ජනපති සජිත්ගේ අගමැති පාඨලී !
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔහුගේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයෙන් අනතුරුව ඊළඟ මහමැතිවරණය තෙක් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරණු ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පත්කර ගන්නා නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස චම්පික රණවක මහතා පත් කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
ඒ අනුව දැනට එක්සත් ජාතික පක්ෂයෙහි සාමාජිකයකු නොවන චම්පික රණවක මහතා ජනාධිපතිවරණයෙන් පසු එජාප සාමාජිකත්වය ලබාගනු ඇති.
පාඨලී චම්පික රණවක යනු අතිශයින් දක්ෂ, උගත්, බුද්ධිමත් දේශපාලනඥයකු වන අතර ගම්මට්ටමේ, බිම්මට්ටමේ ඡන්ද පමණක් ආකර්ෂණය කරගනිමින් සිටි සජිත් ප්‍රේමදාස මහතාව පසුගිය මාස දෙක තුළ උගතුන්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයින් යනාදී පුළුල් පදනමක් වෙත ආමන්ත්‍රණය කරන චරිතයක් බවට පත් කළ මෙහෙයුමෙහි මූලික කාර්යභාරය ඉටු කරන ලද්දේ ද ඔහු විසිනි.
https://www.lankanewsweb.net/sinhala/90-special-news/51184-ජනපති-සජිත්ගේ-අගමැති-පාඨලී--