Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනපති සමාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෝරකයෙන් නිමවූ රෝයල් පාර්ක් ප්රේමය

අපේ ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ පිහිටුවන ලද අභියාචනාධිකරණයට මුල් අවස්ථා අධිකරණවල, කම්කරු විනිශ්චය සභා සහ වෙනත් ව්යවස්ථාපිත මණ්ඩලවලින් ලබාදුන් තීන්දු පිළිබඳ අභියාචනා සහ ප්රතිශෝධන විමසීමේ අධිකරණ බලය තිබේ. ඊට අමතරව රීට් ආඥ පිළිබඳ අධිකරණ බලයද අභියාචනාධි කරණයට ඇත.

ඒ අනුව ඕනෑම මුල් අවස්ථා අධිකරණයක හෝ කම්කරු විනිශ්චය සභාවක හෝ වෙනත් ආයතනයක නඩු වාර්තාවක් අධීක්ෂණය කිරීමෙන් හෝ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලබාදී ඇති තීන්දුව තහවුරු කිරීමට මෙන්ම ඊට වඩා වෙනස් තීන්දුවක් ප්රකාශයට පත්කිරීමටද අභියාචනාධිකරණයට බලය සහ අධිකාරය ඇත.

එහෙත් අභියාචනාධිකරණය විසින් විත්තිකරුවකු එල්ලා මරා දැමීමට මරණ දඬුවම නියම කළ හැකි බවක් මින් පෙර අප අසා තිබුණේද........ අප දන්නා තරමින් පිළිතුර "නැත" යන්නය.

ස්විඩන් ජාතික රූමතියක්වූ ඉවෝන් ජොන්සන් රාජගිරිය රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ උඩු මහලේ තරප්පු පෙළක ඝාතනය කිරීමේ සිද්ධිය........යළි කරළියට ආවේ අභියාචනාධිකරණය විසින් තීන්දු කළ මරණ දඬුවම ඊට ඉහළින් ඇති ශ්රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කොට යළි මහාධිකරණය විසින් පසුගිය සතියේ අදාළ විත්තිකරුට නියම කිරීම නිසාවෙනි.

විත්තිකරු ජූඩ් ෂර්මන්තය. ඉවෝන් ජොන්සන්ගේ ඝාතනය මිනීමැරුමක් නොවන සාවද්ය මනුෂ්ය ඝාතනයක් යෑයි තීන්දු කරමින් ජූඩ් ෂර්මන්තට එරෙහිව පළමු නඩු තීන්දුව ප්රකාශ කළේ 2006 ජූලි 28 වැනිදාය. කොළඹ මහාධිකරණ විනිසුරු අයි. එම්. අබේරත්න මහතා එදා විත්තිකරුට නියම කළේ වසර දොළහක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමකි.

මේ දඬුවම පිළිබඳ එදා නීතිපතිවරයා සෑහීමකට පත්වූයේ නැත. විත්තිකරුට මරණ දඬුවම නියම කරන ලෙස ඉල්ලා එදා නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ඉදිරිපත් කළේය.

විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා එසේ අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කරද්දී වසර දොළහේ සිර දඬුවම ඉවත දමා තමන් නිදහස් කරන්නැයි ඉල්ලා විත්තිකරුද අභියාචනාධිකරණය හමුවට ගියේය.

නීතිපතිවරයාගේ අභියාචනාවත් විත්තිකරුගේ අභියාචනාවත් සලකා බැලූ අභියාචනාධිකරණය මහාධිකරණය හමුවේ ඉදිරිපත්වූ සාක්ෂි යළිත් පරීක්ෂණයට ලක් කළේය. අවසන තීන්දුවකට එළැඹුනේය. ඝාතනයට ලක් වූ ඉවෝන් ජොන්සන් වෙනුවෙන් ඇය ඝාතනය කිරීමේ අපරාධය වෙනුවෙන් විත්තිකරුට උපරිම දඬුවම නියම කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය. තමන් නිදහස් කරන ලෙස විත්තිකරු විසින් කළ අභියාචනය පමණක් නොවේ ඔහුට වසර දොළහක සිර දඬුවම් නියම කළ මහාධිකරණ තීන්දුවද ඉවත දැමු අභියාචනාධිකරණය ජූඩ් ෂර්මන්තට මරණ දඬුවම නියම කළේය.

