ජනපතිවරුන් 25ක ගෙන් වැනසුණු ලයිබීරියාව

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ජනපතිවරුන් 25ක ගෙන් වැනසුණු ලයිබීරියාව

    ජනපතිවරුන් 25ක ගෙන් වැනසුණු ලයිබීරියාව

    වළපල්ලට ගිය රටවල්
    image_2fbcc41cb3.jpg

    කුණු කඳු


    පාලකයන්ගේ කාර්යභාරය වියයුත්තේ ලැබුණ බලය මහජන අභිවෘද්ධිය සඳහා යෙදවීමයි. දිනාගත් බලය තුළින් ජනතාව ගසා කෑම අද බොහෝ රටවල පාලකයින් විසින් සිදු කරන්නකි. වළපල්ලට යන්නේ ඒ රටවල්ය. පුරවැසියාගේ නිදහස හා පරමාධිපත්‍ය බලය ශක්තිමත් නොකරන පාලකයින්ගෙන් රටකට වැඩක් නැත. ඇතැම් රටවල සිටින්නේ නීතියට ඉහළින් සිටින පාලකයින්ය. රටවැසියන්ට පිළිසරණක් හෝ හව්හරණක් නොලැබෙන්නේ මෙවැනි පාලකයින්ගෙනි.

    මා ඉකුත් සතියේ මේ තීරයෙන් ලිව්වේ උගන්ඩාව ගැනය. දැඩි තීරණ ගනිමින් මුදල් යටිමඩි ගසා වැඩි වැඩ කරන්නට ගොස් හැඩිදැඩි ඉඩි අමින් ප්‍රමුඛ පාලකයින් තිදෙනෙකු උගන්ඩාව කාදැමූ හැටිය. අද ලියන්නේ කාලකන්නි තත්ත්වයට ඇද වැටුණ තවත් රටක් ගැනය. ඒ ලයිබීරියාවයි. ලයිබීරියාව හැඳින්විය හැක්කේ ජනාධිපතිවරුන් 25 දෙනෙකු හිතේ හැටියට කාදැමූ රටක් වශයෙනි.

    මිහිපිට අපාය

    එදා දියමන්ති ආකරයක් වූ ලයිබීරියාවේ අද දියමන්ති නැත. එහි පාලකයින් හා දේශපාලකයින් කුණු කොල්ලයට රට පැටවූ තම දේශයේ දියමන්ති අද ලොව දියුණු රටවල දිලිසි දිලිසී තිබෙන්නේ දියමන්ති මංකොල්ලයේ ඇතුළු පැත්ත ලොවට සඟවමිනි. මේ දියමන්තිවල අගය ලයිබීරියාවේ දහදුක් විඳින ජනතාව නොදනී. ඇත්තෙන්ම ලයිබීරියාවද අද මිහිපිට අපායකි. මුළුරටම කුණු කඳු පිරුණු විෂබීජ බහුල මහ මඟ පණ අදින ජනතාවගෙන් යුත් කතරකි. මෙහි දේශපාලකයින්ට රජ සැපය. ජනතාවට දහදුකය.

    අද බොහෝ රටවල දේශපාලකයෝ ජනතාවගේ අභිමානය, ගෞරවය, විශ්වාසය සහ හොඳ හිත දිනාගැනීමට අසමත්ව සිටිති. ලංකාවේ තත්ත්වයද මෙහෙමය. මොවුහු පුනරුත්ථාපනය කළ නොහැකි තරමට දුෂ්‍ය වී සිටී. රටක් හැදෙන්නේ ඔවුන් පලවා හැරීමෙනි. ලයිබීරියාවේ ජනතාවද කාලාන්තරයක් මුළුල්ලේ මෙසේ තම රට කන පිශාචයින් පලවාහැරීමට උත්සුක නොවීම තුළින් රට පරිහානියට පත්විය.

    ලයිබීරියාව පිහිටා ඇත්තේ බටහිර අප්‍රිකාවේය. විශාලත්වය වර්ග කි.මී. 111369 කි. ජනගහනය ලක්ෂ 47කි. සියරා ලියෝන් සහ ගිනියා යන රටවලට මායිම්ව පිහිටා ඇත. දෙවැනි ලෝක සංග්‍රාමයේදී ඇමෙරිකාවට සහය දුන් රටවලින් එකකි ලයිබීරියාව. වළපල්ලට ගිය රටවල් පිළිබඳව විස්තර ඉදිරිපත් කරද්දී අප්‍රිකාවේ රටවල් පමණක් ගෙන හැර දැක්වීම මගේ අරමුණ නොවේ. මෙම ලිපි පෙළ ආරම්භයේදීම ඉදිරිපත් කළේ ඇමෙරිකාවට නුදුරුවම පිහිටි හයිටි (HAITI) රාජ්‍යය ගැනය. ඉදිරියේදී වළපල්ලට ගිය සහ යමින් සිටින තවත් මහද්වීප කීපයක පිහිටි රටවල් ගැන විස්තර ද ඉදිරිපත් කෙරේ.

