ජනපතිට පොල් ගහපු එවුන් හිරේ දාලා
පොල්ගසා පලි ගැසූ හතරක් අත්අඩංගුවට ගනී
2012 මාර්තු 25 වෙනි ඉරිදා, 10:51 සාමාන්‍ය
Share
මැණික් ඉල්ලමක මතු වූ කතරගම තමන්ගේ ඉඩකඩම් ව්‍යාපාරිකයින්ට විකුණා දැමූ අයගේ අත්පා කැඞීයන්නයි සාප කරමින් කඩවර දෙවියන් හමුවේ පොල් ගැසූ පුද්ගලයන් සිව්දෙනකු කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපතිවරයාගේ අතක ආබාධයක් ඇති වූයේ මෙම පොල් ගැසීමෙන් හෝ සාපයෙන් බවට ජනාධිපති ජෝතිශ්‍යවේදීයකු කළ ප‍්‍රකාශයක් හමුවේ බලවත් සේ කෝපයට පත්ව ඇති ජනාධිපතිවරයා, එසේ පොල් ගැසූ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නයි කතරගම පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර ඇත.
ජනාධිපතිවරයාගේ නියෝග මත කතරගම මැණික් ඉල්ලම් මතුවූ ඉඩම් ආශ‍්‍රිතව ජීවත් වූ සිව්දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවද ඔවුන් අපරාධයක් හෝ ඊට අනුබලදීමක් කර නොමැති බවට නීතිඥවරයකු ඉදිරිපත් කළ තර්ක හමුවේ එසේ අත්අඩංගුවට ගත් සියලූදෙනා කටඋත්තරයක් හෝ ලබා නොගෙන නිදහස් කර තිබේ.