මේ ඓතිහාසික තීන්දුවට එරෙහිව විත්තිකරු ශ්රේෂ්ඨාධිකරණය හමුවටද ගියේය. ශ්රේෂ්ඨාධිකරණයද අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුව සනාථ කළේය.

අවුරුදු දොළහක සිර දඬුවමකට ලක් වූ මේ වයස අවුරුදු විසි අටේ තරුණයා පසුගිය සඳුදා ජම්පරය ඇඳ යළි කොළඹ මහාධිකරණය හමුවට ආවේය. ඒ බන්ධනාගාර නිලධාරීන් සමගය. අධිකරණ ශාලාවේ කොනක ඔහුගේ මවද කඳුළු පිරි දැසින් පුතු දෙස බලා සිටියේය. "මතු උපදින දා මගේම පුතු වෙයන් හොඳ මිනිසෙකු ලෙසිනේ." කඳුළින් බොඳ වූ දෙනෙත්වලින් පුතු දෙස බලා ඇය සිතන්නට ඇත. ෂර්මන්තද මව දෙස බැලුවේය. ඔහුගේ දෙනෙත්ද කඳුළින් බොඳ විය. නොදැන කෙරුවත් වරද වරදමයි. නැත කිසි දිනෙක සමා මගෙ බුදු අම්මේ නුඹ දුක්ගිනි ගන්න එපා........ඔහු සිතන්නට ඇත.

අධිකරණ ශාලාවේ දැල්වෙමින් තිබූ විදුලි බුබුළු, විදුලි පංකා ක්රියා විරහිත විණි. විනිසුරුවරිය සමගින් ශාලාවේ සිටි සියල්ලෝ නැගි සිටියහ.

ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා විසින් නියම කරන දිනයක සහ වේලාවකදී වැළිකඩ බන්ධනාගාරයේ බිත්ති හතරක් තුළ ප්රාණය නිරුද්ධ වනතුරු විත්තිකාර ජූඩ් ෂර්මන්ත එල්ලීමට තීන්දු කරනවා......" යෑයි අධිකරණයේ තෝල්කයා ප්රකාශ කළේය. තීන්දුවට අත්සන් තබා විනිසුරුවරිය එම පෑන කඩා දැමුවාය. විත්තිකරුගේත් මවගේත් දැස් අග පිරී තිබූ කඳුළු කැට පහළට රූරා වැටිණි.

ජූඩ් ෂර්මන්ත මෙම වරදට පෙළඹෙන්නේ ඔහුට වයස අවුරුදු දහ නවයේදීය. ප්රමාණයට වඩා නිදහස බුක්ති විඳි ඔහුට අද සිය ජීවිතයේ සුන්දරම කාලය පෝරකය දෙස බලා සුසුම්ලමින් ගත කිරීමට සිදුවීම කෙතරම් අවාසනාවන්තකමක්ද

ජූඩ් ෂර්මන්ත කරලැයින් ජොන්සන් සමග ආදර සබඳතාවක් ඇතිකර ගත්තේ ජාත්යන්තර පාසලක ඉගෙන ගනිමින් සිටියදීය. ජූඩ්ගේ පියා ව්යාපාරිකයෙකි. කරලැයින්ගේ පියා ස්විඩන් ජාතිකයෙකි. මව ශ්රී ලාංකිකය. රූමත් කරලැයින්ගේ එකම සොයුරිය ඉවෝන් ඇමරිකාවේ විශ්වවිද්යාලයක රූපලාවන්ය පාඨමාලාවක් හදාරමින් සිටියාය.

