Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනපති සමාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2005 වසරේ සිදුවූ රෝයල් පාර්ක් මිනී මැරුම් නඩුවේ වරදකරු වූ පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදීම පිළිබඳව තමන් සලකා බලමින් සිටින බවට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා කළ ප්රකාශය සම්බන්ධයෙන් තමන් විරෝධය දක්වන බව රෝයල් පාක්හිදී ඝාතනය ලක්වූ යුවෝන් ජෝන්සන්ගේ සොහොයුරිය ප්රකාශ කර තිබේ.

එවකට 19 හැවිරිදි ස්වීඩන - ලාංකික සම්භවයක් සහිත යුවෝන් ජොන්සන්

තරුණිය මෙසේ ඝාතනයට ලක්වූයේ ඇගේ සොයුරිය වන මෙම ප්රකාශය නිකුත් කළ කැරොලින්ගේ පෙම්වතා බව කියන ජූඩ් ශ්රීමන්ත ජයමහ නමැති තැනැත්තා රෝයල් පාර්ක් මහල් නිවාස සංකීර්ණයේ උඩුමහල් බැල්කනියකින් ඇයව තල්ලු කිරීම නිසාය.

ජනපති මෛත්රිපාල ළඟදී කියා සිටියේ ජූඩ් ශ්රීමන්ත ජයමහ ඒ කාලේ 19 වියේ නොදන්නා වයසක සිටියත් ඔහු දැන් ආචාර්ය උපාධියක් පවා සම්පූර්ණ කළ අනාගතයක් තිබෙන සිරකරුවෙකු

බවත් ඔහුගේ මරණීය දඩුවමට සමාව දීමට සලකා බලන බවයි.

මේ පිළිබඳව සිය මුහුණු පොතේ ගිණුමට ප්රකාශයක් කරමින් ඉවෝන් ජෝන්සන්ගේ සහෝදරිය වන කැරොලින් ජොන්සන් පවසා ඇත්තේ වූදිතයා නිදහස් කර ගැනීම වෙනුවෙන් ඔහුගේ පවුලේ උදවිය බලය හා මුදල් යොදා ගනිමින් සිටින බවයි.

මෙවැනි දෙයක් තමන්ගේ පවුලට, සහෝදරියට, හෝ වෙනත් අයෙකුට සිදුවන්නේ නම් එය කෙසේ දැනේවිදැයි කැරොලින් ප්රශ්න කර සිටී.

රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරු වූ ශ්රීමන්ත ජයමහට මෙසේ ජනපති සමාව ලබාදීමට සලකා බලමින් සිටින අතර, මුලින්ම ශ්රිමත්ත හා සබඳතා පවත්වා තිබුණේද කැරොලින්ය.

කැරොලින් හා ශ්රීමත්ත අතර සිදු වූ ගැටුමකට මැදිහත්වීම හේතුවෙන් ඉවෝන් ඝාතනය කිරීමට ශ්රිමන්ත කටයුතු කර තිබුණි. ඔහු වෙනුවෙන් 2014දී අභියාචනාධිකරණය මරණ දඩුවම ලබාදුන් අතර, එය ශ්රී ලංකා නීති ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් ද විය.

ඒ වන තෙක් මහාධිකරණයකට පමණක් මරණ දඩුවමක් ලබාදිය හැකි බවට වූ පිළිගැනීමද එම නඩු තීන්දුව මගින් වෙනස් වූ අතර, එය ශ්රේෂ්ඨාධිකරණය විසින්ද තහවුරු කෙරිණි. ඉවෝන් හා කැරොලිගේ මව ශ්රී ලාංකිකාවක් වූ අතර, පියා ස්වීඩන් ජාතික කෝටිපති ව්යාපාරිකයෙකි.

මේ පිළිබඳව සිය මුහුණු පොතේ ගිණුමෙන් අදහස් දක්වමින් කැරොලින් මෙසේ පවසා තිබුණි.

ජනාධිපතිතුමා මගේ සොයුරියගේ ඝාතකයාට ජනාධිපති සමාව දීමට සූදානම් වීම සම්බන්ධව අදහස් දැක්වීම මට පහසු දෙයක් නෙවෙයි. ඒත් එය ඉවෝන් වෙනුවෙන් මම කළ යුතු දෙයක්.