    ලයිබීරියාව ලේ ගංගාවක් වුණ හැටි

    1980 දී ලයිබීරියාව පාලනය කළේ විලියම් ටෝල්බර්ට් ය. ඔහු ඝාතනය කර හමුදාව අතට රටේ පාලන බලය ලැබීම එහි ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ සිද්ධියකි. ලයිබීරියාව ලේ ගංගාවක් බවට පත්වුණේ මේ සිද්ධියෙනි.

    හමුදා කුමන්ත්‍රණය තුළින් සිදු වූ අරගලයෙන් මියගිය සංඛ්‍යාව 250,000කි. එය රටේ මුළු ජනගහනයෙන් සියයට 8% කි. හමුදා පාලනය නිමවී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළින් ඉන්පසු බලයට පත්වූ හැම පාලකයෙක්ම ලයිබීරියාව සූරාකෑම ගජරාමයට සිදුකළහ.

    රටේ මුළු ජනගහනයෙන් සියයට 85ක්ම ජාත්‍යන්තර ජීවන රේඛාවටත් (INTERNATIONAL POVERTY LINE) පහළින් සිටින අන්ත දුගී අසරණ පුරවැසියන්ය. කොරේ පිටට මරේ කීවාක් මෙන් 2010 වසරේ සිට මේ දක්වා එබෝලා වයිරසයෙන් ලයිබීරියාවේ මියගියවුන්ගේ සංඛ්‍යාව දසදහස් ගණනකි. මෙහි බොහෝ ප්‍රදේශවලට අධ්‍යාපන, සෞඛ්‍ය, ගමනාගමන, ජලය, විදුලිය ආදී පහසුකම් ලබාදී නැත. ක්ෂය රෝගය තදින් පවතී. ස්ත්‍රී දූෂණ බහුල වශයෙන් සිදුවේ. නීතිය වල් වැදී ඇත.

    මෙහි ජනගහනය ලක්ෂ 47කි. පළාත් 15කි. දිස්ත්‍රික්ක 90කි. දේශපාලන පක්ෂ 20කි. මේ පළාත් සහ දිස්ත්‍රික්ක පාලනය කරන්නට මහජන නියෝජිතයින් ඡන්දයෙන් තෝරා ගනී. ඡන්ද දූෂණ සිදුවන්නේ පාලකයින් ඇස්පියාගෙන සිටින නිසාය. ලොව දූෂිතම රටවල් 187කින් 87 වැනි ස්ථානය හිමි ලයිබීරියාවටය. අප්‍රිකාවේ දූෂිත රටවල් 47න් 11 වැනි තැන ලැබී ඇත්තේ ලයිබීරියාවටය.

    image_290919c672.jpg

    ලයිබීරියේ සිදුවූ මනුෂ්‍ය ඝාතන



    හොරකම් කළ දේශපාලකයෝ

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු අන්තර් ජාතික සංවිධාන හා විදේශ රටවලට ලයිබීරියාව මේ වනවිට ඩොලර් බිලියන 4.5කට වැඩි මුදලක් ණය වී සිටී. මේ ණය උගුලේ හිරවී සිටින ලයිබීරියාව ඉන් මේ කපේදී ගොඩඑන පාටක් නැත.

    මින් පෙනී යන්නේ රට පාලනය කළ අයගේ කෙරුවාවයි. 1980න් පසු බලයට පත්වූ දේශපාලකයින් විදේශ ආධාර හා ණය මුදල් ර​ෙට් සංවර්ධනය තකා යොදනවා වෙනුවට තම පවුලේ හා ඥාති වර්ගයාගේ සුබ සිද්ධිය තකා යෙදවීම තුළින් රට අස්ථාවර විය.

    ශෝචනීය ඉරණම

    අතීතයේ මුළු ලෝකයේම ප්‍රධානතම රබර් කර්මාන්තශාලාවලින් එකක් පිහිටා තිබුණේ ලයිබීරියාවේ මාර්ගිබි පළාතේය. එය ෆයර්ස්ටෝන් නමැති ලෝක ප්‍රසිද්ධ දැවැන්ත රබර් කම්හලයි. බලයට පත්වූ දේශපාලකයින්ගේ සූරවීරකම් නිසා මේ රබර් කර්මාන්තශාලාව අභාවයට ගියේය. හරියට ලංකාවේ කන්තලේ සීනි කර්මාන්තශාලාව වැනි නිෂ්පාදනාගාර නැත්තටම නැතිවුණා වගේය.