ජූඩ් - කරලැයින් සමාජ ශාලාවල රාත්රිය ගත කිරීම පුරුද්දක් ලෙස සිදුවිය. සොයුරිය ඉවෝන්ද ශ්රී ලංකාවට ආ විට කරලැයින් සහ ජූඩ් සමග එක් වන්නීය. කරලැයින් ඉවෝන් මව සහ පියා සමග ජීවත්වූයේ රාජගිරියේ රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේය. ඔවුන්ගේ නිවස විසිවැනි මහලේය.

2005 ජුනි 30 දා කරලැයින් ඉවෝන් සොයුරියන් දෙදෙනා ජූඩ් සමග මැදියම වනතුරු රාත්රි සමාජ ශාලාවල ගත කළහ. කොළඹ නගරයේ ඇති සමාජශාලා එකින් එක යමින් විවිධ වර්ගයේ මත්පැන් පානය කරමින් විනෝද වූහ.

එක් සමාජ ශාලාවකදී කරලැයින්ට ඇගේ පැරැණි පෙම්වතා හමුවීය. ඈ ඔහු හා කතාබහ කිරීම පිළිබඳ උරණවූ ජූඩ් ඈ සමග දබර කර ගත්තේය. මේ සම්බන්ධව ඉවෝන්ද ජූඩ්ට දොස් පැවැරුවාය. අවසන ඉවෝන් "බ්ලු එලිµන්ට් සමාජ ශාලාවේ තනි කර ජූඩ්, කරලැයින් නිවසට කැඳවාගෙන ගියේය.

ජූඩ් පෙම්වතිය සමග අලුයම් කාලය එළැඹෙන තුරු රෝයල් පාර්ක් නිවසේ ඇගේ කාමරයේ ගත කළේය. කරලැයින් සමගවූ සිත් අමනාපය පහව නොගිය ජූඩ් ඇගෙන් සමුගෙන පිටව ගියේය. ජූඩ් ඒ යන අතර තරප්පු පෙළ නැග නිවසට එන ඉවෝන් ඔහුට හමුවිය.

"උඹ මගේ නංගිගේ ජීවිතය විනාශ කළා. එයාගෙන් ඉවත් වෙයන්. ඉවෝන් ඔහුට කීවාය. ඒ වන විටත් කෝපයෙන් පසු වූ ජූඩ්, ඉවෝන්ගේ හිස බිත්තිවල හප්පමින් තරප්පු පෙළ දිගේ පහළට ඇදගෙන ගියේය. ඇය බිම වැටිණි. ඉන්පසු ඔහු ඇගේ හිස පඩි පෙළේ ගසා ඇ ඇඳ සිටි කලිසම ගලවා ඉන් ඇගේ ගෙල සිර කළේය.

(මහාධිකරණය හමුවේ ඉදිරිපත්වූ සාක්කිවලින් මෙම තොරතුරු හෙළි විණි)

ඉවෝන් තරප්පු පෙළ මත කිසිවකු විසින් ඝාතනය කර ඇතැයි කරලැයින් සහ මවත් පියාත් දැනගත්තේ අලුත් දවසකට එළිය වැටුනාට පසුවය.

පොලිසියේ පරීක්ෂණවලදී තරප්පු පෙළේ අත්වාරුව මත ලේ සහිත අත්ල සටහන් හමුවිණි. ඇඟිලි සලකුණු රෙජිස්ට්රාර්වරයා විසින් තහවුරු කළේ එම අත්ල සටහන විත්තිකාර ජූඩ්ගේ අත්ල සටහන සමග සැසඳෙන බවය.

ඉන්පසු මේ අත්ල සටහන් නිර්මාණය වී තිබෙන්නේ කාගේ රුධිරයෙන්ද යන්න පරික්ෂා කෙරිණි. ඒ සඳහා කළ ඩී. එන්. ඒ. පරීක්ෂණයට අනුව තරප්පු පෙළේ අත්වාරුව මත ඇති විත්ති කරුගේ අත්ල සටහන් මරණයට පත්වූ ඉවෝන්ගේ රුධිරයෙන් නිර්මාණය වී ඇති බවද සනාථ කෙරිණි.

