම ගරු සත්කාරවලට ලක්ව සිටි ඥාන මෑණියන්ට දැන් සරණ වී ඇත්තේ ආයුධ බලයය.

    ඥානා මෑණියන්ගේ මේ බලගතු දේවොලේ අනුහස් ඇසූවිට මීට කලකට පෙර වයඹ පළාතේ සිදුවීමක් මතකයට නැගේ. අසූව දශකයේ අග භාගයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිටිසර ප්‍රදේශයක පිහිටි විහාරස්ථානයකට හදිසියේ ගිය ආර්. ප්‍රේමදාස ජනපතිවරයා බෝධීන් වහන්සේ වෙත ගොස් පැන් කළයක් හා මල් පහන් පූජාකර ආපසු ගියේය. තවත් සතියකට පසු නැවත එහි පැමිණ පෙර ලෙසම වැඳුම් පිදුම් කර නික්ම ගියේය.





    ජනාධිපතිවරයා එසේ කළේ එම බෝධීන් වහන්සේගේ මහානුභාවසම්පන්න බලයක් ඇතැයි ඔහුගේ උපදේශකයකු දුන් උපදේශයක් නිසාය. මෙසේ ජනාධිපතිවරයා දින කීපයක් මෙම විහාරස්ථානයට ගොස් වැඳුම් පිදුම් කරනු ලබන්නේ එම බෝධීන් වහන්සේගේ ඇති මහා බලයක් නිසා බවත් එම බෝධිය වෙත පැන් කළයක් ඉසීමෙන් සිතූ පැතූ සම්පත් ලැබෙන බවත් රට පුරා ප්‍රචාරය වන්නට වැඩි කලක් නොගියේය. එතැන් සිට රටේ සිව් දිගින් ජනතාව දිනපතාම මහ පිරිස් ලෙසින් බස් පිටින් එම විහාරස්ථානයට පැමිණීමටත් බෝධිය වන්දනා කිරීමටත් පෙලඹුණෝය. ටික කලකින් විහාරස්ථානය අසල වෙළෙඳසල්, ආපනශාලා, අධික මිල ගණන් යටතේ ලැගුම්හල් ආදී ඉදිවිය. එම බෝධිය වැඳපුදා ගැනීමට කොපමණ පිරිසක් පැමිණියාදැයි කියනවානම් ඔවුන් පැමිණි වාහන දහස් ගණනින් ඇවිස්සුණු දූවිල්ලෙන් පාර දෙපස ගස් කොළන් දුඹුරු පැහැයට හැරුණේය. එම ස්ථානය ජනාකීර්ණවීම නිසා තාවකාලික පොලිස් මුරපොළක් යෙදීමට ද සිදුවිය. ඒ ආශ්චර්යය පැවැතියේ වසර තුන හතරකි. අද එම ජනාකීර්ණ ස්ථාන වල්බිහිවී ගොස් හමාරය. බලු බල්ලෙක් නැත. ඥාන අක්කාගේ දේවාලයටත් ඒ සන්තෑසියම සිද්ධ වෙයිදැයි දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි.

    සුනිල් දහනායක (අරුණ ලිපිය ඇසුරිනි)




    gossiplankanews1df556-down.jpg


    https://www.gossiplankanews.com/2022/05/Devalaya-closes-Gnanakka-disappears.html