ජනමත෴විචාරණය෴1982

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ජනමත෴විචාරණය෴1982

    1982 දෙසැම්බර් 22 දිනදී, 1982 ශ්‍රී ලාංකික ජාතික ජනමත විචාරණය පවත්වන ලද්දේ, පාර්ලිමේන්තුවෙහි ආයු කාලය වසර 6 කින් දිගු කිරීමේ විකල්පය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ලබා දෙනු සඳහාය. එය පළමුවන මෙන්ම, මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැත්වුණු එකම ජාතික ජනමත විචාරණය වෙයි. 1982 ඔක්තොම්බර් මාසයේදී, සය-වසරක නව නිල කාලයකට ජනාධිපති ලෙසින් තේරී පත්වූ, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින්, මෙම ජනමත විචාරණය කැඳවන ලදි. 1983 අගෝස්තු මාසයේදී, එවකට පැවති පාර්ලිමේන්තුව කල් ඉකුත් වීමට නියමිතව තිබියදී, ජයවර්ධන මහතා මුහුණ දුන් ගැටළුව වූයේ, සාමාන්‍ය ලෙසින් මහා මැතිවරණයන් පැවැත්වුවහොත්, ඔහුගේ පාලක එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුව තුල භූක්තිවිඳිමින් සිටි අතිමහත් සුපිරි-බහුතරය අහිමි වීමේ අවදානමයි. ඔහු එබැවින්, පාර්ලිමේන්තුවෙහි අවයවයන් නොවනස්ව තබමින්, එහි ආයු කාලය දික් කිරීම සඳහා ජනමත විචාරණයක් යෝජනා කල අතර, එමගින් එක්සත් ජාතික පක්ෂය විසින් එහි තුනෙන්-දෙකක පාර්ලිමේන්තු බහුතරය පවත්වාගෙන යෑමට ඉඩ සලස්වා ගැනීමට සිතීය.



    ඔහු ඇරඹූ වැඩසටහන් නිම කිරීමට, එවිට පැවති පාර්ලිමේන්තුව දිගටම පැවතීම අවශ්‍ය බව ජනාධිපති ජයවර්ධන කියා සිටි අතර, එබැවින් එහි වාරය දිගුකිරීමට ජනමත විචාරණය යෝජනා කලේය. ජයවර්ධන මහතාගේ ඒකාධිපතිමය පියවරක් ලෙසින් මෙම ජනමත විචාරණය විග්‍රහ කල විපක්ෂ දේශපාලන පක්ෂ විසින් ජනමත විචාරණයට දැඩි ලෙසින් විරුද්ධ වෙමින් ජනමත විචාරණය හරහා පාර්ලිමේන්තුවේ යෝජිත දිගුව පරාජය කිරීමට දැඩි ප්‍රයත්නයක යෙදුනහ.



    මැතිවරණයෙහිදී, ඡන්දදායකයන් වෙත ඉදිරිපත් කෙරුණේ පාර්ලිමේන්තුවෙහි ආයුකාලය දිගු කර ලීම සඳහා යෝජනාවක් වන අතර, “ඔව්” ලෙසින් හෝ “නැහැ” ලෙසින් ඡන්දය ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටිණි. ප්‍රකාශිත ඡන්ද අතුරින් 54 ප්‍රතිශතයක්, පාර්ලිමේන්තුවෙහි ආයු කාලය දිගු කිරීමට කැමැත්ත පල කළහ. එබැවින්, පැවැති පාර්ලිමේන්තුව, 1983 අගෝස්තු මස සිට බල පවත්වන පරිදී, තවද වසර හයකින් දිගු කෙරුණු අතර, 1989 මහා මැතිවරණය පැවැත්වෙන තුරු සක්‍රීයව පැවතිණි.



    පසුබිම


    නිදහස ලැබීමෙහි සිට, ශ්‍රී ලංකාවට නායකත්වය සැපයුවේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, හෝ මෙම පක්ෂ දෙකෙන් එකක් විසින් මෙහෙයවුනු සභාග රජයන් විසිනි. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින් නායකත්වය සැපයුණු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, 1970 මහා මැතිවරණයේදී වසර-5 ක ජන වරමක් ලැබුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සංශෝධන සම්මත කරලීමට හැකි වන පරිදී තුනෙන්-දෙකක සුපිරි-බහුතරයක් පාර්ලිමේන්තුව තුල දිනා ගනිමිනි. බණ්ඩාරනායක මහත්මිය විසින්, 1972දී, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කල අතර, එසේ කිරීමේදී ඒකපාර්ශවිකව පාර්ලිමේන්තු ආයු කාලය වසර 2කින් දිගු කලේ 1977 දක්වාය..


