ජනපති විවෘත කළ කාගම හිමියන්ගේ පන්සලේ ධාතු මන්දිරිය හොරු බිඳියි 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,450
    8,605
    113


    ගල්කිරියාගම ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත් අභීනවයෙන් ඉදිකළ තෙමහල් ධාතු මංදිරය බිඳ එහි වැඩසිටි කරඬූන් වහන්සේ තුළ තැන්පත් කර තිබූ මැණීක් ගල් රැසක් හා මුදල් සොරකම් කර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය පරීක්ෂණ අරඹා තිබෙනවා.

    සොරුන් විසින් මෙලස බිඳ ඇත්තේ ගල්කිරියාගම පහමිණීයාගම සිරිසදහම් විහාරයට අයත් අභීනව තෙමහල් ධාතු මංදිරයයි.

    මෙම විහාරස්ථානය විචිත්‍ර ධර්ම කථීක පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ගොඩනඟන ලද එකක් වන අතර උන්වහන්සේ වර්තමානයේ වැඩවසන විහාස්ථානය ද වෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලැබී ඇති පැමිණීල්ලක් අනුව ගල්කිරියාගම පොලිස් ස්ථානය මඟින් මේ වනවිට එම සිද්දිය සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙනවා.

    ඊයේ (07) රාත්‍රීයේ පැමිණ ඇති කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු ධාතු මංදිරයේ ජනේලයක් බිඳ ඊට ඇතුලුව ඇති බවයි පොලිසිය පවසන්නේ. තෙමහල් ධාතු මංදිරයට ඇතුළු වූ සොරුන් ධාතූන් වහන්සේලා වැඩ සිටි කරඬූන් වහන්සේගේ කොත් කැරැල්ල ඇතුළත් කොටස බිඳ එම සොරකම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

    කරඬූන් වහන්සේගේ තැන්පත් කර තිබූ කුඩා ප්‍රමාණයේ මැණීක් ගල් 19ක් මෙලෙස එම සොරුන් විසින් සොරකම් කරගෙන ගොස් තිබෙනවා.

    එම ධාතු මංදිරය තුළ වූ පිං පෙට්ටිය ද සොරුන් විසින් කඩා එහි තිබූ මුදල් තොගයක් ද සොරකම් කර ගෙන ගොස් ඇති බවයි.

    සොරුන්ගේ ග්‍රහණයට නතුව ඇති මෙම අභීනව තෙමහල් ධාතු මංදිරය ඉකුත් මැයි මස 30 වැනිදා ජනාධීපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහ සංඝරත්නයේ මෙන්ම විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත වූවක්.

    සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම පොලිස් ස්ථානය මඟින් මේ වනවිටත් පුළුල් විමර්ශන හා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    UytEy7U.jpeg
     

    DinuraPradeep

    Active member
  • Jun 9, 2025
    63
    116
    33
    කොහෙන්ද මෙහෙම ධාතු හොයාගන්නෙ
    හැම පන්සලකම දැන් අවුරදු කීපයක ඉදන් තියෙනව ධාතු මන්දිර
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,169
    1
    28,789
    113
    කොහෙන්ද මෙහෙම ධාතු හොයාගන්නෙ
    හැම පන්සලකම දැන් අවුරදු කීපයක ඉදන් තියෙනව ධාතු මන්දිර
    මටත් ඔය ප්‍රශ්නෙම තමයි තියෙන්නේ

    මටත් ඔය ප්‍රශ්නෙම තමයි තියෙන්නේ
    ටික දවසකින් උන්නාන්සේ: මේකා හොරා නොවෙද පුතා
    ------ Post added on Jun 9, 2025 at 11:29 PM