ජනපති සමාව

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රටෙහි දැඩි ආන්දෝළනයට ලක්වූ ඝාතන ද්විතයක් සඳහා මරණ දඬුවම හිමි වූ ප්‍රභූ පවුල් සමාජිකයන් දෙදෙනෙකුට ජනපති සමාව හිමි වීමේ ඉඩක් පවතින බව වාර්තා වෙනවා.

    මෙම මරණ දඬුවම හිමි වූ පුද්ගලයන් දෙදෙනාම කෝටිපති ව්‍යාපාරික පවුල් වල සාමාජිකයන් වනවා. ඔවුන්ට මරණ දඬුවම හිමිවීමට හේතු වූ ඝාතන රටෙහි දැඩි ආන්දෝලනයට ලක්වූ සිදු වීම් විම විශේෂත්වයකි.

    kari siraa
     

    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    ekkenek kolonnawe yodhaya ne. wiyadam karala body build kale kuduwe laga gena inna neweine eka athakata
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    Hiru_TV-Logo.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Yanna kalin sirata pissu thada wela hirakarayo serama nidahas karoth kohomada:baffled:

    උබල තමයි ඕවට වග කියන්ඩ ඔනෙ, පිස්සෙක්ව ජනාධිපති කරල දැන් ඉන්නව උගුඩුවො වගේ :rofl::rofl::rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබල තමයි ඕවට වග කියන්ඩ ඔනෙ, පිස්සෙක්ව ජනාධිපති කරල දැන් ඉන්නව උගුඩුවො වගේ :rofl::rofl::rofl:

    Ona ekekta pissu hadenawa bn janadipathi kame hitiyama...
    Achchara parwathayak wage inna mahindatath pissu hadune...:rofl:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,823
    3,853
    113
    Delaware
    Royal park නඩුව ගැන දන්න එකෙක් කියහන්කො...
    පෝරකයෙන් නිමවූ රෝයල් පාර්ක්‌ ප්‍රේමය

    අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පිහිටුවන ලද අභියාචනාධිකරණයට මුල් අවස්‌ථා අධිකරණවල, කම්කරු විනිශ්චය සභා සහ වෙනත් ව්‍යවස්‌ථාපිත මණ්‌ඩලවලින් ලබාදුන් තීන්දු පිළිබඳ අභියාචනා සහ ප්‍රතිශෝධන විමසීමේ අධිකරණ බලය තිබේ. ඊට අමතරව රීට්‌ ආඥ පිළිබඳ අධිකරණ බලයද අභියාචනාධි කරණයට ඇත.

    ඒ අනුව ඕනෑම මුල් අවස්‌ථා අධිකරණයක හෝ කම්කරු විනිශ්චය සභාවක හෝ වෙනත් ආයතනයක නඩු වාර්තාවක්‌ අධීක්‍ෂණය කිරීමෙන් හෝ පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ලබාදී ඇති තීන්දුව තහවුරු කිරීමට මෙන්ම ඊට වඩා වෙනස්‌ තීන්දුවක්‌ ප්‍රකාශයට පත්කිරීමටද අභියාචනාධිකරණයට බලය සහ අධිකාරය ඇත.

    එහෙත් අභියාචනාධිකරණය විසින් විත්තිකරුවකු එල්ලා මරා දැමීමට මරණ දඬුවම නියම කළ හැකි බවක්‌ මින් පෙර අප අසා තිබුණේද........ අප දන්නා තරමින් පිළිතුර "නැත" යන්නය.

    ස්‌විඩන් ජාතික රූමතියක්‌වූ ඉවෝන් ජොන්සන් රාජගිරිය රෝයල් පාර්ක්‌ නිවාස සංකීර්ණයේ උඩු මහලේ තරප්පු පෙළක ඝාතනය කිරීමේ සිද්ධිය........යළි කරළියට ආවේ අභියාචනාධිකරණය විසින් තීන්දු කළ මරණ දඬුවම ඊට ඉහළින් ඇති ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කොට යළි මහාධිකරණය විසින් පසුගිය සතියේ අදාළ විත්තිකරුට නියම කිරීම නිසාවෙනි.

