ඉන්දියාවේ මුල් පෙළේ ජංගම දුරකථන ජාල සමාගමක් වන “ආදිත්‍ය බිර්ලා සමාගම “ (Idea) නව ප්‍රචාරක දැන්වීම ලෙස, “හනී බනී ” එළි දුටුවා. ඒ ඉකුත් වසරේ දෙසැම්බර් 01 වැනිදා. රට පුරා, විවිධ ප්‍රාන්තයන් හි තම ජංගම දුරකථන සේවා ජාලය ව්‍යාප්ත කිරීම, “හනී බනී” දැන්වීම පසුපස සැඟවුණු අරමුණයි.
Lowe Lintas දැන්වීම් ප්‍රචාරක ආයතනයට මෙම දැන්වීම නිර්මාණය කිරීම පැවරිණි. ගීතය සංගීතවත් කළේ, අමිත් ත්‍රිවේදි. “වේක් අප් සිඩ් “, “දේව් ඩී “, “ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්” චිත්‍රපටය සඳහා සංගීත අධ්‍යක්ෂණය කළේ ඔහුයි. ගී පද සංකල්පනාව අමිතාබ් භටාචාර්යා විසිනි. සංගීතවේදියා හා පද රචකයා, යන දෙදෙනාම ගායනයෙන් එක්වෙති.
ප්‍රචාරක දැන්වීමට ප්‍රසිද්ධිය ලැබුණු මුල් දින 9 දීම, සාර්ථක ප්‍රතිඵල හිමිවිය. මුල් දින කිහිපයේ, ආදිත්‍ය බිර්ලා සමාගම් වෙබ් පිටුවට මිලියනයකට අධික පිරිසක් පිවිසුණහ. “යූ ටියුබ්” හි ඒ සඳහා නැරඹුම් ලක්ෂයකට අධිකව ලැබිණ. වත්පොතේ ඒ සඳහා මනාප දෙදහසකට වැඩිය හිමිව තිබේ.
ජනප්‍රියත්වයෙන්, මෙන්ම සාර්ථකත්වයෙන් කිරළු පළන් “හනී බනී” සුන්දර ආදර ගීතයක් ලෙසින් රූප රචනය කෙරෙන්නේද ඉන් අනතුරුවයි.