    1977 වන විට, ශ්‍රිලනිප රජය අතිශයින් ජන අප්‍රසාදයට ලක්වී තිබුණු අතර, ජේ. ආර්. ජයවර්ධන මහතා නායකත්වය හෙබවූ එක්සත් ජාතික පක්ෂය විසින් විශාල බහුතරයක් සහිතව 1977 මහා මැතිවරණය දිනා ගත්තේ, පාර්ලිමේන්තුවෙහි ආසන 168 අතුරින් ආසන අතුරින් -- හයෙන්-පහකට කිට්ටු සංඛ්‍යාවක් වන-- 140 ක් දිනා ගනිමිනි.ශ්‍රීලනිප දිනාගත්තේ ආසන 8 ක් පමණක් වන අතර, ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර දෙමළ බහුතරයක් සහිත ප්‍රදේශ වල ඡන්ද පදනමෙන් පමණක් ආසන 18 ක් දිනාගත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පසුපසින්, පාර්ලිමේන්තුව තුල තුන්වන විශාල පක්ෂය බවට පත් විය.[3] ජයග්‍රහණයෙන් අනතුරුව, එජාප විසින් පාර්ලිමේන්තුව තුල ඔවුන්ගේ තුනෙන්-දෙකක බහුතරය භාවිතා කරමින්, විධායක ජනාධිපති තනතුරක් එක් කල හා, මන්ත්‍රීවරුන් 225 ක් දක්වා විස්තාරණය කල පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කිරීමට සමානුපාතික නියෝජන ක්‍රමයක් හඳුන්වා දුන්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත් අතර, තෝරා පත් වන ජනාධිපතිවරුන්ගේ සහ පාර්ලිමේන්තු වල ආයු කාලයන්, තේරී පත්වන දිනයෙහි සිට වසර 6 ක් දක්වා දිගු කර ගති. 1978දී, ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙසින් තමන් නම් කර ගත් ජයවර්ධන මහතා, බටහිර-ලැදි විදේශ ප්‍රතිපත්තියක් සහ නිදහස් ව්‍යවසාය ක්‍රමයක් ඉදිරිපත් කිරීම තුලින් සිදු කෙරෙන ආර්ථික සංවර්ධනයක් පොරොන්දු විය.[3]
    මින් අනතුරුව, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු පත් කර ගැනුමට පළමු සෘජු ඡන්දය පැවතියේ 1982දී වන අතර, ජනාධිපති ජයවර්ධන විසින් ප්‍රකාශිත ඡන්ද වලින් 52% ලබා ගති.[4] අගමැතිනිය ලෙසින් ඇයගේ ධූර කාලයේදී බලය අනිසි ලෙසින් භාවිතා කිරීමේ චෝදනාව මත 1980දී ඇයගේ සිවිල් අයිතිවාසිකම් අහිමි කිරීම නිසා, හිටපු අග්‍රාමාත්‍යය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට මෙම මැතිවරණයෙහිදී තරග වැදීමට නොහැකි විය.එමනිසා, ශ්‍රීලනිප අපේක්ෂකයා වශයෙන්, එතරම් ප්‍රකට නොවූ හෙක්ටර් කොබ්බෑකඩුව ඉදිරිපත් කොට,ජනමතයෙන් 35% ලබාගැනුමට ඔහු සමත් විය. වසර 30 කින් පසුව, බලයේ සිටි පක්ෂයක් ශ්‍රී ලංකාවේ ජාතික මැතිවරණයක් දිනා ගැනුමට සමත් වූ ප්‍රථම අවස්ථාව වශයෙන් මෙය සටහන් විය. ඒ වන විට, මෙවැන්නක් සිදුවී තිබූ පළමු අවස්ථාව වූයේ, ඩී.එස්. සේනානායක මහතා විසින් මෙහෙයවුනු එක්සත් ජාතික පක්ෂය විසින්, 1952 මහා මැතිවරණය ජයග්‍රහණය කිරීමය.