    අතීතයේ උක් වගාවට නමක් දිනාගෙන සිටි ලයිබීරියාවේ අද තත්ත්වය ඉමහත් ශෝකජනකය. පෘතුගීසීන්, ඕලන්ද ජාතිකයින් හා බ්‍රිතාන්‍යයන් විසින් විටින් විට පාලනය කරනු ලැබූ මේ රටට අද මේ තත්ත්වය උදාවී ඇත්තේ දූරදර්ශී, අවංක, ප්‍රතිපත්තිගරුක, රටට දැයට හිතැති පුද්ගලයින්ට මෙහි පාලන බලය මෙතෙක් හිමිනොවූ නිසාය.

    ලේ දියමන්තිය

    1980 සිට 1990 දක්වා වසර 10ක් ලයිබීරියාව පාලනය කළේ හිටපු සාමාන්‍ය හමුදා සෙබළෙකු වූ සැමුවෙල් ඩෝය. (SAMUEL DOE) ඔහු තමා කවදා හෝ ලයිබීරියාවේ පාලනය සියතට ගන්නවා යයි, තවත් හමුදා සෙබළුන් කීපදෙනෙකු සමඟ විහිළුවට කී දේ සැබෑ විය. ඔහුද රට විනාශ කළේය. චාල්ස් ටේලර් ලයිබීරියාවේ හිටි දූෂිතම පාලකයෙකු වශයෙන් හඳුන්වනු ලබයි. ඔහු එහි 22 වැනි ජනාධිපතිවරයාය.

    1997 සිට 2003 දක්වා ලයිබීරියාවේ පාලකයාය. රට පාලනය කළේ ඔහු ඇතුළු මුළු පවුල විසිනි. ඔහු දියමන්ති මංකොල්ලය දිගටම සිදු කළේය. ඔහුව හැඳින්වූයේ BLOOD DIAMOND හෙවත් ලේ දියමන්තිය වශයෙනි. ජනතා විරෝධය හමුවෙහි කරකියාගත හැකි දෙයක් නොමැතිව ඔහු ප්‍රමුඛ පවුලේ බොහෝ දෙනා 2003 දී ලයිබීරියාවෙන් නයිජීරියාවට පලා ගියහ.

    2012 වර්ෂයේදී ජාත්‍යන්තර අධිකරණය මගින් චෝදනා 11කට වරදකරු බවට පත්වීම නිසා ඔහුට අවුරුදු 50ක සිර දඬුවමක් නියමවිය. පැහැර ගැනීම්, මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දූෂණ, යුද අපරාධ ආදිය මෙම චෝදනාවලට ඇතුළත් විය. රටක් වළපල්ලට යැවූ තවත් පාලකයෙකුට අත්වූ ඉරණම මෙයයි. චාල්ස් ටේලර්ගෙන් පසුව ලයිබීරියාවේ මුල් පුටුවට පත්වූයේ කාන්තාවකි. ඇය එලන් ජොන්සන් සර්ලීෆ්ය. (ELLEN JOHNSON SIRLEAF) ඇය ලයිබීරියාවේ පමණක් නොව අප්‍රිකාවේ රටක ජනපති තනතුරට පත් ප්‍රථම කාන්තාවයි. ඇය 2012 ජනවාරි 22 දා තෙක් එම තනතුර දැරුවාය. තම පුතුන් තිදෙනා ඇතුළු පවුලේ ඥාතීන්ට රටේ ප්‍රධාන මර්මස්ථානවල පාලනය පැවරීම ඇයට එල්ල වූ ප්‍රධාන චෝදනාවයි.

    ඇයගෙන් පසු ඇයගේ පුතුන් තිදෙනාට රටේ පාලන බලය ලබාදීමට ඇය බලවත් උත්සාහයක නිරත වූවාය. එම උත්සාහය ව්‍යර්ථ කරමින් ෆුට්බෝල් (FOOT BALL) ක්‍රීඩකයෙකු වූ ​ජෝර්ජ් වී (GEORGE WEAH) පාලන බලය ලබාගත්තේය. කවුරු බලයට පත්වුණත් ලයිබීරියාව එතැනමය.



    සිරී හීන්පැල්ල
    නිව්යෝර්ක් නුවර සිට ලියයි
     
    • Like
    Reactions: Dodama

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අනේ අරුට තියෙන හොද නමත් නැති කරගනියි වගේ
    බැරි මගුලවල් කරන්න ගිහින්
    :(
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හෙට අනිද්දට අපිත් ඔය රට ගානට වැටෙනවා.

    අවුලක් නෑ මිනිස්සුන්ට වෙනස හම්බුනානේ.. වෙනස කොච්චරද කියනවනම් මාසෙන් මාසෙට ඇමතිලා වෙනස් වෙනවා.. වික්කාමසිංහගේ සිංගප්පුරුව අත ලග :yes:
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    හෙට අනිද්දට අපිත් ඔය රට ගානට වැටෙනවා.

    අවුලක් නෑ මිනිස්සුන්ට වෙනස හම්බුනානේ.. වෙනස කොච්චරද කියනවනම් මාසෙන් මාසෙට ඇමතිලා වෙනස් වෙනවා.. වික්කාමසිංහගේ සිංගප්පුරුව අත ලග :yes:


    යුද්දෙ දින්නට පස්සෙ මහින්ද ලාබයක් එන්නෙ නැති projects වලට ගත්තු නය නිසා තමයි ලන්කාවට කෙල්වෙලා තියෙන්නෙ. නෑයන්ව රටේ ලොකු පුටුවල තියාගෙන රට කොල්ල කෑව.

    2015 රනිල්+සිරිසේන ආවෙ නැත්තන් ලන්කාවට සම්බාදක් වැටිල මෙහෙ එවුන්ට කන්නත් නැති වෙලා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ආර්ථික ඔස්තාර් කියන එකත් ලංකාවට කරන්නේ ඔය ටිකම තමා :yes:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113

    යුද්දෙ දින්නට පස්සෙ මහින්ද ලාබයක් එන්නෙ නැති projects වලට ගත්තු නය නිසා තමයි ලන්කාවට කෙල්වෙලා තියෙන්නෙ. නෑයන්ව රටේ ලොකු පුටුවල තියාගෙන රට කොල්ල කෑව.

    2015 රනිල්+සිරිසේන ආවෙ නැත්තන් ලන්කාවට සම්බාදක් වැටිල මෙහෙ එවුන්ට කන්නත් නැති වෙලා

    දැනටත් මිනිස්සුන්ට කන්න නෑ :P
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    යුද්දෙ දින්නට පස්සෙ මහින්ද ලාබයක් එන්නෙ නැති projects වලට ගත්තු නය නිසා තමයි ලන්කාවට කෙල්වෙලා තියෙන්නෙ. නෑයන්ව රටේ ලොකු පුටුවල තියාගෙන රට කොල්ල කෑව.

    2015 රනිල්+සිරිසේන ආවෙ නැත්තන් ලන්කාවට සම්බාදක් වැටිල මෙහෙ එවුන්ට කන්නත් නැති වෙලා

    ඔව් ඉතින් උන්ගේ පදේට නටන්නේ නැත්නම් සම්බාධක තමයි හම්බ වෙන්නේ.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    යුද්දෙ දින්නට පස්සෙ මහින්ද ලාබයක් එන්නෙ නැති projects වලට ගත්තු නය නිසා තමයි ලන්කාවට කෙල්වෙලා තියෙන්නෙ. නෑයන්ව රටේ ලොකු පුටුවල තියාගෙන රට කොල්ල කෑව.

    2015 රනිල්+සිරිසේන ආවෙ නැත්තන් ලන්කාවට සම්බාදක් වැටිල මෙහෙ එවුන්ට කන්නත් නැති වෙලා

    සම්බාධක එහෙම වැටිලා නැතුව ඔය කොරන්නේ :lol:
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    දැනටත් මිනිස්සුන්ට කන්න නෑ :P

    Mahinda ge kaleta wada gas,petrol/diesel,kiri piti,samon,paripu,seeni,samon,...etc labai. Hal,Pol witharai ganan giye niyagaya nisa. Mahinda ge kaleta wada hema ekata ma Salary/Pension/Senior Citizen Bank Interest Rate wedi.

    Umbala wage ewunta one concrete sanwardanayak. Lankawata satha 5 ka adayamak enne nethi projects.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මේ තියෙන්නේ මම බලපු ඒවා 2ක් කලින්.
    මුන් පොඩි ළමයි මරලා ලේ බොනවා යුද්දෙට යන්න කලින්. එකෙන් උන්ට යුද්දේ දිනන්න වාසනාව ලැබෙන සින් එකක් නිසා.




     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    Mahinda ge kaleta wada gas,petrol/diesel,kiri piti,samon,paripu,seeni,samon,...etc labai. Hal,Pol witharai ganan giye niyagaya nisa. Mahinda ge kaleta wada hema ekata ma Salary/Pension/Senior Citizen Bank Interest Rate wedi.

    Umbala wage ewunta one concrete sanwardanayak. Lankawata satha 5 ka adayamak enne nethi projects.

    සිත නිවන කතා :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපේ රට නම් වැනසුනේ එක අගමැති කෙනෙක්ගෙන්....රනිල ආව මහ බැකුවම හොරා කාල හිස් කරා රටටම කැදත් නැ අන්තිමට,...