ජනපති මයිත්‍රීපාල තුමා විවේචනය කිරීම

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ජනපති මයිත්‍රීපාල තුමා විවේචනය කිරීම

    හැමතනම් බැලුවත් ජනපතිතුමාට දිගට හරහට විවේචනය කරනවා. අපිටත් දේශපාලනික විවේචන ගොඩක් තියෙනවා පාලකයෙක් වශයෙන්.

    එත් ඔයගොල්ලොන්ට හිතෙන්නැද්ද මේ ආණ්ඩුව මෙහෙම හරි තියෙන්නේ ජනපති මයිත්‍රීපාල නිසා කියල. බැදුම්කරෙත් මෙතුමා නැතිනම් රනිල් යටගහල බැංකුවේ වැඩකරන නිලදරින්ට නඩු දමල.

    සමහරු ජනපතිතුමාට දිගට හරහට බැන්නට ........... රනිල් සහ ආණ්ඩුව සම්බන්දයෙන් නිහඩයි. පුස් පැටව් වගේ. රනිල් තමයි රට කෑවේ. ආණ්ඩුවේ සියලු පව් මෙතුමා පිටින් දමන්න ලෑස්ති වෙන්න එපා.

    • Like
    Reactions: 20_18

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    හැමතනම් බැලුවත් ජනපතිතුමාට දිගට හරහට විවේචනය කරනවා. අපිටත් දේශපාලනික විවේචන ගොඩක් තියෙනවා පාලකයෙක් වශයෙන්.

    එත් ඔයගොල්ලොන්ට හිතෙන්නැද්ද මේ ආණ්ඩුව මෙහෙම හරි තියෙන්නේ ජනපති මයිත්‍රීපාල නිසා කියල. බැදුම්කරෙත් මෙතුමා නැතිනම් රනිල් යටගහල බැංකුවේ වැඩකරන නිලදරින්ට නඩු දමල.

    සමහරු ජනපතිතුමාට දිගට හරහට බැන්නට ........... රනිල් සහ ආණ්ඩුව සම්බන්දයෙන් නිහඩයි. පුස් පැටව් වගේ. රනිල් තමයි රට කෑවේ. ආණ්ඩුවේ සියලු පව් මෙතුමා පිටින් දමන්න ලෑස්ති වෙන්න එපා.

    රනිල්ව මුල ඉඳලම විශ්වාස කලේ නෑනේ කවුරුවත් සිරිකොත වහල්ලු ටික ඇරුණම, මෛත්‍රී ව විශ්වාස කරල චන්දෙ පාවිච්චි හින්ද වෙන්න ඕන මෛත්‍රී ව විවේචනය කරන්නේ :yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    උබේ කතාවනම් ඇත්ත මචන්.. MY3 ටිකක් පිස්සු කතා කිවුවට ඌ ඉන්න නිසා ටිකක් හරි ශේප් මචන්.. ඌ නොහිටියනම් රනිල් උට ඕනි හැම පනතක්ම මෙලහකටත් සම්මත කරගෙන බන්..

    මමත් ඉතින් 2015 MY3 ට දුන්නෙ බන්.. MY3 ට නායකත්ව ලක්ශන නැති උනාට පොර රනිල්ට වඩානම් රට ගැන හිතනව බන්.. දැන් වෙලා තියෙන්නේ UNP කාරයොත් රනිල්ට මඩ වදින එක නවත්ත ගන්න MY3
    ට බැනල ශේප් වෙන එක බන්.. UNP සෙට් එක මොන දේ උනත් රනිල්ව ගැන වචනයක්වත් නොකිය ආණ්ඩුවේ සේරම වැරදි වලට දැන් MY3 ට බනින්නෙ.. ඒක උන්ගෙ පොඩි Trick එකක්.. :yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,578
    8,824
    113
    රනිල්ලාට කෙලින්ම බලය ගන්න බැරි නිසා තම මයිත්රීව පාවිච්චි කරේ.
    දැන් රනිල් සහ ගෝලයෝ සෙට් එක එයාලට ඕනි විදිහට පාලනේ අරන් යන්නේ....
    පොර කියනවා වගේ රනිල්ලාගේ ගන්න තීරණ පොර දන්නෙවත් නැතුව ඇති.
     
