ජනපතිවරණ අපේක්ෂක වියදම් වාර්තා

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    6,864
    10,390
    113
    NWP
    // 2024 ජනාධිපතිවරණයේ වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා වන අතර එම මුදල රුපියල් කෝටි 112කට අධිකය.

    එහිදී ඔහු රුපියල් 936,258,524.60ක මුදලක් අපේක්ෂකයා ලෙස වැය කර ඇති අතර සමගි ජන බලවේගය ඔහු වෙනුවෙන් රුපියල් 194,087,715.04ක් වියදම් කර තිබේ.

    // දෙවෙනියට වැඩිම වියදමක් දැරූ අපේක්ෂකයා වන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතාය.
    ඔහු වියදම් කර ඇති මුදල රුපියල් 990,327,687.16ක් වන අතර ස්වාධීන අපේක්ෂකයින් අතරින් වැඩිම වියදමක් සිදුකළ අපේක්ෂකයා ද ඔහු වෙයි.


    // මෙවර ජනාධිපතිවරණය ජයගත් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා කිසිඳු පෞද්ගලික වියදමක් දරා නොමැති බව ඔහු මැතිවරණ කොමිසමට එවූ වාර්තාවේ දැක්වෙයි.
    කෙසේවෙතත් ඔහු ඉදිරිපත් වූ පක්ෂය වන ජාතික ජනබලවේගය විසින් රුපියල් 527,999,889.38ක මුදලක් මැතිවරණ වැඩකටයුතු සඳහා වැය කර තිබේ.

    // මෙවර ජනාධිපතිවරණයේදී සිව්වැනි ස්ථානය හිමිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ඔහුගේ පෞද්ගලික මුදලින් කිසිඳු වියදමක් දරා නොමැත.
    ඔහු වෙනුවෙන් පක්ෂය වියදම් කර ඇති මුදල රුපියල් 388,939,085.00ක්.

    // මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් ඉදිරිපත් වූ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රුපියල් 324,643,246.05ක මුදලක් වියදම් කර තිබේ.

    එම මුදල් ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පෞද්ගලිකවම දරා ඇති අතර ඔහු වෙනුවෙන් පක්ෂය කිසිඳු වියදමක් දරා නොමැත.

    2024 ජනාධිපතිවරණයේදී එක් එක් අපේක්ෂකයින් වියදම් කළ මුදල් සම්බන්ධයෙන් මැතිවරණ වියදම් නියාමන කිරීමේ පනත ප්‍රකාරව සියලු කරුණු ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබුණි. ඒ අනුව ගැසට් මගින් ප්‍රකාශයට පත්කෙරුනේ එක් අපේක්ෂකයෙකුට එක් ඡන්දහිමියකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් 109ක උපරිමයක් ලෙසය. එමගින් එක් අපේක්ෂකයෙකුට සියලුම ඡන්ද දායකයින් වෙනුවෙන් රුපියල් 1,868,298,586ක මුදලක් වියදම් කිරීමට අවසර හිමිවුණි. ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් 38 දෙනෙකු අතරින් එම වියදම් වාර්තා ඉදිරිපත් කර තිබුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයින් 35 දෙනෙකු පමණි. ඒ අනුව අපේක්ෂකයන් සහ පක්ෂ සිය ආදායම් සහ වියදම් පිළිබඳ වාර්තා මේ වනවිට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ සහ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කෙරෙයි.
    උපුටනයකි...
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,798
    113
    මෙච්චර පාඩු වීගෙන වියදම් කරන්නෙ රට හදන්න නේද කියල හිතුනම
     
    • Haha
    Reactions: ElaBaba

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    11,230
    20,601
    113
    පඩිය රුපියල් ලක්ශයක් විතර තියෙනවා කියපු සජිත් කොටළුදාසයි, නාකි චුයින්ගම් මුත්තයි නේද පුද්ගලිකව කෝටි 90ට වඩා වියදම් කරලා තියෙන්නේ ඡන්දෙට. කොටළුදාස නම් නිදන් හාරලා හොයාගත්ත සල්ලි වෙන්න ඇති. නාකි මුත්තා නම් මහ බැංකුව හොරාකාපු සල්ලි වෙන්න ඇති. ඡන්දෙට පුද්ගලික සල්ලි වලින් කෝටි 90 ගානක් වියදම් කරන බූරු පුතානෝ ගේ ආර්යා මෑනියොන්ට ගම් බෝතලේ හැට්ට කට්ට මදුරු කොයිල් එක අරන්දෙන්න සල්ලි නෑ ලු . ඒවත් මිනිස්සුන්ගේ සල්ලි වලින් පිනට කන්නේ. නොදකින් :sick: :sick: :sick:
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    9,480
    6,244
    113
    පච අනුර කළු සල්ලි සුදු කරලා නේ :ROFLMAO: :ROFLMAO: රුපියල් 527,999,889.38ක
     
    • Haha
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    6,864
    10,390
    113
    NWP
    රට අනුරට නිසා මම හිතුවේ පච අනුර වියදම් කරන්නේ නෑ කියලා. බලනකොට අවසාන දවස් තිහට FB එකේ 18,100$ ක් වියදම් කරලා...ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 5,439,280.50..

    source - https://www.facebook.com/ads/librar...iTR2AvPwlzJEecESBWI3_GetqpAsRjTBAgGEnOso&_rdr

    GXM6_FqbUAARWnt


    -------------------------------------------------------------------------------------

    @netudara
    උඹ මෙහෙම දාන්නෙ 11/සැප්./2024........
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    9,480
    6,244
    113
    රට අනුරට නිසා මම හිතුවේ පච අනුර වියදම් කරන්නේ නෑ කියලා. බලනකොට අවසාන දවස් තිහට FB එකේ 18,100$ ක් වියදම් කරලා...ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 5,439,280.50..

    source - https://www.facebook.com/ads/librar...iTR2AvPwlzJEecESBWI3_GetqpAsRjTBAgGEnOso&_rdr

    GXM6_FqbUAARWnt


    -------------------------------------------------------------------------------------

    @netudara
    උඹ මෙහෙම දාන්නෙ 11/සැප්./2024........
    ලක්ෂ 54ක්..එවගේද කෝටි පනස් දෙක :D