මිනි වෙළෙන්දන්ට මියෙන්නට දෙන්න….........
අප ජීවත් වන්නේ බහු සත්‍යයන් එක විට පැවතිය හැකිය යන කාරණය අමතක කරමිනි. මාධ්‍ය විසින් යුධවාදී සටන් පාඨ හා සිරස්තල උපුටා දක්වන යුගයක වාමාංශයේ අසමත්භාවය පුළුල්ව පැතිර ඇති කාලයක සත්‍ය පිළිබඳ අදහස් මැනිකියන් ධර්මය (Manichaean) මෙන් සරල දෙබෙදුමක් එනම් සුදු කළු, නැතහොත් එය නොවන, දැක්මක් බවට පිරිහෙලා ඇත (එක්කෝ ඔබ ඇමෙරිකාවේ පැත්තේය. නැතහොත් ඉරානයේ පැත්තේය). අසාද්ගේ තුච්ච පාලනය වාමාංශයට බර දුෂ්ටිවාදයක් යැයි කියමින් දිගින් දිගටම සහාය දැක් වූ අධිරාජ්‍ය විරෝධීන් තවත් එවැනිම තුච්ච සහ හිංසනීය වූ ඉරාන ආණ්ඩුවට සහාය දක්වන්නේ එහි කිසිඳු ඓතිහාසික කරුණක් හෝ පවතින යතාර්ථයන් නොසලකමිනි. ඉරානයේ ඇත්තේ එහි ජීවත්වන මිලියන ගණනකගේ ජිවිත ත්රස්තයට හා හිංසනයට පත් කරමින් පීඩිතයන් නිහඬ කරමින් ජනතාවගේ එදිනෙදා ජීවිතය පීඩාවට පත් කරමින් එනම් කලාකරුවන්, ස්ත්‍රීවාදීන්, හා මානව හිමිකම් ක්‍රියාකාරීන් මර්ධනය කරන ඒකාධිපතිවාදයකි. එහෙත් ඇමෙරිකානු විරෝධීන් අසමජ්ජාති ට්‍රම්ප්ට විරුද්ධව සුලෙයිමාන්ව ISIS සංවිධානයට විරුද්ධව සටන් කොට ඉරාන වැසියන් ආරක්ෂා කල කැරිස්මතික වීරවරයෙකු බවට පත් කොට ඇත!
කවදා ඉඳලද අධිරාජ්‍යය විරෝධීන් තුච්ච ඒකාධිපතියන්ගේ සහායකයින් බවට පත් වූනේ?
ඇමෙරිකාව සහ ඉරාන සම්බන්ධතාවයට අදාළ මුලික තොරතුරු කිහිපයක් මෙසේය.
01) සුලෙයිමාන් යනු මිනි වෙළෙන්දෙකි. ඔහු ඉරානයේ, ඉරාකයේ, සිරියාවේ, ලෙබනනයේ, යේමනයේ සහ තවත් රටවල මිලියන ගණනක ජනතාව ත්රස්තයට පත් කල මුලිකම යාන්ත්‍රණය මෙහෙය වීය. ඔහුගේ මුලික කාර්යක් නම් හිස්බුල්ලා සංවිධානයට (ලෙබනනයේ ෂියා මිලිටරි සංවිධානයක්) මිසයිල සහ රොකට් ලබා දෙන ගමන් සාහසික අසාද් රෙජීමයට සහාය දැක්වීමට 50,000 ක ඉරාන සොල්දාදුවන් සිරියාවට අනුයුක්ත කිරීමයි. ඉරානය සෘජුව හුතී (Houthis) ව්‍යාපාරයට සහාය දැක් වුවත් ඔහු තමයි යේමනයේ සිදුවෙමින් පවතින විනාශයට වග කිව යුත්තා. ISIS ඉරානයට ඇතුල්වීම වැළැක්වීමට අදාළ ඔහුගේ භූමිකාව එරටේ සුන්නි ෂියා බෙදීමට අදාළ කල හැකියි. (ISIS යනු සුන්නිය. ඉරානය ඉතාමත් නරක ෂියා රෙජීමයකින් සමන්විතය). ISIS ට විරුද්ධව සටන් කිරීමට අදාළ ඔහුගේ භූමිකාව වඩාත් වැදගත්ව සම්බන්ධව තිබුනේ අසාද්ගේ රෙජීමයට සහාය දැක්වීමට හා සුන්නි ප්‍රතිවාදී කණ්ඩායම් ඉවරයක් කරමින් ඒ පළාතේ තමන්ගේ කලාපීය හෙජමොනිය පවත්වා ගැනීමටයි. සුලෙයිමාන් සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව හා සාමය රැක බලා ගැනීම නමින් කරන ලද්දේ එයයි. මෙවැනි විදේශීය ක්‍රියාමාර්ග ගමිනින් සිටිද්දී කුද්ස් මිලිටරි බලකායේ (Quds forces) නායකයා වුයේත් ඔහුයි. ඉරානය තුල ප්රජාතන්ත්රවාදීන්, කාන්තා අයිතීන් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් ත්රස්තයට පත් කරමින්, මරා දමමින්, ඔවුන් පිළිබඳ ඔත්තු බලමින් විසම්මුතිය විනාශ කලේ ඔහුගේ එම පැරා මිලිටරි ඒකකයයි.