    Hariyatama hari
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    පර බල්ලා ආප්ප කාලා කොකා පෙන්නලා ගියා. දැන් කවුරුත් නෑ ඌට. අනුකම්පා කරන්න එපා ඔය වගේ පහත් ගති තියෙන පරයොන්ට. නිකන් බත් පිඟාන අතට දීලා පිහියෙන් අනින වැඩක් කරේ ඌ. පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් ඇන්නෙ. ඒ තරම් නිවටයෙක්. :sorry:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෛත්‍රීපාල සිරිසේන හොඳයි පේජ් කරන උන් පොටෝශොප් කලාට :yes: මාත් අවංකවම තව පාරක් ඉල්ලුවොත් ඡන්දෙ දෙනව :yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    පර බල්ලා ආප්ප කාලා කොකා පෙන්නලා ගියා. දැන් කවුරුත් නෑ ඌට. අනුකම්පා කරන්න එපා ඔය වගේ පහත් ගති තියෙන පරයොන්ට. නිකන් බත් පිඟාන අතට දීලා පිහියෙන් අනින වැඩක් කරේ ඌ. පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් ඇන්නෙ. ඒ තරම් නිවටයෙක්. :sorry:

    අනුකම්පාවක් නෙවි. සමහරු රනිල් සහ ආණ්ඩුව ගැන සද්ද නැතිව MY3 ට විතරක් බනින එක ගැන අදහස් කරේ
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    my3 ranill ta baale pass karanawaa ranil my3 ta balle passe karanawaa wun dennama mahindata baale pass karanawaa ,
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    උබේ කතාවනම් ඇත්ත මචන්.. MY3 ටිකක් පිස්සු කතා කිවුවට ඌ ඉන්න නිසා ටිකක් හරි ශේප් මචන්.. ඌ නොහිටියනම් රනිල් උට ඕනි හැම පනතක්ම මෙලහකටත් සම්මත කරගෙන බන්..

    මමත් ඉතින් 2015 MY3 ට දුන්නෙ බන්.. MY3 ට නායකත්ව ලක්ශන නැති උනාට පොර රනිල්ට වඩානම් රට ගැන හිතනව බන්.. දැන් වෙලා තියෙන්නේ UNP කාරයොත් රනිල්ට මඩ වදින එක නවත්ත ගන්න MY3
    ට බැනල ශේප් වෙන එක බන්.. UNP සෙට් එක මොන දේ උනත් රනිල්ව ගැන වචනයක්වත් නොකිය ආණ්ඩුවේ සේරම වැරදි වලට දැන් MY3 ට බනින්නෙ.. ඒක උන්ගෙ පොඩි Trick එකක්.. :yes:
    ඒ උනාට මචන් මේ ප්‍රශ්නේ හැදුවේ පොරනේ නැත්තම් රනිල් වගේ මිනිහෙකුට කවදාවත් චන්දයක් දිනන්ඩ බැනේ
    ඒ කාලේ මහින්ද කරපු වැඩ මිනිස්සුන්ට එපා වෙලා තිබ්බේ.මිනිස්සු සිරිසේන ගැන විශ්වාස කරලා තමා චන්දෙ දුන්නේ.
    කැපුවත් UNP සෙට් එක ඇරෙන්ඩ අනිත් මිනිස්සුන්ට රනිල් ගැන විශ්වාසයක් තිබ්බේ නැ කොහොමත්.
    දැන් කපාගත්ත වලේ පෝරම වැටිලා බෙරිහන් දෙනවා පොරට වැඩක් කරන්ඩ දෙන් නැ කියලා

    පොරට තියන බලයත් එක්ක පොරට කරන්ඩ බැරි දෙයක් නැ
    මහින්ද වගේ හිටියනම් ගහන ගේම බලාගන්ඩ තිබ්බා
    අරුන් සෙට් එකට දැන් පොඩ්ඩක්වත් මතක නැ මු හින්දා උන් ගොඩ ගියේ කියලා
    මුව සත පහකට ගණන් ගන්නේ නැතුව උන් උන්ට ඕන විදිහට නටනවා

