ජනපතිවරණ ඡන්ද යළි ගණියි ?
ඡන්දය යළි ගණින්නැයි තවත් පෙත්සමක්
ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 27 වෙනි සෙනසුරාදා, 11:14
ඉකුත් ජනවාරි මස 26 දා ජනාධිපති මැතිවරණය පැවැත්වූ මැතිවරණ කොමසාරිස් සහ ඡන්ද ගණන් කිරීමට ඔහු පත් කළ නිලධාරීන් එම කාර්යභාරය නිසියාකාරව ඉටුකිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ඡන්ද යළි ගණන් කරන ලෙස ඉල්ලා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මහ ලේකම් ශාමිලා පෙරේරා මහත්මියද ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති මැතිවරණයට තරග කළේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙනි.
ජනාධිපතිවරණයේදී ඡන්ද පළවල් කීපයක හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන බොහොමයක විවිධ අක්‍රමිකතා සිදු වූ බවට පෙත්සමෙන් චෝදනා කරන පෙත්සම්කාරිය සියලුම ඡන්ද පළවලදී ඡන්දදායකයන්ට නිකුත් කළ ඡන්ද පත්‍රිකා, ඡන්ද ගණන් කිරීමේ ස්ථානවලට ලැබුණු ඡන්ද පෙට්ටි ප්‍රමාණය, ගණන් කළ පසු තැබූ සටහන් ඇතුළු එම කාර්යයනට අදාළ ලියවිලි නැවත පරීක්ෂාකර බලා ඊට පසුව ලැබෙන ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන මෙන් මැතිවරණ කොමසාරිස්ට නියෝගයක් කරන ලෙසද ඉල්ලා ඇත.
රත්නපුරය, අනුරාධපුරය, පුත්තලම සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද යළි ගණන් කිරීමට මැතිවරණ කොමසාරිස්ට නියෝගයක් කරන ලෙස පෙත්සමෙන් අතුරු ඉල්ලීමක් ද කර ඇත.
ඇතැම් ඡන්ද ගණන් කිරීම් ස්ථානවලදී ඇති වූ සිද්ධීන් නිසා ඡන්ද පෙට්ටි ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ බවත් පුත්තලම මාතලේ සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල එවැනි සිද්ධීන් ඇති වූ බවත් වත්මන් රජයේ දේශපාලනඥයන් ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන්ට බලපෑම් කර ඇති බවත් ඇතැම් ස්ථානවල අසභ්‍ය වචනවලින් පවා නිලධාරීන්ට බැන වැදී ඇති බවත් මැතිවරණ කොමසාරිස්වරයා ජනාධිපති මැතිවරණය පැවැත්වූ දිනට පසුදින එනම් 2010 ජන 27 දා ප්‍රසිද්ධියේ කියා සිටි අතර, ඡන්ද ගණන් කිරීමේ ස්ථාන බොහොමයක බරපතල සිද්ධින් වී ඇති බව ඔහුගේ ප්‍රකාශයෙන් ම පෙනී යන බව පෙත්සම්කාරිය සිය පෙත්සමේ සඳහන් කර ඇත.
පෙත්සමේ මෙසේද සඳහන් වේ.
තැපැල් ඡන්ද පෙට්ටි කච්චේරිවලට ගෙන එන වෙලාවට එන ලෙස ජනාධිපති අපේක්ෂක ජෙනරාල් ෆොන්සේකා මහතාගේ නියෝජිතයන්ට දැනුම් දී තිබුණ ද ඔවුන් යන විටත් ඡන්ද පෙට්ටිවලට සීල් තබා තිබිණ.
තැපැල් ඡන්ද 96% ක් පාවිච්චි කර තිබුණ අතර රත්නපුරයේ තැපැල් ඡන්ද පාවිච්චි කළ සංඛ්‍යාව 99.6% කි. නියමිත වේලාවට කලින් තැපැල් ඡන්ද පෙට්ටිවලට සීල් තැබීමෙන් යම් අක්‍රමිකතාවක් සිදුවී ඇති බව විශ්වාස කළ හැක.
