ජනවාරි 8 දා සිට ස්මාර්ට් මීටර් භාවිතයට.

Ceylon Electricity Board

Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk
    ජනවාරි 8 දා සිට ස්මාර්ට් මීටර් භාවිතයට.

    934035_443549842505973_7281271010030369054_n.png


    ජනවාරි 8 දා සිට ස්මාර්ට් මීටර් භාවිතයට.

    කාර්ය බහුල වේලාවලින් බැහැරව විදුලිය පාවිච්චි කරන්නන්ට විශේෂ අවම මිලක් හඳුන්වාදෙන්න පුළුවන් නම් අපිට මෙම පුළුවන් විදුලි නිෂ්පාදන වියදමට උත්තරයක් හොයන්න. ඉල්ලූමට සරිලන සැපයුමක් නිෂ්පාදනය කරන්න අපිට අවශ්‍ය වැදගත්ම දේ ස්මාර්ට් මීටරය හඳුන්වාදීමයි. ජනාවරි 8 දා ජනාධිපති පදවි ප‍්‍රාප්තියත් සමග සූදානමින් සිටිනවා ජාතියට මේ සුහුරු මනුව හඳුන්වා දෙන්න,යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
    8 දායින් පසුව ව්‍යාපාරික විදුලි ඉල්ලූම් කරුවන්ටත් සුහුරුමනු භාවිතා කරන්න සිදුවෙනවා. ඊට අමතරව රටටම සුහුරු මනු හඳුන්වා දෙනවා. ඉදිරියේදී විදුලිබිලේ මිල තීරණය වන්නේ මේ තුළින් නිසා සුහුරු මනු භාවිතය සඳහා ජනතාවට එය උත්තේජකයක් වේවි.

    ඒ මහතා මෙම අදහස් පළකළේ පසුගියදා කළුතරදී ජනපති පදවි ප‍්‍රාප්ති සැමරුම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා ,අපි ක‍්‍රියාත්මක කළ ඉතාම මානුෂික ව්‍යාපාතියක් තමයි 98% ක් වු විදුලිය 100% ක් කිරීම. මේ වනවිට එය දිවයින පුරා ක‍්‍රියාත්මක කරනවා. ආරම්භයක් හැටියට ලබන 12 පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ විදුලියනය 100% බවට පත්කිරීම ජනාධිපතිතුමා අතින් සිදුකරනවා. නිවාස ලක්ෂ දෙකහමාරකට පමණ විදුලිය ලබාදෙනවා. ඒක විදුලි සත්කාරක ක‍්‍රියාවලියක් සේ කරගෙන යනවා. ඒ වගේම මේ මාස 04 ක කාලසීමාව තුළ අපිට හැකිවුණා ලංවිම තුළ සේවය කළ මිනිස්බල සේවකයින් 5000 ට අධික සේවක පිරිසෙන් හරි අඩක් ස්ථිර සේවයට එක්කිරීමට. මේ වගේ වගකීම් සහිත ආයතනයකට තෘප්තිමත් සේවක පිරිසක් වඩාත් ශක්තියක්. ඒකත් අපි ලබපු ජයග‍්‍රහණයක්.

    ඒ වගේම අපට තිබුණ විශේෂ අවශ්‍යතාවක් තමයි නොරොච්චෝල ගල්අගුරු මිලදී ගැනීම ක‍්‍රමානුකූල කරගැනීම. වර්ෂයකට රු. බිලියන 60 ක ට වැඩි මිලදී ගැනීමක් තිබෙනවා. මිලදී ගැනීම වගේම අවශ්‍ය වෙලාවට සපයා ගැනීමත් වැදගත්. මේ වනවිට ඒ තත්ත්වයන් ඉතාම නිවැරදි තැනකට ගෙනත් තිබෙනවා.

    මේ ජනවාරි 8 දාට ජනාධිපතිතුමා පත්වෙලා වර්ෂයක් වෙනවා. ඒ දිනයට සමගාමීව විදුලිබල ක්ෂේත‍්‍රය තුළින් කර්මාන්ත ක්ෂේත‍්‍රයට වඩාත් සහනදායි ක‍්‍රමයකට විදුලිය ලබාදීම සිදුකරනවා. ජනවාරි 8 සිට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආරම්භ කිරීමේදී වැයවන මුදලින් 25% ක් පමණක් අයකොට, ඉතිරි 75% ප‍්‍රමාණය වසර 5 ක් කාලයක් තුළ සමාන වාරික වලින් මාසික බිල්පත් සමග අයකර ගැනීමට සැලසුම් කර තිබෙනවා. මේ රටේ කර්මාන්ත ක්ෂේත‍්‍රයට විදුලිබල අමාත්‍යාංශය පැත්තෙන් මෙය විශාල පිටුබලයක්. ඒ වගේම මූලික ගාස්තු නැතිවම ඕනෑම අයෙකුට තම නිවසට විදුලිය ලබාදෙන්නත් අපි මේ මස 8 දා සිට සූදානම්. එම ගාස්තුව වසර 5 ක් ඇතුළත වාරික 60 කින් අය කර ගැනීමට අපි සූදානම්.

    ඒ වගේම සුහුරු මනු හඳුන්වාදීමත් ජනවාරි 8 ආරම්භ කරනවා. ඒ තුළින් අපට අභියෝග කිහිපයක් ජයගන්න පුළුවන්. විදුලිය පාරිභෝජනයෙන් අති දැවැන්ත ප‍්‍රමාණයක් සීමාවෙලා තිබෙන්නේ දවසේ පැය කිහිපකට. මේ දැවැන්ත විදුලි ඉල්ලූම සංසිඳුවන්න වැඩි වියදම් සහිත විදුලි ජනනයන්ට යාමට සිදුවෙනවා. මේ තත්ත්වය නිරාකරණය කරගන්න පුළුවන්

    විදුලි පාරිභෝගිකයා සමගයි. අපිට පුළුවන්නම් විදුලි පාරිභෝගිකයාට පණිවිඩයක් දෙන්න, කාර්ය බහුල නොවන වේලාවන් තුළදී තම අවශ්‍යතාවන් සපුරා ගන්න කියලා ඒ තුළින් අපිට මේ අධික වියදම් සහිත විදුලි නිෂ්පාදනයෙන්
    වැළකෙන්න පුළුවන් වේවි යැයි පැවසීය.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    peredath dawasama kapuwa.............iieth dawasama kapuwa.......... mala raddak

    තමුන් ව්‍යාපාර කරනවා නම් ගෙදරකට වඩා ධාරිතවවැඩි විදුලි රැහැන් ලගබා ගනන් ඔන නැතුව ගෙදරට එන ලයින් එකෙන් ව්‍යාපාර කරගෙන යද්දි ගෙවල් පැත්තට එන ට්‍රාන්ෆොමරයේ ඔවර් ලොඩ් වෙලා ඔෆ් වෙනවා නැත් නම් අනික් ආයගෙ කරන්ට් එක ඩිම් වෙලා. ඔයාගේ දරටන වැඩි පූර ධාරිතව අදෙනවා, මෙවා මෙහෙම විසදනන් බැහැ. නඩු දන්න ඔන :yes: :P :lol:;)
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    සුහුරු මනු නෙවෙයි මොන රෙද්ද දැම්මත් මටනම් තේරෙන්නෙ මේක විදුලි බිල වැඩි කරන්න මුන් කරන වැඩක් කියල. අපි නොදන්න ලංකාව