    බැදුම් කරේ හොරු ටික සිරිසේන හින්දා මිනිස්සු දැන ගත්තා.
    එත් ඉතින් වැරදි කරුවන්ට දඩුවම් කරන ක්‍රමයක්වත් ඒ සල්ලි ගන්න විදිහක් වත් නැ නේ.
    මේකේ ප්‍රතිපල තව ඉස්සරහට මිනිස්සුන්ට තදට දැනෙයි.

    මේ මනුස්සයා කොච්චර නිවට මනුස්සයෙක්ද කියන්නේ ජනදිපති කොමිසමක් දාලා එක පොරට ඕන විදිහට කරන්ඩ බැරි උනා නේ.

    සිරිසේනට ඕන උනේ මහින්දලට රිදවන්ඩ බලය ගන්ඩ මිසක් මනුස්සයා කල්පනා කරේ නැ පොර සෙට් වෙන්නේ මොනවගේ සෙට් එකක් එක්කද කියලා

    :(:(:(
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,104
    1,036
    113
    මෛත්‍රීපාල සිරිසේන හොඳයි පේජ් කරන උන් පොටෝශොප් කලාට :yes: මාත් අවංකවම තව පාරක් ඉල්ලුවොත් ඡන්දෙ දෙනව :yes:
    :lol::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,112
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම දේශපාලණය ගැන දන්නෙ නෑ කිව්ව ෆොන්සේක 2010 පොදු අපේක්ශකය උනේ කවුරු නිසාද,එකට හිටිය මෙත්පල් ආප්ප කාල මාරට කොකා පෙන්නල 2015 පොදු අපේක්ශකය උනේ කවුරු නිසාද..මෙත්පල් නැත්නම් අද රනිල් අගමැති වෙයිද..ඔන්න පස්න. :rolleyes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මාත් මේ කතාව දාන්න හිටියේ.

    සිරිසේනය ජනා වෙන්න කලින් වෙන උන් වගේ ඇමතියෙක් ගමෙහ් එකෙක්. පොර ජනා උනාට පොරට පොනිල්ගේ පදේට තමයි නටන්න උනේ. රාජ්ජයක් පාලනය කරන්න දැනුමක් මනස් ට නෑ තිබ්බත් පොනිල් ඉඩ දෙන්නේ නෑ ඉතිං ගූNP පදේට නටල අව්ල් ගියාම ඔක්කොම අවලාද ආවේ සිරාට මොකද උ නේ ජනා

    ඕකම උනා මහින්දයට පොර පරදින්න උනේ ඒකයි බැසිල ගොට්ට කරපු දේ ගහපු ගේම් මහින්දය පිටින් ගියේ. නැතිනං මෑන්ස් එහෙම අව්ල් පොරක් නෙවි
     
    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    යුද්දෙන් පස්සේ මේ රට කෑවේ මහින්ද. චීනෙන් ණය අරන් දැන් රටේ කෑලිත් විකුනන්න වෙලා. සින්නකරේට දීපු හම්බන්තොට රනිල් මැදිහත් වෙලා කොහොම හරි 99 අවුරුද්දක බද්දකට දී ගත්තා. නැත්තන් එකත් උන්ගේ. හැබැයි අපිටත් ළමයි හම්බෙලා උන්ටත් හැට පැන්නමතමා හම්බන්තොට ආයේ අපිට හම්බෙන්නේ. ඒ කාලේ ඇතුලත තව මොන වෙයිද දන්නේ.
    පොර්ට් සිටිය හැදුනට පස්සේ කොලබ වරයාටත් දෙයියන්ගේ පිහිටයි. එතකොට වරායවල් දෙකම උන්ගේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    යුද්දෙන් පස්සේ මේ රට කෑවේ මහින්ද. චීනෙන් ණය අරන් දැන් රටේ කෑලිත් විකුනන්න වෙලා. සින්නකරේට දීපු හම්බන්තොට රනිල් මැදිහත් වෙලා කොහොම හරි 99 අවුරුද්දක බද්දකට දී ගත්තා. නැත්තන් එකත් උන්ගේ. හැබැයි අපිටත් ළමයි හම්බෙලා උන්ටත් හැට පැන්නමතමා හම්බන්තොට ආයේ අපිට හම්බෙන්නේ. ඒ කාලේ ඇතුලත තව මොන වෙයිද දන්නේ.
    පොර්ට් සිටිය හැදුනට පස්සේ කොලබ වරයාටත් දෙයියන්ගේ පිහිටයි. එතකොට වරායවල් දෙකම උන්ගේ.

