ජනප්‍රවාදවල රසවත් කතා

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ජනප්‍රවාදවල රසවත් කතා

    අපේ අතීත වැසියො කියන්නෙ සොබාදහමත් සමග සමීපව ඉතාම සරළ දිවිපෙවෙතක් ගත කරපු උදවිය. ගහකොළට සතා සීපාවාට සමීපව හිටපු ඒ අයට අපිට වඩා නිර්මාණශීලී ඇසකින් අවට දේවල් දකින්නට සහ විඳින්නට ඉඩකඩ හැදිල තිබ්බා. ඒ ආශ්‍රයෙන් බිහිවුණා යැයි හිතන්න පුලුවත් ඉතාම රසවත් ජනප්‍රවාද රාශියක්ම අදටත් අපි අතරේ ජනප්‍රියයි. මේ නොයෙක් ජනප්‍රවාද අතරින් සතුන් ගැන හැදිල තිබෙන අතීත කතා ඉතාම රසවත් ඒවා වනවා. විවිධ සතුන්ගේ උප්පත්තිය සිදුවූ හැටි, ඔවුන්ගේ අමුතු හැසිරීම් වලට හේතු හැටියට බිහිවූ ඒ විදිහෙ ජනකතා 7ක් තමයි අපි මේ ලිපියෙන් ඔබ වෙතට මේ ගෙන එන්නේ.

    1. නයි පොළොං වෛරය

    FolktalesAnimal-01-768x403.jpg




    “ඕකුන් දෙන්න හරියට නයයි පොළඟයි වගේ”
    ලොකු වෛරයක් හඳුන්වන්න අදටත් අපේ උදවිය යොදාගන්න කියමනක් තමයි මේ නයි පොළොං කතාව. නයෙක් සහ පොළඟෙක් මූණට මුනගැසෙනවා කියන්නෙ ඉතින් දරුණු සටනකට මුලපිරීමක්ම තමයි. පොළඟාගේ වළිගය කෙටිවී ඇත්තේ අතීතයේ ඉඳලා සිදුවෙච්ච සටන් වලදී නයා පොළඟාගෙ වළිගය කඩා දැමීම නිසා කියලත් මතයක් තියනවා. මේ දෙදෙනා අතර මෙතරම් දරුණු වෛරයක් ඇතිවීමට හේතුව හැටියට ජනප්‍රවාද වලින් පැවත එන්නේ මේ වගේ කතාවක්.
    ඉතාම ඈත අතීතයේදි නයා සහ පොළඟා හොඳ මිතුරන් දෙදෙනෙක් හැටියට තමයි ඉඳලා තියෙන්නෙ. දැඩි නියඟයක් පැතිර තිබූ කාලෙක බීමට වතුර සොයාගෙන යන පොළඟාට නයාව මුණ ගැසී තිබෙනවා. වතුර පොදක් ලබාගන්න තැනක් ගැන නයාගෙන් විමසූවිට නයා ඒ සඳහා යම් ඉසවුවක් දක්වමින් එතැන දරුවෙක් වතුර බේසමක සෙල්ලම් කරමින් සිටින බවත් දරුවාට කරදරයක් නොකර වතුර බී පැමිණෙන ලෙසටත් පොළඟාට අවවාද කර තිබෙනවා. පොළඟා එතැනට ගොස් වතුර බොන අතරතුර දරුවා තමා අතේ ඇති පොල්කට්ටකින් පොළඟාට සෙල්ලමට පහරක් ගහනවා. මෙයින් කෝපයට පත්වන පොළඟා කරන්නෙ දරුවාට දෂ්ට කරන එක.
    කොතරම් පොරොන්දු වී ගියත් පොළඟාගේ ගති ස්වභාවය විශ්වාස නැති නිසා ඒ ගැන විමසන්න දරුවා සිටි ඉසවුවට යන නයා පොළඟා කර ඇති විනාශය දකිනවා. නයාට ඇතිවෙන්නේ දැඩි කේන්තියක්. පොළඟාට සාප කරන නයා ඌව සොයාගෙන පහරදීමට යනවා. එදා සිට මගතොටදී හමුවන හැම අවස්ථාවකදීම මේ දෙදෙනා අතර ඇතිවනවායැයි කියන්නේ ඉතාම දරුණු සටනක්.