    විධායක ජනාධිපති වශයෙන්, රජයේ ප්‍රතිපත්ති නිශ්චය කිරීමේ මහත් බලයක් ජයවර්ධන මහතා සතුව තිබුණි. කෙසේවෙතත්, අයවැය සම්මත කරවාගැනුමට සහ ප්‍රධාන ආර්ථික තීරණ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඔහු හට අවශ්‍ය විය.[3] එබැවින්, ඔහුගේ ජයග්‍රහණයේ සීමාන්තිකය, එජාපය වෙත ගැටළුවක් ඇති කර ලීය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ, මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබූ අවස්ථාවක, ඔවුන් දැන සිටියේ, ජනාධිපතිවරණය වැනි ප්‍රතිඵලයක් විසින්, පක්ෂය භුක්ති විඳිමින් සිටි සුපිරි බහුතරය අහිමිවන බවයි. 1982 වන විට, අතුරු මැතිවරණ ගණනාවක ප්‍රතිඵලයක් වශයෙන්, තවත් ආසන දෙකක් එක් කර ගෙන ආසන 142 හිමි කර ගෙන තිබූ එජාප, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සංශෝධන සම්මතය සඳහා අවශ්‍යව තිබු තුනෙන් දෙකක බහුතරය අභිබවා සිටියහ. [3][4] මාධ්‍යය ඉදිරියේ ජයවර්ධන මහතා පිළිගෙන තිබුණේ, විස්තීරණය කරනු ලැබූ පාර්ලිමේන්තුව සඳහා පැවැත්වෙන මැතිවරණයකදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවම වශයෙන් ආසන 60 ක් හෝ දිනා ගන්නා බවත්, එවැනි හැකියාවක් ඔහු පවසන පරිදී රටට ව්‍යසනකාරී බවත්ය.


    මූලික පියවර

    එජාපයෙහි පාර්ලිමේන්තු සුපිරි-බහුතරය පවත්වාගෙන යෑමට, සෘජු මැතිවරණ නොපවත්වා, පාර්ලිමේන්තුවේ ආයු කාලය දීර්ඝ කිරීමට ජයවර්ධන මහතා තීරණය කලේය. මෙය සිදු කිරීම සඳහා, පාර්ලිමේන්තුවේ තුනෙන්-දෙකකට වඩා කොටසක සහයෝගය ලබා ගැනීමට රජයට අවශ්‍යවූ අතර, ජාතික ජනමත විචාරණයක් තුලින් ජනතාවගේ අනුමැතිය මෙම දීර්ඝ කිරීම වෙත ලබා ගැනුමටද ජයවර්ධන මහතා තීරණය කලේය. එහි පළමු පියවර වශයෙන්, 1989 අගෝස්තු 4 දින දක්වා බල පවත්වන පරිදී, පාර්ලිමේන්තුවේ ආයු කාලය සය වසරකින් දිගු කිරීම යෝජනා කරමින්, රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 4වන සංශෝධනය ඉදිරිපත් කලේය. මෙම පණත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීමේදී, විනිශ්චය මණ්ඩලය 4-3 ලෙසින් බෙදී සිටියහ. විනිශ්චය විසින් දක්වා සිටියේ "මෙම අධිකරණයෙහි බහුතරය අදහස් කරනුයේ, පළමු පාර්ලිමේන්තුවේ වාර කාලය, යෝජිත පරිදී දිගු කර හැක්කේ (මෙසේ නම් පමණි) 83 ඡේදය ප්‍රකාර (පාර්ලිමේන්තුවෙහිදී) විශේෂ බහුතරයක් සහිතව සම්මත කර ගැනීමෙන් සහ ජනමත විචාරණයක් තුල ජනතාවගේ අනුමැතියට පාත්‍ර කිරීමෙනි."


