ජනපති~මාධ්‍ය අංශයෙන් ඉවතට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජනපති~මාධ්‍ය අංශයෙන් ඉවතට

    දකුණු අප්‍රිකා හා කෙන්යාවේ නිල චාරිකාවකින් පසු ශ්‍රී ලංකාවට එමින් සිටිය දී ඩුබායි ගුවන් තොටේ බදු රහිත සාප්පු සංකීර්ණයේ දී ඇමෙරිකා ඩොලර් 2325ක් (රුපියල් 438900ක් පමණ) වටිනා ආරක්ෂක වීඩියෝ කැමරාවක් සොරකම් කළැයි ජනාධිපති මාධ්‍ය අංශයේ වීඩියෝ කැමරා ශිල්පියෙක් අත්අඩංගුවට ගෙන මුදා හරිනු ලැබීය.

    තම කැමරා බෑගයේ මෙම කැමරාව සඟවාගෙන යද්දී ඔහු හසු වී ඇත.

    ඔහු කැමරාව සොරකම් කරනු සාප්පු සේවකයන් දුටු බවත්, එහි ආරක්ෂක කැමරාවල ද ඒ බව සටහන් වී ඇති බවත් දැනගන්නට තිබේ.

    වීඩියෝ කැමරා ශිල්පියා මහින්ද රාජපක්ෂ ජනපති සමග කෙන්නියාවට ගිය මාධ්‍ය කණ්ඩායමේ කෙනතු බව දැන ගැනීමෙන් පසු ජනපතිට ඇති ගෞරවය හා සැලකිල්ල නිසා ඔහු මුදා හළ බව ඩුබායි සාප්පු සංකීර්ණ ආරංචි කියයි.

    එසේ නොවූයේ නම් ඔහු හිරේ යවනු ඇතැයි ගුවන් තොටුපොළ ආරක්ෂක සේවය කියයි.

    කොළඹ පැමිණි පසු එම වීඩියෝ කැමරා ශිල්පියා සේවයෙන් ඉවත් කර ඇත.