    2. උලලේනාගේ ජනප්‍රවාද

    උලමා, එහෙමත් නැත්නම් උලලේනා නමින් හඳුන්වන පක්ෂියාගේ මූසල නාදයට ඈත අතීතයේ සිට අපේ වැසියන් දක්වන්නෙ ඉමහත් බියක්. උලලේනා ගම්මානයක් කිට්ටුව හැඬූ දවසකට පසුදා ගමේ මරණයක් සිදු වන බව අපේ පැරැණ්නන් දැඩි ලෙස විශ්වාස කරල තියනවා. උලලේනාගේ උපත ගැන ප්‍රකට ජනප්‍රවාද දෙකක්ම අපිට අසන්නට ලැබෙනවා.

    පලමු ජනප්‍රවාදය-

    FolktalesAnimal-02-768x403.jpg



    ඉතාම බීමතින් දඩමස් කුට්ටියක්ද රැගෙන ගෙදරට පැමිණෙන පුද්ගලයෙක් සිය බිරිඳට එය පිසින්නට අණ කරමින් නැවත බොන්නට පටන් ගන්නවා. බිරිඳ මේ දඩමස් ටික කුස්සියේ තබා වෙනත් අඩුම කුඩුම සකස් කරන අතරේ දඩමස් කුට්ටිය සතෙක් විසින් ඩැහැගෙන යනවා. මෙයින් දැඩිසේ බියට පත්වුවත් අවසානයේදී ඇය සැමියාට මේ ගැන හෙළි කරනවා. කමක් නැතැයි කියා ගෙයින් පිටවන ඔහු කරන්නේ මිදුලේ සෙල්ලම් කරමින් සිටින ඔවුන්ගේ දරුවාව මරා ඔහුගේ සිරුරෙන් මස් කුට්ටියක් රැගෙන නැවත බිරිඳට ගෙනත්දීමයි. මේ මහා අපරාධය ගැන කිසිත් නොදන්නා බිරිඳ ඒ මාංශය පිසින්න ගන්නවා. සැමියාට මෙය පිළිගන්වන්න සූදානම් වෙද්දී පිසින ලද මස් හට්ටියේ කුඩා ඇඟිල්ලක් දකින ඇයට සිදුව ඇති විපත තේරුම් යනවා. ඉන්පසුව දැඩි ශෝකය නිසා අත ඇති හැන්දෙන් තම හිස හිල්වී යන සේ ඇනගන්නා ඇය මගේ පුතා කෝ… කියමින් උමතුවෙන් දරුවා සොයාගෙන දුවන්නට පටන් ගෙන තිබෙනවා. දරුදුකෙන් වැළපෙමින් එසේ සැරිසරන ඇය මරණින් පසු උලමා ලෙසින් උප්පත්ති ලබා ඇති බවටයි කියවෙන්නේ

    දෙවැනි ජනප්‍රවාදය-

    FolktalesAnimal-03-768x403.jpg



    උලමා පිළිබඳ දෙවැනි ජනප්‍රවාදයත් පළවැනි කතාව වගේම ඉතාම අඳුරු කතා පුවතක්. සොයුරන් දෙදෙනෙක් තම මවත් සමග ගල්ගුහාවක ජීවත් වෙනවා. වැදි කෙල්ලක් හා ලෙංගතු වන බාල සොයුරා ඇයව සහේට ගෙන මේ ගල්ගුහාවේම වාසය කරන්නට පටන් ගන්නවා. වැඩිමල් සොයුරාටත් මේ කෙල්ල ගැන ඇතිවන්නේ ආශාවක්. දිනක් මේ දෙසොයුරන් මී කැඩීම සඳහා වනයේ සැරිසරන මොහොතකදී වැඩිමල් සොයුරාට ඉතා කුරිරු අදහසක් පහල වෙනවා. ඒ නම් තම මල්ලීව මරා ඔහුගේ බිරිඳ තමා සතුකොට ගැනීමටයි. උපායෙන් ඔහුව මරා දමන වැඩිමල් සොයුරා සිහිවටනයක් ලෙස මල්ලීගේ ඇඟිල්ලක්ද කපාගෙන එය තම බුලත් මල්ලේ රඳවාගෙන කිසිත් නොවුනා සේ ගෙදර එනවා. මල්ලී ගැන මව සහ බිරිඳ විමසද්දී ඔහු පිළිතුරු දෙන්නේ ඔහු වනයේ වෙනත් ඉසවුවක සැරිසරා ඉක්මනින් ගෙදර එනු ඇති බවයි. කෙසේ නමුත් සොයුරාගේ පැමිණීම කල් යත්ම මේ ගැන මවට දැඩි සැකයක් මතුවෙනවා. වෙනදාට වඩා වැඩිපුර තම බුලත් මල්ල ආරක්ෂා කරන වැඩිමලාගේ හැසිරීමද ඇයට අමුත්තක් ලෙස පේන්න ගන්නවා. දිනක් රහසින් වැඩිමල් පුතාගේ බුලත් මල්ල පරික්ෂා කරන ඇයට ඔහු විසින් සඟවා තැබූ ඇඟිල්ල හමු වෙනවා. සිදුවී ඇති සියල්ල වටහාගන්න ඇයට ගතවන්නේ සුලු වෙලාවක් පමණයි. උමතු තැනැත්තියක් සේ පුතා සොයාගෙන කෑ ගසමින් ඇය වන වදිනවා. උලලේනා ලෙසින් ඈ නැවත උප්පත්තිය ලැබූ බවටයි කියවෙන්නේ.

    3. බෝදිරිමා

    FolktalesAnimal-04-768x403.jpg




    අපේ අතීත ජනප්‍රවාද වලින් බෝදිරිමා නම් භූතාත්මයටද හිමිව තිබෙන්නේ උලමාට වගේම අද්භූත තැනක්. බෝදිරිමාගේ හඬ ප්‍රසව වේදනාවෙන් හෝ මරණාසන්නව කෑගසන කාන්තාවකගේ හඬට සමාන බව කියැවෙනවා. බෝදිරිමාගේ උත්පත්තිය ගැන විවිධ මත පලවෙනවා. ඒ වගේම තමයි බෝදිරිමා කියන භූතාත්මයත්, බෝදිලිමා යනුවෙන් හඳුන්වන කටුසු වර්ගයත් අතර සම්බන්ධයක් තිබේයැයි සමහරු විශ්වාස කරනවා. පැරැණ්නන් බියටපත් කල බෝදිලිමා අවතාරය සහ මේ කටුස්සා අතර සම්බන්ධයක් ඇතිද නැද්ද යන්න සනාථ කිරීමට සාක්ෂි කිසිත් නැහැ. එසේ වුවත් බෝදිලිමා සම්බන්ධ ගුප්ත තොරතුරු බොහොමයක් අපේ ජනප්‍රවාද වල ඇති හෙයින් මේ ගැන විස්තරයක් තමයි අපි මේ ඔබට ගෙනෙන්නේ.
    බෝදිරිමා ගැන පැතිර ඇති ජනප්‍රවාදයට අනුව කිසිවෙකුගෙන් පිහිටක් නොමැතිව ප්‍රසව වේදනාවෙන් දුක්විඳි ගැහැණියක් මියයන මොහොතේ තම ස්වාමියාට සහ මුලු මහත් පිරිමි සංහතියට කරන ලද ශාපයක් නිසා බෝදිරිමා යක්ෂණියගේ උපත සිදුවුණි යැයි සැලකෙනවා.
    බෝදිරිමා ගොදුරු කරගැනීමට පිණිස මාන බලන්නේ පිරිමින්ව වන අතර කාන්තාවන් කෙරෙහි බෝදිරිමා බියෙන් පසුවන බවයි අතීත ප්‍රවාද වලින් පැවසෙන්නේ. බෝදිරිමාගේ මූසල වැළපිල්ල ඇසෙද්දී අසභ්‍ය වචන දොඩමින් කොස්ස හෝ ඉලපත වැනීමෙන් පන්නා දමන්නට අතීත ගැමි කාන්තාවෝ කටයුතු කර තිබෙනවා. මේ කාර්යය පිරිමියෙක් කරන්නට ගියොත් ඔහු ලෙඩට දුකට පත්වන බවයි පැවසෙන්නේ. ඈත අතීතයේ දරුවෙක් කුසතුල සිටියදී මියයන කාන්තාවන් හට බෝදිරිමා අවතාරය වැසේවියයි බියෙන් ඔවුන්ව මිහිදන් කරද්දී දරුගැබ පලා ඉවතට ගෙන වෙනම වලදමන්නටද අතීත ගැමියන් කටයුතු කර තිබෙනවා.

    4. බළල් ගුරා සහ කොටි ශිෂ්‍යයා

    FolktalesAnimal-05-768x403.jpg




    බළලා සහ කොටියා කියන්නෙ එකම පවුලෙන් පැවත එන සතුන් දෙදෙනෙක්. අතීත ජනවහරට අනුව බළලා කියන්නෙ කොටියාගේ ගුරුවරයා බවටයි පැවසෙන්නෙ. බළල් ගුරා විසින් කොටියාට නොයෙකුත් ශිල්පක්‍රම උගන්වා තිබෙනවා. හැබැයි ඉතින් හුඟක් ගුරුවරු වගේ බළලාත් පොඩි ගුරු මුෂ්ටියක් තියාගෙන තමයි කොටියට ශිල්ප උගන්වා තියනවයි කියන්නෙ. මේ ගුරු මුෂ්ටිය තියල තියෙන්නෙ ගස් නැගීම කියන කාරණාවෙදි. බළලා කොටියාට ගස් නගින්න ඉගැන්නුවාට ගහෙන් බහින ක්‍රමය උගන්නන්නේ නැතිව රහසක් හැටියටයි තබාගෙන තියෙන්නෙ. ඉතින් අදටත් කොටියෙක් ගහට නැග්ගට මොකද ගහකින් බහිද්දි ටිකක් අමාරුවේ වැටෙනවාලු.
    මේ තරහා අදටත් හිතේ තියන් ඉන්න කොටියා බළල් ගුරාව මග හමුවෙන හැම අවස්ථාවෙම මරා දමන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි ඒ කිසියම්ම වෙලාවක බළල් මස නම් අනුභව කරන්නේ නැතිලු. ඒ ගුරු ගෞරවය නිසා කියලයි කියන්නෙ.

    5. නරියා හූ කියන්න ගත්ත හැටි

    FolktalesAnimal-06-768x403.jpg




    නරියා තරම් ජනකතාවලට මූලික වෙච්ච වෙනත් සතෙක් නැතිව ඇති කියලයි අපිට හිතෙන්නේ. නරියාගේ කපටි චරිතය සහ “හොක්කි හොක්කි හූ” කියන හූව නරියාගෙ මේ ජනප්‍රියත්වයට හේතුව වෙන්න ඇති. නරියා තීන්ත බාල්දියට වැටුණු හැටි, ලබු කිරිබත් කාපු හැටි ඇතුලු කතා අපි ළමා කාලෙදි අහපු රසවත්ම කතා තමයි.
    නරියාව ජනප්‍රිය කරන්න ඉවහල් වෙච්ච නරි හූව ඇරඹුණු හැටි ගැන පැරණි කතාවල සඳහන්වෙන්නේ මේ විදිහටයි. නරියාගෙ කෑදරකම නිසා ගමේ වළි කුකුල්ලු ජීවත්වෙලා තියෙන්න ඉතාම බයකින්ලු. ඉතින් මේ කරදර තවත් ඉවසන්න බැරුව වළිකුකුල්ලු මේ ගැන ගමරාළට දන්වා තිබෙනවා. ඊට පස්සෙ ගමරාළත්, ගම්මුන් සියල්ලත් එකතු වෙලා කරල තියෙන්නෙ නරියාව ගෝනියක දාල ගලේ ගහන එක. මෙහෙම ගලේ ගහද්දි නරියාගෙ හක්කට හානි වෙලා තියනවා. ඒ වෙලාවෙදි අපොයි මගේ හක්ක හූ කියල නරියා විලාප දෙන්න පටන් අරන්ලු. අන්න එහෙමයිලු නරියා හූ කියන්න පටන් අරන් තියෙන්නේ.

    6. කොරවක්කා කොට්ටෝරුවා සහ පාත්තයාට වෙච්ච ඇබැද්දිය

    FolktalesAnimal-07-768x403.jpg




    සත්තුන්ගේ උප්පත්තිය සහ ඒ අයගෙ හැසිරීම් ගැන අපි මෙතෙක් ගෙන ආපු කතා තරමක් බියකරු සහ ප්‍රචණ්ඩකාරී කතාපුවත්. හැබැයි කොට්ටෝරුවා, කොරවක්කා සහ පාත්තයා සම්බන්ධ මේ කතාපුවත නම් රසවත් කතාවක්. කොට්ටෝරුවා ගහෙන් ගහට කොටන හේතුවත්, පාත්තයාගේ බෙල්ල දික්වූ හේතුවත් මේ කතාවේ සඳහන් වෙනව.
    ඈත අතීතයේ සතුන් අතරත් වෙළදාම ප්‍රචලිතව තිබුණ කාලෙක කොරවක්කෙක් ගිහින් තියනවා පුවක් මිලදීගන්න. පුවක් අරගෙන ගඟකින් එතෙර වෙන්න තිබුණ නිසා කොට්ටෝරුවා සතු ඔරුවකින් තමයි පුවක් රැගෙන ආපහු ඇවිත් තියෙන්නේ. අවාසනාවකට මේ එන ගමන අතරතුරදී ඔරුව පෙරළිලා පුවක් ටික ගං පතුලට වැටී තිබෙනවා. ටික වෙලාවකින් එතැනට ආ පාත්තයන් පිරිසක් මේ පුවක් නැවත ගොඩට ඇදලා දෙන්න උත්සාහ කරල තියනවා. කොච්චර උත්සාහ කලත් පුවක් මලුවල වතුර පිරී ඇති නිසා මේ කාර්යය කරන්න ලැබිල නෑ. දැඩි උත්සාහයකින් එදා කල ඒ පුවක් ඇදීම නිසා පාත්තයන්ගේ බෙලි අද තියන විදිහට දික්වූ බවයි පැවසෙන්නේ. තමන්ගේ පුවක් නැතිවූ නිසා කොරවක්කා ශෝකයෙන් පුවාක්…පුවාක් ගාන්න පටන් ගත්තලු. කොරවක්කා අදටත් කෑගහද්දි පුවාක් පුවාක් ගාන්නේ ඒ නිසාලු. මේ ඇබැද්දිය නිසා ඔරුව අහිමි වෙච්ච කොට්ටෝරුවා එදා ඉඳන් කරන්නෙ පෙරලෙන්නෙ නැති ඔරුවක් හදන්න හොඳ ගහක් හොයාගන්න ගස් වලට කොට කොට යන එකලු.

    7. කඩින්ට විෂ ආවේ කොහොමද?

    FolktalesAnimal-08-768x403.jpg




    කඩියෙක් කන එක නයෙක් කන තරම් විෂ නැති උනත් ඒ වෙලාවට නම් ටිකක් විතර අමාරුයි නේද? අපේ පැරණි ජනකතා වලට අනුව කඩින්ට මේ විෂ ඇවිල්ල තියෙන්නෙත් නයින්ගෙන්ම තමයි කියලයි කියවෙන්නෙ.
    නාගයින් කියන්නේ ඈත අතීතයේ උසස් සත්ත්ව කොට්ඨාෂයක් හැටියට සැලකුණ පිරිසක් හැටියටයි සඳහන් වෙන්නේ. ඉතින් නයි ගැන විවිධ පුරාවෘත්ත අහපු කඩි පරපුරත් නිකන් ඉඳලා නැහැ. මේ උසස් පරපුරට සම්බන්ධ වෙන්න කියලා විවාහ යෝජනාවකුත් අරන් ගිහින් තියනවා ඒ අය ගාවට. ඉතින් මේ තරම් බලවත් විශඝෝර සතුන් එක්කත් එඩිතරව ගනුදෙනු කරන්න තරම් හිත් තිබුණ නිසා නයින් සතු විෂෙන් කොටසක් එදා ඉඳන් කඩින්ටත් ලැබුණයි කියලයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නෙ.


    http://www.aniwa.lk/2016/12/03/1612032-sri-lankan-folktales-animals/



     
    Last edited:

    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    E kale idanma lankawe gobbayo kochchara modada kiyana eka thamai ithin oya katha walin kiyawenne..

    surangana katha. ape minissu mewa ahala athal gannawa.
    wadakata athi deyak gana hoyanne na. nari hu kiuwe kohomada. kottoruwa gas walata kotanne ai.

    dawena prashna oi mewa:lol::lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    surangana katha. ape minissu mewa ahala athal gannawa.
    wadakata athi deyak gana hoyanne na. nari hu kiuwe kohomada. kottoruwa gas walata kotanne ai.

    dawena prashna oi mewa:lol::lol:

    E kale idalama lankawe un hena gon.. echcharai oya katha walin penne..
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    අමල් බිසෝ කතාව දන්න කෙනෙක් කියපල්ල.ගූගල් වල නෑ.දරුවට කියල දෙන්න.