අපගේ පියා ස්වීඩන ජාතිකයෙක් උනත් මගේ මව ශ්රී ලාංකිකයෙක්. අපි හැදුනෙ වැඩුණෙ කොළඹ.

2005 දී කොළඹදි සාහසික ලෙස ඝාතනය උනු 19 හැවිරිදි මගේ සොයුරියගෙ පුවත ඔබ අසන්නට දකින්නට ඇති. මගේ සහෝදරිය ඉතාමත් සතුටින් ජීවිතය ගත කරපු තරුණියක්. අනික් හැම තරුණියක්ම වගේ හීන සහ බලාපොරොත්තු වලින් පිරුණු සමීප විශ්වාසවන්ත යහළු යෙහෙළියන් සමඟව ඉතාම සමීපව ජීවිතය ගෙවපු, ඔවුන් ගැන සොයා බලපු ආදරණීය චරිතයක්. ඇය මෝස්තර නිර්මාණය පිළිබඳව හදාරමින් උන් සිසුවියක්, ඇය ඉතාමත් හොඳ සොයුරියක්.අපි දෙන්නා ඉතාමත් සමීපයි. ඇය සෑම මොහොතකදීම මං වෙනුවෙන් හිටියා. මං කවදාවත් හිතුවෙ නෑ ඒ ආදරණීය බැඳීම මට ජීවිත කාලය පුරාවටම ඇයව මතක් වෙන හැම මොහොතකම දරාගන්න බැරි වේදනාවක් ඉතිරි කරාවි කියලා.

මේ තීන්දුව අප බලාපොරොත්තු නොවූවක් නොවේ. ධනය-බලය-සබඳතා හරහා ඔහු නිරන්තරයෙන් යුක්තියෙන් ගැලවීමට උත්සාහ දරමින් හිටියා. මම මෙහිදී වඩාත් විමතියට පත්වන්නේ ජනාධිපතිවරයා කරන විකරරූපී කරුණු දැක්වීම ගැනයි. තමන්ගේ සොයුරියට මේ දේ සිදු උනා නම් ප්රතිචාරයද මෙයමද කියලා හිතා බලන්න මම ආරාධනා කරනවා.

මෙය හදිසි කෝපය නිසා සිදුවූවක් නෙවෙයි. මෙය සිතාමතා කළ සාවද්ය මනුෂ්ය ඝාතනයක්. මේ ඝාතකයාට ඔහුගේ චරිතය සම්බන්ධව ඉතිහාසයක් තියෙනවා ඔහුගේ පාසල් සමයේ සිටම.

එදා ඝාතනය සිදුවූ දවසේ ඔහු නිවෙස ඉදිරිපිට රඳී ඉන්නවා ඇය එනතෙක්. ඉන් පසුව ඇයව 23වන මහලේ සිට ලුහුබැඳ ඇයව බිම දමා ගෙල සිරකර ඇයගේ හිස්කබල කුඩුවනතුරු සිමෙන්ති පොළවට ඇයගේ හිස අනිනවා. මේ සියල්ල අවසානයේ ඇයගේ සිරුර හමුවන්නේ 19 වෙනි මහලෙන්.

අධිකරණයේදී ඇයගේ හිස්කබල කෑලි 64කට කුඩුවී ගිය බව ඇසෙද්දි දැණුනු හැඟීම කිසිම සහෝදරියකට දරාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මගේ අසරණ පියාට හඳුනා ගැනීමට සිදු උනේ මුහුණක් නැති මළකඳක්. කිසිම පියෙක්ට එවැනි වේදනාවක් උරුම විය යුතුයි කියා මම හිතන්නෑ. මෙවැනි පුද්ගලයෙක්ට නිදහස දීමට උත්සාහ කිරීම දියණියක් ඇති පියෙක් ලෙස ලෙස සුදුසු දැයි මම ඔහුගෙන් අසා සිටිනවා.

රටින් පිටවීමට ගුවන්ටිකට් පතක් පවා මිළදීගත් ඔහු තමන්ගෙ ඇඟේ තිබුණු මගේ සොයුරියගෙ ලේ හෝද ගන්නේ පිහිණුම් තටාකයේදී.