ස්විඩන් ජාතික රූමත් ඉවෝන්ගේ මරණය ජූඩ් ෂර්මන්ත අතින් සිදුවූ බවට තහවුරු කළ හැකි එකම විද්යාත්මක සාක්ෂිය වූයේ ඉවෝන්ගේ රුධිරයෙන් නිර්මාණය වූ ජූඩ්ගේ අත්ල සටහන්ය.

ඉවෝන්ගේ හිස තරප්පු පෙළේ ගැට්ට මත කිහිපවරක් ගැසීම නිසා ඇගේ හිස් කබළ පිපිරී ඇතැයි අධිකරණ වෛද්ය නිලධාරිවරයාගේ සාක්ෂියෙන් අනාවරණය විය. ඇගේ මුහුණේ ලේ සහ තැලීම් ඇතිවන ස්වභාවයේ පහරදීම්ද සිදුකර ඇතිබව එම සාක්ෂියෙන් ඉදිරිපත් විය.

තරුණ වයස හිතුවක්කාර තීන්දු තීරණ ගන්නා දඩබ්බර ගති පැවතුම් ඇති කාලය ය. මේ කාලය ගත කරන තරුණ තරුණියන්ට දෙමව්පියන් විසින් ලබා දෙන අසීමිත නිදහස ඔවුන් අත ගැවසෙන මුදල්.......මේ අයට තම ජීවිත වැරදි පාරක ගෙන යැමට රුකුලක් බව නිසැකය.

වයස අවුරුදු දහනවයක දඟකාර තරුණයෙකුට, ඒ වයසේම පසු වූ කරලැයින්ට, ඉවෝන්ට ලැබුණේ එවන් නිදහසකි. නූල කැඩී ගිය සරුංගල් සේ ඔවුන්ගේ ජීවිත ඉබාගාතේ පාවී ගියහ.

ඒ ගමන නිමාවූයේ රූමත් යුවතියකට මරණයත් නොමේරු තරුණයෙකුට පෝරකයත් හිමිකර දෙමිනි.

