ජනපති මහින්ද රාජපක්ෂ

sniper21

Active member
  • Sep 5, 2014
    226
    183
    43
    ජනපති මහින්ද රාජපක්ෂ

    'දේශප්‍රේමී' මහින්ද රාජපක්ෂ මාතෘ භූමිය පිටරැටියන්ට සින්නක්කරවම විකිණූ ලැයිස්තුවක් ‌මෙන්න..!

    මහින්ද රාජපක්ෂ මහතාගේ වනචර දශකයේ පාලනය තුලදී ඔහුගේ රජය විසින් වි‌‌දේශයන්ට විකිණූ ලංකාවේ ඉඩම් සහ සම්පත් සම්බන්ධ ලියැවිල්ලක් ලංකා ඊ නිව්ස් ‌වෙත ලැබී තිබේ. මහින්ද රාජපක්ෂ ‌දේශප්‍රේමියෙකු යයි රැවටී සිටින අයගේ දැන ගැනීම සඳහා ඒ විස්තරය පහත පළ කරමු.

    1. සෝමාවතිය පුජා භුමිය ආසන්නයේ අක්කර 5000 ක භුමිය - රාජපක්ෂලා අමෙරිකානු ඩෝල් සමාගමට විකුණා ඇත්තේ සින්නක්කර අයිතියක් ලෙසය. මේ වන විට එකී භුමිය තුල ඩෝල් සමාගම සතුව ඉතාමත් සශ්‍රික කෙසෙල් වගාවක් පවතී .

    2. එකී ඇමරිකානු ‌‌ඩෝල් සමාගමටම උල්හිටිය ප්‍රදේශයෙන් අක්කර 1500 ක් හා පැල්වත්ත ප්‍රදේශයෙන් අක්කර 1200 ක් ද මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විසින් සින්නක්කරව විකුණා දැමිණ.

    3. පොර්ට් සිටියට අදාලව ඒ භුමියෙන් අක්කර 600 ක් 99 අවුරුදු බදු පදනම මත චීනයට ඔබ ලබා දෙද්දී ඉන් අක්කර 220 ක් චීනයට පවරා දුන්නේ සින්නක්කරව ය. එකී භුමියට ඉහලින් චීනයේ අවසරයකින් ‌තොරව කිසිදු ගුවන් යානයකට ගමන් කළ නොහැකිය යන ‌කොන්දේසියකටද රාජපක්ෂලා එකඟ වී තිබිණ. එම සින්නක්කර අක්කර 220 ක භුමිය නැවත ලබා ගත්තේ 2015 ජනවාරි 08 න් පසුව වන අතර ගුවන් යානාවන්ට චීනයෙන් අවසර ගැනීමද අහෝසි ‌කෙරිණ.

    4. ගොල්ෆේස් පිටිය ඉදිරිපිට තිබු හමුදා මුලස්ථාන ගොඩනැගිල්ල හා හමුදා රෝහල ‌පොළොවට සමතලා කර එකී භුමියෙන් අක්කර 6 ක් ෂැන්ග්‍රිලා සමාගමට මහින්ද රාජපක්ෂ විසින් සින්නක්කරව ලබා දුන්නේය. නව හමුදා මුලස්ථාන ගොඩනගිල්ල තවමත් පැලවත්ත අකුරෙගොඩ ප්‍රදේශයෙ ඉදිවෙමින් පවතින අතර හමුදාව තැන් තැන් වල ය.

    5. පොලවෙන් මතු කර ගැනීමටත් පෙර මන්නාරම් ද්‍රෝනියේ ගෑස් සම්පත ඉන්දියානු කායින් සමාගමට විකිනුවේ රාජ්‍ය භාගය ‌ලෙස 10%ක් වැනි ‌සොච්චමක් තබාගෙනය.

    6. ‌දේශප්‍රේමී යයි කියා ගන්නා රාපක්ෂගේ පාලන කාලය තුල ඔහුගේ සැලසුම වී තිබුනෙ කල්පිටිය දුපත් 14 ම විකිණිමටය. නමුත් ඔහුගේ පාලනය බිඳ වැටිමට පෙර ඉන් විකුනා ගත හැකි වුයේ දුපත් දෙකක් පමනි. එකක් ඉන්දියානු සමාගමකටද අනෙක බෙල්ජියානු සාමගමකටද සින්නක්කරව විකුනුවේය.

    7. 2014.09.16 දින මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාව තුලින් නොරොච්චොලේ, කෙලවරපිටිය හා හම්බන්තොට වරාය ඉතා අවාසි සහගත ‌කොන්දේසි යටතේ චීනයට බදු දීමට දැරු උත්සාහය අමතක නම් එම ගිවිසුම නීතිපති දෙපාර්තමෙන්තුවෙන් ලබා ගෙන නැවත පරිශීලනය කළ හැකිය.

    8. 1995 වර්ශයේ පෙට්‍රොලියම් හි වැඩිම ලාභ ලැබු ලිහිසි තෙල් ඇමරිකාවේ කැල්ටෙක්ස් සමාගමට අවුරුදු 15 කාලයකට බදු දුන් අතර එකී බදු කාලය අවසන්ව 2010 වර්ශයේ අපට නැවතත් එකී ලිහිසි තෙල් බෙදා හැරිම ලැබුනද මහින්ද රාජපක්ෂ එකී ගිවිසුම නැවතත් දිර්ඝ ‌කෙළේ ඔහුට සැබැවින්ම දේශප්‍ර්‍මීයෙකු වීමේ අවස්තාව මග හැර ගනිමිනි.

    9. යුනෙස්කෝව මගින් ලෝක උරුමයක් ලෙස නම් කළ ශ්‍රී පාද අඩවියෙහි නල්ලතන්නියේ සිට ඉඳිකටු පාන දක්වා මාර්ගය දෙපස මිටර් 30 ක භුමිය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට එකී අමාත්‍යාංශයේ අමත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ විසින් 2013. 03. 05 දින කැබිනට් පත්‍රිකාවක් නිකුත් ‌කෙළේය. එකී භුමියද පසුව විකිණීම සඳහා කරන ලද නිර්ලජ්ජිත උත්සාහය අහිමි වුයේ රාජපක්ෂ පාලනය ජනවාරි 8න් අවසන් වු නිසා ය.


    https://lankaenews.com/news/8841/si
     
    • Like
    Reactions: Shadow.Walker

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    ගොල්ෆේස් පිටිය ඉදිරිපිට තිබු හමුදා මුලස්ථාන ගොඩනැගිල්ල හා හමුදා රෝහල ‌පොළොවට සමතලා කර එකී භුමියෙන් අක්කර 6 ක් ෂැන්ග්‍රිලා සමාගමට මහින්ද රාජපක්ෂ විසින් සින්නක්කරව ලබා දුන්නේය. නව හමුදා මුලස්ථාන ගොඩනගිල්ල තවමත් පැලවත්ත අකුරෙගොඩ ප්‍රදේශයෙ ඉදිවෙමින් පවතින අතර හමුදාව තැන් තැන් වල ය.

    මේව බොරුද?
     

    Similar threads