    හම්බන්තොට වාරය සින්නකරේට චීනෙට දුන්න? පිස්සුද?මේ ආණ්ඩුව තමයි හම්බන්තොට වරාය චීනෙට ගෙඩිය පිටින් දුන්නේ.
    එදිනෙද වියදම් පියවගන්න බැරි දුර්වල ආණ්ඩුව රටේ සම්පත් විකුනගන්නවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ .
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada

    යහ පාලන රජය එක්‌ මාසයක්‌ තුළ ගෙන ඇති ණය ප්‍රමාණය රාජපක්‍ෂ රජය 2014 මුළු වර්ෂය තුළම ලබාගත් ණයට වඩා වැඩි මුදලක්‌ බවත්, මේ අනුව ඉකුත් මැයි මාසයේදී පමණක්‌ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණයට එකතු වූ මුළු මුදල රු. බිලියන 842 ක්‌ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    මේ සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයා නිකුත් කළ ප්‍රකාශය මෙසේය.
    රටක ආර්ථිකය තක්‌සේරු කරද්දී සලකා බලන එක්‌ වැදගත්ම සාර්ව ආර්ථික සාධකයක්‌ වන්නේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්‌ෂව ණය ප්‍රතිශතයයි. එම ප්‍රතිශතය, රටේ ණය ආපසු ගෙවීමේ හැකියාව මනින මිණුම් දණ්‌ඩක්‌ ලෙසද සැලකේ. තවද, මෙම ප්‍රතිශතයන් වසර ගණනාවක්‌ ඔස්‌සේ හැසිරෙන ආකාරය සලකා බැලීමෙන් අදාළ රටේ ණයබරතාවය වැඩි වන්නේද, අඩුවන්නේද යන්නද, පැහැදිළි කරගත හැක.

    2005 දී මහින්ද රාජපක්‌ෂ රජය රටේ පාලනය භාරගන්නා අවස්‌ථාවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්‌ෂව ණය ප්‍රතිශතය වාර්තා වූයේ 91% ක්‌ ලෙසය. එතැන් සිට, තිරසාර ආර්ථික වර්ධනයක්‌ පවත්වාගෙන යමින්ද, රුපියල ස්‌ථාවරව පවත්වා ගනිමින්ද, දේශීය සහ විදේශීය ආයෝජන වර්ධනය කර ගනිමින්ද, සමස්‌ත පොලී අනුපාත අඩුකර ගනිමින්ද, අයවැය පරතරය සංකෝචනය කර ගනිමින්ද, උද්ධමනය පාලනය කර ගනිමින්ද, දළ දේශීය නිශ්පාදිතයට සාපේක්‌ෂව ණය ප්‍රතිශතය, 2015 ජනවාරි මාසයේදී රාජපක්‌ෂ පාලනය අවසන් වන අවස්‌ථාවේදී 71% ක්‌ දක්‌වා අඩු කර ගැනීමට, එම රජයේ ආර්ථික බලධාරීන්ට හැකි වුණි.
    එතැන් පටන් යහපාලනය රජය විසින් දියත් කරන ලද දුර්වල ආර්ථික පාලනය හේතුකොට ගෙන, ඉතා ඉක්‌මනින් රටේ ණයබරතාවය භයානක මට්‌ටමකට පිවිසී ඇති බව දැන් පෙනී යයි. මෙම අයහපත් තත්ත්වය මතුවන්නට මූලිකවම හේතුවූ සාධක අතරට, දැවැන්ත රාජ්‍ය වියදම, සීග්‍රයෙන් අවප්‍රමාණය වන රුපියල, ඉහළ යන පොලී අනුපාතය, නාස්‌තිකාරී ව්‍යාපෘති සහ අසාර්ථක රාජ්‍ය ප්‍රතිපත්තිවලට ආයෝජකයන්ගේ උදාසීන ප්‍රතිචාර, ඇතුළත් වේ. මෙම හේතූන් නිසා, සමස්‌ත ණය ප්‍රමාණය ඉතා සීග්‍ර ලෙස වැඩි වූ අතර, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්‌ෂව ණය ප්‍රතිශතයද ඉතා ඉක්‌මනින් ඉහළ යන ලදී.