අජිත් අලහකෝන්

http://www.divaina.com/2014/06/15/feature16.html

[QUOTE="navinnuwan, post: 24873524, member: 4611"] [SIZE="3"][SIZE="5"]පෝරකයෙන් නිමවූ රෝයල් පාර්ක් ප්රේමය[/SIZE] අපේ ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ පිහිටුවන ලද අභියාචනාධිකරණයට මුල් අවස්ථා අධිකරණවල, කම්කරු විනිශ්චය සභා සහ වෙනත් ව්යවස්ථාපිත මණ්ඩලවලින් ලබාදුන් තීන්දු පිළිබඳ අභියාචනා සහ ප්රතිශෝධන විමසීමේ අධිකරණ බලය තිබේ. ඊට අමතරව රීට් ආඥ පිළිබඳ අධිකරණ බලයද අභියාචනාධි කරණයට ඇත. ඒ අනුව ඕනෑම මුල් අවස්ථා අධිකරණයක හෝ කම්කරු විනිශ්චය සභාවක හෝ වෙනත් ආයතනයක නඩු වාර්තාවක් අධීක්ෂණය කිරීමෙන් හෝ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලබාදී ඇති තීන්දුව තහවුරු කිරීමට මෙන්ම ඊට වඩා වෙනස් තීන්දුවක් ප්රකාශයට පත්කිරීමටද අභියාචනාධිකරණයට බලය සහ අධිකාරය ඇත. එහෙත් අභියාචනාධිකරණය විසින් විත්තිකරුවකු එල්ලා මරා දැමීමට මරණ දඬුවම නියම කළ හැකි බවක් මින් පෙර අප අසා තිබුණේද........ අප දන්නා තරමින් පිළිතුර "නැත" යන්නය. ස්විඩන් ජාතික රූමතියක්වූ ඉවෝන් ජොන්සන් රාජගිරිය රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ උඩු මහලේ තරප්පු පෙළක ඝාතනය කිරීමේ සිද්ධිය........යළි කරළියට ආවේ අභියාචනාධිකරණය විසින් තීන්දු කළ මරණ දඬුවම ඊට ඉහළින් ඇති ශ්රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කොට යළි මහාධිකරණය විසින් පසුගිය සතියේ අදාළ විත්තිකරුට නියම කිරීම නිසාවෙනි. විත්තිකරු ජූඩ් ෂර්මන්තය. ඉවෝන් ජොන්සන්ගේ ඝාතනය මිනීමැරුමක් නොවන සාවද්ය මනුෂ්ය ඝාතනයක් යෑයි තීන්දු කරමින් ජූඩ් ෂර්මන්තට එරෙහිව පළමු නඩු තීන්දුව ප්රකාශ කළේ 2006 ජූලි 28 වැනිදාය. කොළඹ මහාධිකරණ විනිසුරු අයි. එම්. අබේරත්න මහතා එදා විත්තිකරුට නියම කළේ වසර දොළහක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමකි. මේ දඬුවම පිළිබඳ එදා නීතිපතිවරයා සෑහීමකට පත්වූයේ නැත. විත්තිකරුට මරණ දඬුවම නියම කරන ලෙස ඉල්ලා එදා නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ඉදිරිපත් කළේය. විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා එසේ අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කරද්දී වසර දොළහේ සිර දඬුවම ඉවත දමා තමන් නිදහස් කරන්නැයි ඉල්ලා විත්තිකරුද අභියාචනාධිකරණය හමුවට ගියේය. නීතිපතිවරයාගේ අභියාචනාවත් විත්තිකරුගේ අභියාචනාවත් සලකා බැලූ අභියාචනාධිකරණය මහාධිකරණය හමුවේ ඉදිරිපත්වූ සාක්ෂි යළිත් පරීක්ෂණයට ලක් කළේය. අවසන තීන්දුවකට එළැඹුනේය. ඝාතනයට ලක් වූ ඉවෝන් ජොන්සන් වෙනුවෙන් ඇය ඝාතනය කිරීමේ අපරාධය වෙනුවෙන් විත්තිකරුට උපරිම දඬුවම නියම කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය. තමන් නිදහස් කරන