    විත්තිකරු ජූඩ් ෂර්මන්තය. ඉවෝන් ජොන්සන්ගේ ඝාතනය මිනීමැරුමක්‌ නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්‌ යෑයි තීන්දු කරමින් ජූඩ් ෂර්මන්තට එරෙහිව පළමු නඩු තීන්දුව ප්‍රකාශ කළේ 2006 ජූලි 28 වැනිදාය. කොළඹ මහාධිකරණ විනිසුරු අයි. එම්. අබේරත්න මහතා එදා විත්තිකරුට නියම කළේ වසර දොළහක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමකි.

    මේ දඬුවම පිළිබඳ එදා නීතිපතිවරයා සෑහීමකට පත්වූයේ නැත. විත්තිකරුට මරණ දඬුවම නියම කරන ලෙස ඉල්ලා එදා නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක්‌ ඉදිරිපත් කළේය.

    විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා එසේ අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක්‌ ගොනු කරද්දී වසර දොළහේ සිර දඬුවම ඉවත දමා තමන් නිදහස්‌ කරන්නැයි ඉල්ලා විත්තිකරුද අභියාචනාධිකරණය හමුවට ගියේය.

    නීතිපතිවරයාගේ අභියාචනාවත් විත්තිකරුගේ අභියාචනාවත් සලකා බැලූ අභියාචනාධිකරණය මහාධිකරණය හමුවේ ඉදිරිපත්වූ සාක්‍ෂි යළිත් පරීක්‍ෂණයට ලක්‌ කළේය. අවසන තීන්දුවකට එළැඹුනේය. ඝාතනයට ලක්‌ වූ ඉවෝන් ජොන්සන් වෙනුවෙන් ඇය ඝාතනය කිරීමේ අපරාධය වෙනුවෙන් විත්තිකරුට උපරිම දඬුවම නියම කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය. තමන් නිදහස්‌ කරන ලෙස විත්තිකරු විසින් කළ අභියාචනය පමණක්‌ නොවේ ඔහුට වසර දොළහක සිර දඬුවම් නියම කළ මහාධිකරණ තීන්දුවද ඉවත දැමු අභියාචනාධිකරණය ජූඩ් ෂර්මන්තට මරණ දඬුවම නියම කළේය.

    මේ ඓතිහාසික තීන්දුවට එරෙහිව විත්තිකරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවටද ගියේය. ශ්‍රේෂ්ඨාධිකරණයද අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුව සනාථ කළේය.

    අවුරුදු දොළහක සිර දඬුවමකට ලක්‌ වූ මේ වයස අවුරුදු විසි අටේ තරුණයා පසුගිය සඳුදා ජම්පරය ඇඳ යළි කොළඹ මහාධිකරණය හමුවට ආවේය. ඒ බන්ධනාගාර නිලධාරීන් සමගය. අධිකරණ ශාලාවේ කොනක ඔහුගේ මවද කඳුළු පිරි දැසින් පුතු දෙස බලා සිටියේය. "මතු උපදින දා මගේම පුතු වෙයන් හොඳ මිනිසෙකු ලෙසිනේ." කඳුළින් බොඳ වූ දෙනෙත්වලින් පුතු දෙස බලා ඇය සිතන්නට ඇත. ෂර්මන්තද මව දෙස බැලුවේය. ඔහුගේ දෙනෙත්ද කඳුළින් බොඳ විය. නොදැන කෙරුවත් වරද වරදමයි. නැත කිසි දිනෙක සමා මගෙ බුදු අම්මේ නුඹ දුක්‌ගිනි ගන්න එපා........ඔහු සිතන්නට ඇත.

