ජනමත විචාරණය 2015 - Vote Now!!!

ජනමත විචාරණය 2015

  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 316 41.7%
  • ශ්‍රී ලංකා නිදහස් පක්ශය / සන්ධානය

    Votes: 36 4.8%
  • මහින්ද රාජපක්ශ ඇතුලු සන්ධානය

    Votes: 342 45.2%
  • සම්පන්දන්, මුස්ලිම් කොන්ග්‍රසය ඇතුලු පිරිස

    Votes: 5 0.7%
  • වෙනත්

    Votes: 58 7.7%

  • Total voters
    757
  • Poll closed .

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
ජවිපය රටේ බඩගින්නට දෙන්නේ චුයින්ගම ය. චුයින්ගමයෙන් දිව රසවත් කළ ද බඩ පිරෙන්නේ නැත. අවසානයේ සිදු වන්නේ අම්ලපිත්තය හෙවත් ගැස්ටරයිසිස් වැළඳී රට ලෙඩා දුකා වීම ය. දැනටමත් ජවිපය මේ රටට අම්ලපිත්තය සාදා අවසන් ය. විශ්වවිද්‍යාල පද්ධතිය- සිසුවාගේ සිට ගුරුවරයා දක්වා- යුතුකම් නොකර තම අයිතිවාසිකම් පමණක් ලබන විනාශකාරී මානසිකත්වයට පත් කළේ ජවිපය විසින් ය. එකී ආකල්පයෙහි සිටින සිසුවා ද ගුරුවරයා ද තම භූමිකාව විසින් ඉල්ලා සිටින බරින් තම යුතු කම ඉටු කරන්නේ නැත. උද්ඝෝෂණ වැනි දෙය හරහා ජවිපය කළේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ප්‍රශ්න පෙන්වා තම බලය ඒකරාශී කරගැනීම පමණි. මෑත ඉතිහාසය තුළ රට තුළ ද ඔවුන් එය කරමින් සිටිනු පෙනේ. ජවිපය ආණ්ඩු පිහිටුවීමට උදව් කළ ද ඇමති ධූර නොගන්නේ අන් හේතුවක් නිසා නොව, ප්‍රායෝගික ව වැඩ කිරීමට තිබෙන නොහැකියාවට අමතර ව නැවතත් චුයින්ගම් තත්වයට වැටී රසවත් විරෝධාකල්ප ගී කියමින් ජනයා වැඩ සංස්කෘතියෙන් ඉවත් කරනු පිණිස ය. එවිට නිෂ්පාදය අඩාල වේ. කම්කරු අරගල වැඩි වේ. ජවිප ගොඩ සරු වේ. රට නිසරු වේ.

ටෲ
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජවිපයේ දේශපාලන ගොදුරු බිම මහින්ද යට‍‍තේ අහෝසි වී යාම එම පක්‍ෂය මහින්දට විරෝධය දැක් වීමේ ප්‍රධාන අරමුණයි. ජවිපය බබ්බු නොවේ. මේ මග ම ගොස් දියුණු වූ මැලේසියාව හා තවත් නැගෙනහිර ආසියානු රටවල් ජවිපය දැක තිබේ. ඒ නිසා ම දැවැන්ත යටිතල සංවර්ධනයක් තුළින් මහින්ද ශ්‍රි ලංකාව ඉහළ මධ්‍ය ආදායම් ලබන රටක් බවට පත් කිරීමට යන ගමන පිළිබඳ ජවිපය සෑහෙන කණස්සල්නේ පසු වූවේ ය. ඔවුන් සිතුවේ එවැනි අවස්ථාවක දී ජන සමාජය ආර්ථික ව සවිබල ගැන් වී තමාගේ ඡන්ද පදනම අහෝසි වී යාමේ අනතුරක් ඒ තුළ පවතින බව ය.