වසර 15ක් පුරාවට අපි යුක්තිය වෙනුවෙන් අයදිනවා. ඔහුගේ පවුල ඉහළම තැන් වලට අල්ලස් දීම මගින් ගැලවීමට තැත් කරද්දී අප යුක්තිය වෙනුවෙන් වසර 15ක් පුරා සටන් කරනවා. මුදල වෙනුවෙන් ඝාතනයක් යටපත් කරන්න උත්සහ දරන පුද්ගලයන්ට ඔබ ලබාගත්තේ ලේ තැවරුණු මුදල් බව මම මතක් කරනවා.

අද වෙනතෙක් ඔහු තමන්ගේ තිරිසන් හැසිරීමට සමාව අරන් නෑ. මමත් මගේ පවුලත් දශක එකහමාරක් තිස්සේ විඳින අනේක වේදනා ගැන ඔවුන් පොඩ්ඩක්වත් සංවේදී නෑ. ඇය ජීවත් උනා නම් ඇයත් මේ වන විට සුන්දර මවක් වෙන්නට තිබුණා. එදා ඇයගේ භූමදානයේදී පොළවට යටකළේ ඇගේ සිරුර විතරක් නෙවෙයි. මගේ, මගේ පවුලේ අයගේ මුළු ජීවිතයම එදා පොළවට වැලලී ගියා.

මේ වසර 15 පුරා අපි සාමන්ය ජීවිතයක් ගත කරන්න අනේක උත්සාහයක් අරන් තියෙනවා. නමුත් වසර 15කට පසුත් අපේ ජීවිත වලට සැනසීමක් නෑ. නමුත් අපි අපේ සටන අතහැරීමට සූදානම් නෑ. අපි දන්නවා යහපත යුක්තිය පතන සියලුම බලවේග අප සමඟයි කියලා. අපි දන්නවා ඒ කුරිරු ඝාතකයාට නීතිය ඉෂ්ට වෙනවා කියලා.