    2017 ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව, රජයේ සමස්‌ත ණය තොගය 2014 අග වන විට වාර්තා වූ රුපියල් බිලියන 7,391 සිට 2017 අග වන විට රුපියල් බිලියන 10,313 දක්‌වා වැඩිවුණි. තවද, 2014 අග වන විට වාර්තා වී තිබූ දළ දේශීය නිෂ්aපාදිතයට සාපේක්‌ෂව ණය ප්‍රතිශතය 71.3% සිට, 2017 අග වන විට 77.6% දක්‌වා ඉහළ ගිය බවද වාර්තා වුණි.
    එහෙත්, මීට වෙනස්‌ තත්ත්වයක්‌ 2017 සදහා මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කොට තිබූ ගිණුම් විගණනය කළ ශ්‍රී ලංකා විගණකාධිපති පෙන්වා දී තිබේ. ඔහු පවසා ඇත්තේ 2017 අග වන විට රජයේ සමස්‌ත ණය රුපියල් බිලියන 10,313 නොව, රුපියල් බිලියන 10,702 බවයි. එනම්, රුපියල් බිලියන 389 ක දැවැන්ත අගයක්‌, හෝ ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක්‌, රටේ ණය තොගයට තවදුරටත් එකතු විය යුතු බවය. රුපියල් බිලියන 389 ක්‌ යනු කොළඹ/කටුනායක අධිවේගී මාර්ගය, නොරොච්චෝලේ තාප බලාගාරය සහ හම්බන්තොට වරාය යන ව්‍යාපෘති සියල්ලම තැනීම සදහා වැය වූ මුදල හා සමාන මුදලකි. තවදුරටත් විගණකාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ, 2017 අග වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදිතයට සාපේක්‌ෂව ණය ප්‍රතිශතය 77.6% ක්‌ නොව එය 81.0% ක්‌ බවය. ඒ අනුව ශ්‍රී ලංකාව zඅතිශයෙන් ණයබරතාවයෙන් පෙළෙනZ රාජ්‍යයක්‌ ලෙස ජාත්‍යන්තරව වර්ගීකරණය වන නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ණය ගැනීමේ හැකියාව දරුණු ලෙස දුර්වල වනු ඇත.

    ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ වාසනාවට මෙන්, මෙම අතිශයින් දුර්වල තත්ත්වය ප්‍රසිද්ධියට පත් කිරීමට දින කීපයකට පෙර, දැවැන්ත දිගු කාලීන ණය තොගයක්‌ එකතු කර ගැනීමට බලධාරීන් සමත් වුණි. 2018 මැයි මාසයේ ජාත්‍යන්තර ස්‌වෛරීය බැඳුම්කර හර හා ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක්‌ද, ‘හවුල්’ ණයක්‌ හරහා ඇමරිකානු ඩොලර් බිලියන 1.0 ක්‌ ද, ලබාගත් බව බලධාරීන් ආඩම්බරයෙන් ප්‍රකාශ කළහ. ඒ අනුව, ඇමරිකානු ඩොලර් බිලියන 3.5 විදේශ විනිමය ණය හෙවත් රුපියල් බිලියන 556 ක ණය ලබා ගැනීමට ඔවුන්ට හැකිවුණි. ඒ අතරම, දිගු කාලීන දේශිය බැදුම්කර නිකුතු හරහා තවත් රුපියල් බිලියන 90 ක්‌ද ණයට ගැනීමට බලධාරීන් කටයුතු කළහ. ඊට අමතරව, 2018 ජනවාරි 1 වැනිදා සිට 2018 ජූනි 12 වැනිදා දක්‌වා කාලය තුළදී ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය වීම නිසා, තවත් රුපියල් බිලියන 196 ක්‌ රජයේ ණය තොගයට එකතු වුණි. මේ අනුව, 2018 මැයි මාසයේදී පමණක්‌ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණයට එකතුවූ මුළු මුදල රුපියල් බිලියන 842 ක්‌ බව ගණනය කළ හැක. එම අගය, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්‌ෂව ප්‍රකාශ කරන්නේ නම්, 6% ක්‌ වැනි දැවැන්ත අගයකි.