    අධිකරණ ශාලාවේ දැල්වෙමින් තිබූ විදුලි බුබුළු, විදුලි පංකා ක්‍රියා විරහිත විණි. විනිසුරුවරිය සමගින් ශාලාවේ සිටි සියල්ලෝ නැගි සිටියහ.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා විසින් නියම කරන දිනයක සහ වේලාවකදී වැළිකඩ බන්ධනාගාරයේ බිත්ති හතරක්‌ තුළ ප්‍රාණය නිරුද්ධ වනතුරු විත්තිකාර ජූඩ් ෂර්මන්ත එල්ලීමට තීන්දු කරනවා......" යෑයි අධිකරණයේ තෝල්කයා ප්‍රකාශ කළේය. තීන්දුවට අත්සන් තබා විනිසුරුවරිය එම පෑන කඩා දැමුවාය. විත්තිකරුගේත් මවගේත් දැස්‌ අග පිරී තිබූ කඳුළු කැට පහළට රූරා වැටිණි.

    ජූඩ් ෂර්මන්ත මෙම වරදට පෙළඹෙන්නේ ඔහුට වයස අවුරුදු දහ නවයේදීය. ප්‍රමාණයට වඩා නිදහස බුක්‌ති විඳි ඔහුට අද සිය ජීවිතයේ සුන්දරම කාලය පෝරකය දෙස බලා සුසුම්ලමින් ගත කිරීමට සිදුවීම කෙතරම් අවාසනාවන්තකමක්‌ද

    ජූඩ් ෂර්මන්ත කරලැයින් ජොන්සන් සමග ආදර සබඳතාවක්‌ ඇතිකර ගත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙන ගනිමින් සිටියදීය. ජූඩ්ගේ පියා ව්‍යාපාරිකයෙකි. කරලැයින්ගේ පියා ස්‌විඩන් ජාතිකයෙකි. මව ශ්‍රී ලාංකිකය. රූමත් කරලැයින්ගේ එකම සොයුරිය ඉවෝන් ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක රූපලාවන්‍ය පාඨමාලාවක්‌ හදාරමින් සිටියාය.

    ජූඩ් - කරලැයින් සමාජ ශාලාවල රාත්‍රිය ගත කිරීම පුරුද්දක්‌ ලෙස සිදුවිය. සොයුරිය ඉවෝන්ද ශ්‍රී ලංකාවට ආ විට කරලැයින් සහ ජූඩ් සමග එක්‌ වන්නීය. කරලැයින් ඉවෝන් මව සහ පියා සමග ජීවත්වූයේ රාජගිරියේ රෝයල් පාර්ක්‌ නිවාස සංකීර්ණයේය. ඔවුන්ගේ නිවස විසිවැනි මහලේය.

    2005 ජුනි 30 දා කරලැයින් ඉවෝන් සොයුරියන් දෙදෙනා ජූඩ් සමග මැදියම වනතුරු රාත්‍රි සමාජ ශාලාවල ගත කළහ. කොළඹ නගරයේ ඇති සමාජශාලා එකින් එක යමින් විවිධ වර්ගයේ මත්පැන් පානය කරමින් විනෝද වූහ.

    එක්‌ සමාජ ශාලාවකදී කරලැයින්ට ඇගේ පැරැණි පෙම්වතා හමුවීය. ඈ ඔහු හා කතාබහ කිරීම පිළිබඳ උරණවූ ජූඩ් ඈ සමග දබර කර ගත්තේය. මේ සම්බන්ධව ඉවෝන්ද ජූඩ්ට දොස්‌ පැවැරුවාය. අවසන ඉවෝන් "බ්ලු එලිµන්ට්‌ සමාජ ශාලාවේ තනි කර ජූඩ්, කරලැයින් නිවසට කැඳවාගෙන ගියේය.