    පසුව, 1982 නොවැම්බර් 5 දිනදී, මෙම පණත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. පාර්ලිමේන්තු සභා ගර්භයෙහි සිටි සියළු එජාප මන්ත්‍රීවරු පණතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ශ්‍රීලනිපයෙහි මෛත්‍රීපාල සේනානායක සහ හලීම් ඉෂාක් යන මන්ත්‍රීවරුද පණතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. 1975 දී පාර්ලිමේන්තුව වසර දෙකකින් දීර්ඝ කිරීමට සහාය පලකිරීමට තමන් පෙරදී ක්‍රියා කල බැවින්, මෙම සංශෝධනයට විරුද්ධ වීමට සදාචාරාත්මක අයිතියක් තමන් හට නොමැති බව සේනානායක මහතා පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශ කර සිටියේය. තම පක්ෂය පණතට විරුද්ධ වන බවට ප්‍රධාන විරුද්ධ පක්ෂයවූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙහි නායක අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් ප්‍රකාශ කර සිටියද, දෙඑවිපෙ පක්ෂයෙහි සියළු මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැලකී සිටියහ. පණතට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කෙරුණේ, ශ්‍රීලනිප පක්ෂයෙහි ලක්ෂ්මන් ජයකොඩි, අනුර බණ්ඩාරනායක සහ ආනන්ද දසනායක වෙතින් සහ කොමියුනිස්ට් පක්ෂයෙහි මන්ත්‍රීවරයෙකුවූ සරත් මුත්තෙට්ටුවගම වෙතින් පමණි.අවශ්‍යව තිබූ තුනෙන්-දෙකක බහුතරය පහසුවෙන් පසු කරමින් පණත සම්මත වූයේ, පක්ෂව ඡන්ද 142 ක් සහ විරුද්ධව ඡන්ද සතරක් ලබමිනි.



    8b12705d-81a9-476b-9ce6-60ef228294e8.png


    8b12705d-81a9-476b-9ce6-60ef228294e8.png




    source -wikipedia



    Code:
    https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A_%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A_%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD_%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA,_1982
     
    Last edited:
    • Like
    Reactions: rajitha_ks

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    "මෙම පණත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීමේදී, විනිශ්චය මණ්ඩලය 4-3 ලෙසින් බෙදී සිටියහ. විනිශ්චය විසින් දක්වා සිටියේ "මෙම අධිකරණයෙහි බහුතරය අදහස් කරනුයේ, පළමු පාර්ලිමේන්තුවේ වාර කාලය, යෝජිත පරිදී දිගු කර හැක්කේ (මෙසේ නම් පමණි) 83 ඡේදය ප්‍රකාර (පාර්ලිමේන්තුවෙහිදී) විශේෂ බහුතරයක් සහිතව සම්මත කර ගැනීමෙන් සහ ජනමත විචාරණයක් තුල ජනතාවගේ අනුමැතියට පාත්‍ර කිරීමෙනි."


    මෙන්න මේක තමයි වෙන්නේ අධිකරනයේ විණිසුරුවන් බෙදුන තීරනයක් දුන්නොත් එතකොට නිකන්ම ජනමත විචාරණයකට යන්න වෙනවා :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes::yes::yes:



    අයිත් මේ වගේ සෙල්ලමක් බලාගන්න පුලුවන් වෙයි වගේ මේ යන විදියට

    ඔව්....මටත් හිතෙනවා...

    මොකද මේ යන විදියට ආණ්ඩුව UNP එක අතේ තියෙන්නේ ඕකට යද්දී.......
    ආණ්ඩු බලය උපරිම දෙයි ඕක දිනන්න.....

    චන්ද මගදී නම් තියෙයි නියමෙට...82 වගේම.....
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔව්....මටත් හිතෙනවා...

    මොකද මේ යන විදියට ආණ්ඩුව UNP එක අතේ තියෙන්නේ ඕකට යද්දී.......
    ආණ්ඩු බලය උපරිම දෙයි ඕක දිනන්න.....

    චන්ද මගදී නම් තියෙයි නියමෙට...82 වගේම.....

    :yes:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔව්....මටත් හිතෙනවා...

    මොකද මේ යන විදියට ආණ්ඩුව UNP එක අතේ තියෙන්නේ ඕකට යද්දී.......
    ආණ්ඩු බලය උපරිම දෙයි ඕක දිනන්න.....

    චන්ද මගදී නම් තියෙයි නියමෙට...82 වගේම.....


    හැබැයි සැබෑ ජනතා මතය බැලුවොත් මිනිස්සු මහ මැතිවරනයකට යන්න කැමැතී
     

    Similar threads