    රාජපක්‌ෂ පාලන කාලයේ අවසන් වසරවූ 2014 වසරේදී, වසර තුළ වැඩිවූ ණය තොගය රුපියල් බිලියන 598 කි. එසේ නම්, මෙයින් පෙනී යන්නේ එක්‌ මාසයක්‌ තුළ යහපාලන රජය රැගෙන ඇති ණය ප්‍රමාණය රාජපක්‌ෂ රජය 2014 මුළු වසර තුළම ලබා ගත් ණයට වඩා බෙහෙවින් වැඩි මුදලක්‌ බවය. කිසිදු වගකීමකින් තොරව සහ මුළු ඉතිහාසයේම නොවු විරූ ආකාරයට, වර්තමාන රජය ණය ගන්නා ස්‌භාවය මේ නිදසුනෙන්ම තහවුරු වනු ඇත.

    ඉහත පෙන්වා දී ඇති ආකාරයට දැවැන්ත ණය ගැනීමට අමතරව මෙම රජය විසින් සියලුම ව්‍යාපාර සහ ජනතාව මත ඉතා පීඩාකාරී බදු පැනවීමක්‌ද කෙරෙනු දැන් පෙනී යයි. ඒ සමගම රජයෙන් ලබා දෙන සෑම සේවයකටමද රජය විසින් අලෙවි කරනු ලබන සියලුම භාණ්‌ඩවලටද ඉතා ඉහළ මිල වැඩි කිරීම් කරන ආකාරයද පෙනේ. මෙම ද්විත්ව ප්‍රහාර හරහා වර්තමාන රජය ශ්‍රී ලංකා ආර්ථිකයේ සියලුම කොටස්‌කරුවන් දැවැන්ත පීඩනයකට මේ වන විටත් ලක්‌ කොට ඇත. එපමණක්‌ද නොව, දැනට දින කීපයකට පෙර අගමැතිවරයා ප්‍රකාශ කොට සිටියේ, නොබෝ දිනකින් තව දුරටත් බදු වැඩි කිරීමට සිදු වන බවය. ඔහු එසේ කියද්දීම, වෙනත් පැත්තකින් අසහනකාරී පාර්ලිමේන්තු මන්ත්‍රීන් තෘප්තිමත් කිරීම් සඳහා නව ඇමතිකම්ද බෙදනු පෙනේ. මෙම ලැඡ්ජාසහගත සහ අසංවේදී ක්‍රියා පටිපාටිවලින් පෙනී යන්නේ වර්තමාන වැඩ බැරි සහ දූෂිත රජය විසින්, ඉදිරියේදී දියත් කළ හැකි ක්‍රියාවලියන් වෙනුවෙන් මේ වන විට, විකල්ප සියල්ලම පාහේ ඇහිරී ඇති බවය. එපමණක්‌ නොව, කිසිදු දර්ශනයක්‌ හෝ දිශාවක්‌ නොමැති ඔවුන්ගේ ආර්ථික කළමනාකරණය නිසා, ආර්ථික පාලනයද ඔවුන් අතින් සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස්‌ ඇති බවය.
    – Copyright Divaina