2025 පෙබරවාරි 3 වැනිදා ඩුබායි සිට කොළඹ බලා පැමිණි UL 226 දරණ ගුවන් යානයේ Business Class එකෙහි ගමන් කරමින් සිටි චීන ජාතික පුද්ගලයකු සෙසු මගීන්ගේ අත් ගමන් මලු තුළ ඇති වටිනා භාණ්ඩ සොරකම් කරමින් සිටිය දී හසු විය.
එම අත් බෑග තියුණු ආයුධයකින් කපා විවෘත කර ඇති අතර බොහෝ දෙනෙක් පුදුම වූයේ එසේ සිදු වූයේ කෙසේ ද යන්න යි.
රත්‍රන්, මිල අධික අත් ඔරලෝසු, මුදල් පසුම්බි සහ තවත් වටිනා භාණ්ඩ අතුරුදහන් වී තිබුනි. මගීන් මේ බව දැන ගෙන තිබුණේ ඔවුන් ගුවන් යානයෙන් බැසීමට යන අවස්ථාවේ දීයි. තම ව්‍යාපාරික පන්තියේ ආසනවල සුව පහසු නින්දකින් පසු ගමනාන්තයට ළඟා වන විට මේ සොරකම් සිදුවී හමාරය.
ගුවන් මගීන්ගේ පැමිණීමෙන් පසු පැමිණිලි ඉදිරිපත් වූ විට, Sri Lankan ගුවන් සමාගමේ ආරක්ෂක අංශයේ දක්ෂ නිලධාරීන් සැකකරු කොටු කර ගැනීමට කඩිනමින් ක්‍රියා අතර අවසානයේ දී ඔහු සොරකම පිළි ගෙන ඇත. ඉන්පසු සොරකම් කරන ලද භාණ්ඩ බොහොමයක් ඔහුගේ ගමන් මල්ලෙන් සොයා ගන්නා ලදී.
මීට අමතරව, එම යානයේ ම economy class එකෙහි ගමන් කළ එම පළාතේ ම තවත් චීන ජාතිකයින් තුන් හතර දෙනෙකු ද රඳවා තබා ගෙන ඇත.