    ජූඩ් පෙම්වතිය සමග අලුයම් කාලය එළැඹෙන තුරු රෝයල් පාර්ක්‌ නිවසේ ඇගේ කාමරයේ ගත කළේය. කරලැයින් සමගවූ සිත් අමනාපය පහව නොගිය ජූඩ් ඇගෙන් සමුගෙන පිටව ගියේය. ජූඩ් ඒ යන අතර තරප්පු පෙළ නැග නිවසට එන ඉවෝන් ඔහුට හමුවිය.

    "උඹ මගේ නංගිගේ ජීවිතය විනාශ කළා. එයාගෙන් ඉවත් වෙයන්. ඉවෝන් ඔහුට කීවාය. ඒ වන විටත් කෝපයෙන් පසු වූ ජූඩ්, ඉවෝන්ගේ හිස බිත්තිවල හප්පමින් තරප්පු පෙළ දිගේ පහළට ඇදගෙන ගියේය. ඇය බිම වැටිණි. ඉන්පසු ඔහු ඇගේ හිස පඩි පෙළේ ගසා ඇ ඇඳ සිටි කලිසම ගලවා ඉන් ඇගේ ගෙල සිර කළේය.

    (මහාධිකරණය හමුවේ ඉදිරිපත්වූ සාක්‌කිවලින් මෙම තොරතුරු හෙළි විණි)

    ඉවෝන් තරප්පු පෙළ මත කිසිවකු විසින් ඝාතනය කර ඇතැයි කරලැයින් සහ මවත් පියාත් දැනගත්තේ අලුත් දවසකට එළිය වැටුනාට පසුවය.

    පොලිසියේ පරීක්‍ෂණවලදී තරප්පු පෙළේ අත්වාරුව මත ලේ සහිත අත්ල සටහන් හමුවිණි. ඇඟිලි සලකුණු රෙජිස්‌ට්‍රාර්වරයා විසින් තහවුරු කළේ එම අත්ල සටහන විත්තිකාර ජූඩ්ගේ අත්ල සටහන සමග සැසඳෙන බවය.

    ඉන්පසු මේ අත්ල සටහන් නිර්මාණය වී තිබෙන්නේ කාගේ රුධිරයෙන්ද යන්න පරික්‍ෂා කෙරිණි. ඒ සඳහා කළ ඩී. එන්. ඒ. පරීක්‍ෂණයට අනුව තරප්පු පෙළේ අත්වාරුව මත ඇති විත්ති කරුගේ අත්ල සටහන් මරණයට පත්වූ ඉවෝන්ගේ රුධිරයෙන් නිර්මාණය වී ඇති බවද සනාථ කෙරිණි.

    ස්‌විඩන් ජාතික රූමත් ඉවෝන්ගේ මරණය ජූඩ් ෂර්මන්ත අතින් සිදුවූ බවට තහවුරු කළ හැකි එකම විද්‍යාත්මක සාක්‍ෂිය වූයේ ඉවෝන්ගේ රුධිරයෙන් නිර්මාණය වූ ජූඩ්ගේ අත්ල සටහන්ය.

    ඉවෝන්ගේ හිස තරප්පු පෙළේ ගැට්‌ට මත කිහිපවරක්‌ ගැසීම නිසා ඇගේ හිස්‌ කබළ පිපිරී ඇතැයි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ සාක්‍ෂියෙන් අනාවරණය විය. ඇගේ මුහුණේ ලේ සහ තැලීම් ඇතිවන ස්‌වභාවයේ පහරදීම්ද සිදුකර ඇතිබව එම සාක්‍ෂියෙන් ඉදිරිපත් විය.

    තරුණ වයස හිතුවක්‌කාර තීන්දු තීරණ ගන්නා දඩබ්බර ගති පැවතුම් ඇති කාලය ය. මේ කාලය ගත කරන තරුණ තරුණියන්ට දෙමව්පියන් විසින් ලබා දෙන අසීමිත නිදහස ඔවුන් අත ගැවසෙන මුදල්.......මේ අයට තම ජීවිත වැරදි පාරක ගෙන යැමට රුකුලක්‌ බව නිසැකය.

    වයස අවුරුදු දහනවයක දඟකාර තරුණයෙකුට, ඒ වයසේම පසු වූ කරලැයින්ට, ඉවෝන්ට ලැබුණේ එවන් නිදහසකි. නූල කැඩී ගිය සරුංගල් සේ ඔවුන්ගේ ජීවිත ඉබාගාතේ පාවී ගියහ.

    ඒ ගමන නිමාවූයේ රූමත් යුවතියකට මරණයත් නොමේරු තරුණයෙකුට පෝරකයත් හිමිකර දෙමිනි.

    අජිත් අලහකෝන්

    http://www.divaina.com/2014/06/15/feature16.html
     
    • Like
    Reactions: HSW

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    2005 වසරේ සිදුවූ රෝයල් පාර්ක් මිනී මැරුම් නඩුවේ වරදකරු වූ පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදීම පිළිබඳව තමන් සලකා බලමින් සිටින බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් විරෝධය දක්වන බව රෝයල් පාක්හිදී ඝාතනය ලක්වූ යුවෝන් ජෝන්සන්ගේ සොහොයුරිය ප්‍රකාශ කර තිබේ.
    එවකට 19 හැවිරිදි ස්වීඩන - ලාංකික සම්භවයක් සහිත යුවෝන් ජොන්සන්
    තරුණිය මෙසේ ඝාතනයට ලක්වූයේ ඇගේ සොයුරිය වන මෙම ප්‍රකාශය නිකුත් කළ කැරොලින්ගේ පෙම්වතා බව කියන ජූඩ් ශ්‍රීමන්ත ජයමහ නමැති තැනැත්තා රෝයල් පාර්ක් මහල් නිවාස සංකීර්ණයේ උඩුමහල් බැල්කනියකින් ඇයව තල්ලු කිරීම නිසාය.
    ජනපති මෛත්‍රිපාල ළඟදී කියා සිටියේ ජූඩ් ශ්‍රීමන්ත ජයමහ ඒ කාලේ 19 වියේ නොදන්නා වයසක සිටියත් ඔහු දැන් ආචාර්ය උපාධියක් පවා සම්පූර්ණ කළ අනාගතයක් තිබෙන සිරකරුවෙකු

    බවත් ඔහුගේ මරණීය දඩුවමට සමාව දීමට සලකා බලන බවයි.
    මේ පිළිබඳව සිය මුහුණු පොතේ ගිණුමට ප්‍රකාශයක් කරමින් ඉවෝන් ජෝන්සන්ගේ සහෝදරිය වන කැරොලින් ජොන්සන් පවසා ඇත්තේ වූදිතයා නිදහස් කර ගැනීම වෙනුවෙන් ඔහුගේ පවුලේ උදවිය බලය හා මුදල් යොදා ගනිමින් සිටින බවයි.
    මෙවැනි දෙයක් තමන්ගේ පවුලට, සහෝදරියට, හෝ වෙනත් අයෙකුට සිදුවන්නේ නම් එය කෙසේ දැනේවිදැයි කැරොලින් ප්‍රශ්න කර සිටී.
    රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරු වූ ශ්‍රීමන්ත ජයමහට මෙසේ ජනපති සමාව ලබාදීමට සලකා බලමින් සිටින අතර, මුලින්ම ශ්‍රිමත්ත හා සබඳතා පවත්වා තිබුණේද කැරොලින්ය.
    කැරොලින් හා ශ්‍රීමත්ත අතර සිදු වූ ගැටුමකට මැදිහත්වීම හේතුවෙන් ඉවෝන් ඝාතනය කිරීමට ශ්‍රිමන්ත කටයුතු කර තිබුණි. ඔහු වෙනුවෙන් 2014දී අභියාචනාධිකරණය මරණ දඩුවම ලබාදුන් අතර, එය ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් ද විය.

    ඒ වන තෙක් මහාධිකරණයකට පමණක් මරණ දඩුවමක් ලබාදිය හැකි බවට වූ පිළිගැනීමද එම නඩු තීන්දුව මගින් වෙනස් වූ අතර, එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තහවුරු කෙරිණි. ඉවෝන් හා කැරොලිගේ මව ශ්‍රී ලාංකිකාවක් වූ අතර, පියා ස්වීඩන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකි.


    මේ පිළිබඳව සිය මුහුණු පොතේ ගිණුමෙන් අදහස් දක්වමින් කැරොලින් මෙසේ පවසා තිබුණි.

    ජනාධිපතිතුමා මගේ සොයුරියගේ ඝාතකයාට ජනාධිපති සමාව දීමට සූදානම් වීම සම්බන්ධව අදහස් දැක්වීම මට පහසු දෙයක් නෙවෙයි. ඒත් එය ඉවෝන් වෙනුවෙන් මම කළ යුතු දෙයක්.

    අපගේ පියා ස්වීඩන ජාතිකයෙක් උනත් මගේ මව ශ්‍රී ලාංකිකයෙක්. අපි හැදුනෙ වැඩුණෙ කොළඹ.
    2005 දී කොළඹදි සාහසික ලෙස ඝාතනය උනු 19 හැවිරිදි මගේ සොයුරියගෙ පුවත ඔබ අසන්නට දකින්නට ඇති. මගේ සහෝදරිය ඉතාමත් සතුටින් ජීවිතය ගත කරපු තරුණියක්. අනික් හැම තරුණියක්ම වගේ හීන සහ බලාපොරොත්තු වලින් පිරුණු සමීප විශ්වාසවන්ත යහළු යෙහෙළියන් සමඟව ඉතාම සමීපව ජීවිතය ගෙවපු, ඔවුන් ගැන සොයා බලපු ආදරණීය චරිතයක්. ඇය මෝස්තර නිර්මාණය පිළිබඳව හදාරමින් උන් සිසුවියක්, ඇය ඉතාමත් හොඳ සොයුරියක්.අපි දෙන්නා ඉතාමත් සමීපයි. ඇය සෑම මොහොතකදීම මං වෙනුවෙන් හිටියා. මං කවදාවත් හිතුවෙ නෑ ඒ ආදරණීය බැඳීම මට ජීවිත කාලය පුරාවටම ඇයව මතක් වෙන හැම මොහොතකම දරාගන්න බැරි වේදනාවක් ඉතිරි කරාවි කියලා.

    මේ තීන්දුව අප බලාපොරොත්තු නොවූවක් නොවේ. ධනය-බලය-සබඳතා හරහා ඔහු නිරන්තරයෙන් යුක්තියෙන් ගැලවීමට උත්සාහ දරමින් හිටියා. මම මෙහිදී වඩාත් විමතියට පත්වන්නේ ජනාධිපතිවරයා කරන විකරරූපී කරුණු දැක්වීම ගැනයි. තමන්ගේ සොයුරියට මේ දේ සිදු උනා නම් ප්‍රතිචාරයද මෙයමද කියලා හිතා බලන්න මම ආරාධනා කරනවා.

    මෙය හදිසි කෝපය නිසා සිදුවූවක් නෙවෙයි. මෙය සිතාමතා කළ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්. මේ ඝාතකයාට ඔහුගේ චරිතය සම්බන්ධව ඉතිහාසයක් තියෙනවා ඔහුගේ පාසල් සමයේ සිටම.
    එදා ඝාතනය සිදුවූ දවසේ ඔහු නිවෙස ඉදිරිපිට රඳී ඉන්නවා ඇය එනතෙක්. ඉන් පසුව ඇයව 23වන මහලේ සිට ලුහුබැඳ ඇයව බිම දමා ගෙල සිරකර ඇයගේ හිස්කබල කුඩුවනතුරු සිමෙන්ති පොළවට ඇයගේ හිස අනිනවා. මේ සියල්ල අවසානයේ ඇයගේ සිරුර හමුවන්නේ 19 වෙනි මහලෙන්.

    අධිකරණයේදී ඇයගේ හිස්කබල කෑලි 64කට කුඩුවී ගිය බව ඇසෙද්දි දැණුනු හැඟීම කිසිම සහෝදරියකට දරාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මගේ අසරණ පියාට හඳුනා ගැනීමට සිදු උනේ මුහුණක් නැති මළකඳක්. කිසිම පියෙක්ට එවැනි වේදනාවක් උරුම විය යුතුයි කියා මම හිතන්නෑ. මෙවැනි පුද්ගලයෙක්ට නිදහස දීමට උත්සාහ කිරීම දියණියක් ඇති පියෙක් ලෙස ලෙස සුදුසු දැයි මම ඔහුගෙන් අසා සිටිනවා.
    රටින් පිටවීමට ගුවන්ටිකට් පතක් පවා මිළදීගත් ඔහු තමන්ගෙ ඇඟේ තිබුණු මගේ සොයුරියගෙ ලේ හෝද ගන්නේ පිහිණුම් තටාකයේදී.

    වසර 15ක් පුරාවට අපි යුක්තිය වෙනුවෙන් අයදිනවා. ඔහුගේ පවුල ඉහළම තැන් වලට අල්ලස් දීම මගින් ගැලවීමට තැත් කරද්දී අප යුක්තිය වෙනුවෙන් වසර 15ක් පුරා සටන් කරනවා. මුදල වෙනුවෙන් ඝාතනයක් යටපත් කරන්න උත්සහ දරන පුද්ගලයන්ට ඔබ ලබාගත්තේ ලේ තැවරුණු මුදල් බව මම මතක් කරනවා.
    අද වෙනතෙක් ඔහු තමන්ගේ තිරිසන් හැසිරීමට සමාව අරන් නෑ. මමත් මගේ පවුලත් දශක එකහමාරක් තිස්සේ විඳින අනේක වේදනා ගැන ඔවුන්‍ පොඩ්ඩක්වත් සංවේදී නෑ. ඇය ජීවත් උනා නම් ඇයත් මේ වන විට සුන්දර මවක් වෙන්නට තිබුණා. එදා ඇයගේ භූමදානයේදී පොළවට යටකළේ ඇගේ සිරුර විතරක් නෙවෙයි. මගේ, මගේ පවුලේ අයගේ මුළු ජීවිතයම එදා පොළවට වැලලී ගියා.

    මේ වසර 15 පුරා අපි සාමන්‍ය ජීවිතයක් ගත කරන්න අනේක උත්සාහයක් අරන් තියෙනවා. නමුත් වසර 15කට පසුත් අපේ ජීවිත වලට සැනසීමක් නෑ. නමුත් අපි අපේ සටන අතහැරීමට සූදානම් නෑ. අපි දන්නවා යහපත යුක්තිය පතන සියලුම බලවේග අප සමඟයි කියලා. අපි දන්නවා ඒ කුරිරු ඝාතකයාට නීතිය ඉෂ්ට වෙනවා කියලා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ona ekekta pissu hadenawa bn janadipathi kame hitiyama...
    Achchara parwathayak wage inna mahindatath pissu hadune...:rofl:

    මහින්දට නෙමේ පිස්සු හැදුනෙ උබලට,
    උබලනෙ රජෙක් වගේ උන්න මහින්දව එලෝල නිවට සිරාව ජනාධිපති කරේ...:lol::lol::lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහින්දට නෙමේ පිස්සු හැදුනෙ උබලට,
    උබලනෙ රජෙක් වගේ උන්න මහින්දව එලෝල නිවට සිරාව ජනාධිපති කරේ...:lol::lol::lol::lol:

    eka nisa thamai elewwe…

    api rajjuruwanta kamathi na...