ඡන්ද පෙට්ටි කච්චේරිවලට ගෙනාවාට පසුව ජෙනරාල් ෆොන්සේකාගේ නියෝජිතයන්ට ගණන් කිරීමේ ස්ථානවලට ඇතුළුවීමට අවසර දී නැත. ඒ සඳහා අවසරය දී ඇත්තේ පැය 03 කට පසුවය. ඒ කාලය තුළ අක්රමිකතාවන් සිදුවීමට බොහෝදුරට ඉඩ ඇත.
පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි කච්ෙච්රිය තුළ විවෘතව තබා තිබූ අතර ගණන් කිරීමේ නිලධාරීන් ද ඒ අසල ගැවසෙන නියෝජිතයන් ද සිටීමෙන් ඡන්ද පෙට්ටි තුළට තවත් ඡන්ද දැමීමට හැකිව තිබිණි.
මැර කල්ලියක් සමඟ පැමිණි සන්ධානයේ ප්‍රබලයන් කීපදෙනකුට එදා අලුයම 2.30 ට පමණ මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කළ මධ්‍යස්ථානයට ඇතුළුවීමට එම ස්ථානය භාරව සිටි නිලධාරීන් අවසර දී ඇත. එසේ ඇතුළු වූ ඔවුන් අනෙක් පක්ෂවල අපේක්ෂකයන්ගේ ගණන් කිරීමේ නියෝජිතයන් බියගන්වා පලවා හැර ඇත.
දඹදෙණිය හිරියාල නිකවැරටිය, අනුරාධපුරය, පුත්තලම, කුරුණෑගල යන ප්‍රදේශවල එවැනි සිද්ධීන් ඇති වී තිබිණි.
ජෙනරාල් ෆොන්සේකාට ඡන්දය පාවිච්චි කළ ඡන්ද පත්‍රිකා 62 ක් සහිත ඡන්ද පත්‍රිකා මිටියක් රත්නපුරයේ කාණුවක තිබී සොයාගෙන ඇත. ගණන් කිරීමේ මධ්‍යස්ථානයට යාර කීපයක දුර තිබී හමු වූ එම ඡන්ද පත්‍රිකාවලින් කීපයක් පුළුස්සා දමා තිබිණි. රත්නපුරය දිස්ත්‍රික්කයේ ඡන්ද පාවිච්චි කළ සංඛ්‍යාව නිවැරැදිව දැන ගැනීමට නැවත ගණන් කිරීමක් කළ යුතු බව කියා සිටී.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන්ට ඇතුල්වීමට අවසර දුන් අවස්ථා ද ඇත. හම්බන්තොට ආසනයේ ඡන්ද පළවලට ඇතුළු වූ එම නිලධාරීන් සෙසු අපේක්ෂකයන්ගේ නියෝජිතයන් පලවා හැර ඇත.
සෑම මැතිවරණයකදී අවශ්‍ය ප්‍රමාණයට වඩා 10% ඡන්ද පත්‍රිකා සංඛ්‍යාවක් මැතිවරණ කොමසාරිස්වරයා විසින් මුද්‍රණය කරනු ලබන අතර එම ඡන්ද පත්‍රිකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පාවිච්චි කර ඇති බවට විශ්වාස කටයුතු මාර්ගයකින් දැන ගන්නට ලැබිණි.
ඡන්ද පාවිච්චි කිරීමට පැමිණි ඡන්දදායකයන්ගේ සංඛ්‍යාවට වැඩි ප්‍රමාණයක් ඡන්දය පාවිච්චි කර ඇති බව ප්‍රකාශිත අවසන් ප්‍රතිඵලයෙන් පෙනී යන බව පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
සමරරත්න ඇසෝෂියේට්ස් නීතිඥ සමාගම මගින් පෙත්සම ගොනු කර තිබිණි.