[QUOTE="hichchiputha, post: 24873564, member: 565736"] 2005 වසරේ සිදුවූ රෝයල් පාර්ක් මිනී මැරුම් නඩුවේ වරදකරු වූ පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදීම පිළිබඳව තමන් සලකා බලමින් සිටින බවට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා කළ ප්රකාශය සම්බන්ධයෙන් තමන් විරෝධය දක්වන බව රෝයල් පාක්හිදී ඝාතනය ලක්වූ යුවෝන් ජෝන්සන්ගේ සොහොයුරිය ප්රකාශ කර තිබේ. එවකට 19 හැවිරිදි ස්වීඩන - ලාංකික සම්භවයක් සහිත යුවෝන් ජොන්සන් තරුණිය මෙසේ ඝාතනයට ලක්වූයේ ඇගේ සොයුරිය වන මෙම ප්රකාශය නිකුත් කළ කැරොලින්ගේ පෙම්වතා බව කියන ජූඩ් ශ්රීමන්ත ජයමහ නමැති තැනැත්තා රෝයල් පාර්ක් මහල් නිවාස සංකීර්ණයේ උඩුමහල් බැල්කනියකින් ඇයව තල්ලු කිරීම නිසාය. ජනපති මෛත්රිපාල ළඟදී කියා සිටියේ ජූඩ් ශ්රීමන්ත ජයමහ ඒ කාලේ 19 වියේ නොදන්නා වයසක සිටියත් ඔහු දැන් ආචාර්ය උපාධියක් පවා සම්පූර්ණ කළ අනාගතයක් තිබෙන සිරකරුවෙකු බවත් ඔහුගේ මරණීය දඩුවමට සමාව දීමට සලකා බලන බවයි. මේ පිළිබඳව සිය මුහුණු පොතේ ගිණුමට ප්රකාශයක් කරමින් ඉවෝන් ජෝන්සන්ගේ සහෝදරිය වන කැරොලින් ජොන්සන් පවසා ඇත්තේ වූදිතයා නිදහස් කර ගැනීම වෙනුවෙන් ඔහුගේ පවුලේ උදවිය බලය හා මුදල් යොදා ගනිමින් සිටින බවයි. මෙවැනි දෙයක් තමන්ගේ පවුලට, සහෝදරියට, හෝ වෙනත් අයෙකුට සිදුවන්නේ නම් එය කෙසේ දැනේවිදැයි කැරොලින් ප්රශ්න කර සිටී. රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරු වූ ශ්රීමන්ත ජයමහට මෙසේ ජනපති සමාව ලබාදීමට සලකා බලමින් සිටින අතර, මුලින්ම ශ්රිමත්ත හා සබඳතා පවත්වා තිබුණේද කැරොලින්ය. කැරොලින් හා ශ්රීමත්ත අතර සිදු වූ ගැටුමකට මැදිහත්වීම හේතුවෙන් ඉවෝන් ඝාතනය කිරීමට ශ්රිමන්ත කටයුතු කර තිබුණි. ඔහු වෙනුවෙන් 2014දී අභියාචනාධිකරණය මරණ දඩුවම ලබාදුන් අතර, එය ශ්රී ලංකා නීති ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් ද විය. ඒ වන තෙක් මහාධිකරණයකට පමණක් මරණ දඩුවමක් ලබාදිය හැකි බවට වූ පිළිගැනීමද එම නඩු තීන්දුව මගින් වෙනස් වූ අතර, එය ශ්රේෂ්ඨාධිකරණය විසින්ද තහවුරු කෙරිණි. ඉවෝන් හා කැරොලිගේ මව ශ්රී ලාංකිකාවක් වූ අතර, පියා ස්වීඩන් ජාතික කෝටිපති ව්යාපාරිකයෙකි. මේ පිළිබඳව සිය මුහුණු පොතේ ගිණුමෙන් අදහස් දක්වමින් කැරොලින් මෙසේ පවසා තිබුණි. ජනාධිපතිතුමා මගේ සොයුරියගේ ඝාතකයාට ජනාධිපති සමාව දීමට සූදානම් වීම සම්බන්ධව අදහස් දැක්වීම මට පහසු දෙයක් නෙවෙයි. ඒත් එය ඉවෝන් වෙනුවෙන් මම කළ යුතු දෙයක්. අපගේ පියා ස්වීඩන ජාතිකයෙක් උනත් මගේ මව ශ්රී ලාංකිකයෙක්. අපි හැදුනෙ වැඩුණෙ කොළඹ. 2005 දී කොළඹදි සාහසික ලෙස ඝාතනය උනු 19 හැවිරිදි මගේ සොයුරියගෙ පුවත ඔබ අසන්නට දකින්නට ඇති. මගේ සහෝදරිය ඉතාමත් සතුටින් ජීවිතය ගත කරපු තරුණියක්. අනික් හැම තරුණියක්ම වගේ හීන සහ බලාපොරොත්තු වලින් පිරුණු සමීප විශ්වාසවන්ත යහළු යෙහෙළියන් සමඟව ඉතාම සමීපව ජීවිතය ගෙවපු, ඔවුන් ගැන සොයා බලපු ආදරණීය චරිතයක්. ඇය මෝස්තර නිර්මාණය පිළිබඳව හදාරමින් උන් සිසුවියක්, ඇය ඉතාමත් හොඳ සොයුරියක්.