ඉරානයේ කලාප අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ගෙන ගිය සුලෙයිමාන්ගේ ක්‍රියාකලාපය තුල කලාපයේ සිය දහස් ගණනකගේ ජිවිත අහිමි කළේය. ඔහුට මෙම රටවලට තිබු සම්බන්ධය විසින් කුර්දි ජනතාවගේ, සිරියානුවන්ගේ, ඉරාන වැසියන්ගේ සහ කලාපයේ අනෙකුත් පීඩාවට පත් සුළුතර ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අපේක්ෂාවන් අතු ගා දැමීමට ඔහු මුල් විය.
02) ඉරානයේ ඇත්තේ ඉතාමත් නරක රෙජිමයකි. සුලෙයිමාන්ගේ මරණය වෙනුවෙන් ඉරානයේ වැළපෙන්නේ මුල්ලාහ් වරුන් විසින් ගෙන යන රෙජීමයට සහය දක්වන සම්ප්‍රදායික ඉරාන වැසියන් පමණි. ඇත්ත, සුලෙයිමාන් ඉරානයේ ජාතිකවාදය නියෝජනය කළා. එහෙත් ඒ ඉරානය පිලිබඳ අයතොල්ලගේ දැක්මට සහමතිය දැක් වූ විශේෂිත හා සීමිත අර්ථයකින්. බහුතර ඉරාන වැසියන්, ඉරාක වැසියන්, හා සිරියානුවන් නිහඬව ඔහුගේ මරණය සමරනු ලබනවා. එහෙත් සංකේතීය ඔලු ගෙඩියක් මරා දැමීමෙන් (දැනටමත් ඉරාන රෙජීමය විසින් සුලෙයිමාන්ටත් වඩා සම්ප්‍රධායික අපකීර්තියට පත්, බ්‍ර්ගේඩියර් ජෙනරාල් එස්මේල් ගානිව එම හිස් තනතුර පුරවා ඇති තතු යටතේ) අයතොල්ලා විසින් ගෙන යන ප්‍රතිපත්ති අවසාන වන්නේ නැති බව ඔවුන් නොදන්නවා නොවෙයි.
03) ඇමෙරිකානු රෙජීමය යනු අවාසනාවකට කෙටි මතකයක් ඇති හා ඉතිහාසයෙන් සම්ප්‍රදායික යුද්ධ හා සෘජු මැදිහත්වීම් කිරීමෙන්, ආක්‍රමණයන්ගෙන් සහ ඉරානයේ ආරක්ෂක අංශයේ දෙවෙනි මිනීමරු මස් වෙළෙන්දා වූ සුලෙයිමාන් වැනි චරිත මරා දැමීම වැනි ඔලමොට්ටල ප්රතිපත්තීන්ගෙන් තමන් උගත් පාඩම් භාවිත කිරීමට නොදන්නා නරක රෙජීමයකි.
ඉරානය තමන්ගේ ප්‍රතිචාර දැක්වීම් පිළිබඳ වඩාත් උපක්‍රමශීලී හා සංවර වෙනවා. ඔවුන්ගේ නියෝජිතයන් ඉතාම උපක්‍රමශීලිව හා රහසිගතව ඔවුනගේ කලාපීය අපේක්ෂාවන් නඩත්තු කරනවා. ඉරානයේ එකම පාර්ශවිකවත්වය ඇත්තේ ෂියා සුන්නි දෙබෙදුම තවත් පුළුල් කිරීමෙන් එම කලාපයේ තම බලය පවත්වා ගැනීමයි.
අවසාන වශයෙන් මැද පෙරදිග සාමාන්‍ය ජනතාව විශේෂයෙන් ඉරාකයේ සහ ඉරානයේ වෙසෙන ජනතාවට ඇමෙරිකාව සමග යුද්ධයක් අවශ්‍ය නැත. ඔවුනට අවශ්‍යය වන්නේ තමන්ගේම ආරක්ෂාව හා ජාතික අවශ්‍යතාවයන් මගින් ත්රස්තයට පත් කරන අයතොල්ලාගේ රෙජීමය අවසන් වනු දැකීමටය. ප්රජාතන්ත්රවාදය අපේක්ෂා කරන කිසිවෙකුට ඉරානයේ යුද්ධයක් අවශ්‍ය නැත. සම්බාධක විසින් එම ජනතාවගේ ජීවිත තවත් අවුලට යවනු ඇත. රෙජීම් වෙනස් විය යුත්තේ ජනතාවගේ හඬ අර්ථවත් වන අරගයලන් මගින් මිස අධිරාජවාදී මැදිහත් වීම් වලින් නොවේ.
අපට සත්‍යයන් කිහිපයක් තිබිය හැකිය. ඔබට සුලෙයිමාන්ගේ මරණය පිළිබඳ සතුටු වෙන ගමන් යුධ විරෝධියෙකු විය හැකිය. ඇමෙරිකානු විරෝධී අධිරාජ්‍ය විරෝධියෙකු වීමේ දේශපාලන අවශ්‍යතාවය ඉන් බැහැර කෙරෙන්නේ නැත. එහෙත් මිණි කාක්කන්ට වාමාංශික දුෂ්ටිවාදයේ සරණ නොදෙන්න. මිණී වෙළෙන්දන්ට මිය යන්නට දෙන්න...
හෝසින් අසීස් ගේ ලිපියක් පදනම් කොට ගෙන ලියන ලද්දකි. සුලයිමානිගේ මරණය: මිනි වෙළෙන්දෙකු අධිරාජ්‍ය විරෝධී වීරයෙකු වුයේ කෙසේද? (2020)