    සීනිබෝල රසැති විරෝධාකල්ප අදහස්වලට වහා ආකර්ෂණීය වීමේ අනතුර වියවුල් සහිත වත්මන් ලෝකයෙහි ජනප්‍රිය ප්‍රවණතාවකි. එහෙත් මේ රැවටිල්ල තුළින් වන විනාශය දැනෙන්ට ගන්නේ සියල්ල සිදු වී අවසන් වූ පසුව ය. ඇතැම් දේශපාලන මතවාද කරින් ගත් රූපවාහිනි චැනලයන් ද යන්නේ මේ මගම ය. බලන්න සිරස රූපවාහිනිය කොළඹ පෝර්ට් සිටියට එරෙහි ව එවකට රැගෙන ගිය භාවාතිශය විරෝධය හා පසුව සතියෙන් දෙකෙන් එය වෙනස් වී එය ප්‍රවර්ධනය කරන තැනට මෙම මාධ්‍ය සංවිධානය ම පත් වූ ආකාරය. අප විස්වාස කළ යුත්තේ ඒ සිරස ද මේ සිරස ද?

    වත්මන් ජවිපයේ වන් කාබාසිනියාකාර මානසිකත්වයක් එහි නිර්මාතෘ වූ රෝහන විජේවීර වැනි එවක ජවිප නායකයින්ට නොතිබූ බව ද අවධාරණය කළ යුතු ය. ඔවුන් සමාජවාදී ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වූ අතිශය දේශමාමක පිරිසකි. එහෙත් විජේවීරගෙන් පසු එන්න එන්න ම ජවිපය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනවලවල අතකොළු බවට පත් වූවේ ය. වත්මන් ජවිපය අව ම වශයෙන් සමාජවාදී ලෝකය ඇසුරු කරන හා විස්වාස කරන මහින්ද පන්නා හැර ධනවාදි, අධිරාජ්‍යවාදී අන්ත දක්‍ෂිණාංශික රනිල්ගේ එජාපයට අනියමින් සහාය දෙන්නේ මේ පදනමින් ය.

    ජවිපයේ මෙම තත්වය ඔවුන්ගේ දේශපාලන උපක්‍රම යාවත් කාලීන කිරීම පිළිබඳ ප්‍රශ්නයකි. ජවිපය ‍තෝරා ගත යුතු වූයේ තම ඡන්ද දායකයා සදාකල් දිළිඳු තත්වයේ තබා ගනිමින් ඔහුගේ ගැටළු තම ඡන්දය බවට පත්කර ගැනීම නොව, වෙනස් වන සමාජ ආර්ථික පරිසරයට අනුව තම දේශපාලන ප්‍රතිපත්ති සකස් කර ගැනීම ය.

    අප මීට පෙරත් ලියා තිබෙන පරිදි ජවිපය රටේ බඩගින්නට දෙන්නේ චුයින්ගම ය. චුයින්ගමයෙන් දිව රසවත් කළ ද බඩ පිරෙන්නේ නැත. අවසානයේ සිදු වන්නේ අම්ලපිත්තය හෙවත් ගැස්ටරයිසිස් වැළඳී රට ලෙඩා දුකා වීම ය. දැනටමත් ජවිපය මේ රටට අම්ලපිත්තය සාදා අවසන් ය. විශ්වවිද්‍යාල පද්ධතිය- සිසුවාගේ සිට ගුරුවරයා දක්වා- යුතුකම් නොකර තම අයිතිවාසිකම් පමණක් ලබන විනාශකාරී මානසිකත්වයට පත් කළේ ජවිපය විසින් ය. එකී ආකල්පයෙහි සිටින සිසුවා ද ගුරුවරයා ද තම භූමිකාව විසින් ඉල්ලා සිටින බරින් තම යුතු කම ඉටු කරන්නේ නැත. උද්ඝෝෂණ වැනි දෙය හරහා ජවිපය කළේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ප්‍රශ්න පෙන්වා තම බලය ඒකරාශී කරගැනීම පමණි. මෑත ඉතිහාසය තුළ රට තුළ ද ඔවුන් එය කරමින් සිටිනු පෙනේ. ජවිපය ආණ්ඩු පිහිටුවීමට උදව් කළ ද ඇමති ධූර නොගන්නේ අන් හේතුවක් නිසා නොව, ප්‍රායෝගික ව වැඩ කිරීමට තිබෙන නොහැකියාවට අමතර ව නැවතත් චුයින්ගම් තත්වයට වැටී රසවත් විරෝධාකල්ප ගී කියමින් ජනයා වැඩ සංස්කෘතියෙන් ඉවත් කරනු පිණිස ය. එවිට නිෂ්පාදය අඩාල වේ. කම්කරු අරගල වැඩි වේ. ජවිප ගොඩ සරු වේ. රට නිසරු වේ.