අපි දෙන්නා ඉතාමත් සමීපයි. ඇය සෑම මොහොතකදීම මං වෙනුවෙන් හිටියා. මං කවදාවත් හිතුවෙ නෑ ඒ ආදරණීය බැඳීම මට ජීවිත කාලය පුරාවටම ඇයව මතක් වෙන හැම මොහොතකම දරාගන්න බැරි වේදනාවක් ඉතිරි කරාවි කියලා. මේ තීන්දුව අප බලාපොරොත්තු නොවූවක් නොවේ. ධනය-බලය-සබඳතා හරහා ඔහු නිරන්තරයෙන් යුක්තියෙන් ගැලවීමට උත්සාහ දරමින් හිටියා. මම මෙහිදී වඩාත් විමතියට පත්වන්නේ ජනාධිපතිවරයා කරන විකරරූපී කරුණු දැක්වීම ගැනයි. තමන්ගේ සොයුරියට මේ දේ සිදු උනා නම් ප්රතිචාරයද මෙයමද කියලා හිතා බලන්න මම ආරාධනා කරනවා. මෙය හදිසි කෝපය නිසා සිදුවූවක් නෙවෙයි. මෙය සිතාමතා කළ සාවද්ය මනුෂ්ය ඝාතනයක්. මේ ඝාතකයාට ඔහුගේ චරිතය සම්බන්ධව ඉතිහාසයක් තියෙනවා ඔහුගේ පාසල් සමයේ සිටම. එදා ඝාතනය සිදුවූ දවසේ ඔහු නිවෙස ඉදිරිපිට රඳී ඉන්නවා ඇය එනතෙක්. ඉන් පසුව ඇයව 23වන මහලේ සිට ලුහුබැඳ ඇයව බිම දමා ගෙල සිරකර ඇයගේ හිස්කබල කුඩුවනතුරු සිමෙන්ති පොළවට ඇයගේ හිස අනිනවා. මේ සියල්ල අවසානයේ ඇයගේ සිරුර හමුවන්නේ 19 වෙනි මහලෙන්. අධිකරණයේදී ඇයගේ හිස්කබල කෑලි 64කට කුඩුවී ගිය බව ඇසෙද්දි දැණුනු හැඟීම කිසිම සහෝදරියකට දරාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මගේ අසරණ පියාට හඳුනා ගැනීමට සිදු උනේ මුහුණක් නැති මළකඳක්. කිසිම පියෙක්ට එවැනි වේදනාවක් උරුම විය යුතුයි කියා මම හිතන්නෑ. මෙවැනි පුද්ගලයෙක්ට නිදහස දීමට උත්සාහ කිරීම දියණියක් ඇති පියෙක් ලෙස ලෙස සුදුසු දැයි මම ඔහුගෙන් අසා සිටිනවා. රටින් පිටවීමට ගුවන්ටිකට් පතක් පවා මිළදීගත් ඔහු තමන්ගෙ ඇඟේ තිබුණු මගේ සොයුරියගෙ ලේ හෝද ගන්නේ පිහිණුම් තටාකයේදී. වසර 15ක් පුරාවට අපි යුක්තිය වෙනුවෙන් අයදිනවා. ඔහුගේ පවුල ඉහළම තැන් වලට අල්ලස් දීම මගින් ගැලවීමට තැත් කරද්දී අප යුක්තිය වෙනුවෙන් වසර 15ක් පුරා සටන් කරනවා. මුදල වෙනුවෙන් ඝාතනයක් යටපත් කරන්න උත්සහ දරන පුද්ගලයන්ට ඔබ ලබාගත්තේ ලේ තැවරුණු මුදල් බව මම මතක් කරනවා. අද වෙනතෙක් ඔහු තමන්ගේ තිරිසන් හැසිරීමට සමාව අරන් නෑ. මමත් මගේ පවුලත් දශක එකහමාරක් තිස්සේ විඳින අනේක වේදනා ගැන ඔවුන් පොඩ්ඩක්වත් සංවේදී නෑ. ඇය ජීවත් උනා නම් ඇයත් මේ වන විට සුන්දර මවක් වෙන්නට තිබුණා. එදා ඇයගේ භූමදානයේදී පොළවට යටකළේ ඇගේ සිරුර විතරක් නෙවෙයි. මගේ, මගේ පවුලේ අයගේ මුළු ජීවිතයම එදා පොළවට වැලලී ගියා. මේ වසර 15 පුරා අපි සාමන්ය ජීවිතයක් ගත කරන්න අනේක උත්සාහයක් අරන් තියෙනවා. නමුත් වසර 15කට පසුත් අපේ ජීවිත වලට සැනසීමක් නෑ. නමුත් අපි අපේ සටන අතහැරීමට සූදානම් නෑ. අපි දන්නවා යහපත යුක්තිය පතන සියලුම බලවේග අප සමඟයි කියලා. අපි දන්නවා ඒ කුරිරු ඝාතකයාට නීතිය ඉෂ්ට වෙනවා කියලා. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom