ජනප්‍රිය විදුළි වාහන පහක් ගැන කෙටි විස්ත&#3515

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ජනප්‍රිය විදුළි වාහන පහක් ගැන කෙටි විස්ත&#3515

    ජනප්‍රිය විදුළි වාහන පහක් ගැන කෙටි විස්තරයක්.

    විදුළි වාහන ගැන මේ කාලේ අලුතෙන් කියන්න ඕනා නැහැ. දැන් දැන් මේ ආකාරයේ වාහන වලට ප්‍රසිද්ධියක් ලැබෙන්නේ, එක වරක් ආරෝපණය කල විට, ඒ වාහන වලින් යන්නට හැකි දුර ප්‍රමාණය එන්න එන්නම වැඩි වන නිසා. හැබැයි ගල් අඟුරු බලාගාරයකින් නිපැදවෙන විදුලියෙන් මේ වාහන ආරෝපණය කර ගන්නවා නම්, මේ වාහන වලින් රටට සහ ඇතිවන ආර්ථික ලාභය අඩු වෙනවා.

    එහෙත් වාසනාවට ලංකාවට හිරු එළිය යහමින් ලැබෙන නිසාත්, සූර්ය කෝෂ වල මිළ සීඝ්‍රයෙන් පහළට වැටෙන නිසාත්, මේ වාහන ලංකාවට වඩා වෙන මොනම රටකට වත් ගැලපී යන්නේ නැහැ. මේ අතරේ, විදුළි වාහනයක් භාවිතය මගින් ලංකාවට අපේ විදේශ විනිමය වියදම් කර ගෙන්වන ෆොසිල ඉන්ධන අවම කර ගැනීමටත් දායක වෙන්න පුළුවන්.

    දැනට ලෝකයේ භාවිතාවෙන ජනප්‍රියම විදුළි වාහන පහක් ගැන විස්තර සොයා බලමු.

    1. රෙනෝල්ට් සෝ
    අනෙක් විදුළි වාහන වලට වඩා මිළෙන් අඩු වන නිසාත්, සාපේක්ෂව වාහනය එලවීමේ පහසු බව වැඩි නිසාත්, එමෙන්ම එක ආරෝපණයකින් යන්නට හැකි දුර වැඩි නිසාත් මේ වාහනයට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒකෙ විස්තර මෙහෙමයි.
    RRP: from £17,795
    ප්‍රතිරෝධිත අශ්ව බලය [Break Horsepower]: 68kW
    බැටරිය : 22-40kWh 400V lithium-ion
    මිනිසුන් නැතිව බර : 1,468kg
    බැටරියෙන් යාහැකි දුර : 402.3km
    තවරණය [Acceleration] 0-62mph: හෙවත් පැයට කිලෝ මීටර් 100 ට යාමට ගතවන කාලය තත්පර 13.5 යි

    2. හුන්ඩායි අයොනික්
    ඔන්න මේ වාහනයේ ඇති එක වෙනසක් තමා, වාහනයේ ඇතුලේ ඇති ඉඩකඩ ප්‍රමාණය. මේ වාහනය ලොකු පවුලකට වුණත් ඇති. ඒ වුනාට මෙහි තත්වයට සාපේක්ෂව ගාන නම් වැඩියි.
    RRP: £28,356
    ප්‍රතිරෝධිත අශ්ව බලය: 88kW
    බැටරිය : 28kWh 360V lithium polymer
    මිනිසුන් නැතිව බර : 1,420kg
    වරක් ආරෝපණය කල පසු යා හැකි උපරිම දුර : 280km
    Acceleration 0-62mph: 9.9 seconds

    3. ටෙස්ලා මොඩල් X
    මේ වාහනය නම් ගොඩක් මිළ වැඩියි. එහෙත් විදුළි වාහන අතරේ ඇති හොඳම වර්ගයේ වාහනයක්. ඒ කියන්නේ ඉතා වේගයෙන් තවරණයක් ගන්නවා වගේම හොඳ ස්ටයිල් එකක් ඇති වාහනයක් වෙනවා. මේ වාහනයට ඇමරිකාවේ ඉතා ඉහළ ඉල්ලුමක් තියෙනවා. මේ වාහනයේ ඇති එක වෙනසක් වන්නේ ‘සමනළ දොරවල්’ හෙවත් Butterfly doors තිබීමයි. මේ තියෙන්නේ ඒ වාහනයේ විස්තර.
    RRP: from £81,000
    ප්‍රතිරෝධිත අශ්ව බලය : 245-444kW
    බැටරිය : 70-100kWh lithium-ion
    මිනිසුන් නැතිව බර : 2,467kg
    එක වතාවක් ආරෝපණය කල විට ගිය හැකි උපරිම දුර 482km
    තවරණය [Acceleration] 0-62mph: හෙවත් පැයට කිලෝ මීටර් 100 සීමාව ලබා ගැනීමට යන කාලය 2.8 to 5.2 seconds

    4. මේක ගැන නම් ඕනා තරම් අපි මෝටර් වාහන පිටුවේ කතා කර තියෙනවා. විශේෂ යමක් කියන්න නැතිවා වාගේ වුණත්, එක අලුත් දෙයක් කියන්නම්. වාහනය ආනතුරකදී හැසිරෙන ආකාරය ගැන කරන පරීක්ෂණ තියෙනවා. අන්න ඒවගේ පරීක්ෂණයක් [crash testing by Euro NCAP] තුලින්, මේ වාහනය ඉතාම ආරක්ෂාකාරී යයි සොයා ගෙන තියෙනවා. එම පරීක්ෂණයෙන් සම්පූර්ණ ලකුණු ගන්නට මේ වාහනයට හැකි වෙලා තියෙනවා.
    RRP: from £26,125
    ප්‍රතිරෝධිත අශ්ව බලය : 80kW
    බැටරිය : 24-30kWh 360V lithium-ion
    මිනිසුන් නැතිව බර : 1,475-1,535kg
    එක ආරෝපණයකින් යා හැකි උපරිම දුර : 200-250km
    තවරණය 0-62mph: හෙවත් පැයට කිලෝ මීටර් 100 ක් ගැන්මට යන කාලය 11.5 seconds.

    5. බී.එම්.ඩබ්ලිව්. අයි 3
    ඉතා ජනප්‍රිය වාහන නිෂ්පාදකයෙක් වන බී. එම්. ඩබ්ලිව් සමාගමෙන් නිර්මාණය වීම විදුළි වාහන ක්‍ෂේත්‍රයේ අනාගතය ඉතාමත් දීප්තිමත් බව පෙන්වනවා. එසේම, අනෙක් බී. එම්. ඩබ්ලිව් වාහන වලින් එක එක කොටස් භාවිතා නොකර, සම්පූර්ණයෙන්ම වෙනස් වාහනයක් ඔවුන් නිර්මාණය කර තියෙනවා. වාහනේ යන්නට හැකි දුර වැඩි කරවන්නට, කෙනෙක්ට අවශ්‍ය නම් අමතරව මිළදී ගත හැකි කුඩා එන්ජිම සවි කර ගන්න පුළුවන්. එයින් කෙරෙන්නේ ප්‍රධාන බැටරිය ආරෝපණය කිරීමයි. එවිට බැටරියෙන් යා හැකි දුරට තවත් කිලෝ මීටර 300 ක් එකතු වෙනවා. මේ තියෙන්නේ එහි කාර්මික විස්තරයි.
    RRP: from £31,810
    ප්‍රතිරෝධිත අශ්ව බලය : 125kW
    බැටරිය : 33kWh 353V lithium-ion
    මිනිසුන් නැතිව බර : 1,320-1,440kg
    එන්ජිම සහ ජෙනරේටරය [අවශ්‍ය නම් පමණක් සවි කර දෙන] ලීටර් 0.60, 2-cylinder (optional)
    බැටරියෙන් පමණක් යා හැකි උපරිම දුර : 241km
    තවරණය [Acceleration] 0-60mph හෙවත් පැයට කිලෝ මීටර් 100 ලබා ගැනීමට යන කාලය : 7.2 seconds

    දැන් මේවා ගැන දැන ගැනීමේ ප්‍රයෝජනය කුමක්ද ?

    මේ ගැන වෙන ආකාරයකින් පැහැදිළි කරන්නම්.
    1998 දී කොඩැක් ආයතනයේ සේවකයන් 170,000 ක් සිටියා. ඒ කොඩැක් පින්තුර ගන්නා කොල වර්ගය, ලෝකයේ එම අවශ්‍යතාවයෙන් 85% ක් වුනා. එහෙත් අවුරුදු කීපයකින් කොඩැක් ආයතනය බංකොලොත් වුනා. 2001 වසරේ සිට කාටවත් ඒ කොඩැක් නිෂ්පාදන අවශ්‍ය වුනේ නැහැ.

    තවත් උදාහරණයක් කියන්නම්.

    ඩිජිටල් කැමරා මුලින්ම වෙළඳ පොළට ආවේ 1975 වසරේ. එහෙත් ඒ කැමරාවල තිබුනේ පික්සල් 10,000 ක ප්‍රමාණයක්. අද ඇති කැමරාවල ඇති පික්සල් අමුතුවෙන් කියන්න ඕනා නැහැනේ.

    ඉතින් ඔන්න ඔය වගේ විදුළි වාහන ව්‍යාප්තියත් ඉතා වේගයෙන් වෙනවා. එය වෙනත් ආකාරයක යුගයක්. මේකට කියන පාරිභාෂික සිංහළ වචනය නම් දන්නේ නැහැ. එහෙත් ඉංග්‍රීසි වචනය වන්නේ Exponential Age යන්නයි. කෙටියෙන් කිවහොත්, ‘සීඝ්‍රාකාරව වැඩිවන යුගය’ කියා කියන්න පුළුවන්. මෙය වාහන වලට පමණක් නොව, සෞඛ්‍යය , කෘතීම දැනුම , කෘෂිකර්මය, ත්‍රිමාන මුද්‍රණය වැනි දේට වුණත් අනාගතයේ වෙන බව ලකුණු පහළ වී තියෙනවා.
    කෙනෙක්ට හිතෙන්න පුළුවන්, ඉහත විස්තර කල මේ වගේ වාහන කවදා ලංකාවට ඒවිද කියා. එහෙත් එහෙම වෙන්නේ නැහැ. හේතුව වන්නේ, වඩා ධනවත් රටවල් සඳහා වන වාහන වෙළඳ පොළේ, ෆොසිල ඉන්ධන වාහන වලට ඇති ඉල්ලුම එන්න එන්නම අඩු වෙනවා. එවිට වාහන නිෂ්පාදකයන් ඒ වාහන සඳහා උපාංග නිෂ්පාදනය කිරීම අඩු කිරීම හෝ සම්පූර්ණයෙන් නවත්වා දැමීම අනාගතයේ කරාවි.

    ඒ නිසා මේ වාහන ගැන ඉගෙන ගැනීම අනාගත වාහන කාර්මිකයන්ට, ඉංජිනේරුවන්ට පමණක් නොවේ, මේ වාහන ගන්නට බලාපොරොත්තු වෙන අයටත් වැදගත් වෙනවා.

    By lalith karunaratna
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    hodai.... 4. ....? mokadda wahanaya

    2017-nissan-leaf-compare-models-large__1487640599_58.153.226.192.jpg