ලෙස විත්තිකරු විසින් කළ අභියාචනය පමණක් නොවේ ඔහුට වසර දොළහක සිර දඬුවම් නියම කළ මහාධිකරණ තීන්දුවද ඉවත දැමු අභියාචනාධිකරණය ජූඩ් ෂර්මන්තට මරණ දඬුවම නියම කළේය. මේ ඓතිහාසික තීන්දුවට එරෙහිව විත්තිකරු ශ්රේෂ්ඨාධිකරණය හමුවටද ගියේය. ශ්රේෂ්ඨාධිකරණයද අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුව සනාථ කළේය. අවුරුදු දොළහක සිර දඬුවමකට ලක් වූ මේ වයස අවුරුදු විසි අටේ තරුණයා පසුගිය සඳුදා ජම්පරය ඇඳ යළි කොළඹ මහාධිකරණය හමුවට ආවේය. ඒ බන්ධනාගාර නිලධාරීන් සමගය. අධිකරණ ශාලාවේ කොනක ඔහුගේ මවද කඳුළු පිරි දැසින් පුතු දෙස බලා සිටියේය. "මතු උපදින දා මගේම පුතු වෙයන් හොඳ මිනිසෙකු ලෙසිනේ." කඳුළින් බොඳ වූ දෙනෙත්වලින් පුතු දෙස බලා ඇය සිතන්නට ඇත. ෂර්මන්තද මව දෙස බැලුවේය. ඔහුගේ දෙනෙත්ද කඳුළින් බොඳ විය. නොදැන කෙරුවත් වරද වරදමයි. නැත කිසි දිනෙක සමා මගෙ බුදු අම්මේ නුඹ දුක්ගිනි ගන්න එපා........ඔහු සිතන්නට ඇත. අධිකරණ ශාලාවේ දැල්වෙමින් තිබූ විදුලි බුබුළු, විදුලි පංකා ක්රියා විරහිත විණි. විනිසුරුවරිය සමගින් ශාලාවේ සිටි සියල්ලෝ නැගි සිටියහ. ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා විසින් නියම කරන දිනයක සහ වේලාවකදී වැළිකඩ බන්ධනාගාරයේ බිත්ති හතරක් තුළ ප්රාණය නිරුද්ධ වනතුරු විත්තිකාර ජූඩ් ෂර්මන්ත එල්ලීමට තීන්දු කරනවා......" යෑයි අධිකරණයේ තෝල්කයා ප්රකාශ කළේය. තීන්දුවට අත්සන් තබා විනිසුරුවරිය එම පෑන කඩා දැමුවාය. විත්තිකරුගේත් මවගේත් දැස් අග පිරී තිබූ කඳුළු කැට පහළට රූරා වැටිණි. ජූඩ් ෂර්මන්ත මෙම වරදට පෙළඹෙන්නේ ඔහුට වයස අවුරුදු දහ නවයේදීය. ප්රමාණයට වඩා නිදහස බුක්ති විඳි ඔහුට අද සිය ජීවිතයේ සුන්දරම කාලය පෝරකය දෙස බලා සුසුම්ලමින් ගත කිරීමට සිදුවීම කෙතරම් අවාසනාවන්තකමක්ද ජූඩ් ෂර්මන්ත කරලැයින් ජොන්සන් සමග ආදර සබඳතාවක් ඇතිකර ගත්තේ ජාත්යන්තර පාසලක ඉගෙන ගනිමින් සිටියදීය. ජූඩ්ගේ පියා ව්යාපාරිකයෙකි. කරලැයින්ගේ පියා ස්විඩන් ජාතිකයෙකි. මව ශ්රී ලාංකිකය. රූමත් කරලැයින්ගේ එකම සොයුරිය ඉවෝන් ඇමරිකාවේ විශ්වවිද්යාලයක රූපලාවන්ය පාඨමාලාවක් හදාරමින් සිටියාය. ජූඩ් - කරලැයින් සමාජ ශාලාවල රාත්රිය ගත කිරීම පුරුද්දක් ලෙස සිදුවිය. සොයුරිය ඉවෝන්ද ශ්රී ලංකාවට ආ විට කරලැයින් සහ ජූඩ් සමග එක් වන්නීය. කරලැයින් ඉවෝන් මව සහ පියා සමග ජීවත්වූයේ රාජගිරියේ රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේය. ඔවුන්ගේ නිවස විසිවැනි මහලේය. 2005 ජුනි 30 දා කරලැයින් ඉවෝන් සොයුරියන් දෙදෙනා ජූඩ් සමග මැදියම වනතුරු රාත්රි සමාජ ශාලාවල ගත කළහ. කොළඹ නගරයේ ඇති සමාජශාලා එකින් එක යමින් විවිධ වර්ගයේ මත්පැන් පානය කරමින් විනෝද වූහ. එක් සමාජ ශාලාවකදී කරලැයින්ට ඇගේ පැරැණි පෙම්වතා හමුවීය. ඈ ඔහු හා කතාබහ කිරීම පිළිබඳ උරණවූ ජූඩ් ඈ සමග දබර කර ගත්තේය. මේ සම්බන්ධව ඉවෝන්ද ජූඩ්ට දොස් පැවැරුවාය. අවසන ඉවෝන් "බ්ලු එලිµන්ට් සමාජ ශාලාවේ තනි කර ජූඩ්, කරලැයින් නිවසට කැඳවාගෙන ගියේය. ජූඩ් පෙම්වතිය සමග අලුයම් කාලය එළැඹෙන තුරු රෝයල් පාර්ක් නිවසේ ඇගේ කාමරයේ ගත කළේය. කරලැයින් සමගවූ සිත් අමනාපය පහව නොගිය ජූඩ් ඇගෙන් සමුගෙන පිටව ගියේය. ජූඩ් ඒ යන අතර තරප්පු පෙළ නැග නිවසට එන ඉවෝන් ඔහුට හමුවිය. "උඹ මගේ නංගිගේ ජීවිතය විනාශ කළා. එයාගෙන් ඉවත් වෙයන්. ඉවෝන් ඔහුට කීවාය. ඒ වන විටත් කෝපයෙන් පසු වූ ජූඩ්, ඉවෝන්ගේ හිස බිත්තිවල හප්පමින් තරප්පු පෙළ දිගේ පහළට ඇදගෙන ගියේය. ඇය බිම වැටිණි. ඉන්පසු ඔහු ඇගේ හිස පඩි පෙළේ ගසා ඇ ඇඳ සිටි කලිසම ගලවා ඉන් ඇගේ ගෙල සිර කළේය. (මහාධිකරණය හමුවේ ඉදිරිපත්වූ සාක්කිවලින් මෙම තොරතුරු හෙළි විණි) ඉවෝන් තරප්පු පෙළ මත කිසිවකු විසින් ඝාතනය කර ඇතැයි කරලැයින් සහ මවත් පියාත් දැනගත්තේ අලුත් දවසකට එළිය වැටුනාට පසුවය. පොලිසියේ පරීක්ෂණවලදී තරප්පු පෙළේ අත්වාරුව මත ලේ සහිත අත්ල සටහන් හමුවිණි. ඇඟිලි සලකුණු රෙජිස්ට්රාර්වරයා විසින් තහවුරු කළේ එම අත්ල සටහන විත්තිකාර ජූඩ්ගේ අත්ල සටහන සමග සැසඳෙන බවය. ඉන්පසු මේ අත්ල සටහන් නිර්මාණය වී තිබෙන්නේ කාගේ රුධිරයෙන්ද යන්න පරික්ෂා කෙරිණි. ඒ සඳහා කළ ඩී. එන්. ඒ. පරීක්ෂණයට අනුව තරප්පු පෙළේ අත්වාරුව මත ඇති විත්ති කරුගේ අත්ල සටහන් මරණයට පත්වූ ඉවෝන්ගේ රුධිරයෙන් නිර්මාණය වී ඇති බවද සනාථ කෙරිණි. ස්විඩන් ජාතික රූමත් ඉවෝන්ගේ මරණය ජූඩ් ෂර්මන්ත අතින් සිදුවූ බවට තහවුරු කළ හැකි එකම විද්යාත්මක සාක්ෂිය වූයේ ඉවෝන්ගේ රුධිරයෙන් නිර්මාණය වූ ජූඩ්ගේ අත්ල සටහන්ය. ඉවෝන්ගේ හිස තරප්පු පෙළේ ගැට්ට මත කිහිපවරක් ගැසීම නිසා ඇගේ හිස් කබළ පිපිරී ඇතැයි අධිකරණ වෛද්ය නිලධාරිවරයාගේ සාක්ෂියෙන් අනාවරණය විය. ඇගේ මුහුණේ ලේ සහ තැලීම් ඇතිවන ස්වභාවයේ පහරදීම්ද සිදුකර ඇතිබව එම සාක්ෂියෙන් ඉදිරිපත් විය. තරුණ වයස හිතුවක්කාර තීන්දු තීරණ ගන්නා දඩබ්බර ගති පැවතුම් ඇති කාලය ය. මේ කාලය ගත කරන තරුණ තරුණියන්ට දෙමව්පියන් විසින් ලබා දෙන අසීමිත නිදහස ඔවුන් අත ගැවසෙන මුදල්.......මේ අයට තම ජීවිත වැරදි පාරක ගෙන යැමට රුකුලක් බව නිසැකය. වයස අවුරුදු දහනවයක දඟකාර තරුණයෙකුට, ඒ වයසේම පසු වූ කරලැයින්ට, ඉවෝන්ට ලැබුණේ එවන් නිදහසකි. නූල කැඩී ගිය සරුංගල් සේ ඔවුන්ගේ ජීවිත ඉබාගාතේ පාවී ගියහ. ඒ ගමන නිමාවූයේ රූමත් යුවතියකට මරණයත් නොමේරු තරුණයෙකුට පෝරකයත් හිමිකර දෙමිනි. අජිත් අලහකෝන්[/SIZE] [URL="http://www.divaina.com/2014/06/15/feature16.html"]http://www.divaina.com/2014/06/15/feature16.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom